• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සරමක් නැතිව එන ලංකාවේ පළමු ජනාධිපතිවරණය

October 5, 2019
in News, Politics
Reading Time: 4 mins read
A A
සරමක් නැතිව එන ලංකාවේ පළමු ජනාධිපතිවරණය
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණ සටන කොතරම් තීව්‍ර එකක් වනු ඇත්දැයි හැඟී යන්නේ ඒ සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂක ලැයිස්තුව දෙස බැලීමේදීය. වෙනදා ද්වන්ධ සටනක් බවට පත්වන ජනාධිපතිවරණ සටන මෙවර ඊට වඩා සංකීර්ණ එකක් වන ලකුණු දැන් දැන්ම පෙනෙන්නට ඇත. මෙවර ජනාධිපතිවරණයේදී 50%ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යෑමට එකදු අපේක්ෂකයකුට හෝ අවස්ථාව හිමි නොවනු ඇතැයි දේශපාලන විචාරකයන් අනාවැකි පළ කරන මට්ටමටම එය සංකීර්ණ වී ඇත. ඇතැම් විට ඉතිහාසයේ ප්‍රථම වරට දෙවැනි මනාපයේ සහාය ලබාගත යුතු වූ ජනාධිපතිවරණය මෙය වනු ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 20 දෙනකුට වැඩියෙන් ඉදිරිපත් වනු ඇතැයි මැතිරවණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත. එය සනාථ කරමින් ඔක්තෝබර් 01 වැනිදා වන විටද ප්‍රධාන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයන් ගණන 17ක් විය. අද (06) මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත කළ හැකි බැවින් ඒ ප්‍රමාණය තවත් ඉහළ යනු ඇත. නමුත් මේ සටහන ලියැවෙන මොහොත වන විට ඇප මුදල් තැන්පත් කර තිබූ හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි ප්‍රකාශ කර තිබූ අපේක්ෂකයන් අතර ජාතික ඇඳුම හෝ සරම සහ කමිසය අඳින එකම අපේක්ෂකයකු හෝ නොමැති වීම සුවිශේෂ කාරණයක් බවට පත් වී ඇත. මෙවර ජනාධිපතිවරණයේ දක්නට ලැබෙන අනෙක් කැපීපෙනෙන වෙනස වන්නේද එයය. ඒ අනුව ජාතික ඇඳුම අඳින එකදු අපේක්ෂකයකු හෝ තරග නොකරන ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය පත්වනු ඇත.

ජනතා ආකර්ෂණය ලබාගැනීම කෙරෙහි තමන් අඳින පලඳින ආකාරයක බලපාන බව අපේ රටේ දේශපාලනඥයන් විශ්වාස කළේ නිදහස ලැබූ මුල් කාලයේ සිටමය. දේශපාලනයට පිවිසීම වෙනුවෙන්ම තමන් අඳින පලඳින ආකාරය වෙනස් කළ දේශපාලනඥයන් පිළිබඳ උදාහරණ ඕනෑ තරම් අපේ රටේ ඈත ඉතිහාසයෙන් මෙන්ම මෑත ඉතිහාසයෙන්ද සොයාගත හැකිය. නමුත් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ ඇඳුමෙන් ජනතා ආකර්ෂණය ඇති කරගත හැකි යැයි වන මතය ඔවුන් බිඳකට හෝ මායිම් කර නොමැති බවය. අඳින පලඳින විදියට වඩා පුද්ගල ප්‍රතිරූපයට ජනතා ආකර්ෂණය ලබාගත හැකි යැයි පක්ෂ නායකයන්ද විශ්වාස කර ඇත.
විලියම් ගොපල්ලව මහතාද ඇතුළුව මෙතෙක් කලක් මෙරට පාලනය කළ ජනාධිපතිවරු සියල්ලන්ගේම ඇඳුම වූයේ සරම සහ කමිසයය. එසේම ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වී ඇති බොහෝ අපේක්ෂකයයෝද සරම සහ කමිසය ඇන්දෝය. ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ 1982 වසරේදීය. ඒ සඳහා තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතා සහ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය. ඔවුන් දෙදෙනාගේම ඇඳුම වූයේ සරම සහ කමිසයය. එක්සක් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජයවර්ධන මහතා තරග කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘අත’ ලකුණ යටතේ කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරණයට තරග කළේය. ඊට අමතරව 1982 ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයන් සිවුදෙනකු ඉදිරිපත් වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ රෝහණ විජේවීර, දෙමළ කොන්ග්‍රසය නියෝජනය කළ ජී. ජී. පොන්නම්බලම්, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ කොල්වින්. ආර්. ද සිල්වා සහ නව සමසමාජ පක්ෂය නියෝජනය කළ වාසුදේව නානායක්කාර 1982 ජනාධිපතිවරණයට තරග කළ අනෙක් අපේක්ෂකයෝ වූහ. නමුත් ඒ සිවුදෙනාම සරම සහ කමිසය අඳින්නන් නොවීමද විශේෂත්වයක් වී ඇත.
1988 ජනාධිපතිවරණය ජය ගනිමින් ශ්‍රී ලංකාවේ දෙවැනි ජනාධිපතිවරයා ලෙස අභිෂේක ලබන්නේ රණසිංහ ප්‍රේමදාස මහතාය. දේශපාලනයට පිවිසි දින පටන්ම ප්‍රේමදාස මහතා නිරතුරුව සැරසී සිටියේද ජාතික ඇඳුමින්මය. අපේක්ෂකයන් තිදෙනකු පමණක් ඉදිරිපත් වූ 1988 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාව ලෙස තරග වැදුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඊට අමතරව ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් එම ජනාධිපතිවරණයට තරග වැදුණු ඔසී අබේගුණසේකර මහතා ඇන්දේද ජාතික ඇඳුමය.
ශ්‍රී ලංකාවේ දේශපාලන වංශකතාවේ සුවිශේෂ සංධිස්ථානයක් සටහන් කරමින් චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය මෙරට පළමු ජනාධිපතිනිය බවට පත්වන්නේ 1994 වසරේදීය. එම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටියේ ජාතික ඇඳුමින් නිරතුරුව සැරසී සිටි ගාමිණී දිසානායක මහතාය. නමුත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් දිසානායක මහතාගේ අභාවය සිදුවූ අතර, ඒ වෙනුවට ජනාධිපතිවරණයට තරග වැදුණේ ඒ මහතාගේ බිරිය වන ශ්‍රීමතී දිසානායක මහත්මියයි. අපේක්ෂිකාවන් දෙදෙනකු අතර තරගය පැවැතියද, 1994 ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වූ ඒ. ජේ. රණසිංහ මහතා මෙන්ම සිංහලේ මහාසම්ම්ත භූමිපුත්‍ර පක්ෂය නියෝජනය කළ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග මහතාද ජාතික ඇඳුම ඇඳි අපේක්ෂකයෝ වූහ.
1999 ජනාධිපතිවරණය සඳහා චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාය. කවුරුත් දන්නා පරිදි වික්‍රමසිංහ මහතා සෑම විටම අඳින්නේ යුරෝපීය ක්‍රමයටය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජාතික ඇඳුම නොඅඳින පළමු අපේක්ෂකයා වන්නේද රනිල් වික්‍රමසිංහ මහතාය. නමුත් ජාතික ඇඳුමින් සැරසුණු අපේක්ෂකයකු ලෙස සිංහලේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය නියෝජනය කළ හරිස්චන්ද්‍ර විජයතුංග මහතා එම 1999 ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ අතර, ජාතික ඇඳුම අඳින ටෙනිසන් එදිරිසූරිය මහතාද ස්වාධීන අපේක්ෂකයකු ලෙස එම මැතිවරණයට තරග වැදුණේය.
එතැන් පටන් 2005, 2010 සහ 2015 වසරවල පැවැති ජනාධිපතිවරණ ත්‍රිත්වය සඳහාම මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් විය. මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඳුම පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කිරීමක් මේ රටේ ජනතාවට අවශ්‍ය නැත. රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා ලෙස 2005 වසරේදී රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වූ අතර, 2010 වසරේදී සරත් ෆොන්සේකා මහතාත්, 2015 වසර්දී මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදීන් වූහ. ඒ අතරින් ෆොන්සේකා මහතා මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාද ජාතික ඇඳුමින් සැරසුණු අපේක්ෂකයෝය.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම දේශපාලනයට පිවිසුණේ තම පවුලෙන් ලැබුණු දේශපාලන ඌරුව හරහාය. නිරතුරුව ජාතික ඇඳුම ඇඳි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතණුවන් වන සජිත් ප්‍රේමදාස මහතා ජාතික ඇඳුම නොඇඳීම මෙන්ම රාජපක්ෂ පවුලේ ජාතික ඇඳුම නොඅඳින එකම දේශපාලනඥයා ගෝඨාභය රාජපක්ෂ මහතා වීමද එක් අතකින් අහඹු සිදුවීමක් වැනිය. මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සොහොයුරන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් නිරතුරුව අඳින්නේද ජාතික ඇඳුමය. ඊට අමතරව රාජපක්ෂවරුන්ගේ දේශපාලනික සලකුණක් බඳු කුරහන් සාටකයද ඔවුන්ගේ ඇඳුම සමඟ නිරන්තරයෙන් දක්නට ඇත. මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව තුළට ගිය පළමු දිනයේදීම ජාතික ඇඳුමින් සහ කුරහන් සාටකයෙන් සැරසීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළේද පවුලේ දේශපාලන අනන්‍යතාව ආරක්ෂා කරගැනීම පිණිසය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ඇඳුම නොඅඳින්නේ දේශපාලනයට අවතීර්ණ වීමේ පූර්ව සැලසුමක් ඔහුට නොතිබුණු නිසාවෙන්දැයි යන සැකය මතුවන්නේ ඒ අනුවය.
කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණය ජයගන්නේද සරම සහ බැනියම අඳින අපේක්ෂකයකු බවට පසුගිය කාලය පුරා දැඩි හඬක් නැඟූ ප්‍රධාන පුද්ගලයකු වූයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාය. ජයග්‍රහණය කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා සරම සහ බැනියම අඳින අපේක්ෂකයකු හෝ ඉදිරිපත් වී නොමැති වීම සම්බන්ධයෙන් අප වෙල්ගම මහතාගෙන් කරුණු විමසීමට අදහස් කළේ එතුමාගේ මතයට කුමක් සිදුවීදැයි දැනගැනීම සඳහාය. නමුත් අප කුමාර වෙල්ගම මහතාට කතා කළ ඔක්තෝබර් 02 වැනිදා (බදාදා) සවස් යාමයේදීත් ඒ මහතා පැවසූවේ තමන් දැරූ මතය තවමත් වෙනස් වී නැති බවය.
“තව කල් තියෙනවනේ ඇප බඳින්න. ඔක්කොම ඇප බැඳලා ඉවර වුණාට පස්සෙ ඔය කතාව මගෙන් අහන්නකෝ. මං තාම කියන්න් එදා කිව්ව කතාවම තමයි. සරමයි බැනියමයි අඳින අපේක්ෂකයෙක් මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙනවා විතරක් නෙවෙයි ඒ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ජයගන්නවා කියලත් මම කියනවා. මට අනාවැකි කියන්න බලයක් නැහැ. නමුත් මගේ දේශපාලන අත්දැකීම් එක්ක තමයි මම ඒ කතාව කියන්නේ.” ඒ, කුමාර වෙල්ගම මහාතාගේ අදහස්ය. මේ සටහන ලියැවුණු ඔක්තෝබර් 02 වැනිදා වන විටත් වෙල්ගම මහතාගේ ප්‍රකාශය පුදුම දනවන එකක් විය. නමුත් ඒ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මෙය කියවන මොහොත වන විට සියල්ලන්ටම අනාවරණ වී තිබෙනු ඇත.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දිනන්නේ ‌ගෝඨාද-සජිත්ද? ‌ඇත්ත කියන්නේ ‌තොටවත්තද-සුජිත් නිශාන්තද?

Next Post

ගම්ලත්ගේ ‌චෝදනාව චම්පිකගේ සහ රාජිතගේ උත්තරය

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.