• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හමුදාපති සියල්ල හෙළිකරයි

April 28, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
හමුදාපති සියල්ල හෙළිකරයි
Share on WhatsAppShare on Facebook

කොවිඩි 19 වැළැක්වීමේ නිරෝධායන ක්‍රියාන්විතයේ මේවනවිට ප්‍රගතිය කුමක්ද ?
ත්‍රිවිධ හමුදාවන්ට පැවරුන රාජකාරීවලින් මුල්ම රාජකාරිය යුද්ධ හමුදාවට භාර වුණා. මෙම මධ්‍යස්ථාන ඉදිකිරීම. ඒ අනුව මාර්තු මස 10 වැනිදා වන විට මධ්‍යස්ථාන 2කින් ආරම්භ කර අද වන විට මධ්‍යස්ථාන 55ක් දක්වා වර්ධනය කර තිබෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානවල හයදහසකට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට ලක් වුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අනුදැනුම පිට දින 14ක් නිරෝධායනයකට ඔවුන්ව ලක් කළා. එම කාලය අවසන් කළ අයවලුන් අපි නිදහස් කළා.
අද වන විට නිරෝධායන කටයුතු අවසන් වී හාරදසකට වැඩි ප්‍රමාණයක් සමාජගත වුණා. ඔවුන් පිටත් වෙලා යන අවස්ථාවේ සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස්වලට අනුව තවත් දින 14ක් ස්වයං නිරෝධායනයකට ඔවුන්ට ලක් වෙන්නට කීවා. තවත් එක්දහස් අටසීයකට ආසන්න ප්‍රමාණයක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳී ඉන්නවා. ඒවා යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන.
මේ ක්‍රියාවලියේ ආරම්භය සිදුවුණේ කොහොමද ?
අපි පටන් ගත්තේ වූහාන්වලින්. එහි සිරවී සිටි සිසුන් 33 දෙනෙකුගේ කණ්ඩායමක් ජනාධිපතිතුමා ඇතුළු රජයේ මැදිහත් වීමෙන් දියතලාවට රැගෙන විත් එහි නිරෝධායන මධ්‍යස්ථානයක අපි ඔවුන් නිරෝධායනයට ලක්කළා. දෙවැනි අදියරේ දී ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් මාර්තු මාසයේ 07 වන දින පමණ තීරණයක් ගත්තා නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කරනව කියල. ඊට පස්සේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින් ආරම්භ කරලා පනස්පහක් දක්වා වැඩි කළා.
මේ වන විටත් ඒ සියලුම නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනවාද ?
දැනට අපි නිරෝධායන මධ්‍යස්ථාන දහඅට දක්වා අඩු කරලා තියෙනවා. නමුත් ඉදිරියේදී විදේශවලින් පිරිස් පැමිණීමත් ඒක්ක ඒ ප්‍රමාණය තව වැඩි කරන්න වෙයි.
මේ ක්‍රියාවලියේදී යුද හමුදාවට කුමන හෝ ප්‍රගතියක් ලැබී තියෙනවාද?
ප්‍රගතිය ගත්තාම අපි මුලින් නිකන් තියෙන ගොඩනැඟිලි නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කළේ. හැමවෙලාවෙම සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් ගත්තා. අපිත් මේ වෙද්දි දියුණු වෙමින් ඉන්නවා. නමුත් මේවන විට අපි හොඳම මට්ටමේ නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකරලා තියෙනවා. ලෝකයේ මේවගේ නිරෝධායන මධ්‍යස්ථාන තව කොහෙද තියෙන්නේ කියලා කියන්න බෑ. මොකද ලෝකයේ ප්‍රබල රටවල්වල රෝහල්වල බිම රෝගීන් දාලා තියෙන තත්ත්වයක් තියෙද්දි අපි නිරෝධායන මධ්‍යස්ථානයේ ඇඳක් දීලා කොට්ටයක් දීලා හොඳට කන්න බොන්න දීලා , වොෂින් මැෂින් දීලා , අමතර ආහාර දීලා, ළමයින්ට විශේෂ ආහාර දීලා කටයුතු කරනවා.
නමුත් ආරම්භයේදී යුද හමුදාවටත් මේක ආගන්තුක දෙයක් නේද?
මුලින් අපි මොකුත් දැනගෙන නෙවේ මේ වැඬේ පටන් ගත්තේ. නමුත් දැන් අපි වෛද්‍යවරු එක්ක එකට වැඩකරලාම අපේ සෙබළුන් මේවන විට විශාල දියුණුවක් ලබලා තියෙනවා. හමුදාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ලබලා තියෙනවා. අපේ වෛද්‍ය බළකාය දැන් කොරෝනා රෝගීන් පරික්ෂාවට අදාළ පරීක්ෂණ පවා සිදු කරනවා. පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේදී අපේ සෙබළුන් ඒ සඳහා පුහුණුව ලැබුවා.
අපි හමුදාව විදිහට කරන්න බැහැයි කියලා දෙයක් නැහැ කියල කියන්නෙ. දැන් අපිත් සෞඛ්‍ය අංශයත් එක්ක කරට කර මේ වැඩවල නිරත වෙලා ඉන්නවා. ඒ විදිහට තමයි අපි ඉදිරියට යන්නේ.
නිරෝධායන ක්‍රියාවලියේ සමහර අවස්ථාවලදී නිරෝධායනයේ යෙදුණු කිහිපදෙනෙකුගෙන් විවේචන එල්ල වුණා. ඒවාට ප්‍රතිචාර දෙනවිට ඔබතුමාගේ ඇස්වලට කඳුළු පිරුණා. මානුෂීය හමුදාවක සාමාජිකයින්වන අපේ විරු සගයින්ගේ මේ ක්‍රියාන්විතයට තිබුණු කැපකිරීම මොන වගේද?
ඇත්තටම අපේ විනයක් තිබෙන පුහුණුව ලත් වැඩිම මානව ශ්‍රමයක් තියෙන්නෙ ත්‍රිවිධ හමුදාවට. එතකොට අපේ වීරෝදාර රණවිරුවන් මේ අලුත් දේවල්වලට හුරුවුණා. ඒ වෙනුවෙන් අපිට මාස ගණන් කාලය ලැබුණේ නෑ. දැන් බලන්න ඉරණවිල රෝහල. දින කීපයක් තුළ කොවිඞ් -19ට ප්‍රතිකාර කරන රෝහලක් ඉරණවිල ඉදිකරන්න අපේ සෙබළුන්ට පුළුවන් වුණා. ඒ වගේ දෙයක් ලේසියෙන් කරන්න බෑ. මළ අපවාහන පද්ධති, වායුසමීකරණ පද්ධති සාමාන්‍යය විදිහට කරන්න බැහැ. ඒවා විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුව සිදුකළ යුතුයි. මේ හදන්න කිසිම දේකට සතිගණන් අරන් නෑ අපි. අපේ මේ වෙනුවෙන් පුහුණුව ලැබූ වෙන වෙනම පිරිස් ඉන්නවා. අපේ සෞඛ්‍ය අංශ තියෙනවා. ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා. සැපයුම් අංශයක් තියෙනවා.
යුද හමුදාවට ආපු අභියෝග මොනවාද මේ වැඬේදි?
බලන්න පළමුවෙනි දවසේ කොවිඞ් 19 කිව්වාම නිකං හිටියත් මැරෙන වගේ තත්ත්වයක් තිබුණේ. ඇත්තටම ඒ වගේ භයානක දෙයක් තමයි මේ රෝගය. හිතන්න මේ රෝගීන් නිරෝධායනයට ගෙනියන බස්රථ පදවන්නේ කවුද? යුද හමුදාවේ සීබීආර්එන් බළගණය මේ වෙනුවෙන් සූදානම් වෙලා හිටියා. ඒත් අනිත් අයට පහසුකම් තිබුණේ නෑ. ඒ වගේම තමයි පළමුවෙනි දවසෙ කටුනායක ගුවන් තොටුපළට පිටින් වාහන ගෙනාවාම පාර්ක් කරලා ඩ්‍රයිවර්ලා ගියා යන්න. අපේ සේවා බළකායේ රියදුරන් තමයි මේවට යෙදෙව්වේ. ඒ ආකාරයෙන් ගත්තාම මේ වෙනුවෙන් අපේ ළමයි කරපු කැපකිරීම මෙච්චරයි කියලා කියන්න බැහැ.
ඒ කියන්නේ යුද්ධෙදි වගේම තමයි?
ඇත්තෙන්ම මෙතනදි පමණක් නෙවෙයිනේ. යුද්ධෙදිත් මේ කැපකිරීම අපි කළා. අපිට මතකයි වන්නි මානුෂීය මෙහෙයුම කාලේ තමුන්ගේ බත්පත බේරාගත් මිනිසුන්ට දීලා අපි බඩගින්නේ හිටපු අවස්ථා තිබුණා. 2009 අප්‍රේල් මාසේ පුද්ගලයින් එක්ලක්ෂ විසිතුන්දාහක් මුදාගත්තාම අපි කටයුතු කරපු ආකාරය. අපිට හිටියේ විසි එක්දාහයි. ඒ අයට කන්න දුන්නා. ඒ විතරක් නෙවේ. ඒ මිනිස්සු මාස ගාණකින් නාලා හිටියේ නෑ. අපේ ළමයින්ගේ අතේ දරුප්‍රසූත දෙකක් සිදුවුණා. මේ හැමදේම බැහැයි කියන්නේ නැතිව සිදුකළා. අදත් එදා වගේමයි.
අපි දන්නම දේවල් කියලා නැතිවෙන්න පුළුවන්. අලුතින් එකතු වෙන දේවල් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන්ගෙන් අහගෙන අපි කරනවා. ටික දවසකින් අපි ඒ පිළිබඳ හොඳ පුහුණුවක් ලබනවා. ඊට පස්සේ අපි දිගටම කරගෙන යනවා. අපේ හමුදාව හැමදේම බොහොම කැපවීමෙන් කරනවා. අපේ අයගේ ඇඳ මෙට්ටේ දීලා කළා. හැම රෙජිමේන්තුවක්ම මේ වෙනුවෙන් කැපවී වැඩ කරනවා. මුළු හමුදාවම මේ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා.
අනිත් කාරණය තමයි අපි තමයි ලෝකයේ විශාලතම ප්‍රාණඇපකරුවන් ප්‍රමාණයක් මුදාගත් ලෝකයේ මානුෂීයම යුද හමුදාව. ඉතින් අපිට අවශ්‍ය වෙලාවේදි රට වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා අපි විවේචන ඉදිරියේ සැලෙන හමුදාවක් නෙවේ. අපි ඒ හැම විවේචනයක්ම දරාගෙන රට වෙනුවෙන් කරන්න තියෙන උපරිම කැපවීම කරන්න සූදානම්.
කොවිඞ් වෛරසය පරාජය කිරීමේ ක්‍රියාන්විතය යුද්ධයට හෝ වෙනත් ක්‍රියාන්විතයකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අලුත් දෙයක්. මේකට කොහොමද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉක්මනින්ම හැඩගන්වා ගත්තේ?
හමුදාවේ ඉන්නේ විනයක් සහිත, පුහුණුවක් ලැබූ පිරිසක්. නමුත් මේක අපිට ආගන්තුක තත්ත්වයක්. නමුත් යුද්ධයේ දී අපිට එල්ලවුණු යම් යම් අභියෝගත් එක්ක අපි ශ්‍රී ලංකා යුද හමුදා රසායනික න්‍යෂ්ටික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බළගණය පිහිටෙව්වේ. ඒ නිසයි මේ අභියෝගයටත් අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණේ. ඒ ඒකකය මේ වෙලාවේ ලබා තිබූ පුහුණුව මෙතනදි ඉතාම වැදගත් වුණා. ඊට අමතරව අපි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය බළකාය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි වෙලා ඉන්නවා හදිසි ආපදා වෛද්‍ය කණ්ඩායමක් විදිහට. ඒකෙදි වැදගත්ම දේ තමයි රටක් විදිහට මේ කටයුත්තෙදි ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කිරීම. ඒකෙදි දකුණු ආසියානු කලාපයේ තායිලන්තයට පස්සේ පළමු රට විදිහට තමයි ඒ වගේ හදිසි ආපදා වෛද්‍ය කණ්ඩායමක් ආරම්භ කරන්නේ. ඊට අමතරව ලෝකය පුරා ගත්තාම ඊශ්‍රායලයට පස්සේ හමුදා විසින් සිදුකරන හදිසි ප්‍රතිචාර වෛද්‍ය ඒකකයක් ලියාපදිංචි කරපු දෙවැනි රට තමයි ලංකාව. අනිත් කිසිම රටකට ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. මේවා අපි සැලසුම් කළ දේවල්.
ඒ කියන්නේ මේ සියල්ල සඳහා පෙර සූදානමක් යුද හමුදාවේ තිබුණාද?
අපි ලබා ගන්නා පුහුණුවීම තුළ අපේ ප්‍රථම රාජකාරිය වන රටේ ජනතාව සහ රට ආරක්ෂා කිරීම. ඒක අපි පුහුණු කරන ගමන් අනිත් දේවලුත් පුහුණු කරනවා. අප යථාර්ථයත් ඒක්ක ජීවත්වෙන හමුදාවක්. පොතට පමණක් සීමාවුණු හමුදාවක් නෙවෙයි. යුද්ධෙ දිනුවේ පොතෙන් විතරක් නෙවෙයි. එංගලන්තෙන් ලැබුණූ පොතෙන් යුද්ධ කරපු කාලයක් තිබුණා. නමුත් ඒ කාලේ අපිට දිනන්න බැරිවුණා. පොතේ දේවල් අරගෙන අපි අපිටම මොඩලයක් හදාගත්තා. අපිම විෂහරණය කිරීම වගේ දේවල් අලුත් දේවල්. අපේ තියෙනවා පර්යේෂණ හා සංවර්ධන ඒකකයක්. ඒකෙන් පර්යේෂණ කරලා හදන්න ගන්නවා. හමුදාවේ පුහුණුව තුළ හැමදේටම පුහුණු කරනවා.
දැන් බලන්න වැස්සත් එක්ක ඩෙංගු එන්න පුළුවන්. අපි ඒ වෙනුවෙනුත් දැන් සූදානම් වෙලා ඉවරයි. මම ජනවාරි මාසේ හැම හමුදා කඳවුරකටම උපදෙස් දුන්නා වවන්න කියලා. අපි මෙහෙම දෙයක් දැනගෙන කරපු දෙයක් නෙවෙයි. අපි තමන් විසින්ම ස්වයං විදිහට නැඟීසිටින්නට හැකි කණ්ඩායමක් විය යුතුයි . ඒ තමයි අපේ ක්‍රමවේදය. පහුගිය දවසක බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්වා එළවළු ගේන්න ලොරි 750ක් අවශ්‍යයි කියලා. ඒත් ඒක්කම කිව්වා විශ්‍රාමික හයලක්ෂ පනස්දාහම වැටුප් ලබාගන්න ඔවුන් ගෙවල්වලින් අරන් ගිහින් එක්ක එන්න කියලා. ග්‍රාමසේවා වසම්ම දාහතරදාස් තුනක් තියෙනවා. එක ග්‍රාමසේවා වසමකට එක වාහනයක් යැව්වත් බලන්න. අපි මේ කිසි දෙයක් බෑ කියලා නැහැ. අපිට වැඩක් භාර දුන්නාම හමුදාපතිගේ ඉඳලා අන්තිම සෙබළා දක්වාම අභියෝගය භාර අරන් වැඩකරනවා. මොක දුන්නත් අපි බැහැ කියන්නේ නැහැ. ඒ නිසා අපි සංවිධානය වුණා. මේ අතරතුරේදීත් සංවිධානය වෙනවා. නිරෝධායන කටයුතුවලදි භාවිත කරන ඇඳුම් අද වෙනකොට සෞඛ්‍ය අමාතංශයට මුලින් තිබුණු ප්‍රමාණයම දැන් අපිටත් තියෙනවා. අපේ ඇඟලුම් කම්හල්වල අපේ ඇඳුම් මහන එක නවත්වලා සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් මහන්න පටන් ගත්තා . අපි මුව ආවරණ මහන්න පටන් ගත්තා. ප්‍රවාහන පහසුකම් වැඩි කර ගත්තා. ලබන සුමානේ දිහාට දුම්රිය ධාවනය කරන්න අවශ්‍යයි කිව්වොත් අපි ඒකටත් ලෑස්තියි. අපි හැමදේටම සූදානම්.
මෙම ක්‍රියාන්විතයත් සමඟ බුද්ධි අංශවල මෙහෙයුම් පිළිබඳ වර්තමානයේ වැඩිපුර කතාවෙනවා. අපේ බුද්ධි අංශවල වර්තමාන තත්ත්වය කෙසේද?
අපේ බුද්ධි අංශය ප්‍රබල බුද්ධි බළකායක්. ඔවුන් පැය විසි හතරම වැඩ මේ වෙලාවේ. සෞඛ්‍ය සේවය වගේම තමයි. ඒ අස්සේ හුදෙකලා ගම්මාන නම් කළ පසු එහි සිටින ජනතාව මානුෂීය විදිහට රැකබලා ගැනීම පවා සිදුකළ යුතු වෙනවා. ඒ නිසා කියන්න තියෙන්නේ අපිට ඉන්නේ දැයේ පිනට පහළ වූ රණවිරුවන්.
රටේ හැමදේටම හමුදාව යොදවනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා නේද?
එහෙම ඉඳල අපෙන් අහනව ඇයි හමුදාව හැම එකටම යොදවන්නෙ කියල. අපි කියන්න ඕන අපි නියමිත කාලයට වැඩ කරල තිබෙනවා. වෙලාවට වැඩ කරල තිබෙනවා. වැඩිම මිනිස් බලයක් ඉන්නෙ අපට. විනයක් හොඳින්ම තිබෙන පිරිසක් අපි. අපි වැඩ කරන්නේ නොහැක්කක් නොමැත කියන විශ්වාස මතයි. ඒ හින්ද තමයි අපි අද මෙතැනට ඇවිත් තියෙන්නෙ. ඒකයි අපි මරණ ප්‍රමාණය සීමා කරගෙන තියෙන්නෙ දෙසිය ගානක් රෝගීන් ඉඳිද්දි. සෞඛ්‍ය අංශ සහ ත්‍රිවිධ හමුදාව එහෙම ඉන්න නිසයි පාලනය වුණේ.
රට යම් ප්‍රමාණයකට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේදී ජනතාවට ලබා දෙන්න තියෙන පණිවිඩය කුමක්ද?
කොවිඞ් රට ඇතුළෙ තියා ගන්නවාද නැද්ද කියන තීරණය තියෙන්නේ ජනතාව අතේ. මොකද ඔවුන් හැසිරෙන ආකාරයට තමයි ඒක තීරණය වෙන්නේ. ජනතාවගේ බලාපොරොත්තුවකුත් තියෙනවා රට ඉක්මනින්ම විවෘත කරයි කියලා. ඒ නිසා ජනතාව වශයෙන් ඔවුන්ගේ යුතුකම් ඉටුකරමින් ඉන්නවා කියන දේ අපි අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. දැන් අපි යම් මට්ටමකට ඇවිත් තියෙනවා. ඒත් ඒක්කම අභියෝග කීපයකුත් තියෙනවා. අපි කරගෙන ආපු ක්‍රමවේදයෙන් ගිලිහෙන්නේ නැතිව කොවිඞ් අතිභයානකයි කියන තත්ත්වයෙන් ඉදිරියටත් කටයුතු කළ යුතුයි. මොකද කොවිඞ් අපි හොයාගෙන එන්නෙ නෑ. අපි තමයි කොවිඞ් හොයාගෙන යන්නේ. අපි ගිහින් අපේ ඇඟට දාගත්තේ නැත්නම් කොවිඞ් අපි ළඟට එන්නේ නෑ. ඒ නිසා මූලික කරුණු අමතක නොකර කටයුතු කළ යුතුයි. ඒ නිසා ස්වයං විනය ඉතා වැදගත්. අපි ඉතිහාසය පුරාම කවදාවත්ම පැරදුණු ජාතියක් නෙවෙයි. අපි පරදින්නේ නෑ. අපි දිනනවාමයි. හැබැයි විනය තමයි පළමු කාරණාව.
ඇත්තටම මේක අවස්ථාවේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, සෞඛ්‍ය ඇමැතිතුමියට, ආරක්ෂක ලේකම්තුමාට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඇතුළු මේ වෙනුවෙන් කැපවී සිටින සියලුම පාර්ශ්වවලට ස්තූතිය පළ කළ යුතු වෙනවා. ඒ වගේම රටේ ජනතාවට ස්තූතිවන්න විය යුතුයි.
නිරෝධායන ක්‍රියාවලියේ දී ආසාදිතයින් හමුවුණා. සමහර ප්‍රදේශ හුදෙකලා ගම්මාන බවට පත් කළා. ඒවා නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ දී සලකා බැලෙන කාරණා මොනවාද?
මේක කරුණු තුනක් පදනම්ව සිදුවුණු දෙයක් තමයි. අපි මූලික අරමුණු තුනක් යටතේ තමයි කටයුතු කළේ. එකක් තමයි වෛරසය ලංකාවේ පැතිරීම වැළැක්වීම. අනික් දේ තමයි මේ ක්‍රියාවලියට සම්බන්ධ අයට මේ රෝගය වැලඳීම වැළැක්වීම.ඊළඟට මේ කණ්ඩායම තුළ රෝගය පැතිරීම වැළැක්වීම. ඒ අනුව තමයි මේ සියලු කටයුතු සිදුකරන්නේ.
ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේ ජනතාව අපහසුතාවයට පත් නොකරන්න මේ රජය විශාල වැඩ කොටසක් කළා. ජනාධිපතිතුම විසින්ම මේ අත්‍යවශ්‍ය දේවල් ලබාදීම වෙනුවෙන්ම ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටෙව්ව. එහි ප්‍රධානියා වශයෙන් ගරු බැසිල් රාජපක්ෂ මහතාව පත් කළා.
මේකෙදි අපි බැලුවා කොහොමද මිනිසුන්ට අවශ්‍ය කරන භාණ්ඩ ලබා දෙන්නේ කියල. එදිනෙදා වැටුප් උපයන අයට එක් ක්‍රවේදයකුත් සල්ලි දීල බඩු ලබා ගන්න අයට එක් ක්‍රමවේදයකුත් ලෙස අපි ක්‍රමවේදයක් සැලසුම් කළා. අපි බලාපොරොත්තු වුණා වගේම මේ විදිහට දේවල් කරල ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී තියෙනවා. මේ විදිහට අපි හඳුනගත්තු ගැටලුවක් තමා තව විශ්‍රාම වැටුප් ලබන අය මේ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවම මේ වන විට ඒ වැඩ කටයුතු කරමින් ඉන්නවා. විශ්‍රාම වැටුප් ලබන අය කියන්නෙ වයසින් වැඩි අය. ඔවුන්ට එන්නට අපහසු වෙන්නට පුළුවන්. ඔවුන්ට එම වැටුප ලබා ගන්නට හැකි ක්‍රමයක් ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් අපි ක්‍රියාත්මක කළා. බෙහෙත් ලබා දෙන ක්‍රමවේදයත් ඒ ආකාරයෙන්මයි. බෙහෙත් ලබාගන්නට රෝහලට යන අය වෙනුවෙන්ද අලුතෙන් දෙයක් හඳුන්වා දුන්නා.
අපි ඒ බව මෙම මාධ්‍ය මගිනුත් ඔබට කියනවා. සල්ලි දීල පෞද්ගලිකව ගන්න පුළුවන් අයට ඔසු සැල් ඇරල තිබෙනවා. ඒ වගේ ඩිලිවරි ක්‍රමයට වට්ස් ඇප් මාර්ගයෙන් ගන්න පුළුවන් විදිහටත් ක්‍රමවේදයන් සලසල දීල තිබෙනවා. මේ යනාදී වශයෙන් විශාල ව්‍යාපෘතියක් රටේ ජනතාව වෙනුවෙන් කරගෙන යනවා. රජය බලපොරොත්තු වෙනව දිය හැකි උපරිමය ලබාදෙන්න. අපි හදිසි ඇමතුම් අංක දැනුම් දීල තිබෙනවා. ඕනම වෙලාවක එම ඇමතුම්වලට කතා කරල කියන්නත් පුළුවන්කම තිබෙනවා.
ඔබ ඇසූ ප්‍රශ්නයටත් ඒ විදිහටම පිළිතුරු දෙන්න පුළුවන්. හුදෙකලා කළ ප්‍රදේශ ඒ තත්ත්වයෙන් මුදාහළ පසු ඔවුන්ගේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය්‍ය සියලුම දේ මේ රජය ඉටු කරනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජය අවශ්‍ය සියලුම දේ උපරිමයෙන් ජනතාව වෙනුවෙන් ඉටු කරනවා.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

අජිත් රෝහණට එකපාරටම මොකද වුණේ?

Next Post

එදා සජිත් කොරෝනාව දැකපු හැටි: පවිත්‍රායි ජොනියි උත්තර දුන් හැටි (VIDEO)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.