එක්සත් ජාතික පෙරමුණෙන් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීන්දු කොට ඇත.
ඒ අනුව ඊයේ (20) රාත්‍රී පැවැති පක්ෂ නායක රැස්වීමට හකීම්ට ආරාධනා නොකිරීමටද වික්‍රමසිංහ මහතා කටයුතු කොට තිබේ.
පෙරේදා (19) පැවැති පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමේදී සහ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී හකීම් මහතා අදහස් දැක්වූ විලාසය සහ පසුව මාධ්‍ය හමුවේ ඒ මහතා කර තිබූ දරුණු අපහාසයන් මුල්කරගෙන පක්ෂ ජ්‍යෙෂ්ඨයන් රැසක් කළ ඉල්ලීමකින් අනතුරුව අගමැතිවරයා මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව හකීම් මහතා ප්‍රසිද්ධියේ සමාව ගන්නා තුරු පෙරමුණේ කිසිදු සාකච්ජාවකට වද්දා නොගැනීමටද අගමැතිවරයා දැඩි තීන්දුවක සිටින බව දැනගන්නට තිබේ.