• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මෝඩි නිදහසේ කරපු කතාව…!

August 30, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
ලංකාව ඉන්දියාවට දොර අරී: ඒත් ඉන්දියාව ලංකාවට දොර වහයි
Share on WhatsAppShare on Facebook

වසර හැත්තෑපහකට පෙර මෙවැනිම දිනයක භාරතය ඉංගිරිසි පාලනයෙන් විනිර්මුක්තවූ බව පසුගිය දා උදෑසන නිදහස් දින පණිවුඩයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි සිය රට වැසියනට ශුභාශිංසනය කෙළේය.

භාරත මාතාව විසිවැනි සියවසේ උච්ඡස්ථානයටම පත්කිරීම උදෙසා රටේ නිෂ්පාදන ශක්තිය ඇතුළු සියලු ශක්‍යතා සියයට සියයක්ම මෙහෙයවිය යුතු බව අගමැති නරේන්ද්‍ර මෝඩි ඉන් අනතුරුව පැවති හැත්තෑපස් වැනි නිදහස් දින උත්සවයේදී ජාතිය අමතා මහත් අභිමානයෙන් ප්‍රකාශ කෙළේය.

අප සෑම ගමකටම ග්‍රාමීය මාර්ග සියයට සියයක්ම සාක්ෂාත් කළ බව තහවුරු කරගත යුතුයි. සෑම කෙනකුටම “ආයුෂ්මත් භාරත කාඩ් පතක්” ඇති බව ස්ථිර කරගත යුතුයි. “උජ්ජාවල” යෝජනා ක්‍රමය යටතේ සෑම සුදුස්සකුටම “ගෑස්” සැපයූ බව ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුයි.

සෑම රටකටම (රාජ්‍යකටම) තම රටේ සංවර්ධනය උදෙසා පියනගන ඉදිරි ගමන් මගකට අවතීර්ණ වීමේ කාල පර්ච්ඡේඡදයක් උදාවීම නොවැළැක්විය හැකිය. භාරත මාතාවට ඒ අනගි සමය මේ වන විට උදාවී තිබේ.

සෑම ක්‍ෂේත්‍රයක්ම සමගාමී වේගයකින් එකට එක්ව ධාවනයක යෙදිය නොහැකිය. ඒ එක් එක් අංශ සතු ශක්ති ප්‍රමාණය මත රඳාපවතින්නකි. අප ඒ දුබල අත් එකට අල්ලා ගෙන එක්ව ඉදිරියට යා යුතුව තිබේ.

සංවර්ධනය ඉලක්ක කරගත් නිෂපාදනය සහ අපනයනය හැතිතාක් (සියයට සියයක්ම) වර්ධනය කළ යුත්තේය.

දේශීය නිෂ්පාදකයන්ගේ සියලු නිෂ්පාදන පෞද්ගලික ඒවා නොවේ. ඔවුන් විසින් අපනයන කරන භාණ්ඩ එවිට ඔවුන්ගේ නොවේ. එය දේශීයත්වයේ සංකේතයකි. රටේ කීර්තිය සහ පිළිගැනීම ඊට නිරායාසයෙන්ම අනුගත වන්නකි. ඒ සියලු නිෂ්පාදන දේශිය වශයෙන් හෝ විදේශීය වශයෙන් හෝ කවර පාරිභෝගිකයකු හෝ පරිභේාජනය කරනවිට “ඔව් මේ ඉන්දියාවේ නිෂ්පාදනයක්” :ඵ්ාැ සබ ෂබාස්* යන්න නොවැරදීම කියැවෙන්නකි.

ඉන්දයාව ප්‍රථම වරට ආරම්භ කළ “වික්රාජන්” මුහුදු ගුවන් යාත්‍රා අත්හදාබැලීමේ උත්සවයේදී අගමැති නරේන්ද්‍ර මෝඩි කීය.

මේ රටේ වෙසෙන කුඩා පරිමාණයේ සමස්ත ගොවි ජනතාවගේ ශක්තිය ඉදිරි වර්ෂ කීපය තුළ ඒකරාශි කර සංවර්ධනයේ ඒකීය බලවේගය දක්වා වර්ධනය කළ යුත්තකි. ඒ සඳහා ඔවුනට නව පහසුකම් සැලසිය යුතුය. ඔවුන් ජාතියේ අභිමානය විය යුත්තෝය. මේ රටේ වෙසෙන සමස්ත ගොවි ජනතාවගෙන් සියයට අසූවකටම හෙක්ටයාර් දෙකකට වඩා වගා බිමක් නැත. අතීත නීතී සදන්නන් විසින් ඔවුහු අත්හැර දමනු ලැබ ඇත්තාහ. එහෙත් වර්තමානයේ අප ඔවුන් අත නොහැර සිත්හි රඳවාගෙන කටයුතු කරමු.

මේ වන විට සෑම ගමක්ම පාහේ අධි වේගයෙන් වෙනස් වෙමින් ඇත. ඈත අතීතයේදී බොහෝ ගම්මාන ඌණ සංවර්ධන තත්ත්වයේ පැවතිණි. ග්‍රාමීය ප්‍රවේශ මාර්ග, විදුලි බලයද පැවතියේ අල්ප වශයෙනි. එහෙත් දැන් අන්තර්ජාල පහසුකම්ද තිබේ. ඩිජිටල් තාක්‍ෂණයේ සංක්‍රාන්තිය ගම්මාන ආක්‍රමණය කරයි.

ග්‍රාමීය මට්ටමේ අට කෝටියකට (8,00,00,000) අධික ප්‍රජාවක් ස්වයං සහයෝගිතා (උපකාර) කණ්ඩායම් වශයෙන් එකට බැඳී නිෂ්පාදන කාර්යන්හි නියැලෙති. ඔවුහු මේ වන විට අයිතමයන් ගණනාවක් නිෂ්පාදනය කර ඇත්තාහ. රටේ සංවර්ධනය උදෙසා උරදෙන මේ ධෛර්යවන්තයන්ගේ නිෂ්පාදන රටටම ප්‍රචලිත කිරීමේ වෙළෙඳපොළක් ආරම්භ කිරීමේ අරමුණින් “ඊවේදිකාවක්” නිර්මාණය කරදීමට ආණ්ඩුව වැඩ පිළිවෙළක් සකස් කර ඇත.

නිදහස් උත්සවය ආරම්භ කරමින් ජාතික ධජය එසවු අගමැති නරෙන්ද්‍ර මෝඩි ජාතිය ඇමතූ කතාව පටන් ගත්තේ කොරා්නා මාරයාටද අභියෝග කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියට එක්වූ භාරත මාතාවගේ දරුවන්ට සිය ප්‍රණාමය පිදීමෙනි.

සමස්ත ජාතියම ඒ පිරිසට කෘතඥතා පිරිනැමිය යුතු බව පැවසූ හෙතෙම ඔවුහු වර්තමාන භාරතීයයන්ගේ පමණක් නොව අනාගත දරුවන්ගේ හදවත්ද ධෛර්යමත් කරන්නෝ යැයි කීවේය.

භාරත මාතාව වෙනුවෙන් ජීවිතය කැප කළ ප්‍රථම අගමැති ජවහල්ලාල් නේරු එක ජාතියන් වශයෙන් රට එක්සක් කිරීමේ පුරෝගාමියා වූ සදාර් පාතෙල් සහ රටේ අනාගත මාර්ගය පෙන්නූ ආම්බේඩ්කාර් වැනි ජාතික විරුවන්ද හෙතෙම සිහිපත් කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මේ මාසයේදී කොරෝනා හැදුණු 10 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රී!

Next Post

‘ලොක්ඩවුන්’ එකෙන් විපක්ෂය හදන්නේ ආණ්ඩුව ‘ෂට්ඩවුන්’ කරන්නද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.