• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අද්භූත නකල්ස් වනයේ භාවනා කරන සුදු හාමුදුරුවන් සොයා ගිය ගමන

September 15, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
අද්භූත නකල්ස් වනයේ භාවනා කරන සුදු හාමුදුරුවන් සොයා ගිය ගමන
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ හිමාල වනයේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන්වහන්සේලා, යෝගීන්වහන්සේලා ගැන අපි ඕනෑ තරම් තොරතුරු අහලා තියෙනවා. අපේ රටෙත් වනාන්තර ඇතුළේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ඉන්න බව අපි අහලා තියෙනවා. ඒත් ඒ භික්ෂූන් වහන්සේලා දැක ගන්න හරි අමාරුයි. ඉන්දියාවට හිමාලය වගේ තමයි අපේ රටට නකල්ස්. හිමාලය තරමටම නැති වුණත් නකල්ස් රක්ෂිත වනාන්තරය හරිම විශාලයි. ඒ වගේම සුන්දරයි. ඒ තරමටම අද්භූතයි. තවමත් මේ ඉසව්වේ මිනිස් පා පහස නොලද තැන් බොහොමයි. මෙන්න මේ චමත්කාරජනක භූමියේ වැඩ වාසය කරන විදේශීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ගැන මීට ටික කාලයකට කලින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇති වුණා. නකල්ස් ගන වනාන්තරයේ වැඩ වාසය කරන මේ විදේශීය ස්වාමීන් වහන්සේලා සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ඡායාරූප ප්‍රසිද්ධ කළා. ඒ ඡායාරූප ඉතාම සිත්ගන්නාසුලුයි. ලංකාවේ අපිවත් ගිහින් නැති නකල්ස් වනාන්තරයේ සැඟවුණු ඉසව්වල අරගෙන තිබුණු ඒ ඡායාරූප ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තා. ඒ හරහා නකල්ස් කැලේ ඉන්නවා කියන සුදු ස්වාමීන් වහන්සේ ගැන බොහෝ දෙනා හොයන්න බලන්නත් පටන් ගත්තා. අපි මේ පළ කරලා තියෙන්නෙත් උන්වහන්සේලා සමාජ මාධ්‍ය වෙත මුදා හැරිය ඡායාරූප. ඒ බව මුලින්ම කියලා ඉන්න ඕනෑ.
ඒ සුදු ස්වාමීන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ වාසය කරන්න නකල්ස් වනාන්තරය තෝරා ගත්තේ ඇයි කියන එක ගැන බොහෝ දෙනෙක් කතා කරන්න ගත්තා. ඉන්දියාවේ හිමාල වනාන්තරයේ වගේම අපේ නකල්ස් වනාන්තරයත් විශ්ව ශක්තිය ගබඩා වුණු තැනක් කියලා බොහෝ දෙනෙක් කියන්න ගත්තා. සුදු හාමුදුරුවරු නකල්ස් වනයට වැඩම කරලා තියෙන්නේ ඒ හින්දා කියලත් සමහරු කියන්න ගත්තා. හැබැයි ඒ කිසිම දෙයක් තාම හෙළිදරව් වෙලා නැහැ.
ඒත් මීට ටික කාලයකට කලින් සමාජ මාධ්‍ය එක්ක තිබුණු ගනුදෙනුව නවත්වන්න උන්වහන්සේලා කටයුතු කරලා තිබුණා. උන්වහන්සේලා විසින් ෆේස්බුක් ජාලයේ සහ ඉන්ස්ටර්ග්‍රෑම් ජාලයේ පවත්වාගෙන ගිය ගිණුම් දෙකම එක පාරටම නවත්වලා තිබුණා. ඒ එක්කම සමාජ මාධ්‍ය හරහා උන්වහන්සේ ගැන හොයා බැලුව වැඩි දෙනකුටත් ඒ කතාව අමතක වෙලා ගියා.
නකල්ස් කැලේ වැඩ වාසය කරන සුදු ස්වාමීන් වහන්සේලා ගැන ලොකු උනන්දුවකින් හිටිය කෙනෙක් තමයි මව්රට පුවත්පතේ ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න මහත්මයා. සුදු හාමුදුරුවරු සමාජ මාධ්‍යවලින් අතුරුදන් වීමත් එක්ක උන්වහන්සේ ගැන බොහෝ දෙනකුට අමතක වෙද්දී, ඒ අතුරුදන් වීම අපේ කර්තෘතුමාට ප්‍රශ්නයක් වෙලා තියෙන බව අපිට තේරුණා. ඒ වගේම ඒ හාමුදුරුවන්ට මොකද වුණේ කියන එක හොයන්න කියලා එතුමා අපිට පැවරුවා. ඒ විතරක් නෙවෙයි ඒ වැඬේ ඉක්මනින් කරන්න කියලා එතුමා අපිව නිතරම උනන්දු කරන්න ගත්තා.
ඒ හින්දම මේ වැඬේ ඉක්මනින් කරන්න අපි තීරණය කළා. ඒත් ඒක ලේසි වැඩක් වුණේ නැහැ. ඒකට ප්‍රධානම ප්‍රශ්නය වුණේ මේ සුදු හාමුදුරුවරු වැඩ වාසය කරන්නේ නකල්ස් වනාන්තරයේ කොයි ඉසව්වේද කියලා හොයා ගන්න එක. එහෙම නැතිව ගිහින් නකල්ස් කැලේ පීරලා හාමුදුරුවරු හොයන එක කරන්න බැරි වැඩක්. ඒ හින්දා ගමනට දින දාගන්න කලින් අපි මුලින්ම කළේ මේ හාමුදුරුවරු වැඩ වාසය කරන්නේ මොන ඉසව්වෙද කියලා හෝඩුවාවක් හොයා ගන්න උත්සාහ කරන එක. ඒ ගැන අපි අපේ කැලෑ කොලම එක්ක සම්බන්ධ වෙන වනජීවී එකත් එක්ක ගොඩක් සමීප මහත්වරුන්ගෙන් ඇහුවා. ඒත් ඒ අයත් ඒ ගැන හරි තොරතුරක් දැනගෙන හිටියේ නැහැ. “මව්රට හොලිඬේ” විශේෂාංගය හරහා නකල්ස් වනාන්තරය ගැන බොහෝ ලිපි පළ වෙලා තිබුණත් ඒ එකකවත් මේ හාමුදුරුවරු ගැන කිසිම සඳහනක් තිබුණෙත් නැහැ. ඒ හින්දා ඒ හෝඩුවාව හොයා ගන්න එක හිතන තරම් ලේසි වැඩක් වුණේ නැහැ.
අන්තිමට හාමුදුරුවරු වාසය කරන ඉසව්ව ගැන හරියටම දැන ගන්නේ නැතිවම අපි ගමනට දින දා ගත්තා. මහ කැලේ දවස් දෙකක්, තුනක් ඉන්න ඕනෑ කරන බඩු මුට්ටු සූදානම් කර ගත්තා. හවසට පොඞ්ඩක් ඇවිදලා කැලේ ඇතුළේ ඇවිදින්න ඇඟට පෙර සූදානමක් දුන්නා. මේ ඔක්කොම එක්ක ගමන යන්න දවස ළං වුණා. කලින් කිව්වා වගේම නකල්ස් කියන්නේ මහා විශාල වනාන්තරයක්. තොරතුරු නොදැන ඇතුළට ගියොත් අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ කියන දිස්ත්‍රික්ක දෙකටම අයත්වයි මේ වනාන්තරය පිහිටලා තියෙන්නේ. අපේ අතක් මිට මෙළෙව්වම පේන්න තියෙන හැඩය සහිත කඳු මුදුන් පහකින් සමන්විත වීම හින්දයි මේ කඳු පන්තිය නකස්ල් විදියට නම් කරන්න සුදු ජාතිකයන් තීරණය කරලා තියෙන්නේ. ඊට කලින් දුම්බර කඳුවැටිය විදියට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. නකල්ස් කැලේ ඇවිදින්නත් මාර්ග කිහිපයක්ම තියෙනවා. මහනුවර, වත්තේගම හරහා බඹරැල්ලට ගියාම තමයි නකල්ස් මුදුන් පහට යන මාර්ගය හමු වෙන්නේ. ඊට අමතරව දුම්බර ඇල්ල, දූවිලි ඇල්ල සහ ඉන්ෆිනිටි පූල් නමින් හැඳින්වෙන් බොහොම සුන්දර ස්ථාන රැසකුත් මේ කැලය ඇතුළේ තියෙනවා. දුම්බර සහ දූවිලි ඇලි වෙත යනවා නම් ඒ ගමනට මාර්ග දෙකක් තියෙනවා. එකක් අපි කලින් කිව්ව බඹරැල්ල හරහා. අනෙක් එක මාතලේ, රත්තොට, ඇටන්වල හරහා.

සුදු හාමුදුරුවරු සමාජ මාධ්‍යයන් වෙත මුදා හැරිය ඡායාරූප එකතුවේ ඉන්ෆිනිටි පූල් අසල ගත්ත ඡායාරූපයකුත් දකින්න ලැබුණා. ඒ හින්දා සුදු හාමුදුරුවරු හොයා ගෙන මාතලේ, රත්තොට, ඇටන්වල හරහා නකස්ල් මහ වනයට ඇතුළු වෙන්න අපි තීරණය කළා. ඇටන්වල ඉඳන් දවසක, දෙකක අති දුෂ්කර ගමනකින් පස්සේ ඉන්ෆිනිටි පූල් වෙත ළඟා වෙන එක තමයි අපේ සැලසුම වුණේ. කොහෙන් ගිහින් කොහෙන් මතු වෙයිද කියලා නිශ්චිතව කියන්න බැරි හින්දා, වෙනදා යන ඔෆිස් වාහනේ වෙනුවට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් මේ ගමන යන්නත් අපි තීරණය කරලා තිබුණා.
හැබැයි ගමන යන දවසට කලින් දවස වනතුරුත් මේ ගමන ගිහින් සුදු හාමුදුරුවරු හොයා ගන්න අපිට පුළුවන් වේවිද කියන සැකය සම්පූර්ණයෙන් දුරුවෙලා තිබුණේ නැහැ. ඒ හින්දා ගමන යන දවස වනතුරුත් මේ ගැන විස්තර හොයන එක අපි නතර කරලා තිබුණෙත් නැහැ. අපේ වාසනාවට කොළඹින් ගමන පිටත් වෙන්න පැය දෙකකටත් අඩු කාලයකදී අපිට සුදු හාමුදුරුවෝ ගැන හරි හෝඩුවාවක් හම්බ වුණා. “මචං හාමුදුරුවෝ ඉන්නේ බඹරැල්ල කිට්ටුව.” මව්රට හොලිඬේ එක්ක නිතරම සංචාරක අත්දැකීම් බෙදා ගන්න නකල්ස් කැලේ ගොඩක් තැන්වල හොඳ හැටි කරක් ගහල තියෙන චාමර වීරතිස්ස සහෝදරයා තමයි ඒ සුබ ආරංචිය දුන්නේ.
ඒ ආරංචියත් එක්ක වහාම අපි අපේ ගමන් සැලසුම් වෙනස් කෙරුවා. ඇටන්වල යන්න හිටිය අපි බඔරැල්ලේ යන්න කොළඹින් නුවර බස් එකට ගොඩ වුණා. ඒ එක්කම නුවර යාළුවෙකුගෙන් මහනුවර ඉඳන් බඔරැල්ලට යන ලේසිම විදිය අහ ගත්තා. කොළඹ කොටුවෙන් පාන්දර 1.30ට පිටත් වුණු සී. ටී. බී. බස් රථය හරියටම පාන්දර 4.30 වෙද්දී මහනුවරට ළඟා වුණා. එතැනින් 4.40ට පිටත් වුණු මාතලේ දුම්රියෙන් අපි වත්තේගමට ගියා. වත්තේගම බස් නැවතුමේ තිබුණු තනි දොරේ ලේලන්ඞ් ලිනක්ස් බස් රථය හරියටම පාන්දර 6.10ට බඔරැල්ල බලා පිටත් වුණා. වත්තේගම ඉඳන් පන්විලට යනකම් කාපට් පාර. එතැන් ඉඳන් නම් යන්තම් බස් එකට විතරක් ඉඩ තියෙන, තාර කට්ටේ ගැලවුණු, අංශක 90ට ආසන්න වංගු පිරුණු, අබලන් පාරක තමයි ගමන යන්න වුණේ. එතැන් ඉඳන් ගමන ගිය පාරත් පුදුම ලස්සනයි. අපේ ඇස් මානයට පේන තරම් එක යායට කොළ පාට. ඉඳහිටලා එහා වංගුවෙන් මතු වෙන වාහනය එනකම් බස් එක මෙහා වංගුවේ නවත්වාගෙන. මොකද වාහන දෙකකට හැම තැනදිම මාරු වෙන්න ඒ පාරේ ඉඩ නැහැ.
කොහොම හරි මේ දේවල් විඳිමින් කුකුල් නින්දකුත් එක්ක උදේ 8 වෙද්දී සීතල බඹරැල්ලෙන් බැහැ ගන්න අපිට පුළුවන් වුණා. බස් නැවතුමක් කිව්වට එතැන තියෙන්න බස් එක හරවන්න පොඩි ඉඩකුයි, පුංචි කඩයකුයි විතරයි. චාමර කිව්ව විදියට සමහර දවස්වලට සුදු හාමුදුරුවරු මේ බඹරැල්ලටත් උදේට පිඬු සිඟා වඩිනවා. ඒ හින්දා බැහැපු ගමන් අපි කළේ කඬේට ගිහින් විස්තර අහපු එක. “සුදු හාමුදුරුවෝ අද උදෙත් පිණ්ඩපාතේ වැඩියා. පාන්දර 6.30ට විතර. හැබැයි ආයේ කවදා මේ පැත්තට ඒවිද කියලා නම් කියන්න බැහැ”. ඒ තමයි කඬේ හිටිය නැන්දා අපිට දීපු උත්තරේ. ඒ කියන්නේ අපිට පැය එකහමාරකින් සුදු හාමුදුරුවෝ මඟ හැරිලා. ඒත් එහෙමයි කියලා අපිට ආපහු හැරෙන්න බැහැ. අපි කොහොම හරි සුදු හාමුදුරුවෝ හොයා ගෙන යන්නම ඕනෑ.

හාමුදුරුවෝ හොයා ගෙන කුටියට යන එක තමයි අපේ ඊළඟ සැලසුම වුණේ. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. මොකද අවේලාවේ කුටියට ගිහින් උන්වහන්සේලා එක්ක කතා කරන්න බැහැ කියලත් කඬේ නැන්දා අපි එක්ක කිව්වා. හාමුදුරුවෝ ඊළඟ දවසේ බඹරැල්ලට පිණ්ඩපාතේ වඩින්නෙත් නැහැ. එහෙනම් අපි මොකද කරන්නේ. ඒ කතාව ඊළඟ සතියේ කියන්නම්. යූරෝපීය රටක ඉපදිලා සියලු සැප අත්හැරලා සීතල මහ වනයක් මැද දුෂ්කරක්‍රියා කරන ඒ සුදු හාමුදුරුවන්ව මුණගැහෙන්න අපි කෙරුව දුෂ්කරක්‍රියාව ගැනත් ඊළඟ දවසේ කියන්නම්. දකුණු අතේ පච්චයක් කොටපු පඬු පාට කෙටි සිවුරුක් ඇඳපු සුදුම සුදු පාට හමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් කූඩැල්ලෝ පිරුණු ලේ බේරෙන කකුල් දෙකක් එක්ක පිණ්ඩපාතේ වඩින ඒ අතිශය දුර්ලභ සුන්දර දර්ශනය ගැනත් ඊළඟ සතියේ කියන්නම්. එතකම් සිත පහන් කර ගන්න.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හිටපු අගවිනිසුරුට ආණ්ඩුවෙන් උසස් තනතුරක්

Next Post

20 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අවුලෙන්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.