• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දිනන්නේ ‌ගෝඨාද-සජිත්ද? ‌ඇත්ත කියන්නේ ‌තොටවත්තද-සුජිත් නිශාන්තද?

October 5, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
දිනන්නේ ‌ගෝඨාද-සජිත්ද? ‌ඇත්ත කියන්නේ ‌තොටවත්තද-සුජිත් නිශාන්තද?
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණයට දින ළංවත්ම දේශපාලන පක්ෂ අතර ඒ සඳහා වන තරගයද උණුසුම් අතට හැරෙමින් ඇත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් පිළිබඳ වර්ණනා මෙන්න විවේචනද ඕනෑ තරම් දේශපාලන වේදිකාවේ ඇසෙමින් ඇත. දේශපාලනඥයන් අතර පවතින වාග් සංග්‍රාම උග්‍රවෙමින් පවතින අතරතුරේදී, දේශපාලනයට ඍජුව සම්බන්ධ නොවුණු නමුත් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් වෙත කිසියම් බලපෑමක් එල්ල කළ හැකි තවත් පාර්ශ්වයක් අතරද වාචික යුද්ධයක් මේ වන විට ආරම්භ වී ඇත. ඒ, දේශපාලන අනාවැකිකරුවන් හෙවත් ජ්‍යොතිෂවේදීන් අතරය. පසු ගිය ජනාධිපතිවරණ සමයේදීද දක්නට ලැබුණු මෙම දැඩි තරගය මේ වන විට උණුසුම් බවට පත්වෙමින් ඇත.
මෙවර එම වාචික යුද්ධය ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියකු වන ඉන්දික තොටවත්ත මහතාය. ඒ මහතා මේ ආකාරයෙන් වාදයකට සැරසෙන්නේ ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සුජිත් නිශාන්ත යෝගීවරයා ඉදිරිපත් කර ඇති මතයක් මුල්කර ගනිමින්ය. සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් සමඟ අදහස් දක්වමින් සුජිත් නිශාන්ත යෝගීවරයා පවසන්නේ ඊළඟ ජනාධිපතිවරණය නිසැකවම සජිත් ප්‍රේමදාස මහතා ජයගන්නා බවය. ජ්‍යොතිෂ විද්‍යාව අනුව රටක ජනාධිපතිවරයකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බව පවසන සුජිත් නිශාන්ත වැඩිදුරටත් පවසන්නේ චමල් රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබාදුන්නේ නම් එම තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස් වන බවය.
සුජිත් නිශාන්ත පවසන්නේ ඔහු මෙතෙක් පළ කර ඇති අනාවැකි සියල්ලම සත්‍ය වී ඇති බවය. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නිසැකවම පරාජය වන බවට තමන් අනාවැකි පළ කළ බව පවසන යෝගීවරයා වැඩිදුරටත් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව තමන් ප්‍රකාශ කළේ මීට වසර කිහිපයකට පෙර බවය. එමෙන්ම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ලංකාවට ප්‍රහාරයක් එල්ල කරන බව සුජිත් නිශාන්ත යෝගීවරයා ප්‍රකාශ කර ඇත්තේ 2014 වසරේදීය. මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සුජිත් නිශාන්ත අදහස් දක්වන්නේ මෙසේය.
“මෙවර ජනාධිපතිවරණයට චමල් රාජපක්ෂ මහත්තයා දාන්න කියන එක මම දිගින් දිගටම කිව්වා. ඇයි මං එහෙම කිව්වේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට රාජයෝගයක් නැහැ. ඒකත් මම දිගින් දිගටම කියලා තියෙනවා. චමල් රාජපක්ෂ කියන්නේ මේ රටේ දේශපාලනයේ පතාකයෙක්. ඒ වගේම ප්‍රවීණයෙක්. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය එක්ක කරට කර වැඩකරලා කතානායක පුටුව දක්වා ආව නායකයෙක්. ඊටත් එහා කතා කරොත් ඔහුගේ කේන්දරයේ රාජයෝගය පැහැදිලිව ලියැවිලා තියෙනවා. ඒක මම බොහොම වගකීමෙන් කියන්නේ. මම මේ රටේ ඉන්න විශිෂ්ටතම අනාවැකිකරුවෙක් කියන එක මම පළකරපු හැම අනාවැකියකින්ම ඔප්පු කරලා තියෙනවා. ඒ හින්දා මට පැහැදිලිවම කියන්න තියෙන්නේ මෙච්චරයි. මහින්ද රාජපක්ෂ කියන පතාක දේශපාලනඥයා මේ පාරත් වරද්දගත්තා.”
නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙනි. ඒ අතර ඉදිරියෙන්ම සිටියේ සිංහල බෞද්ධ සංවිධානය. ඒ පිළිබඳ යෝගීවරයා අදහස් දක්වන්නේ මේ ආකාරයෙනි.
“මම බෞද්ධයෙක් නෙවෙයිද? චමල් රාජපක්ෂ මහත්තයා බෞද්ධයෙක් නෙවෙයිද? සජිත් ප්‍රේමදාස මහත්තයා බෞද්ධයෙක් නෙවෙයිද? මේ ඔක්කොම බෞද්ධයෝ. හැබැයි මං මෙහෙම අහනවා. ගිරුවාපත්තුවේ කුරහන් රොටිය කන එක නවත්තලා ඇමෙරිකාවේ ධවල මන්දිරයේ චීස් බටර් කන්න ගිය කෙනෙක් නියම සිංහල බෞද්ධයෙක් කියලා කොහොමද කියන්නේ? කොළඹ කතානායක පුටුවේ ඉන්දැද්දිත් ගිරුවාපත්තුවේ කුරහන් රොටිය කාලා ජනතාව එක්ක හිටිය නායකයෙක් සිංහල බෞද්ධයෙක් වෙන්නේ නැද්ද? කොළඹ හතේ මහා මන්දිර දාලා ගිරුවාපත්තුවට ගිහින් මහ පොළොවේ පය ගහලා අනේක දුක් කරදර විඳගෙන ජනතාව එක්ක ඉන්න කෙනෙක් සිංහල බෞද්ධයෙක් නෙවෙයිද? අපි මේ ජාති භේදයෙන් වර්ගවාදයෙන් අන්ධ නොවී කතා කරමු. ඇමෙරිකානු ජාතිකයෙක් විදියට දිවුරුම් දෙද්දී කරන ප්‍රකාශය දන්නවද? මේ රටට අනෛතිකව, නෛතිකව, ඍජුව හෝ වක්‍රව ආක්‍රමණයක් හෝ බලපෑමක් එන්නේ නම් මේ නිජභූමිය ආරක්ෂා කරගැනීම පිණිස දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා සපථ කරමි. ඇමෙරිකානු පුරවැසියෙක් එහෙමයි දිවුරුම් දෙන්නේ. ඉතින් එහෙම දෙවියන් වහන්සේ ඉදිරියේ දිවුරුම් දීපු කෙනෙක් සිංහල බෞද්ධකම රැකගනියි කියලා කියන්නේ කොහොමද? මේ රටේ නායකයෝ පහළවෙන්නේ නිකම් නෙවෙයි. ඒක අධ්‍යාත්මය අනුව සංසාරය පුරා පතාගෙන එන දෙයක්. ධාතු මන්දිරයක් වැනි මේ රට තුණුරුවනට පූජා කරපු මේ රට සංසාරය පුරා රැකගන්නවා කියන ප්‍රාර්ථනාව එක්ක තමයි ඔවුන් නායකත්වයට පත්වෙන්නේ. නමුත් දශක දෙකහමාරකට වැඩි කාලයක් විදේශ රටක හිටිය පුද්ගලයෙක් මේ පින්බිම දාලා ගිය පුද්ගලයෙක්ට එහෙම වෙන්න පුළුවන්ද? ඒ හින්දා මම නැවතත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ පරිපාලනයට කිසිසේත්ම සුදුසු නැහැ. ඒක එතුමාගේ කේන්දරෙත් පැහැදිලිවම තියෙනවා. මම ඒ හැම දේම අධ්‍යයනය කරලා ඉතාම වගකීමෙන් තමයි මේ ප්‍රකාශය කරන්නේ.”
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට සුදුස්සකු නොවන බව පවසන සුජිත් නිශාන්ත යෝගීවරයා ඊළඟ ජනාධිපතිවරයා පිළිබඳ තම මතය දක්වන්නේ මෙලෙසිනි.
“21 වැනි ශතවර්ෂයේ ඊළඟ දශකයේ මුල් භාගයෙදී මේ රටේ මහා පතාක හස්ති රාජයකුගේ පුනරාගමනය සිද්ධ වේවි. එයින් මේ රටේ හතර කොනේ පැල්පතේ, මන්දිරයේ, දුප්පතාගේ, මහා ධනවතාගේ විධායක ජනාධිපතිවරයා විදියට සජිත් ප්‍රේමදාස මහතා ඔටුනු පළඳාවි.”
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ මත පළකරන සුජිත් නිශාන්ත යෝගීවරයා අවසන් වශයෙන් පවසන්නේ ජනාධිපතිවරණනයට ඉදිරිපත් වී ඇති අනෙක් කිසිදු අපේක්ෂකයකුට මෙවරද සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගත නොහැකි බවය.
මේ මතයට එරෙහිව අදහස් දක්වන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා පවසන්නේ සුජිත් නිශාන්ත යෝගීවරයාගේ ප්‍රකාශය පදනම් විරහිත එකක් බවය. ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ යෝගයක් නැති බව තමන්ද මීට පෙර ප්‍රකාශ කර ඇති බව පවසන තොටවත්ත මහතාගේ අදහස වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ කේන්දරයේ බලයෙන් බවය.
“සුජිත් නිශාන්ත යෝගීවරයා ඒ තම අදහස් පළකරන්නේ කිසිම ජ්‍යොතිෂ විද්‍යා පදනමක් මත නෙවෙයි. මට නම් එහෙම දෙයක් හැඟෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස පිම්බීම සහ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ඉතා නිර්දය, පහත් විදියට විවේචනය කිරීම තමයි ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ හින්දා සුජිත් නිශාන්ත යෝගීතුමාගේ මේ ප්‍රකාශය ජනයා නොමඟ යැවීමක් සහ මනෝවිද්‍යාත්මක මේ මැතිවරණයේ තීරණය වෙනස් කරන්න ගත්ත උත්සාහයක් කියන එක මම පැහැදිලිවම කියනවා. ගෝඨාභය රාජපක්ෂට රාජ යෝගයක් නැහැ කියන එක ඔහුට කලින් තමයි මම කිව්වේ. ඒක මම දැනුත් කියනවා. නමුත් නිශ්චිත වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. ඒ බැසිල් රාජපක්ෂ හින්දා.”
දේශපාලනික වශයෙන් ගතහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා බැසිල් රාජපක්ෂ ඉටුකරන මෙහෙය සුළුපටු එකක් නොවන බව අමුතුවෙන් ප්‍රකාශ කළයුතු නැත. නමුත් ජ්‍යොතිෂ විද්‍යානුකූලව බැසිල් රාජපක්ෂ මහතාගේ බලය ගෝඨාභය රාජපක්ෂට බලපාන්නේ කෙසේදැයි තොටවත්ත මහතා පැහැදිලි කරන්නේ මේ ආකාරයටය.
“බැසිල් හින්දා කොහොමද ගෝඨාභය දිනන්නේ කියලා ගොඩ දෙනෙක් මගෙන් අහනවා. ජ්‍යොතිෂ විද්‍යාවේ සඳහන් වන භාවත්භාව සිද්ධාන්තය අනුව තමයි ඒක වෙන්නේ. නමුත් ඒ ගැන වැඩි විස්තර මම මේ වෙලාවේ කියන්න කැමැති නැහැ. සුජිත් නිශාන්ත හරි, ජ්‍යොතිෂය ගැන දන්න වෙන කෙනෙක් හරි මාත් එක්ක විවාදයකට එනවා නම් මං කැමැතියි භාවත්භාව සිද්ධාන්තය හරහා ගෝඨාභය දිනන්නේ කොහොමද කියන එක ඔප්පු කරලා පෙන්වන්න. බැසිල් රාජපක්ෂගේ කේන්දරයේ ඒක ඉතාම පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඡන්දයට එන්නේ බැසිල් රාජපක්ෂ නිර්මාණය කරපු පොහොට්ටුවෙන්. ඒ වගේම බැසිල් රාජපක්ෂගේ සුබ වෙලාව අනුව තමයි මෙවර ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළේ. ගෝඨාභය ජනාධිපති වීමෙන් තමයි ඒක අවසන් වෙන්නේ. ඒ හින්දා ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය නිශ්චිත නිසැක එකක් බව මම ආයෙත් කියනවා.”
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය නිශ්චිත බව පවසන තොටවත්ත මහතා පවසන ආකාරයට ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ඉතාම අසුබ දිනයකය. එබැවින් ජනාධිපතිවරණය ජයගැනීමේ කිසිදු හැකියාවක් ප්‍රේමදාස මහතාට නොමැති බවද තොටවත්ත මහතාගේ අදහසය.
“සජිත් මහත්තයා වෘෂභ ලග්නයේ කන්‍යා නවාංශකයෙන් ඉපදුණු කෙනෙක්. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ භාව කේන්ද්‍රය අනුව ගත්තොත් ඔහුගේ මහදශාපතියා වන්නේ සෙනසුරු. නොවැම්බර් 16 ඡන්දය තියෙන වෙලාවට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ග්‍රහයෝ ඉන්නේ බොහොම දුර්වල තත්ත්වයක. ඒ හින්දා ඒක පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්තයාට ඉතාම අවාසියි. ඔහු මේ මැතිවරණය පරාජය වෙන්න බලපාන ප්‍රධාන කරුණ වෙන්නේ ඒක. මේකත් කියන්න ඕනේ. ඒත් සජිත් ප්‍රේමදාසට රාජයෝග තියෙනවා. හැබැයි ඔහු ඉදිරිපත් වුණේ නියම වෙලාවට නෙවෙයි. 2025 තමයි ඔහු ඉදිරිපත් වියයුතු නියම වෙලාව. අපි ගෝඨාභය මහත්තයාගේ දේශපාලනයට විරුද්ධයි. අපි ඒ දේශපාලනයට එකඟ නැහැ. නමුත් කවුරු හරි ජ්‍යොතිෂය හරහා මේ වගේ වැරැදි දේවල් ප්‍රකාශ කරනවා නම් ඒකටත් අපි විරුද්ධයි. සුජිත් නිශාන්තට හරි, නැත්නම් වෙනත් ජ්‍යොතිෂ විශේෂඥයකුට හරි මේ ගැන වාද විවාද කරන්න එන්න කියලා මං ආරාධනා කරන්නේ ඒකයි.”
තොටවත්ත මහතාගේ අභියෝගය සුජිත් නිශාන්ත යෝගීවරයා හෝ වෙනත් ජ්‍යොතිර්වේදියකු භාරගතහොත් මේ සංවාදය තවත් ඉදිරියට ඇදීයනු ඇත. නමුත් මේ වාද විවාදයන්ගෙන් ජයගන්නේ කවුදැයි යන්න නිශ්චිතවම දැනගත හැක්කේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය. ජනාධිපතිවරණයෙන් එක් අපේක්ෂකයකු ජයග්‍රහණය කරන අතර අනෙක් අපේක්ෂකයන් පරාජයට පත්වීම සාමාන්‍ය තත්ත්වයය. නමුත් තම අනාවැකිය වැරැදුණා කියා කිසි විටෙක ජ්‍යොතිර්වේදීන් පරාජය පිළිගන්නේද නැත. ඒ, එම පරාජය සාධාරණීකරණය කිරීමට අවශ්‍ය සාධක ඕනෑවටත් වඩා ජ්‍යොතිර් විද්‍යාව සතුවන නිසාය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මහපොළොව නුහුලන ‌මේ අපරාධය ‌මොකක්ද? බිලි පූජාවක්ද? වසවිස දීලාද?

Next Post

සරමක් නැතිව එන ලංකාවේ පළමු ජනාධිපතිවරණය

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.