• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හිරේදි ‌ෆොන්සේකාට හදපු-රනිල් සභාපති වුණු-සජිත් ළග දැන් තියෙන කාගෙද ‌මේ දුරකතනය

March 7, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
හිරේදි ‌ෆොන්සේකාට හදපු-රනිල් සභාපති වුණු-සජිත් ළග දැන් තියෙන කාගෙද ‌මේ දුරකතනය
Share on WhatsAppShare on Facebook

මේ දිනවල කවුරුත් කතා වෙන්නේ සජිත්ගේ නායකත්වයෙන් යුතුව නිර්මාණය වුණු සමඟි ජනබලවේගය පිළිබඳවය. ඒ සමඟි ජනබලවේගයට යූ.එන්.පී. එකෙන් එකතු වුණු මන්ත්‍රිවරුන් ගැනය. නෙලුම් පොකුණේ මහත් ගාම්භීර ආකාරයට පැවැති නව පක්‍ෂයේ කලඑළි මංගල්ලය ගැනය. සජිත්ගේ නව පක්‍ෂයට රනිල් පිලෙන් දිනෙන් දින එල්ල වන අභියෝග ගැනය.
හැබැයි යූ.එන්.පි.කාරයන් සජිත්ගේ මේ සමඟි ජනබලවේගය ගැන මහ ඉහළින් කතා කළත්, ඒකේ ඇතුළේ ඉන්න අය ගැන කතා කළත් ඒ සමඟි ජනබලවේගය බිහිවුණේ කොහොමද කියන එක දන්නේ නැත. ඔවුන් හිතන්නේ සජිත් අලුත්ම පක්‍ෂයක් නිර්මාණය කර ඒකේ නායකත්වය අරගෙන අලුත් දේශපාලන ගමනක් ආරම්භ කළා යැයි කියාය.
නමුත් ඇත්ත කතාව එය නොවේ. සමඟි ජනබලවේගයේ ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. මේ සමඟි ජනබලවේගය අලුත් පක්‍ෂයක් ලෙස මුහුණත වෙනස් වුවද එය සජිත් ඇතුළු ඒ කණ්ඩායම විසින් නිර්මාණය කළ අලුත් පක්‍ෂයක් නොවේ. එය සජිත්ට ඉදිරි දේශපාලන ගමන යෑම සඳහා ලබා දුන් ලියාපදිංචි පක්‍ෂයකි.
‘එහෙනම් කාගෙද මේ සමඟි ජනබලවේගය? කාටද මේ සමඟි ජනබලවේග පක්‍ෂයේ අයිතිය තිබ්බේ? ඇයි මෙහෙම පක්‍ෂයක් බිහිවුණේ?’
මේ ගැන හොයන්න ටිකක් ඉතිහාසය හාරා අවුස්සන්න ඕනෑය.

සේනක ද සිල්වා

අද මෙහෙම සමඟි ජනබලවේගය විදියට නම් වී තිබුණත් මේ පක්‍ෂයේ මුල් නම අපේ ජාතික පෙරමුණය. අපේ ජාතික පෙරමුණ බිහිවන්නේ 2012දීය. ඒකට මූලිකත්වය ගත්තේ අද දේශපාලනයේ නිතර කතාබහට ලක්වන දේශපාලන චරිතයක් වන මංගල සමරවීරය. හැබැයි 2012දී නිල වශයෙන් මේ පක්‍ෂය බිහිවුණත් ඒකට පාර කැපෙන්නේ 2009 වසරේ සිටය.
2009 වසරේ යුද්ධය අවසන් වීමත් සමඟ යුද ජයග්‍රහණය සඳහා අණදුන් හමුදාපති සරත් ෆොන්සේකා සමඟ එවක ආණ්ඩුවේ ප්‍රබලයන් තරමක අමනාපයකින් පසුවූ බව ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව යුද ජයග්‍රහණයේ දේශපාලන වාසිය එවක ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ නම ඉදිරියෙන් ලියැවෙද්දී ෆොන්සේකාට ආණ්ඩුවෙන් ලැබුණේ පල නොකියා පලා බෙදිල්ලකි. මේ ගැටුමේ අවසන් ප්‍රතිඵලය වුණේ යුද ජයග්‍රහණයෙන් වසරකට පසු. එනම් 2010 පැවැති ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ෆොන්සේකා පළමු වතාවට දේශපාලනයට ප්‍රවිෂ්ට වීමය. ෆොන්සේකාව මේ විදියට දේශපාලනයට අරන් එන තිරය පිටුපස රහස් මෙහෙයුම දියත් කළේ වෙන කවුරුවත් නොව ෆොන්සේකාගේ සමීප හමුදා සගයකු වන කපිතාන් සේනක සිල්වාය.
නමුත් මේ දේශපාලන ගමනේ අවසානය වුණේ 2010 පෙබරවාරි 28 වැනි දින කොළඹ රාජකීය මාවතේ නිවෙසකදී ෆොන්සේකාව අත්අඩංගුවට පත්වීමය. ෆොන්සේකාත් සමඟ ඒ අවස්ථාවේ හිටපු කපිතාන් සේනක ද සිල්වාද අත්අඩංගුවට ගැනිණි.
ඒ අනුව හැමෝම හිතුවේ ෆොන්සේකලාත්, සේනකලාත් ඉවරෙටම ඉවරයි කියාය. හැබැයි ළිඳේ වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ ආ යුතු බවට ගමේ ගොඬේ කතාවක් තිබේ. ඒ නිසා ෆොන්සේකලාත්, සේනකලාත් සිතුවේ දේශපාලනය කිරීමේ වරදට හිරේ විලංගුවේ වැටෙන්න සිදු වූවා නම් මේ දේශපාලනයෙන්ම ගොඩ එන්නට මඟක් සොයා ගතයුතු යැයි කියාය. එහෙම දේශපාලනය කරන්න නම් දේශපාලන පක්‍ෂයක් තිබිය යුතුය. නායක මණ්ඩලයක් සිටිය යුතුය. අලුත් පක්‍ෂයක් නිර්මාණය කිරීමේ මේ අදහස සේනකලාගේ ඔළුවට ආවේ මෙහෙම හිරේ විලංගුවේ වැටී කළුවර කාමරයකට වී සිටින විටය.

රනිල් සභාපති කළ ලියුම

ඒ අනුව දින 423ක් හිරගෙදර ගතකිරීමෙන් පසු සේනකට ඇප ලැබෙන්නේ 2011 මාර්තු 28 වැනි දිනය.
එදා සිටම සේනක උනන්දු වූයේ අලුත් දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කිරීම් කටයුත්තටය.
සේනකලාගේ මේ හීනය සැබෑ වූයේ 2012දීය. ඒ වනවිටත් මංගල ‘අපේ ජාතික පෙරමුණ’ නමින් පක්‍ෂයක් ලියාපදිංචි කර තිබූ අතර, 2012 දී මංගලලා යූ.එන්.පී.යට එකතු වීමට තීන්දු කිරීමත් සමඟ අපේ ජාතික පෙරමුණ තමන් යටතට ගැනීමට සේනක සමත් විය. ඒ අනුව එහි නායකයා ලෙස සේනක පත්වූ අතර, ලේකම්වරයා වූයේ රුවන් ෆර්ඩිනැන්ඩස්ය.
ඉන් අනතුරුව පැවැති සැම ප්‍රධාන මැතිවරණයකටම සේනකගේ පක්‍ෂයේ අපේක්‍ෂකයන් ඉදිරිපත් විය. 2015 ජනාධිපතිවරණයට ඒ අනුව සේනකගේ පක්‍ෂයෙන් ඉදිරිපත් වූයේ නීතිඥ නාමල් රාජපක්‍ෂය. ඉන්පසුව පැවැති මහමැතිවරණයේදී සේනකලා තරග කළේ සන්ධානගතවය.
ඊට පසුව සේනකගේ අපේ ජාතික පෙරමුණ නැවැත වතාවක් දැඩි කතාබහට ලක්වුණේ පසුගිය 2019 ජනාධිපතිවරණයේදීය.
ජනාධිපතිවරණයේදි සේනකලා හිටියේ රනිල් එක්කය. සජිත් හිටියේ වෙනමය. රනිල්ලා පුළුල් සන්ධානයක් බිහිකර වෙනත් අපේක්‍ෂකයකු තරග කළ යුතු බව කියද්දී සජිත් කියා සිටියේ මෙවර එජාප අපේක්‍ෂකයකු අලියා ලකුණ යටතේ ඉදිරිපත් කළ යුතු බවත්. තමන් ඊට සූදානම් බවත්ය. රනිල් සජිත්ගේ මේ ස්ථාවරයට මුලින් එකඟව සිටියේ නැත. ඒ නිසා රනිල් කළේ පුළුල් සන්ධානයක් ගොඩනඟන වැඩපිළිවෙළේය. අරලියගහ මන්දිරයේ පැවැති මේ සාකච්ඡාවලට රනිල් – රවි – අකිල – ෆොන්සේකා – රාජිත – සේනක ඇතුළු පිරිසක් එක්ව සිටියහ. අවසානයේදී එම නව සන්ධානය සඳහාද පක්‍ෂය ලබා දුන්නේ සේනකය. එහිදී සිය නායකත්වය සහ ලේකම්වරයාද ඉවත් කරගනිමින් එහි නායකත්වය සඳහා රනිල් පත්කිරීමටත්, මහලේකම් ධුරය සඳහා රාජිත පත්කිරීමටත් සේනක කටයුතු කළේය. එය නිල වශයෙන් මැතිවරණ ලේකම් කාර්යාලයට දැනුම් දීමටද සේනක පියවර ගත්තේය. අපේ ජාතික පෙරමුණේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ලෙස වෙනස් කිරීමටද එහිදී තීන්දු විය.

සජිත් සභාපති කළ ලිපිය

නමුත් අවසානයේදී සජිත් හංසයා ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කිරීමට තීන්දු කිරීමත් සමඟ සේනකගේ පක්‍ෂය යටගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණය පරාජයත් සමඟ රට ඇතුළේ මතුවුණු බරපතළ තර්කයක් වූයේ යූ.එන්.පී.ය දැන්වත් වෙනස් විය යුතුය යන්නය. ඒ වන විට පක්‍ෂයේ ඉහළ පෙළේ කිහිප දෙනකුම බැඳුම්කර චෝදනා එල්ල වි තිබීම, රනිල් එකදිගට අවුරුදු 25ක් පක්‍ෂ නායකයා ලෙස කටයුතු කර තිබීම, රනිල් තවදුරටත් ජනතාව අතර මාර්කට් කිරීමට නොහැකි චරිතයක් වීම, එජාප පාක්‍ෂිකයන් අලුත් තරුණ, පිරිසුදු නායකත්වයක් සෙවීම මීට හේතු වී තිබිණි. ඒ වන විටත් මහමැතිවරණයට මාස කිහිපයක් පමණක් ඉතිරි වී තිබීම නිසා එජාපය අලුත් සන්ධානයකින්, අලුත් නායකයකු යටතේ එළියට පැමිණිය යුතු බව සියල්ලන්ගේම අදහස වී තිබිණි.
මේ අතර ජනාධිපතිවරණයට පෙරදී සේනකලා සජිත්ට විරුද්ධ ස්ථාවරයක සිටියත් ජනාධිපතිවරණ සමයේදීත්, ජනාධිපතිවරණ පරාජයෙන් පසුවත් සජිත් සමඟ දිගටම කටයුතු කර තිබීම නිසා සජිත්ගේ වැඩපිළිවෙළ සේනකලාගේ හිතටද අල්ලා ගොස් තිබිණි.
නමුත් ප්‍රශ්නය වුණේ එජාපයේ බහුතරයක් නව සන්ධානයක්, නව නායකත්වයක් යටතේ තරග කිරීමට කැමැත්ත පළ කළද රනිලුත්, රනිල්ට හිතවත් කිහිප දෙනකුත්, රනිල්ගේ බලය තහවුරු වී ඇති කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඊට අකැමැති වීමය. මේ පිරිස දිගින්දිගටම කියා සිටියේ අලියා ලකුණ යටතේ එජාපය තරග කළ යුතු යැයි කියාය. සජිත් අගමැති අපේක්‍ෂකත්වය ගෙන රනිල්ගේ නායකත්වය යටතේ තවදුරටත් සිටිය යුතු යැයි කියාය.
නමුත් සජිත් පිල ඊට එකඟ නොවුණු තැන රනිල් පිල සැලසුම් කළේ හංසයා ලකුණ ඉදිරියට දමා ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ඇදගෙන ගොස් මහමැතිවරණය කටමුල තියා සජිත් ඇතුළු එම කණ්ඩායම හිර කිරීමටය. මොකද එසේ කළ විට වෙනම තරග වදින බවට කියා සිටියද පක්‍ෂයක් හෝ ලකුණක් සජිත් පිල සතුව නොමැති නිසා අවසානයේ එජාප අලියා ලකුණ යටට සජිත් වටේ ගොස් නැවැත පැමිණෙනු ඇති බව රනිල් පිලේ අදහස වී තිබිණි.
හැබැයි රනිල් පිල සජිත්ලාව එහෙම හිරකරන්නට හදන බව හොඳහැටි වටහාගෙන සිටි සජිත්ලාද කළේ හොර රහසේම පක්‍ෂයක් තමන්ගේ නමට ගෙන මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කිරීමය. ඒ සඳහා මූලිකත්වය ගත්තේද වෙන කවුරුවත් නොව සේනකය.

සජිත්ට පක්ෂය බාර ‌දෙමින්

සජිත් පිල වැටී ඇති අර්බුදය වටහාගත් සේනක මීට සති කිහිපයකම සිට සජිත් පිලේ පාර්ශ්වයන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටියේය. පසුව සේනක තම පක්‍ෂය සජිත්ට ඒ සඳහා භාර දීමට සූදානම් බව ප්‍රකාශ කළේ සජිත්ගේ රාජගිරියයේ පිහිටි රෝයල් පාර්ක් නිවෙසේ පැවැති සාකච්ඡාවකදීය. එම අවස්ථාවට සේනක සමඟ ඔහුගේ බිරියද, සජිත්, ජලනි, ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. සේනකගේ මේ තීන්දුවෙන් සජිත් පවා සිටියේ පුදුමයට පත්වය.
ඒ අනුව වහ වහා පක්‍ෂය සජිත්ගේ නමට ලියාපදිංචි කිරීමේ කටයුතු තිරය පිටුපස සිට දියත් කෙරිණි. සේනකගේ නමට ඉදිරියෙන් සජිත්ගේ නමද, වත්මන් ලේකම්වරිය වූ ඩයනා ගමගේගේ නමද ඉදිරියෙන් රංජිත්ගේ නමද වැටුණේ ඒ අනුවය. සමඟි ජන බලවේගය නමින් පක්‍ෂයේ නම වෙනස් කෙරුණු අතර, අවශ්‍ය නම් එහි සලකුණ වූ දුරකතනය යටතේද, අවශ්‍ය නම් හදවත ලකුණ යටතේද මහමැතිවරණයට ඉදිරිපත් වීමට සජිත්ට දැන් අවස්ථාව හිමිව තිබේ.
ඒ අනුව මෙවර මහමැතිවරණයේදී බොහෝ දුරට සජිත් සේනකට අයත්ව තිබූ පක්‍ෂයෙන් නව සන්ධානයක් ලෙස ඉදිරිපත් වනු ඇති අතර, රනිල් පිළද තවමත් සිටින්නේ අලියා ලකුණින් වෙනම තරග කළ යුතුය යන ස්ථාවරයේය. ඒ අනුව අවුරුදු 80කට වඩා වයස අලියා අභිභවා යෑමට සජිත්ගේ මාසයක් විතර වයස සමඟි ජනබලවේගයට හැකියාව ලැබෙයිද?
ඒක නම් දැන්ම කියන්න බැරිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රතන හිමි‌ගෙන් යළිත් කැරැල්ලක්

Next Post

රනිල් කරුවත් අතහරියි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.