ටෙක්බෝල් යනු ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර කේවල ක්‍රීඩාවක් ලෙස හෝ ක්‍රීඩකයන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු අතර ක්‍රීඩා කරන ද්විත්ව ක්‍රීඩාවක් වන අතර, එය මේස පන්දු ක්‍රීඩාවට සමාන වේ.
එය මේසපන්දු ක්‍රීඩාවේදී යොදාගන්නා මේසයට සමාන වක්‍ර මේසයක් මත ක්‍රීඩා කරන අතර, පාපන්දුවට සමාන බෝලයක් ඒ සඳහා යොදාගනී. පන්දුවට පහරදීමට අත් හැර ශරීරයේ ඕනෑම කොටසක් උපයෝගී කරගත හැකිවේ.
ක්‍රීඩාව අන්තර්ජාතික මට්ටමින් මෙහෙයවනු ලබන්නේ ෆෙඩරේෂන් ඉන්ටර්නැෂනල් ඩි ටෙක්බෝල් (FITEQ) විසිනි. ලෝක මට්ටමේ පාපන්දු ක්‍රීඩකයින් ගණනාවක් ක්‍රීඩාවට ආකර්ෂණය වී ඇති අතර අප්‍රිකානු වෙරළ ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමෙන් පසුව ක්‍රීඩාව දැන් ඔලිම්පික් ඇතුළත් කිරීම අරමුණු කර ගෙන ඇත.