• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

හරීන් තිලංගට ගහලා අනිත් ‌හොරු ‌බේරන්න හදන්නේ ඇයි?

September 2, 2019
in Sports
Reading Time: 1 min read
A A
හරීන් තිලංගට ගහලා අනිත් ‌හොරු ‌බේරන්න හදන්නේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සූදු මාෆියාව බිලිගෙන ඇති බවට චෝදනා එල්ල වන්නේ බොහෝ කලක පටන්ය. කාලයක් පුරා සැමට රහසේ ක්‍රියාත්මක වූ එම සූදු මාෆියාව එළිපිටම ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ පසුගිය වසර කිහිපය තුළය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නිලධාරීන් කිහිප වතාවක් ශ්‍රී ලංකාවට පැමිණියේද බුකීකරුවන්ගේ ක්‍රියා කලාපය එන්න එන්නම වැඩි වූ නිසාය. බුකීකරුවන්ගේ මැදිහත් වීම මත තීරණය වෙනස් වූවා යැයි සැක සිතිය හැකි තරග කිහිපයක් පිළිබඳ පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය. එමෙන්ම ක්‍රිකට් ආයතනයේ ප්‍රබල පුද්ගලයන්ගේද මැදිහත්වීම මත සිතාමතා තීරණය වෙනස් කළ අන්තර් ක්‍රීඩා සමාජ තරග පිළිබඳවද වාර්තා වූ අතර මේ ආකාරයෙන් සිතාමතා තීරණය වෙනස් කළ ප්‍රධාන පෙළේ පාසල් තරග පිළිබඳවද තොරතුරු වාර්තාවීම සැබැවින්ම කනගාටුවට කරුණක් විය. සූදු ව්‍යාපාරය ඍජුව සම්බන්ධ හෝ සූදු ව්‍යාපාරයට සම්බන්ධ ඥාතීන් සිටින කිසිවකුට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට හවුල් විය නොහැකි බවට වූ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පසුගියදා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේ මේ අතරතුරය. බුකීකරුවන්ගේ මාෆියාවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගලවා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන පසුබිමක වුවද, හරීන් ප්‍රනාන්දු මහතා ගත් මෙම තීරණය අගය කළ යුතුය.
ඒ අනුව මින් ඉදිරියට තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ කිසිම කටයුත්තකට හවුල් විය නොහැකිය. තම සොහොයුරාට අයත් සූදු ව්‍යාපාරයක් තිබෙන බව තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබීම එයට හේතු වී ඇත.
නමුත් තවමත් මෙරට ක්‍රිකට් පරිපාලනයේ සර්ව බලධාරියා ලෙස කටයුතු කරන්නේ තිලංග සුමතිපාල මහතාය. ගැසට් නිවේදනය නිකුත් වුවද, ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගැසීමෙන් ඉවත් වීමට එතුමාට තවමත් බලාපොරොත්තුවක් නැත. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අයි.සී.සී. සභාපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට ගියේද තිලංග සුමතිපාල මහතා සමඟය. නමුත් සූදු ව්‍යාපාරයට සම්බන්ධ කිසිවකුට ක්‍රිකට් පරිපාලනයේ නිරත විය නොහැකි බවට වන නීතිය අයි.සී.සී.ය පනවා ඇත්තේ මීට බොහෝ කලකට පෙරය. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ තිලංග සුමතිපාල මහතාගේ ඩමිය වන ශම්මි සිල්වා මහතාය. එබැවින් සුමතිපාල මහතාට තහංචි වැටුණද, ක්‍රිකට් ආයතනය තුළ ඔහුට අවශ්‍ය දේ සිදුවීම වර්තමාන පරිපාලනය තිබෙන තුරු වැළැක්විය නොහැකිය.
තමන්ට සභාපති ධුරය ලැබීම වාසනාවට සිදුවූවක් බව ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කළේ අහම්බෙන් එම තනතුරට පත් වූ පළමු දිනයේදීමය. දැන් ශම්මි සිල්වා මහතා කටයුතු කරන්නේ අහම්බෙන් ලැබුණු එම තනතුර කෙසේ හෝ රැක ගැනීමටය. ඒ වෙනුවෙන් ඇතැම්විට තමාගේ සර්ව බලධාරියා වන තිලංග සුමතිපාල මහතාගේ වචනයට පිටින් ක්‍රියා කිරීමටද ශම්මි සිල්වා මහතා කටයුතු කර ඇති බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරමින් ඇත. ශම්මි සිල්වා මහතා ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ හිත සැනසීමට බවද එම ආරංචිවල සඳහන්ය. කෙසේ හෝ ක්‍රීඩා ඇමැතිවරයා රවටා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර ඉදිරියටත් රැකගැනීම ශම්මි සිල්වාගේ එකම අරමුණවී ඇත. මේ ආකාරයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් පිළිපැදීමට යෑමේදී ශම්මි සිල්වා සහ තිලංග සුමතිපාල මහත්වරුන් අතර හිත් නොහොඳකම් ඇතිවූ එක් අවස්ථාවක් වූයේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට යෑමේදීය. තිලංග සුමතිපාල මහතාගේ දැඩි විරෝධය මධ්‍යයේ ඇමැතිවරයාගේ ඉල්ලීම ඉටුකරමින් හතුරුසිංහ ඉවත් කිරීමට ශම්මි සිල්වා පියවර ගැනීම ක්‍රිකට් ආයතන අභ්‍යන්තරයේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිකිරීමට සමත්වී ඇත.
හතුරුසිංහ මහතා ඉවත් කිරීමත් සමඟ නව තනතුරක් සමඟින් ශ්‍රී ලංකාවට පැමිණි අසංක ගුරුසිංහ මහතාද තම තනතුරින් ඉවත්වීමට තීරණය කර ඇති බව සඳහන්ය.
ඕස්ටේ්‍රලියාවේ පදිංචිවී සිටි අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කිරීමට එවකට සභාපති ධුරයේ කටයුතු කළ තිලංග සුමතිපාල මහතා කටයුතු කළේ ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරුන්ගේ හෝ අනුමැතියකින් තොරව බවට වාර්තා විය. ගුරුසිංහ මහතා එම ධුරයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ඔහු හරහා හිටපු පුහුණුකරු ග්‍රැහැම් ෆෝඞ් එම ධුරයෙන් ඉවත් කිරීමය. ඒ හරහා හතුරුසිංහ ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ඉඩකඩ විවර කරගැනීම එම වැඩපිළිවෙළේ අරමුණ විය. තිලංග සුමතිපාල මහතා සැලසුම් කළ පරිදි ඉතා සාර්ථකව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේ මෙතෙක් කිසිම පුහුණුකරුවකුට නොගෙවූ අතිවිශාල වැටුපකට හතුරුසිංහ ශ්‍රී ලංකාවට පැමිණියේය. මේ අතර හතුරුසිංහ මහතාට වෙන් කර ඇති වැටුප ඔහුට පමණක් නොව වෙනත් පාර්ශ්වයන්ටද ලැබෙන බවටද තොරතුරු වාර්තා විය. සියලු සැලසුම් සාර්ථක වුවද, හතුරුසිංහගේ පැමිණීමෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රාහී මාවතට එළඹෙනු ඇතැයි වූ බලාපොරොත්තුව නම් ඉටු නොවීය. හතුරුසිංහට ගොඩගත නොහැකි තරමටම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අගාධය දරුණු විය.
අවසානයේ තම තීරණයේ වැරැද්දට දඬුවම් විඳිමින් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු තනතුර මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර තනතුරද අහිමි කරගැනීමට හතුරුසිංහට සිදුවිය. නමුත් හතුරුසිංහ එම තීරණයට එරෙහිව පියවර ගතහොත් වන්දි වශයෙන් ඔහුට ගෙවීමට සිදුවන මුදලද අතිමහත් වනු ඇත.
සූදු ව්‍යාපාරිකයන්ට ක්‍රිකට් පරිපාලනයේ දොරටු වැසීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟට පැමිණෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. තිලංග සුමතිපාල පාලන සමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළේ වර්තමාන සභාපති ශම්මි සිල්වාය. ලේකම් ධුරය හෙබවූයේ වර්තමාන ලේකම් මොහාන් ද සිල්වාමය. එබැවින් ඇමැතිවරයා කළ යුත්තේ එම තීරණයෙන් ඉදිරියට ගොස් ඉහත වැරැදිකරුවන්ට දඬුවම් පැමිණවීමය.
වෝහාරික විගණන වාර්තාව අනුව ඇමැතිවරයා ක්‍රියාත්මක වුවහොත් පසුගිය කාලයේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධ සියලු දෙනාට දඬුවම් කිරීමට අලුත් නීති අවශ්‍ය නැත. නමුත් සභාපතිවරයාගේ ගැටයට හසුවී එම වැරැදි යටගැසීමට ඉඩ ලබාදුනහොත් ඇමැතිවරයාට එහි ප්‍රතිඵල ලැබෙනු ඇත්තේ ජනතාව ඉදිරියේදීය.

SendShareShare
Previous Post

විගණකාධිපති ‌හොයාගත්ත ක්‍රිකට් ‌හොරකම් ‌මෙන්න

Next Post

මෛත්‍රිට පිට පිට පරාජයන් ‌දෙකක්

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.