• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනයට උත්තර දෙන්න ඉන්දියාවත් සූදානමින්!

November 29, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
චීනයට එරෙහිව ඉන්දියාව ප්‍රිඩේටර් උඩට අරන් එයි!
Share on WhatsAppShare on Facebook

චීන අත්‍යන්ත බස්නාහිර සිංජිඈං කලාපයේ කටයුතු කළ ආකාරය පිළිබඳ එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, යුරෝපා සංගමය සහ කැනඩාව යන රටවලින් පවා පැසසුම් ලත් පනස්අට හැවිරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෑන්ං ජන්ෂේං, තම පක්‍ෂයේ තිබ්බත ස්වතන්ත්‍ර කලාපීය නායකයා වශයෙන් උසස්වීමක්ද සමග චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් පත්කරනු ලැබ ඇත.

නවදිල්ලිය පමණක් නොව ලෝකය පුරා සිටින මානව අයිතීන් පිළිබඳ, කණ්ඩායම් පවා මේ පත්වීම නිසා “සත්‍ය පරිපාලන තීරුව” නමින් හැඳින්වෙන “නැගෙනහිර ලඩ්කා සීමාවේ ගැස්ම” කවර මාර්ගයකට ප්‍රවේශවේ දැයි යන්න ගැන ඉතා උනන්දුවෙන් බලා සිටින බව “චෛනා මෝනිං” පුවත්පතේ පුවතක් උපුටා දක්වන “වියොන්” මාධ්‍ය කියයි.

“සත්‍ය පරිපාලන තීරුවට” සමීප චීන ඉසව්වේ මේ වන විට චීන විමුක්ති හමුදාවේ ක්‍රියාකාරකම්වල සහ අභ්‍යාසවල වර්ධනයක් දක්නට ඇතැයි ඉන්දියාවේ නැගෙනහිර හමුදා ආඥාපති ලුතිනන් ජෙනරාල් මනෝජ් පාණ්ඩේ පසුගිය අඟහරුවදා ප්‍රකාශ කෙළේය.

“සත්‍ය පාලන තීරුවට” ඔබ්බෙන් ලඩ්කා ප්‍රදේශය හරහා කෙරෙන අභ්‍යාසවල වැඩිවීමක් පේන්න තියෙනවා. ඒ සීමාවට ටිකක් දුරින්. ඒ වාගේම දේශසීමා රැකීමේ යෙදී සිටින හමුදා කණ්ඩවලද කිසියම් අන්දමක ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා වී තියෙනවා” ආඥාපතිවරයා කියයි.

චීන විමුක්ති හමුදාව පවත්වන වාර්ෂික යුද හමුදා පුහුණු අභ්‍යාසවල මට්ටම බොහොම ගැඹුරින් කෙරෙන බව පැහැදිලියි. ඒ පළමු වැනි කරුණ.

දෙවැනි කරුණ, “මේ දිනවල ඒ අයගෙ සංචාරක මුර සේවා නැවත එක්තැන්ව සිටින අන්දමක් පෙනුණත් ඒ අයගෙ පුහුණු කටයුතුවල වර්ධන වේගය නම් වැඩි”යැයි ආඥාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කෙළේය.

“සත්‍ය පාලන තීරුවට” ආසන්න වෙන්නට දෙපාර්ශ්වයම එකිනෙකා පරයමින් යටිතල පහසුකම් වර්ධනය කර ගන්නවා. හැබැයි එසේ කිරීමේදී සුළු සුළු සිද්ධීන් ඇතැම් අවස්ථාවල සිදුවෙන බව වාර්තා වෙලත් තියෙනවා.

“මේ යටිතල පහසුකම් වර්ධනය වීමත් සමගම සීමා රැක්මේ යෙදී සිටින හමුදා කණ්ඩවල වර්ධන වේගයද අතිවේගයෙන් ඉහළයාමද පෙනෙන්නට තියෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කෙළේය.

භූමියේත්, ගුවනේත්, රොකට් බලය ආදී සියල්ල යොදාගනිමින් දීර්ඝ වශයෙන් මෙන්ම සංකීර්ණාත්මකව ඒකාබද්ධ යුද අභ්‍යාස කිරීම චීන පාර්ශ්වයේ විශේෂ ලක්‍ෂණයකි. ඒ ආඥාපතිවරයාගේ අදහසයි.

චීන විමුක්ති හමුදාව ඒ අන්දමින් ක්‍රියාකරද්දී තම පාර්ශ්වයද එන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටින බව ඔහු ප්‍රකාශ කෙළේය.

අපේ කඳුකර හමුදා ප්‍රහාරක කණ්ඩායම ආරම්භ කළේ 2014දී. මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට ශක්තිමත් කළා. ඒ සංඛ්‍යාත්මකව, මෙහෙයුම් ක්‍රියාකාරී බලයෙන් සහ අවි ආයුධ ප්‍රමාණයෙන්.

ඊට ප්‍රහාරක කණ්ඩායම්, සහායක ප්‍රහාරක කණ්ඩායම් ආදී වශයෙන් අවශ්‍ය සෑම කණ්ඩායමක්ම ස්ථාපනය කරල තියෙනවා. ඒවාට අවශ්‍ය සියල්ලමත් සපයලා තියෙනවා.
කඳුකර ප්‍රහාරක කණ්ඩායම් ගතවූ වර්ෂ ගණනාව පුරාම සියලු අතින්ම පිරිපුන් තත්ත්වයට ළඟාවී සිටිනවා. ඒ අයට දැන් අවශ්‍ය ප්‍රායෝගිකත්වයට මුහුණ දීමටයි.

ඔවුනට අවශ්‍ය ආවේක්‍ෂණ (සුපරීක්‍ෂාකාරී නිරීක්‍ෂණය) ක්‍රමෝපායන් සියල්ල ලැබෙන්නෙ චන්ද්‍රිකා තාක්‍ෂණ මට්ටමෙන්.

එන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අපි බලාගෙන ඉන්නවා. අපි ඒ සඳහා සෑම අතකින්ම සර්ව සම්පූර්ණයි” ආඥාපති ජෙනරාල් මනෝජ් පාණ්ඩේ ප්‍රකාශ කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

හම්බන්තොට ගොවීන්ට නැනෝ පොහොර එපා වෙයි! දීපු ඒවාත් ආපහු ගෙනවිත් බාර දෙයි! (VIDEO)

Next Post

කොප් ලොක්කා මෝඩි!

MORE NEWS

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

Load More
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...

Read more
ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.