• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කොරෝනාවට ඉන්දියාව නැවතීමේ තිත තියයිද?

October 14, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
කොරෝනාවට ඉන්දියාව නැවතීමේ තිත තියයිද?
Share on WhatsAppShare on Facebook

කොරෝනා සහ ක්‍ෂය රෝගය වාතයෙන් පැතිරීම වැළැක්වීමේ සනීපාරක්‍ෂක තාක්‍ෂණික උපදේශන ව්‍යාපෘතියක් හඳුන්වාදීමේ වැඩ සටහනක් ඉන්දියාව සහ එංගලන්තය ආරම්භ කර තිබේ.

ඉන්දියාවේ,මදුරාසි තාක්‍ෂණික විද්‍යා ආයතනය සහ චෙන්නායි හි වෙල්ලෝර් තාක්‍ෂණික විදා්‍යා ආයතනය යන ආයතන දෙක එංගලන්තයේ ලන්ඩන් මේරි ක්වීන් විශ්ව විදා්‍යාලය සමග ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මේ හඳුන්වාදීම විශේෂයෙන්ම රෝහල් සහ කාර්යාල පරිශ්‍ර ඇතුළත පවත්නා වාතය පිරිපහදු කිරීමේ අරමුණු කර ගත්තක් බව පැවසේ.

ඉන්දියාවේ කොවිඩ්-19 වසංගතයෙන් හාර ලක්‍ෂයකට(4,00,000) සහ ක්‍ෂය රෝගයෙන් හාර ලක්‍ෂ පනස් දහකට (4,50,000)අධික පිරිසක් 2019 වර්ෂයේ දී මියගොස් ඇතැයි වාර්ථා වේ.

ව්‍යාපෘතිය පලදායී වුවහොත් ඉන්දියාව අවට රටවල් සියල්ලම ආරක්‍ෂා වන බවට ඉලක්ක කර ඇති අතර ඉන්දියාවේ පමණක් දස කෝටියක (10,00,00,000) තරම් පිරිසකට යහපතක් එමගින් අත්වෙන බව පැවසේ.

අල්ට්‍රාවයලට් සී විකීරණය යොදවා අවට වාතය පිරිපහදු කිරීම තාක්‍ෂණ සිද්ධාන්තය වේ.එමගින් වාතයෙන් පැතිරයන වෛරස් සහ රෝගකාරක විනාශර දැමීම අපේක්‍ෂිතය.
“අපේ අරමුණ නිරන්තරයෙන්ම සමාජයීය ගැටළු විසඳීම උදෙසා කට යුතු කිරීමයි” ව්‍යාපෘති සම්බන්ධිකාරක වශයෙන් කරයුතු කරන ඉන්දියාවේ,මදුරාසි තාක්‍ෂණික විදා්‍යා ආයතනයේ සාගර ඉංජිනේරු දෙපාර්ථමේන්තුවේ මහාචාර්ය අබ්දුස් සමාඩ් පවසයි.

“කොවිඩ් වසංගතය නිසා 2020 මාර්තුවේ දී රට අගුල් දැමූවිට අප මහත් තුෂ්ණිම්භූතභාවයකට පත් වුණා.වාතයෙන් පැතිරයන වෛරසය නිසා මානව ප්‍රජාව විඳින වේදනාවෙන් සහ පත්වන ආතතියෙන් ඔවුන් මුදවා ගන්නේ කෙසේ ද?යන්න ගැන අප පර්යේෂකයන් වශයෙන් දිවා රෑ කල්පනා කළා.
ඔන්න ඔය අතරෙදි එක්සත් රාජධානියේ රාජකීය ඉංජිනේරු අධ්‍යයන ආයතනය මේ වසංගත තත්වයෙන් මිදීම සඳහා කෙරෙන පර්යේෂණවලට අරමුදල් යෙදවීමට සූදානම් බවට කෙරුණු ජාත්‍යන්තර නිවේදනය අපට ලැබුණා.
ඒ අනුව වාතයේ පවත්නා ජීවානුහරණය පිළිබඳව අපි වහාම පර්යේෂණ ආරම්භ කළා.වාතය පිරිසිදුකිරීමේ සිද්ධාන්තය සම්බන්ධ මතය පොදු ප්‍රචලිත එකක්.එහෙත් ඒ ගැන නිස්චිත තක්‍ෂණික ක්‍රමවේදයක් අනාවණය කරගෙන නැහැ.ඒ නිසා ඒ ගැන මහජනතාවගේ විශ්වාසයකුත් නැහැ.තිබුණේ ව්‍යාකූලත්වයක් විතරයි.

අප මේ ඔස්සේ සිද්ධාන්තමය සහ ප්‍රායෝගික යන දෙආකාරයෙන්ම පර්යේෂණ පැවැත් වුවා. අන්තිමේ දි අපට පාරිභෝගික හිතකාමී ක්‍රමවේදය සොයා ගැනීමට හැකිවුණා”යැයි මහාචාර්ය අබ්දුස් සමාඩ් වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

වායු පිරි පහදුව හෙවත් වෛරස් සහ රෝගකාරක ජීවානුහරණයෙන් මහජන යහපත උදෙසා විශ්වසනීය නිෂ්පාදනයක් වෙළෙඳපොළෙන් ලබා ගැනීමට හැකිවීම මෙමගින් අත්වන ප්‍රතිලාභයයි.වෛරස් නාශනයට සහ ක්‍ෂය රෝගය සමාජයෙන් තුරන් කිරීමට මුළුලෝකයටම අත් වන මාහැඟි වාසනාව ප්‍රධානම අද්විතීය කරුණයි.ඊට සමගාමීව ම ලක්‍ෂ ගණනාවකට රැකියා අවස්ථා මතුවීම විරැකියාවට ද විසඳුමකි.

“මේවන විට අප මේ හා සම්බන්ධ නියාමන ක්‍රමවේදයක් පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා” .යැයි වෙල්ලෝර් තාක්‍ෂණ විදා්‍යා ආයතනයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන දෙපාර්තමේන්තුවේ මහාචාරිනී නිත්‍යා වෙන්කටේසන් කියන්නීය.

“වායු පාරිශුද්ධතාවයට පාදක වන වායු සමනය කිරිමාදි උපාංග රැසක් ද හඳුන්වා දිය යුතු අතරම ඒවා භාවිතා කරන අන්දම ගැන ද මහජන සුරක්‍ෂිතතාව සහ මහජන විශ්වසනීයත්වය තහවුරුවන අන්දමේ උපදේශන මාලාවක් ගැන ද සොයා බැලෙනවා”

වායු සැපයුම,ජීවානුහරණය දියරමය වශයෙන්ද,දුරස්ථභාවය ආදි කරුණු පිළිබඳවද සැලකිලිමත්විය යුතු බව අවධාරණය කරන මහාචාර්යවරිය මෙ මගින් ඉන්දියාවේ අධි ජනාකීර්ණ නගරවලට සේම කර්මාන්ත ප්‍රදේශවලටද සැලසෙන සෙත අප්‍රමාණවන බව ද විස්තර කළාය. පර්යේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් දෙවසරක(2021-2023) කාල නිර්ණනයක් වෙන්කර ඇති එංගලන්තයේ රාජකීය ඉංජිනේරු අධ්‍යයන අංශය ඒ සඳහා සලසා ඇති මූල්‍ය ප්‍රතිපාදනය පවුම් අසූ දහසකි(80,000). “ව්‍යාපෘතියේ කාර්ය සාධනය කර ගැනීම උදෙසා විවිධ ක්‍ෂේත්‍රවල විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට සිදු වුණා”යැයි ව්‍යාපෘතියේ හවුල්කාර පක්‍ෂය වන එංගලන්තයේ ලන්ඩන් මේරි ක්වීන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය එල්ඩඩ් එවිටල් කීය.

මානව සංහතියේ විශිෂ්ඨ ජයග්‍රහණයක් උදෙසා වූ මෙහෙය වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික්,විදුලි,ක්‍ෂද්‍රජීවී සහ දියර පද්ධති සැලසුම්කරුවන් ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක විශේෂඥයන් පිරිසකගේ කැපවීම සුළුපටු නොවන්නක්“බව ද ආචාර්යවරයා පැවසීය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පැණි මුට්ටි- දුම් හට්ටි- කළගෙඩි- එන්නත් පෙරළගෙන එළියට එන අලුත්ම කොරෝනා මාරයා ‘මොල්නුපියර්විර්’!

Next Post

නිව්ෆෝට්‍රස් සමාගමේ ලොක්කා මහ රෑ ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට ඇවිත්! මොනවද වෙන්නේ කියලා ඇමැතිවරු දන්නෙත් නෑ!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.