• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සහරාන්ට පඩි ‌ගෙවූ බව ‌කෙහෙළිය පිළිගත්තේ ඇයි?

September 29, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
සහරාන්ට පඩි ‌ගෙවූ බව ‌කෙහෙළිය පිළිගත්තේ ඇයි?
Share on WhatsAppShare on Facebook

පසුගිය අප්‍රේල් 21 වැනිදා වෙනකම් අපේ රටේ බොහෝ දෙනෙක් සහරාන් හෂීම් ගැන වචනයක්වත් දැනන් හිටියේ නැහැ. හැබැයි අප්‍රේල් 21 වැනිදා ලංකාවේ ප්‍රධාන ස්ථාන හතරක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එක්ක ලංකාවේ අය විතරක් නෙවේ ලෝකයම සලිත වෙලා ගියේ ඒකෙන් සිද්ධ වෙච්ච විනාශය හින්දයි. කොච්චිකඬේ පල්ලිය, කටුවපිටිය පල්ලිය, මඩකළපුවේ සිවෝන් දේවස්ථානය, කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඉලක්ක කරගෙන ප්‍රධාන බෝම්බ හතරක් පුපුරලා ගියා. මේකෙන් දෙසිය පනහකට අධික පිරිසක් මියගියා. තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබුවා. පස්සේ අනාවරණ වුණා මේ සිද්ධ වෙච්ච ප්‍රහාර හතරම මරාගෙන මැරෙන මිනිස් බෝම්බ කියලා. ඒ එක්කම ආරක්‍ෂක අංශයි රහස් පොලිසියයි හොයන්න ගත්තා මේ දරුණු ප්‍රහාරය පිටිපස්සේ හිටියෙ කවුද කියලා. එතකොට තමයි තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයයි, ඒකෙ නායකයා වූ මොහොමඞ් සහරාන් හෂීම් ගැනයි තොරතුරු එළියට ආවේ. ඊට පස්සෙ හැමෝම හොයන්න ගත්තා කවුද මේ සහරාන් කියලා.
ඊට පස්සේ සහරාන් ගැන තොරතුරු ගොඩක් හොයාගෙන තිබුණා. සහරාන් සිරියාවට ගිහිල්ලා අයි.එස්. සංවිධානයෙන් පුහුණුව ලබාගත්තා කියලත් හෙළි වුණා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙ පුහුණු කඳවුරු කිහිපයක හයසීයකට ආසන්න පිරිසකට ත්‍රස්ත පුහුණුව ලබාදීල තියෙනවා කියලත් හෙළි වුණා. ඒ හින්දා විපක්‍ෂය ආණ්ඩුවට බරපතළ ප්‍රහාරයක් එල්ල කළා. ආණ්ඩුව රටේ ආරක්‍ෂාව තුට්ටුවට දාපු නිසා මෙවැනි ප්‍රහාරයක් එල්ල වුණා කියලා. හැබැයි ඒ වෙද්දි රහස් පොලිසිය හොයාගෙන තිබුණා. පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුව කාලේ මේ සහරාන් ඇතුළු විසි අටදෙනකුට ආණ්ඩුවෙන් පඩි ගෙවලා තියෙනවා කියලා. ඒ වෙලාවෙ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයෙන් මේ ගැන ප්‍රශ්න කළත් විපක්‍ෂයේ කවුරුවත් ඒක ප්‍රතික්‍ෂේප කළේවත් තහවුරු කළේවත් නැහැ.
හැබැයි පසුගිය සතියේ එක්තරා පෞද්ගලික නාලිකාවක තිබුණු දේශපාලන වැඩසටහනකදී පළමු වතාවට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා සහරාන්ට ආණ්ඩුවෙන් සල්ලි දුන්නා කියලා ප්‍රසිද්ධියේ පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි පොට්ටු අම්මාන්ගේ දෙවැනියාටත් ආණ්ඩුවෙන් පඩි ගෙව්වා කියලා කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත්තා. ඒ රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා කරපු ප්‍රශ්නකිරීමේදියි. කෙහෙළිය කියන්නේ රාජපක්‍ෂලගේ ආණ්ඩුවේ හිටිය මාධ්‍ය ප්‍රකාශක. ඒ වගේම ජනමාධ්‍ය ඇමැති. ඒ වගේම කෙහෙළිය දැන් පොහොට්ටුවේ ජනාධිපති අපෙක්‍ෂ්කයා වන ගෝඨාභය රාජපක්‍ෂගෙත් මාධ්‍ය ප්‍රකාශකයි. ඒ නිසා කෙහෙළිය හෙළිකරපු මේ රහසට ලොකු වටිනාකමක් තියෙනවා.
මේ, ඒ වෙලාවේ කෙහෙළියයි – නලින් බණ්ඩාරයි අතර සිද්ධවෙච්ච සංවාදය.
නලින් බණ්ඩාර:
“මම හිතන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕනේ සහරාන්ලව කිරි පොවලා හැදුවේ කවුද කියන එක මේ රටේ ජනතාව දන්නවා. සීඅයිඩී එකෙන් ඔප්පුවෙලා තියෙනවා සහරාන් ඇතුළු කල්ලිය නිර්මාණය කළේ, ඔවුන්ට වැටුප් ගෙව්වේ 2015 ට කලින් මෙතුමාලගේ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයෙන් කියලා.”
කෙහෙළිය:
“පොට්ටු අම්මාන්ගේ දෙවැනියාටත් අපි පඩි ගෙව්වා. ඔව් එයා බුද්ධි අංශයේ හිටියේ. බුද්ධි අංශයෙන් අපි වැඩ ගත්තා. මෝඩකමට බුද්ධි අංශයේ එවුන් ටික හිරේ දාලා ඉවරවෙලා බෙරිහන් දුන්නට වැඩක් නෑනේ.”
නලින් බණ්ඩාර:
“හරි ඒකෙන් ඔප්පු වෙනවා ඔබතුමාලා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා සහරාන්ටත් ගෙව්වා කියලා. හරි බොහොම ස්තූතියි.”
කෙහෙළිය:
“ඔව් හරි හරි”
නලින් බණ්ඩාර:
“අන්න හරි හරි කිව්වා. ඔන්න බලාගන්න සහරාන්ටත් ගෙව්වා පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. හරි බොහොම ස්තූතියි. සහරාන්ට ගෙව්වා”
කෙහෙළිය:
“නෑ නෑ පොට්ටු අම්මාන්ටත් ගෙව්වයි කියන එක ඒකෙදි පටලවා ගන්න එපා”
නලින් බණ්ඩාර:
“හරි දැන් සහරාන්ටත් ගෙව්වා කිව්වා හරිනේ”
කෙහෙළිය:
“ඔව් හරි, සහරාන්ටත් ගෙව්වා, පොට්ටු අම්මාන්ටත් ගෙව්වා. ඒ නිසා අපේ බුද්ධි අංශය නිසා තමයි ඒවා බේරිලා හිටියේ. ඒ සහරාන්ලගේ තොරතුරු ටික ඉන්දියාවෙන් දීලත් අහක බලාගෙන හිටියා පොන්නයෝ ටිකක්.
නලින් බණ්ඩාර:
“ඔය සහරාන්ලාට පඩි ගෙවලා තමයි මේ රටේ දෙසිය පනහකටත් වැඩි පිරිසක් මරන්න වැඬේ පටන් ගත්තේ. ඔබතුමාල කිරි පොවපු ඒ නයි තමයි අහිංසක කතෝලික ජනතාව මරලා දැම්මේ. ඔන්න අද පිළිගත්ත. මම ජනතාවට කියනවා කෙහෙළිය රඹුක්වැල්ල අද මුළු රට ඉදිරියේ පිළිගත්ත සහරාන්ට පඩි ගෙවලා කිරි පොවපු ඒ සහරාන්ගේ කල්ලියට මේ රටේ කරපු අපරාධය භාර කරපු අය කියලා. එදා කාලකන්නි සහරාන්ට පඩි ගෙවලා ඒ නිදාගෙන හිටපු සහරාන්ට 250කට වැඩි ඝාතනයන් කරන්න පඩි ගෙව්වා.”
කෙහෙළිය:
“කවුද කිව්වේ?”
නලින් බණ්ඩාර:
“ඔබතුමා දැන් පිළිගත්තේ. ඒ නිසා පැහැදිළිවම ඔබතුමාල වගකියන්න ඕනා ඒ දෙසිය පනහට වැඩි පිරිසක් ඝාතනය වුණු මිනිස්සුන්ගේ ජීවිතවලට. ඔබතුමාල නිර්මාණය කරපු සහරාන්ල නිසා. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව දැනගන්න ඕනේ, අද හෙළිවුණා.
අද කෙහෙළිය රඹුක්වැල්ල පිළිගත්තා 2015 ට කලින් සහරාන්ට පඩි ගෙවලා කිරි පොවලා ඒ හදපු ඒ නයි පැටව් ටික තමයි මහා නාගයෝ වෙලා කොටි වෙලා මේ රටේ විශාල ඝාතනයන් කරේ, ඒ කිරි පොවපු උන් තමයි කියලා . ඔබතුමාලාගේ ආණ්ඩුව ඒක භාරගන්න ඕනේ. ඔබතුමාල හදපු උන් තමයි මේ රටේ ජනතාව ඝාතනය කෙරුවේ.”
කෙහෙළිය:
“මේ ආණ්ඩුව පොල් ගෑවද?”
නලින් බණ්ඩාර:
“හරි දැන් ඔබතුමාල කිරි පොවලා දැන් අපි අල්ලන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ රටේ ජනතාව විශේෂයෙන් කතෝලික ජනතාව අද දැක්කා ඔප්පු වුණා. අපි කාදිනල්තුමාටත් කිව්වා. කෙහෙළිය රඹුක්වැල් පිළිගත්තා සහරාන්ට පඩි ගෙවලා, සහරාන්ගේ කල්ලියට පඩි ගෙවලා මෙයාල තමයි සහරාන්ලව නිර්මාණය කරේ කියලා. එතකොට ඔයාල දැන් බුද්ධි තොරතුරු ගන්නනේ පඩි වෙව්වේ. හා හොඳයි හොඳයි. එතකොට එහෙම කරලා හදපු කිරි පොවපු නයි ටික දෂ්ට කරාට පස්සේ හොඳ නැහැ. ඔබතුමාල තමයි හැදුවේ සහරාන්ලව. හොඳට මතක තියාගන්න.
කෙහෙළිය :
“ඉතින් මොකද ප්‍රශ්නය?”
නලින් බණ්ඩාර :
“ඒ නිසා ඒ පාපයෙන් ඔබතුමාලට බේරෙන්න බැහැ. අහිංසකයෝ නිකන් මරණයට පත්වුණා. ඒ නිසා හොඳට මතක තියාගන්න කෙහෙළිය රඹුක්වැල්ල මහත්තයෝ ඔබතුමාල ඇතුළු සියලු දෙනා වගකියන්න ඕනේ සහරාන්ල කරපු මරණවලට. සහරාන්ල නිර්මාණය කරපු අයට ඒකෙන් බේරෙන්න බැහැ. ඒ බිජු වපුරපු අය තමයි මේවට වගකියන්න ඕනේ. එතනින් තමයි පටන් ගත්තේ. සහරාන්ල හැදුවේ ඔබතුමාල ඕවට තමයි. මේ රටේ ජාතිවාදී අරගල ඇතිකරන්න මුස්ලිම් අන්තවාදය ඇතිකරන්න සහරාන්ල හැදුවේ ඔබතුමාල.


මේ ගැන නලින් බණ්ඩාර දැන් ඉරිදා “මව්රට” පත්තරයට කිව්වෙ මෙහෙම කතාවක්.
“එවකට පැවති රජය සහරාන්ට පඩි ගෙව්වා, මුදල් ගෙව්වා කියල කෙහෙළිය පිළිගන්නවා. එහෙම ගෙවල තියෙන්නෙ බුද්ධි තොරතුරු ගන්න කියලයි එයා කීවෙ. පසුගිය යුද සමය අවසන් වීමෙන් පසුවත් මේ අය පාවිච්චි කරල තියෙන්නෙ මොන වගේ බුද්ධි තොරතුරු ගන්නද කියන එක ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන්න කියල රහස් පොලිසියෙන් ඉල්ලීමක් කරන්න මම අද හෙටම රහස් පොලිසියට යනවා. මේ ගැන හෙළි කළ අයගෙනුත් ප්‍රශ්න කළයුතු වෙනවා.


අපි මේ කතාව ගැන කෙහෙළියගෙනුත් ඇහැව්වා. එතුමා ආයෙමත් ඒ කතාව පිළිගත්තා.
“මේ ආණ්ඩුව බුද්ධි අංශ ගැන අවබෝධයක් නැති රජයක්. 2001 වසරෙදිත්, මිලේනියම් සිටි එකේ සිටි බුද්ධි අංශ අයගෙ තොරතුරු හෙළි කරල ඒකම කරල මොකද වුණේ. ඒ බුද්ධි අංශයෙ 47 දෙනකු සිටියා. ඒකෙ සිංහල මුස්ලිම් – දෙමළ අයත් හිටියා. ඒ අයට එල්.ටී.ටී.ඊ. එකේ ටාගට් බවට පත්වුණා. බුද්ධි අංශෙ නිලධාරීන් මාස 13ක් හිරේ දාලා තිබුණා. අප්‍රේල් 21දා සිදුවීමේදී සහරාන් ක්‍රියාත්මක වන විට මේ අය සහරාන් මොනිටර් කළේ නැත්තෙ ඇයි? එවකට මහින්ද රාජපක්‍ෂ රජය බුද්ධි අංශ ශක්තිමත් කරලයි තිබුණෙ. මේ අයට දැන් එල්ලෙන්න වැලේ වැල් නැහැ.”


මේ ඒ විවාදය යන වෙලාවේ එතැනට සහභාගි වෙලා හිටපු මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කියපු කතාවයි.
“මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ආරක්‍ෂාව කියන කාරණාව සියලුම අපේක්‍ෂකයන්ගේ අවධානයට යොමුවී තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්ව සිටියදී සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට වැටුප් ගෙවලා තියෙනවා කියල හෙළිවුණා. අද වන තෙක් මහින්ද රාජපක්‍ෂවත්, ගෝඨාභයවත් මේ චෝදනාව ප්‍රතික්‍ෂේප කරලා නැහැ.
පසුගියදා පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවති විවාදයකට මමත්, නලීන් බණ්ඩාරත් සහභාගි වුණා. විපක්‍ෂය වෙනුවෙන් ඒ සඳහා ඩී. වී. චානක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්කත්‍රීවරු සහභාගි වුණා. මෙතැනදී අපි මෙ කාරණාව මතුකරද්දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා සහරාන්ලට විතරක් නෙවෙයි අපි පොට්ටු අම්මාන්ටත් වැටුප් ගෙවලා තියෙනවා කියල. පොට්ටු අම්මාන් තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු බුද්ධි ප්‍රධානියා. ඔහු සහරාන් වගේ දහගුණයක් වැඩ කරලා තියෙනවා. කෙහෙළිය මේ කරපු ප්‍රකාශය ඉතාම බරපතළ ප්‍රකාශයක්. දැන් මාධ්‍යවලට ඇවිත් බයිලා කියල වැඩක් නැහැ.
මේ රටේ රාජ්‍ය නායකයන් ඝාතනය කරන්න, හමුදාපතිවරුන්, බුද්ධි අංශ නිලධාරීන් ඝාතනය කරන්න එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඔත්තු සේවයටත් මේ අය වැටුප් ගෙවා තියෙනවා. අන්තවාදය, ජාතිවාදය වපුරන්න මේ අය මුදල් වියදම් කළා කියන එක දැන් පැහැදිලියි. මේ ප්‍රකාශය කරන්නෙ සුළුපටු කෙනෙක් නෙවෙයි. මේ ප්‍රකාශය කරන්නෙ පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රකාශකයි. ඒ නිසා මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.”

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ශ්‍රීලනිපයේ මළගම

Next Post

ඇත්ත කියන්නේ ‌මෛත්‍රිද-රනිල්ද-සුමන්තිරන්ද?

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.