• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා එක්ක මුහුණට මුහුණ සටන් කරන 1990ට මව්රට ගිය ගමන

May 10, 2020
in News, Politics
Reading Time: 9 mins read
A A
කොරෝනා එක්ක මුහුණට මුහුණ සටන් කරන 1990ට මව්රට ගිය ගමන
Share on WhatsAppShare on Facebook

“හලෝ 1990 ද?”
ඔබ මේ ඇමතුම අරගෙන තියෙනවද? කවදා හරි, කොතැනකදි හරි. බොහෝ විට ඔබ එහෙම ඇමතුමක් අරගෙන තියෙනවා. නැත්නම්,
“දහනමයයි අනූවට කියන්න”
කියලා යෝජනාවක් හරි කරලා තියෙනවා.
2016 ජූලි මාසයේදී මේ ගිලන් රථ සේවය ලංකාවෙදි ආරම්භ වුණා.
2018 ජනවාරි 05 වැනිදා මේ සේවය දීප ව්‍යාප්ත කිරීමේ ගිවිසුම අරලිය ගහ මන්දිරයේදි එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ගිවිසුම අත්සන් කෙරුණේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සන්ධු මහතා සහ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අතර.

රාජිත කියපු කතාව

මේ උත්සවයේදී ඒ කාලයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්තයා කියලා තිබුණෙ මෙහෙම.
“ඉන්දීය ගිලන් රථ සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක හොඳ ගිලන් රථ සේවාවක්. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ලබාදුන් මෙම ගිලන් රථ සේවාවෙන් විශාල සේවාවක් ඉටු වෙනවා. බස්නාහිර සහ දකුණ පළාත්වල ගිලන් රථ සේවාව ආරම්භ වූ පසු මිලියන 05ක පමණ ජනතාවක් සේවය ලබාගෙන තිබෙනවා. අද දින සිට මෙම ගිලන් රථ සේවාව දීප ව්‍යාප්ත කිරීමෙන් විශාල පිරිසකට එම සේවාව ලබාගත හැකි වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව වසරක් තුළදි හදිසි අනතුරුවලින් පුද්ගලයින් 25,000ක් පමණ මිය යනවා. ඉන්දීය ගිලන් රථ සේවාව මගින් පසුගිය කාලයේ දී හදිසි අනතුරුවලට ලක්වූවන්ගෙන් 58,441ක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් ගත කිරීමට රැගෙන ගොස් තිබුණා. මෙම ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට ප්‍රථම ඇතැම් ගම්වල හදිසි අනතුරුවලට ලක්වූවන් ප්‍රවාහනය කළේ ත්‍රිරෝද රථවලින්. එම නිසා මෙම සේවාව ඉතා වැදගත් වෙනවා.
දැනට මෙහි 489ක් ශ්‍රී ලාංකිකයින් සේවය කරන අතර, එය නව ගිවිසුමට අනුව 1600 දක්වා වැඩි වෙනවා. එය ශ්‍රී ලංකාවේ රැකියා නොමැති තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට ලැබුණු දායාදයක් ද වෙනවා. ඔවුන්ට ඉන්දියාවේ දී විශේෂ සෞඛ්‍ය පුහුණුවක් ද ලැබෙනවා. මෙම ගිලන් රථ සේවාව ආරම්භ කරන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ අවලාද, චෝදනා ඉදිරිපත් කළා. නමුත් එම චෝදනා අද පුස්සක් වී තිබෙනවා.”
මුජිබර් රහුමාන් හිටපු මන්ත්‍රීවරයගෙ ප්‍රකාශයක් 2018 අගෝස්තු 2 වැනිදා “රීඞ් ශ්‍රී ලංකා” වෙබ් අඩවියෙ සඳහන් වෙනවා.මේ ඒකෙන් කොටසක්.

අද ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලාද? ලංකාව ඉන්දියාවට දුන්නද?

“1990 සුවසැරිය ගිලන් රථ සේවය ගේන්න යන විට ඉන්දියාවේ දොස්තරලා, හෙදියෝ, කම්කරුවෝ මෙහෙ එනවා කිව්වා. ප්‍රමිතියක් නෑ කිව්වා. ලෙඞ්ඩු මැරෙයි කිව්වා. ඔවුන් ගේන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ කිව්වා. මම අහන්නේ අද ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලාද? ලංකාව ඉන්දියාවට දුන්නද? ඉන්දියාවේ දොස්තරල, හෙදියෝ, කම්කරුවෝ මෙහේ ආවද?”
බොහෝ විවේචන මේ සේවයට ආවා. එතනින් එහා මේ ගැන පරණ කතා වැඩක් නෑ. මොකද අද වෙන කොට අපිට 1990 තියෙනවා.
මිනිසුන්ට එරෙහිව මිනිස්සු විසින් කරපු දේශපාලනයට නවත්තන්න බැරි වෙච්ච 1990 ඔබ වෙනුවෙන් සූදානමින් ඉන්නවා. කොහොම නමුත් මේ කලබල අස්සෙ අතිශය කාර්යබහුල සුවසැරිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට අපි ගොඩ වුණා. මේ ගැන හොයන්න. පරණ කතා නෙමෙයි අපි අලුත් කතා හොයන්න පටන් ගත්තා.
මේ ඔබ 1990ට අමතන තැන ඉඳලා මෙහෙයුම.

කෝල් එකට වඩා ඇප් එක ඉක්මන්

ඔබට 1990 අමතන්න ක්‍රම කීපයක් තියෙනවා. ලංකාවෙ ඉතාම සුලබව පාවිච්චි කෙරෙන ක්‍රමය වෙන්නෙ දුරකථනය අරගෙන සාමාන්‍ය විදියට ඇමතුමක් ගන්න එක. ඒත් වඩාත්ම සාර්ථකම ක්‍රමය වෙන්නෙ ඒක නෙමෙයි. ඒ තමයි 1990 සුවසැරිය ඇප් එක පාවිච්චි කරන එක. මේක ඔබේ ස්මාට් ජංගම දුරකථනයෙ ඉතාම පහසුවෙන් ඇතුළත් කර ගත හැකි “ඇප් එකක්” මේ ඇප් එක හරහාත් ඔබට සුවසැරිය ඇමතිය හැකියි.
“මොකක්ද වෙනස?”
මේ මොන ක්‍රමයෙන් සුවසැරිය ඇමතුවත් ප්‍රතිචාර දැක්වීමේ වෙනසක් නෑ.
“ඇප් එකෙන් ගත්තම චාන්ස් එක වැඩියි”
වගේ එකක් නෑ. සෑම ඇමතුමකටම හැකි උපරිම ඉක්මනින් ප්‍රතිචාර දක්වන එකයි සුවසැරිය මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ රාජකාරිය.

වෙනදට කෝල්ස් 5000යි: දැන් 9000යි

ඔවුන් ඒ වෙනුවෙන් පැය විසිහතර පුරාම ලෑස්තියි. මේ කොරෝනා තත්ත්වය ඇතිවෙන්න කලින් මධ්‍යස්ථානයට එන ඇමතුම්වලින් සීයට අනූ අටයි දශම නමයක ප්‍රමාණයකට පළමුවෙනි ඇමතුමෙන්ම ක්‍රියාත්මක වෙන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. මේ පවතින තත්ත්වයත් එක්ක ඔවුන්ගෙ ප්‍රතිචාර ඉතා සුළු වශයෙන් අඩු වෙලා. මේ අනුව පළමු ඇමතුමට ප්‍රතිචාර දක්වන ප්‍රමාණය අනූ හයයි දශම දෙකක් වෙලා. ඒක එහෙම වෙන්නෙ මේ වෙන කොට 1990ට එන ඇමතුම් ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ යාම නිසා. වෙනදා සාමාන්‍යයෙන් ඇමතුම් 5000ක සීමාවේ නතර වෙන දිනක ඇමතුම් ප්‍රමාණය මේ වෙන කොට 9000ත් ඉක්මවා ගිහිල්ලා. ඒ නිසා මේ අය අද ගෙදර ඉඳලත් වැඩ.
කොහොම නමුත් මේ ක්‍රම දෙකෙන්ම වෙන්නෙ එක දේ නම් ඇයි මේ ඇප් එකක්?

සාමාන්‍යයෙන් ඔබෙන් ඇමතුමක් ආවම ඔවුන් ඔබෙන්ම තමයි අදාළ ස්ථානයක් අහගන්න ඕන. සමහර වෙලාවට කෙනෙක්ට ඒක පැහැදිලිව කියන්න බැරි වෙනවා. මේ විදියට ඇමතුමක් ආවම, සුවසැරිය කාර්යමණ්ඩලය ගූගල් මැප් එක හරහා හොයනවා ඔබේ ස්ථානයට වඩා පහසුවෙන් ළඟා විය හැකි ගිලන් රථය තියෙන්නෙ කොහෙද කියලා.
මතක තියන්න ඒ ඔබව හොයාගෙන එන්නෙ ඔබට ළඟම තැන තියෙන ගිලන් රථය නෙමෙයි. සමහර විට මාර්ග තදබදය එහෙම බලපානවා නම් ඉක්මනින්ම ළඟා විය හැකි” ගිලන් රථය හොයලා, ඒ පණිවුඩය දෙන එක ඉතාම ඉක්මනින් වෙන්න ඕන.
මේ විදියට ඇප් එක ඔබ දාගෙන නං තියෙන්නෙ, ඔබ ඇමතුම ගන්න වෙලාවෙම ඔබ ඉන්න තැන සුවසැරිය මධ්‍යස්ථානයෙ සඳහන් වෙනවා. ඒ හරහා ජීවිතයක් බේරගන්න වුණත් පුළුවන් වගේම සමහර විට තමන්ගෙ මෙහෙයුම විනාඩි කීපයකට කලින් අවසන් වෙනවා. ඒ හරහා තවත් මනුස්සයෙක් වෙනුවෙන් සුවසැරිය රථය නිදහස් වෙනවා. ඒ නිසා පුළුවන් නම් ඔබේ ජංගම දුරකථනයටත් “සුවසැරිය 1990” ඇප් එක නොමිලයේ දා ගන්න. ඉතාම පහසු පියවර තුනකින් මේ ඇප් එකේ වැඬේ සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඉතාම අඩු ඉඩක් සහ ඬේටා ප්‍රමාණයක් විතරයි වැය වෙන්නෙ. ඒ වගේම මේ ඇප් එක හරහා ඇමතුමක් ගන්න ඬේටා අවශ්‍ය වෙන්නෙ නෑ.
කොහොම නමුත් ඔබ ගන්නා ඇමතුම වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඇමතුම් මධ්‍යස්ථානය හරහා අදාළ ගිලන් රථය සමග සම්බන්ධ වෙනවා. අර අපි කලින් කිව්වා වගේ පහසුවෙන්ම ළඟා විය හැකි තැනක තියෙන ගිලන් රථයට. සාමාන්‍ය සැලසුම අනුව ඕනෑම ගැටලුවකදි විනාඩි 12ට අඩු ප්‍රමාණයකින් ළඟා විය හැකි විදියටයි මූලික සැලසුම. නමුත් මේ කාලයේදී ඔබේ ඇමතුම් සහ ඔවුන්ගේ සේවාවල ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය දවසෙ ඇමතුම් පන්දහසක ප්‍රමාණයක් එන කොට අද මේ කොරෝනා තත්ත්වයත් එක්ක ඒ ඇමතුම් ප්‍රමාණය නවදහස දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෙන කොට රටේම ක්‍රියාත්මක වෙන ගිලන් රථ 297ක්, විනාඩි 14.5ක සාමාන්‍ය කාලයක් තුළ අදාළ ස්ථානයට ළඟා වෙන්න කටයුතු කරලා තියෙනවා.

මේ ඇමතුම සහ ඊට අදාළ සෑම කටයුත්තක්ම අධීක්ෂණයට ලක් වෙනවා. ඒ වගේම ගිලන් රථය එළියට ගන්න එක, බ්‍රේක් ගහන එක, ගමන් මග ඇතුළුව සියලුම දේවල් ප්‍රධාන මධ්‍යස්ථානයෙ ඉඳලා අධීක්ෂණය කරනවා. ඒ වගේම යායුතු පාරත් කෝකද කියලා හොයලා දෙනවා. ඒ වගේම ඔබ දන්නවද දන්නෙ නෑ, මේ හරහා රෝගියා ඇතුළත් කරන්නෙ ළඟම රෝහලට නෙමෙයි. රෝගය අනුව ඔහුට හෝ ඇයට ප්‍රතිකාර කළ හැකි වඩාත් කිට්ටුම රෝහලට.
රෝගියා හොයාගෙන ආවට පස්සෙ ඒ රෝගියාගේ තත්ත්වය මූලිකව අධීක්ෂණය කළ හැකි හැකියාව මේ කාර්යමණ්ඩලයට තියෙනවා. emt සහ පයිලට් කියන තනතුරු දෙක දරන අය තමයි ඔබ හොයාගෙන එන්නෙ. මේ රියදුරු තමයි පයිලට් ලෙස හඳුන්වන්නේ. හඳුන්වන්නේ. emt කියන්නෙ විශේෂ විදේශ පුහුණුවක් සහිත කෙනෙක්. මේ අය විසින් රෝගියාට කරන මූලික ප්‍රතිකාරත් එක්ක අනිවාර්යයෙන්ම ඔහුගේ හෝ ඇයගේ තත්ත්වය මේ රථය සමග සම්බන්ධ වෙන වෛද්‍යවරයෙක්ට දැනුම් දීම කළ යුතුයි. ඒ වෙනුවෙන් වෛද්‍යවරයෙක් හෝ කීප දෙනෙක් සූදානමින් ඉන්නවා. මේ රථය තුළ තියෙන විශේෂ උපකරණ සියල්ලක්ම ඔහුට පාවිච්චි කිරීමේ දැනුම තියෙනවා.
මේ ගිලන් රථයේ ට්‍රොලි වර්ග හතරක්. රෝගියව නොසොලවා ඔසවාගෙන යන්න පුළුවන් විදියෙ විශේෂ උපකරණයක්, කෘත්‍රිම ශ්වසනය ලබා දීමට හැකියාව සහිත උපකරණයක් වගේම මනුෂ්‍ය ජීවිතයක් ආරක්ෂා කළ හැකි උපකරණ බොහෝමයක් ඔවුන් සතුයි. ඒ අතර මේ සුවසැරිය රථයේ තියෙනවා ලණු, අලවංගු, කියත්, පොරෝ වගේ දේවල් ටිකක්.
“ඒ ඇයි?”
ඒ වෙන්නෙ යම් කිසි විදියකින් හදිසි අනතුරකින් වාහනයක ඇතුළෙ හිරවුණ කෙනෙක්ව බේරාගැනීමත් මේ අයම කරනවා. මේ විදියෙ බොහෝ තැන්වලදි 1990 කාර්යමණ්ඩලය මේ විදියෙ දේවල් කරලත් තියෙනවා. හැම උදේකම හැම සුවසැරිය රථයක්ම කාර්යමණ්ඩලය විශේෂ පෙරහුරුවක යෙදෙනවා. ඒ ගැන මේ අය කියන්නෙ එක තප්පරයක ඉක්මනින් ජීවිතයක් බේරගන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම උපක්‍රමයක්ම මේ අය දරනවා. හැම තප්පරයකම වෙහෙසෙනවා. මේ කොරෝනා කාලෙත් මේ අය ඒ විදියටම වෙහෙසෙනවා. අපි 1990 ප්‍රධාන කාර්යාලයට ගොඩවුණ වෙලාවෙත් ඒක දැක්කා.

දැන් මේ විදියට රෝගියාව රෝහල් ගත කරලා ඒ ගැන කාර්යාලය දැනුවත් කරනවා. හැබැයි එහෙමයි කියලා ඒ වැඬේ එතනින් ඉවර වෙන්නෙ නෑ. මේ රෝගියාව රෝහල් ගත කරලා, ඒ සම්බන්ධව මූලික කටයුතුත් අවසන් කරලයි මේ අය ඒ කොටස අවසන් කරන්නෙ. ඉන් පස්සෙ අවශ්‍ය නම් මේ ගිලන් රථය පිරිසිදු කරනවා. මේ විදියට රෝහල් ගත කරන්නෙ කොවිඞ් 19 රෝගියෙක් නම් මුළු රථයම ජීවානුහරණයට ලක් කරනවා. ඒ වගේම ක්ලෝරීන්වලින් හෝදනවා. ඒ වගේම රෝගියා ගැන පැය 48ක් හොයලා බලනවා. රෝගියා පිළිබඳව මුලින්ම දැනුම් දුන්න කෙනාට ඒ ගැන දැනුම් දෙනවා. ඒත් එක්කයි මේ මෙහෙයුම අවසන් වෙන්නෙ. මේ විදියට කොරෝනා රෝගීන්ද ඇතුළුව රෝගීන් පන්ලක්ෂ තිස්නම දහකට ආසන්න ප්‍රමාණයක් මේ වෙන කොට රෝහල්ගත කරලා තියෙනවා.

කාටවත් වරප්‍රසාද නෑ

කොරෝනා තත්ත්වය යටතේ මේ අය විශේෂයෙන් ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ වෙනුවෙන් විශේෂ ඇඳුම් ආයිත්තම් ආදිය මේ අය වෙනුවෙන් ලබා දීලයි තියෙන්නෙ. ඔවුන් නිවාඩු නොගෙන එක දිගට මේ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒ වගේම මේ ආයතනයේ අතිශය සුවිශේෂී බව අපි ලියන්නෙ අනවසරයෙන්. ප්‍රධානියාගේ ඉඳලා සියලුම නිලධාරීන් ඉතාම මිල අඩු පුටුවල සාමාන්‍ය කන්තෝරුවක සාමාන්‍ය විදියට කටයුතු කරනවා. මේ අයට නිල රථ කිසිවක් නෑ. වෙනත් වරප්‍රසාද නෑ. අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවෙක්ට මුදලක් ලැබෙන්නෙ නෑ. සභාපතිවරයා මේ වෙනුවෙන් වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ.
හැබැයි අවාසනාවකට අපිට මේ කතාබහ අවසන් කරන්න වෙන්නෙ චෝදනාවකින්.
“පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ”
වගේ එකක් කියලා නතර වෙන්න පුළුවන් වුණත් ඔවුන් අපිට ඒ කතාව පැහැදිලි කළා. ඒ ගැන ලියන්න කලින් ඔබට මේ සිදුවීම පැහැදිලි කරන්න ඕන.
බොහෝ දෙනා රූපවාහිනියෙන් සහ සමාජ ජාල ඔස්සේ දැක්කා දඹුල්ල නගරයෙ පුද්ගලයෙක් බිම ඇද වැටීම සහ ඊට අදාළ සිදුවීම් පෙළ. මේ පුද්ගලයා හමුදා සෙබළෙක් බවත්, රෝහල්ගත කිරීමට පෙර ඔහු මියගොස් සිටි බවත් දැන ගන්නට ලැබුණා. ඔහුව රෝහල් ගත කරන්නෙ ත්‍රි රෝද රථයකින්. ඒ අතර චෝදනාවක් සුව සැරියට එල්ල වෙනවා.
“අපි 1990ට කෝල් කළා. ඒත් එයාලා ආවෙ නෑ” කියලා.
“ඇත්තටම මොකක්ද වුණේ?”
අපි ඒ ගැන හෙව්වා. මේ ඒ සිදුවීමේ ඇත්තම කතාව.
“මේ සිදුවීම වෙන මොහොත වෙන කොට දඹුල්ල සහ ඊට ආසන්න තවත් තැනක සුවසැරිය රථ රෝගීන් රැගෙන යමින් හිටියෙ. නමුත් අපි වහාම ක්‍රියාත්මක වුණේ නැත්තෙ නෑ. නාවුල තිබුණ ගිලන් රථය ඒ වෙනුවෙට යෙදෙව්වා. විනාඩි 26ක් ඇතුළත අපි එතෙනට ගියා. කිලෝමීටර විසිපහකට ආසන්න දුරක් ඔවුන් එනවා. හැබැයි ඒ වෙනකොට රෝගියා අරගෙන ගිහිල්ලා ඉවරයි. හැබැයි මේ ගැන කතා කරනකොට අපි දැන ගත්ත මේ ටික කියන්නම ඕන.
“මේ වෙලාවෙ වැඩ කරන සමහර ළමයින්ව එයාලගෙ බෝඩිංවලින් අයින් කරලා. නිදාගන්නත් තැනක් නෑ. නිදාගන්නෙ සමහර වෙලාවට එතන තියෙන පුටුවක. මෙයාලා කොරෝනා ලෙඞ්ඩු ගෙනියනවා කියලා. මේ අය කෑම කෑවෙ කඩවල්වලින්. අද කඩවල් වහලා. එයාලා කන්නෙ නූඞ්ල්ස් පැකට් එකක් තම්බගෙන. කොරෝනා ලෙඞ්ඩුන්ව කෙළින්ම නිරාවරණය වෙන්නෙ මේ අයට. ඒත් එයාලා එකම එක දවසක් බෑ කියලා දාලා ගිහිල්ලා නෑ. කිසිම ලෙඩෙක්ව ප්‍රතික්ෂේප කළේ නෑ. මේ අය හැම තප්පරේකම සේවය වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඒ නිසා මේ අයට චෝදනා කරන්න එපා”
ඔවුන් කරන එකම ඉල්ලීම ඒක. පුළුවන් නම් මේ මිනිසුන්ට පහසු කරන්න. ඔවුන්ගෙ ජීවිතේ නෙමේ. ඔබේ ජීවිතේ පහසු කරගන්න. මේ හැමෝම වෙහෙස වෙන්නෙ අපි වෙනුවෙන්.
“හලෝ 1990 ද?”
කියලා අහන තැන ඉඳලා ඔවුන් ඔබ වෙනුවෙන් ජීවිතයක් ජීවත් කරවීමේ මෙහෙයුම පටන් ගන්නවා. ඒ නිසා 1990 ඇමතුමක් ගන්න අත්‍යාවශ්‍යම මොහොතක. මේ ඇඳිරිනීතිය කාලෙ ඔවුන් ඉතාම කාර්යබහුලයි. හදිසි අනතුරු වගේ ඒව අඩු වුණත්, 1990 මෙහෙයුම් කීප ගුණයකින් වැඩි වෙලා. වෙනදා සාමාන්‍ය උණ රෝගීන් රැගෙන යාම නොකළත් ඔවුන් අද ඒ කොටසත් බාර අරගෙන. සෑම විටකම කොරෝනා අවදානම වැඩි වෙනකොට 1990ට වැඩ වැඩි වුණ බව මධ්‍යස්ථාන තොරතුරුවලින් පේනවා. ඒ නිසා මේ මිනිසුන්ට වැඩ වැඩි නොකර ඉන්න එක තියෙන්නෙ අපේ අතේ. ඒ ගැන තප්පරයක් හිතමු.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

කොරෝනාවෙන් ජයගත් හැටි අගමැති කියයි

Next Post

VIP නිරෝධායනය කියලා සිට්‍රස්-ජෙට්වින්ග් හෝටල් ඇතුළෙ මොනවද කරන්නේ?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.