• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

VIP නිරෝධායනය කියලා සිට්‍රස්-ජෙට්වින්ග් හෝටල් ඇතුළෙ මොනවද කරන්නේ?

May 10, 2020
in News, Politics
Reading Time: 4 mins read
A A
VIP නිරෝධායනය කියලා සිට්‍රස්-ජෙට්වින්ග් හෝටල් ඇතුළෙ මොනවද කරන්නේ?
Share on WhatsAppShare on Facebook

ලන්ඩන්හි සිට පහුගිය දිනෙක පිරිසක් ලංකාවට ආවා. ඒ ලෝකයේ සියලු ගුවන් සේවා ගිමන් හරින වෙලාවක. ඒ වගේම එංගලන්තයේ මරණ ප්‍රමාණය වැඩිම අගයක් ගත්ත වෙලාවක. ලෝකයේ බොහෝ රටවල මිනිස්සු “අපිව ගෙන්න ගන්න” කියන වෙලාවක. විශේෂයෙන්ම අරාබිකරයෙ රටවල මිනිස්සු තමන්ට කන්න බොන්න නෑ, ඉන්න තැනක් නෑ කියන වෙලාවක හඬක් නැති අරාබිකරයේ මිනිස්සු පළමු තේරීම කරගන්න ඒ රටට වුවමනා නොවුණ වෙලාවක. අපේ රජය තීන්දු කරලා තිබුණා මහා බි්‍රතාන්‍යයට පැය දහයක ගුවන් ගමනක යෙදෙන්න.
ලංකාවෙ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටපළ විදියට නිල නාමයකින් හඳුන්වන කටුනායක ඉඳලා හීතෲ ගුවන් තොටට පැය දහයක ගුවන් ගමනක් යනවා. දන්න විදියට නම් ශ්‍රී ලංකන් ගුවන් ගමන එංගලන්තෙට යන්නෙ හිස් අතින්. ඒත් එහෙන් මෙහෙට එන්න මරණ බයෙන් ගල් ගැහිලා උන්න මිනිස්සු ටිකක් එහා ඉමේ බලා ඉන්නවා. ඒ නිසා කවුරු කොහෙන් කොහොම එක්ක ආවත් ඒක ජයග්‍රාහී ගමනක්. ඒ නිසා අපි ස්තූති වන්ත වෙනවා ඒ කාර්යමණ්ඩලයට. ජයග්‍රාහී ගමනකට පස්සෙ ඔවුන් පිරිස අරගෙන පිටත් වෙනවා. හැබැයි දැන ගන්න තියෙන විදියට ලංකාවෙ බස්වල සිග් සැග් ක්‍රමයට ඉඳගන්න කියන බලධාරීන්, මේ එන අයව එක ළඟ ඉන්දවාගෙන එනවා. ඒකෙ අවදානම ගැන කතා කරන්න කලින් බොහෝ කාරණා තියෙනවා කියන්න බැරි. ඒවා හිතන්නවත් ඕන නෑ. මොකද කොරෝනා ඔබට එක වරදකට වඩා කරන්න ඉඩ තියන්නෙ නෑ.

කොහොම නමුත් මේ දීර්ඝ ගුවන් ගමනෙන් පස්සෙ ඒ අය ලංකාවට එනවා. මේ මිනිස්සු දෙයියනේ කියලා හුස්මක් ගන්නෙ මේ පොළොවෙදි. හැබැයි වෙනදා ලංකාවට එනකොට දැනුණ සැහැල්ලුව ඔවුන්ට නෑ. වෙනදා නෑදෑ හිත මිත්‍රාදීන් එක්ක ගුවන් තොටෙන් පිටවුණ මේ මිනිසුන්ට එදා එහෙම ඉඩක් ලැබුණෙ නෑ. හෙළිකළ නොහැකි අයෙක් අපිත් එක්ක මේ ගැන කතා කළා.
“අපි ප්ලේන් එකෙන් බැස්ස ගමන් ආරක්ෂාවට ඕන කරන දේවල් ටික කළා. උණ බැලුවා. අපිට ප්ලේන් එකේදීම පුරවන්න කඩදාසියක් දුන්නා. ඒක අපි බාරදීලා ෆ්ලයිට් එකෙන් බහින්නෙ. එතනදි අපිව සම්පූර්ණයෙන්ම විශබීජහරණය කළා. ඊට පස්සෙ අලුත් මාස්ක් ලැබුණා. එතන ඉඳලා අපිව සම්පූර්ණයෙන්ම අදාළ පරතරය තියාගෙන ආරක්ෂිතව අරගෙන ආවා. අපේ පළමුවෙනි පරීක්ෂණ කොටස වෙන්නෙ රන වේ එකේදිමයි. ඉන් පස්සෙ අපි එළියට එන කොට වෛද්‍ය නිලධාරිවරයෙක් මුණගැහෙනවා. එතනදි එයා අපෙන් ප්‍රශ්නය අහනවා. ඒ අතරෙ උණ බලනවා.
මේ විදියට සෑහීමට පත් වුණාට පස්සෙයි අපිට පාස්පෝට් එක ලැබෙන්නෙ. ඒ හැම දේම ඉතාම ඉක්මනින් වගේම ක්‍රමවත්ව කළා. හැමෝම අපි වෙනුවෙන් කැප වෙලා හිටියා. හමුදාවට සහ ගුවන්තොටුපළ නිලධාරීන්ට ස්තූතිවන්ත වෙන්න ඕන. එතනින් පස්සෙයි අපිව නිරෝධායනය වෙන තැනට යොමු කරන්නෙ”
මේ අය අතරින් එක් අයෙක් ශරීර උෂ්ණත්වය අනුව හඳුනාගත් උණ තත්ත්වයක් නිසා රෝහල් ගත කරන අතර, ආන්දෝලනාත්මක ඩසච නිරෝධායන කතාව එළියට එන්නෙ ඉන් පස්සෙ. සිට්‍රස් වස්කඩුව, ජෙට් වින්ග් බ්ලූ මීගමුව වගේ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් මේ සඳහා යොදා ගැනෙනවා. මේවයින් සමහර ඒවා නිරෝධායනයට දුන්න බව කියමින් ඒ අයිතිකාරයන්ට ලකුණු ගොඩක් දුන්න අය ලංකාවෙ ඉන්නවා. හැබැයි මේ වෙන කොට නොමිලයේ දුන්න හෝටල් මිල ගණන් සහිතව නවාතැන් වෙලා ඉවරයි.

මේ හෝටලයක ද්විත්ව කාමරයක දිනක මිල වෙන්නෙ රුපියල් පහළොස් දහසයි. මේ එක කාමරය දෙදෙනෙක් විසින් බෙදා ගන්න කැමති නම් ඒ මිල දෙදෙනා අතරෙ රුපියල් හත්දහස් පන්සීය ගානෙ බෙදිලා යනවා. හැබැයි මේ අය අතරින් බහුතරයක් දෙනා ඉන්නෙ තනිව කාමරයක් අරගෙන. ඒ කියන්නෙ කෑම බීම සහිතව එක් දිනක මිල රුපියල් පහළොස් දහසක්. සම්පූර්ණ නිරෝධායන කාලය දවස් දාහතරක් නම්, ඒ මිල දෙලක්ෂ දහදාහක් වෙනවා. විසි එකක් නම් තුන් ලක්ෂ පහළොස් දාහක්. මේ වෙලාවෙ හැටියට ඒ මුදල ලංකාවට ලොකු හයියක් වේවි.
කොහොම හරි මේ විදියට නිරෝධායනය වෙන කෙනෙක්ට වෙන්නෙ මොකක්ද? කියලා අපි හෙව්වද?.
“ඒ අයට දවසට 15,000ක් දීලා ඉන්නෙ”
කියලා එළියට බහින්න බෑ. එහෙම බහින්න උත්සහ කළොත් වහාම රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යවනවා කියලා දැනුම් දීලයි තියෙන්නෙ. ඒ නිසා මේ කිසිම හෝටලයකදි මේ අයට අනිත් අයව මුණ ගැහෙන්නෙ නෑ.
“මොනම හේතුවක් නිසාවත් එළියට බහින්න එපා කියලා කියලා තියෙන්නෙ. අවශ්‍ය වුවමනා දේවල් එයාලා අපිට සපයනවා. ජෙට් වින්ග් බ්ලූ හෝටලේ කාමරේට යාබදව පුංචි කොරිඩෝවක් තියෙනවා. ඒකට යන්න පුළුවන් අපිට, එච්චරයි.
අපිව හැම වෙලාවකම කැමරාවලින් අධීක්ෂණ කරනවා. කාමරෙන් පිටත. කාමරෙන් එළියට කෙනෙක් ගියොත් ඒක දැන ගන්න පුළුවන්” ඔවුන් අප සමග කීවා.
“කෑම අපිට මෙනු එකක් දීලා තියෙනවා. ඒවයෙ තියෙන කෑම අපිට ඕඩර් කරන්න පුළුවන්. ඒවයෙන් පිටත ඒවා ගන්න බෑ. උදේ අටයි තිහයි නවයයි තිහයි අතර උදේ කෑම එනවා. දවල් දොළහයි තිහයි එකයි තිහයි අතර, රෑ හතයි තිහයි අටයි තිහයි අතර. මේ කෑම එන වෙලාවට අපි නැගිටලා ඉන්න ඕන. කෑම ගේන්නෙ හැඳි ගෑරුප්පු පිඟන් අරවා මේවා එක්ක නෙමේ. පාර්සලයක් හදලා එවන්නෙ. ඒ පාර්සලය අපි කෑවට පස්සෙ අයින් කරනවා.
ඒවා ඩස්බින් එකට හරි විදියට දැම්මම ඇවිල්ලා අරගෙන යනවා. දවසට දෙපාරක් උණ බලනවා. ඒ හැම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ඇඳුමක් ඇඳලා ඉන්නෙ. හැබැයි අපි වෙනුවෙන් පුදුම විදියෙ කැප කිරීමක් කරලා තියෙන්නෙ.”

“ස්නැක් වර්ග ඕනෑ නම් ඕඩර් කරන්න පුළුවන්. ඒවට වෙනම අය කිරීම් කරනවා. තේ කිරිතේ කෝපි වර්ග ඕනැ තරම් නොමිලයේ දෙනවා. ඉල්ලන ප්‍රමාණයට දෙනවා. ඒ ගැන ගැටලුවක් නෑ. අපිට තියෙන වෙන අවශ්‍යතාවලටත් අවශ්‍ය දේවල් ලැබෙන්න සලස්සනවා. ඒවා ඔක්කොම කෙරෙනවා”
ඔවුන් මේ වෙලාවෙ හෝටල් කාමරයක සුව පහසුවට ඉන්නවා. ගුවන් යානා ගාස්තුව විදියට දෙලක්ෂ හතළිස්දහක මුදලක් සහ හෝටල් ගාස්තුව විදියට ලක්ෂ තුනකට ආසන්න මුදලක් ඔවුන්ට ගෙන්න සිදුවේවි. ඒ විදියට ගත්තම ආසන්න වශයෙන් ලක්ෂ පහක විතර මුදලක් මේ වෙනුවෙන් තනියම කාමරයක ඉන්න කෙනෙක් වියදම් කරනවා. හැබැයි මේ සම්පූර්ණ මුදලම ඔවුන් අතින් වැය වෙන්නෙ කොහෙන් දෝ ආපු කොරෝනා නිසා.
හැබැයි මේ අවදානම් අවස්ථාවේ එයාලට එක හැන්දක් මෙයාලට එක හැන්දක් ඇයි කියා අහන්න ඔබට සීයට සීයක් අයිතිය තියෙනවා. හැබැයි ඒ වෙනුවෙන් රජය කියන්නෙ “ඉදිරියට එන අයට මුදල් දීලා ඉන්න පුළුවන් නම් මේ විදියට ඉන්න පුළුවන් නැත්නම් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නොමිලයේ ඉන්න පුළුවන් කියලා.
කොහොම නමුත් නිරෝධායනයට පන්ති බේද තිබ්බට කොරෝනාවලට එහෙම නෑ කියලා අපි මතක තියාගෙන ඉමු.මේ වස්කඩුව සිට්‍රස් හෝටලයෙ කතාව. එතනදි වෙන්නෙ මේ අය මුලින් එක්ක ගිහිල්ලා ඒ සඳහා හදපු විශේෂ තැනක නතර කරනවා. ඒක ලොබියෙ විශේෂයෙන් සූදානම් කරපු කොටසක්. මීටරයෙ දුර සහිතවයි මේ කොටස සකස් වෙන්නෙ. විශේෂයෙන් මේ අයව එහෙම නතර කරලා හමුදා නිලධාරියෙක්ගෙ සහ වෛද්‍යවරයෙක්ගෙ උපදෙස් ලබා දෙනවා. ඉන් පස්සෙ ඔවුන් හැම කෙනෙක්වම කාමරවලට යොමු කරනවා. ඒ ක්‍රමයත් අපි කලින් කියපු මීගමුවෙ ජෙට්වින්ග් බ්ලූ එකටම සමානයි. එක දිනක ද්විත්ව කාමරයක මිල රුපියල් 15000ක්. කාමරයක දෙන්නෙක් ඉන්නවා නම් එක් අයෙක්ට හත්දහස් පන්සීය ගානෙ වෙනවා. සියලු පහසුකම් තරුපහේ හෝටලයක කාමරයක පහසුකම්වලට සමානයි. කෑම එක ලැබෙන්නෙ කාමරයෙන් පිටතට. එතන කොරිඩෝවේ මේසයක් උඩට කෑම ගෙනත් තියනවා. අපි කාලා ඉවරවෙලා සියල්ල ඒ මේසය උඩින්ම තියනවා. හැමදාම උදේට වෛද්‍යවරයෙක් ඇවිත් අපේ උණ බලනවා. අපිට කාමරයෙන් පිටතට එන්නවත්, වෙන කෙනෙක්ට කාමරය ඇතුළට එන්නවත් අවසරයක් නෑ. තේ එහෙම කාමරය ඇතුළෙම තියෙනවා. අපිට වෙන ඕන දේවලුත් ඕඩර් කරලා ගන්න පුළුවන්. වෙනත් අවශ්‍යතා වුවමනා තියෙනවා නම් දුරකථන මාර්ගයෙන් දැනුම් දෙන්න පුළුවන් .
ඔය අතරෙ අපි මේ අය එක්ක කතා කළා සාමාන්‍යයෙන් දවසෙ විස්තරත්.
“කාමරෙත් එක්ක හදපු පොඩි කොටසට යන්න පුළුවන්. ඒත් පිටස්තර අය මුණ ගැහැන්නෙ නෑ. කාමරවල වයිෆයි තියෙනවා. හුඟක් වෙලාවට අපි හිටපු විශ්වවිද්‍යාලවල ඔන්ලයින් ලෙක්චර්ස් තියෙනවා. ඒවා ඉවර වුණාම මොනවම හරි එකක් තිබ්බොත් ටී.වී. එක තියෙනවා. ඔන්ලයින් ගේම් එකක් ගහනවා. කවුරු හරි එක්ක කතා කරනවා වගේ දෙයක් මිසක් වෙන කරන්න මොනවාවත්ම නෑ”
ඔවුන් කියනවා. මේ විදියට දැනට එංගලන්තෙ ඉඳලා දෙසීයකට වැඩි පිරිසක් ඇවිල්ලා තියෙනවා. සියලුම දෙනා තුන් සීයකට වැඩි ප්‍රමාණයක් එනවා. මේ හැමෝම එක කාමරේ දෙන්න ගානෙ ඉන්නවා කියලා උපකල්පනය කළත් කෝටි තුනකට වැඩි මුදලක් ලංකාවට එවනවා. මූලික වියදමට කෝටි දෙකක් වෙන් කළත්, කෝටියකට වැඩි මුදලක් රටට ලාබයි.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

කොරෝනා එක්ක මුහුණට මුහුණ සටන් කරන 1990ට මව්රට ගිය ගමන

Next Post

සංගා රටට පණ දෙන්න පෙරමුණ ගනී (VIDEO)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.