• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කොප් ලොක්කා මෝඩි!

November 29, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට එරෙහි වෙයි!
Share on WhatsAppShare on Facebook

“හායි මෝදි, භාරත් කා ගෙහ්නා” යනුවෙන් ගායනා කරමින් ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝව් නගරයේ “ග්ලාස්ගෝව්” හෝටලයේ පැවැති “දේශගුණික විපර්යාසය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සමුළුවට” (කොප් 26) ගිය අවස්ථවේ රැස්ව සිටි පිරිස ඔල්වරසන් හඬින් භාරත අගමැතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඒ අන්දමිනි.

පසුගිය ඔක්තෝබර 31 වැනිදා ආරම්භවී නොවැම්බර් 14 වැනිදා අවසන්වූ සමුළුවට රාජ්‍ය නායකයන් දෙසීයක් දෙනා සහභාගිවී සිටියහ.

පරිසරවේදීන්ගේ මතයට අනුව “කොප් 26” සමුළුව වනාහි ගෝලීය උෂ්ණත්වයෙන් ලෝකය බේරාගැනීමට ඇති එකම අවස්ථාවය. සමුළුව “ලෝක නායකයන්ගේ සමුළුව” ලෙසින්ද හැඳින්වේ.

ප්‍රංශයේ ප්‍රධානත්වයෙන් පරිසර සමුළුවක් 2015 දී පැරිසියේ පැවැත්වූ අවස්ථාවේ එවකට ඇමෙරිකා ජනාධිපති වූ බැරැක් ඔබාමාද, භාරත අගමැති නරේන්ද්‍ර මෝදිද ඊට සහභාගි වූහ. ලොව බලවත් රටවල සියලු නායකයෝද එම සමුළුවට සහභාගි වූහ.

ගෝලීය උෂ්ණත්වය අවම මට්ටමින් පවත්වාගෙන යාම සඳහා උෂ්ණත්වය සෙල්සියස් අංශක එකයි දශම පහකට අඩු මට්ටමෙන් පවත්වා ගෙන යායුතු බව එහිදී තීරණය විය.
නරේන්ද්‍ර මෝදි කොප් 26 සමුළුවට වෙන් කළ කාලය දින දෙකකි.

ඊට පෙර අගමැතිවරයා රෝමයේ ජී-2 සමුළුවටද සහභාගිවී තිබේ. එහි පළමු සැසිය විවෘත කර ඇත්තේද අගමැති මෝදිය.

එහිදී හෙතෙම ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමෑනුවෙල් මැක්රොන්, බි්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන්, කැනඩා අගමැති ටෲඩියෝ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝ ඩෝ යන රාජ්‍ය නායකයන්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩ්හැනම්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුට්ටේ‍රස් සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කල් යන රාජ්‍ය තාන්ත්‍රිකයින්ද මුණගැසුණේය.

ජී-20, එම සමුළුව ඉතාම ප්‍රතිඵලදායක එකක් බව ඒ පිළිබඳ අදහස් දක්වමින් මෝදි කීවේය.

“කොවිඩ් වසංගතය පිටුදැකීම,සෞඛ්‍ය යටිතල පහසුකම් මෙන්ම ආර්ථික සහයෝගිතා ප්‍රවර්ධනය යන කරුණු පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා” යැයි ඒ පිළිබඳ අදහස් දක්වමින් මෝදි පැවැසුවේය.

එම සංචාරයේදී අගමැති මෝදි ප්‍රැන්සිස් පෝප්තුමා බැහැදැක එතුමාට ඉටිපන්දම් දල්වන රිදී රඳවනයක්, භාරතය පරිසරය ආරක්‍ෂා කිරීමට ක්‍රියාත්මක කරන ක්‍රමවේද පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක්ද පිරිනැමුවේය.

පෝප්තුමා සමග අගමැතිවරයා ගතකළ පැයක පමණ කාලය අවසානයේදී පෝප්තුමාට ඉන්දියාවට පැමිණෙන ලෙසටදද ආරාධනා කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චීනයට උත්තර දෙන්න ඉන්දියාවත් සූදානමින්!

Next Post

ජනපති අරාබියට!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.