• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සදාචාරය-සභ්‍යත්වය බල්ලට දමා තුට්ටු දෙකට වැටුණු මාධ්‍යකරණය

May 11, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
සදාචාරය-සභ්‍යත්වය බල්ලට දමා තුට්ටු දෙකට වැටුණු මාධ්‍යකරණය
Share on WhatsAppShare on Facebook

කොරෝනා උවදුරෙන් රටේ ජනතාව බේරා ගැනීම සඳහා මාධ්‍ය ඉටු කළ කර්තව්‍ය සුළු පටු එකක් නොවේ. ජනතාව දැනුවත් කිරීමේ සිට ජනතාවට උදවු කිරීම දක්වා ඒ ක්‍රියාන්විතය විශාල විය. නමුත් ඒ සියල්ල අතරතුර විද්‍යුත් මාධ්‍ය සම්බන්ධ බරපතළ විවේචනයක් සමාජය තුළින් ඇති වන ආකාරයක්ද දක්නට හැකි විය. එම විවේචනය එල්ල වූයේ කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳවය. කොරෝනා රෝගීන්ගේ දර්ශන පෙන්වීම නවත්වන ලෙස ඉල්ලා විද්‍යුත් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන තැනට රජය පත් කිරීමට තරම් එම විරෝධය ප්‍රබල විය. රෝගයක් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී මාධ්‍ය හැසිරිය යුතු ආකාරය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාවට ඇති අයිතිය කොයි ආකාරද යන්න සම්බන්ධයෙන් සමාජ කතිකාවතක්ද ඉන් අනතුරුව ඇති විය. මේ ඒ පිළිබඳව කොළඹ නීති සංගමයේ හිටපු සභාපති සහ මාධ්‍ය පිළිබඳ නීති සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා ‘හරි ටී. වී.’ යූ ටියුබ් නාළිකාව ළහිරු මුදලිගේ සමඟ පැවැති සංවාදයකදී පළ කළ අදහස්ය.

කොරෝනා වසංගතයත් එක්ක මාධ්‍ය භාවිතය සහ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් තියෙනවා. මේක ඔබ දකින්නේ කොහොමද?
මාධ්‍ය නිදහස ඉතාම වැදගත් දෙයක්. ජනතාව තමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන ඡන්දය භාවිතා කළාට පස්සේ රජයට ජනතාවගේ මතය ගෙන යන්නේ මාධ්‍ය. ඒ නිසා මාධ්‍ය නිදහස අනිවාර්යයෙන්ම ආරක්ෂා කර ගත යුතුයි. නමුත් මාධ්‍ය නිදහස කියන එකේ සීමාවල් මොනවද? එහි ආචාර ධර්ම මොනවාද? සදාචාර සම්පන්න සමාජයක මොන ආකාරයටද මාධ්‍ය හැසිරිය යුත්තේ කියන එක අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුයි. නමුත් අද අපිට දකින්න තියෙන තත්ත්වය තමයි විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට මේක අමතක වෙලා ගිහින් කියන කාරණය. පොදු ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේම උල්ලංඝනය කරන්නේ මාධ්‍ය වන තැනට අද පත් වෙලා.
කොරෝනා ආසාදිතයන් පෙන්වීම, ඔවුන්ගේ නිවෙස් පෙන්වීම වැනි දේ තමයි ඔබ ඔය කියන කාරණය හරහා විවේචනයට ලක් වෙන්නේ. නීතිය පැත්තෙන් ඒ සම්බන්ධයෙන් පුරවැසියකුට තියෙන අයිතිය මොකක්ද?
අපි නීතිය පොඞ්ඩක් අමතක කරමු. පළමුවැනි දේ මේකයි. සාමාන්‍ය පුරවැසියකුට සමාජයේ පෞද්ගලිකත්වය කියලා දෙයක් තියෙනවා. ඒ පෞද්ගලිකත්වයට උපරිම ආකාරයේ බලපෑම් ඇති කරමින් ඒ ගොල්ලන්ගේ ජීවන තත්ත්වයට හානි කරන ආකාරය තමයි දැන් දැකගන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය කෙනකුට නීතිය පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ග තියෙනවා.
අපි සරලම තැනින් පටන් ගමු ඒ ගැන කතා කරන්න. මොනවද ඒ?
උදාහරණයක් විදියට ගත්තොත් පී. එච්. අයි. මහත්මයා කොරෝනා රෝගය වැළදිලයි කියලා සැක හිතෙන රෝගියෙක් ඉන්න ගෙදරකට එන අවස්ථාවකදී එන්නේ මාධ්‍ය එක්ක. ඒක තමයි පසුගිය දින කිහිපයේදීම අපි දැක්කේ. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ගැන කිසිම හැඟීමක් නැතිව සියලුම දේ පෙන්වනවා. පළමුවැනි දේ තමයි ඒ විදියට පෞද්ගලික ස්ථානයකට ඇතුල්වෙන්න මාධ්‍යයට නීතිමය අයිතියක් නැහැ. ගෙදර හිමිකරුවාගේ විරුද්ධත්වය මැද මාධ්‍ය ඒ දේපොළට ඇතුළු වුණොත් ඔහු අපරාධ නීතිය යටතේ වරදක් කරනවා. අයුතු ඇතුළු වීමේ වරද. ඊට අමතරව ඒ පෙන්වන රූප රාමු තුළින් ඒ පුද්ගලයට යම්කිසි අපහාසයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සමහර විට ඔහු සමාජයට පෙන්වන තත්ත්වය ඔහුගේ නිවෙසේ නොතිබෙන්න පුළුවන්. සමහර විට ඔවුන් ඉන්නේ රාත්‍රී ඇඳුම් ඇඳගෙන වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් නොතකා පෙන්වන දර්ශනවලින් යම් අපහාසයක් සිද්ධ වුණොත් ඒ පිළිබඳව සිවිල් නීතිය යටතේ නඩුවක් පවරන්න හැකියාව තියෙනවා.
පෞද්ගලිකත්වය පිළිබඳ අපිට වෙනත් දෙයකුත් මතු කරන්න පුළුවන්. මත්කුඩු සම්බන්ධව හරි අපරාධ සම්බන්ධව හරි නීතිය ඉදිරියේ බරපතළ වැරැදිකරුවෙක් වූ පුද්ගලයෙකු ජීවත් වන නිවස, ඔහුගේ වටපිටාව මාධ්‍ය ඔස්සේ පෙන්වන එකත් වැරැදිද? ඒකට මාධ්‍යයට නීතිමය අයිතියක් නැද්ද?
මේ මගේ පෞද්ගලික මතය. අපරාධකරුවකු හෝ අපරාධයකට සැක සහිත පුද්ගලයකුගේ පෞද්ගලිකත්වයට හානි කරන්න කිසිවකුට හෝ අයිතියක් නැහැ. උදාහරණයක් විදියට මෙහෙම ගමු. අපරාධයකට සැකකරුවෙක් අත්අඩංගුවට අරගෙන ඔහුට ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමෙන් පමණයි ඔහුව වැරැදිකාරයෙක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම වැරැදිකාරයෙක් වුණාට පස්සේ මේ පුද්ගලයා පිළිබඳ ප්‍රචාරයක් ලැබෙන එක මාධ්‍යකරණයේදී සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඔහු වරදක් කරලා නම් ඒකට අධිකරණය නිසි දඬුවමක් ලබා දෙනවා. නමුත් අපි මාධ්‍ය හරහා කරන්නේ ඔහු සැකකාරයෙක් කියලා දැන ගත්ත වෙලාවේ ඉඳන්ම ඔහුට දඬුවම් කරන එක. ඔහුව පෙන්වලා, ඔහුගේ ගෙදර පෙන්වලා, ඔහු අධිකරණයට එක්ක එන විදිය පෙන්වන එක තමයි කරන්නේ. මේවා ඉක්මනින් විකුණන්න පුළුවන් ප්‍රවෘත්ති. අපේ සමාජය මේවට හරි පෙරේතයි. ඒ තත්ත්වය අපි ඇති කර ගෙන තියෙනවා. ප්‍රශ්නේ මේකයි. යම් කිසි පුද්ගලයෙක් හඳුනා ගැනීමේදී වරදින්න පුළුවන්. මං වගේ වෙනත් පුද්ගලයෙක් කරපු වරදකට මාව සැකකාරයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම හඳුනා ගැනීමේ පෙරෙට්ටු වගේ අධිකරණ ක්‍රම ඇති කරලා තියෙන්නේ අහිංසක මිනිස්සු වැරැදිකාරයෝ වෙන එක නවත්වන්න. නමුත් සැකකාරයන්ව රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ පෙන්වන්න ගියොත් ඒ ක්‍රියාදාමයටත් බාධා ඇති වෙන්න පුළුවන්.
අපි නැවත කොරෝනා වසංගතය අතරතුරේ මාධ්‍යයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කතා කරමු. ගොඩ දෙනෙක් දැන් මේ විවේචන සහ විරෝධය සමාජ මාධ්‍ය හරහා තමන් විසින්ම පළ කරන ආකාරය දකින්න ලැබෙනවා. නීතිඥවරයෙක් විදියට ඔබ මේක දකින්නේ කොහොමද?
මේක ඉතාම සෝචනීය තත්ත්වයක් හැටියට තමයි මම මේක දකින්නේ. මුලින් කිව්ව වගේම මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා. අපේ රටේ ජනතාවට ඡන්දය භාවිතා කිරීමෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත් වෙන්න ලැබෙන අවස්ථාව අඩුයි. මාධ්‍ය තමයි ජනතාව වෙනුවෙන් ඒ වගකීම ඉටු කරන්නේ. එවැනි තත්ත්වයක ජනතාව මාධ්‍යයට ආදරය කරන්න ඕනෑ. විය යුත්තේ ඒකයි. කිසියම් රජයක් මාධ්‍යයට අනිසි බලපෑම් කරන්න හෝ මාධ්‍ය පාලනය කරන්න ගියොතින්, එයට විරුද්ධව හඬ ජනතාව අතරින් තමයි එන්න ඕනෑ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. මහ ජනතාව මාධ්‍යයට වෛර කරන තැනට ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් පී. එච්. අයි. මහත්වරු ආව වාහනේ කැඩිලා තල්ලු කරන එක ප්‍රවෘත්ති විකාශනයේ විනාඩි ගණනාවක් පෙන්වනවා. රූපවාහිනී නාළිකාවලට දීල තියෙන විද්‍යුත් තරංග පොදු දේපොළ. ඒවා රටේ මහ ජනතාවට තමයි අයිති. මේ විද්‍යුත් තරංග පොදු දේපොළ කියන එක ලංකාවේ නඩු තීන්දු දෙකකදී අධිකරණය විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මේවා මහජනතාවගේ සුබ සිද්ධිය සහ මහජනතාවගේ යහපත වෙනුවෙන් තමයි භාවිතා කළ යුත්තේ. එහෙම කරනවද නැද්ද කියන එක හොයලා බලන්න රජයට වගකීමක් තියෙන බවත් අධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගකීම ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් මිනිස්සු වෛර කරන තැනට මාධ්‍ය ඇවිල්ලා තියෙනවා. වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය ඉතාම සෝචනීයයි. මහ ජනතාව මේ වගේ විරෝධයක් මාධ්‍යයට විරුද්ධව ගෙනියනවා නම් මාධ්‍ය වහාම තමන් විසින්ම තමන්ව ස්වේච්ඡාවෙන් පාලනය කර ගැනීමේ රෙගුලාසි පනවා ගැනීම ඉක්මනින්ම කර ගත යුතුයි.
ඔබ තුමා කියන විදියට මේක පෞද්ගලිකත්වයට හානියක්. මේකේ නීතිමය පැත්තෙනුත් ගැටලුවක් තියෙනවා. නමුත් දැන හෝ නොදැන, හරි හෝ වැරැදි, රාජ්‍ය නිලධාරීන් තවමත් මේ කටයුතු සඳහා මාධ්‍ය එක්ක යනවා. මෙය නැවතිය යුත්තේ කොතැනින්ද?
කොරෝනා සම්බන්ධයෙන් පී. එච්. අයි. මහත්වරුන්ට විශාල වගකීමක් තියෙනවා. ඔවුන් තමන්ගේ රාජකාරිය ඉටු කරනවා. හමුදාව, පොලිසිය තමන්ගේ රාජකාරිය කරනවා. අත්‍යවශ්‍ය සේවා කරන අය තමන්ගේ රාජකාරිය කරනවා. නමුත් රාජකාරිය කරන මුවාවෙන් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය විනාශකරලා මිනිස්සුන්ගේ ජීවිතවලට හානි කරන්න කිසිම කෙනකුට අයිතිවාසිකමක් නැහැ. පළමුවැනි දේ තමයි මහජනතාව මේකට විරුද්ධ විය යුතුයි. මං කියන්නේ පොලිස් නිලධාරින්වත්, පී. එච්. අයි. නිලධාරීන්වත්, වෙන සෞඛ්‍ය නිලධාරීන්වත් පැමිණෙන එක ගැන නෙවෙයි. ඒ අයට පැමිණෙන්න නීත්‍යානුකූල අයිතියක් තියෙනවා. ඒ අය පැමිණෙන්න ඕනෑ. ඒ අය එන්නේ නැතිව අපිට මේක පාලනය කරන්න බැහැ. ඒ අයට තමන්ගේ රාජකාරිය කරන්න ඉඩ දෙන්න ඕනෑ. ඒත් ඒ අය ඒ සඳහා මාධ්‍ය එක්කරගෙන එනවා නම්, ගේ ඇතුළට මාධ්‍ය ගන්න එපා කියලා ඒ නිලධාරින්ගෙන් ඉල්ලන්න මහජනතාවට අයිතිය තියෙනවා.
නමුත් මෙවැනි අවස්ථාවක මෙවැනි ප්‍රදේශ ගැන දැන ගන්න එක හොඳයි කියලත් මතයක් තියෙනවා. එම ප්‍රදේශ ගැන දැන ගන්න එක මහ ජනතාවගේ අයිතියක් කියලත් පිරිසක් කියනවා. ඒ ගැන මොකද කියන්නේ?
ප්‍රදේශය මේකයි කියලා කියන එක ප්‍රශ්නයක් නැහැ. යම් කිසි ප්‍රදේශයක යම් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයක් අතර රෝගීන් කිහිප දෙනෙක් හමු වෙලා කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙන්න රෝගියා ඉන්න ගෙදර. මෙන්න අංකය කියලා පෙන්වන්න අයිතියක් නැහැ. මේක රෝගී තත්ත්වයක්. කවුරුත් ගිහිල්ලා හදා ගත්ත එකක් නෙවෙයි. මේක මට ඔබට නැත්නම් ඔය පෙන්වන මාධ්‍ය නිලධාරීන්ට වුණත් හැදෙන්න පුළුවන්. මේක හැදෙන්නේ කාටද කියලා අපි දන්නේ නැහැ. ඒත් මේක හැදුණු කෙනකුව අපරාධකරුවකුගේ ස්වභාවයෙන් පෙන්වන මාධ්‍ය ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. මහ ජනතාව ඊට විරුද්ධව කටයුතු කළ යුතුයි.
19 වැනි සංශෝධනය යටතේ සම්මත කළ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හෙළිදරව් නොකිරීමේ කරුණු ගැනත් සඳහන් වෙනවා නේද? මේ ගැනත් ඔබතුමාගෙන් දැන ගන්න කැමැතියි.
එහි ඒ සම්බන්ධ කාරණා කිහිපයක් තියෙනවා. එහි ප්‍රධානම දේ තමයි පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය සම්බන්ධ තොරතුරු ඒ හරහා ලබා ගන්න බැහැ කියන එක. ඒ වගේම කිසිම රෝගයක් සම්බන්ධ තොරතුරුත් ඒ හරහා ලබා ගන්න හෝ ලබා දෙන්න බැහැ. තොරතුරු දැන ගැනීමේ පනත හරහා තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉතාම ලිහිල් කළා. ඒක ඉතාම හොඳ පනතක්. ඉතාම ප්‍රගතිශීලී පනතක්. නමුත් ඒ හරහා කොතරම් තොරතුරු දැන ගැනීමේ ඉඩකඩ ලබා දුන්නත් ව්‍යවස්ථාදායකය දැක්කා පෞද්ගලිකත්වයට අදාළ දේවල් දුන්නොත් සිද්ධ වෙන හානිය. රෝගී තොරතුරු සම්බන්ධයෙන් දුන්නොත් වෙන හානිය දැක්කා. ඒක නිසා තමයි ඒවා නොදිය යුතු කාරණාවක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ තොරතුරු දැන ගැනීමේ පනතෙන්වත් ලබා ගන්න බැරි දේවල් තමයි අද වන විට රාජ්‍ය නිලධාරීන් මාධ්‍යයට ලබා දෙන්නේ.
මේ වෙද්දී සමාජ මාධ්‍යයත් ලොකු බලපෑමක් එල්ල කරන තැනට පත් වෙලා. ඒ හරහා පුද්ගලයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වෙනවා. ඒ සම්බන්ධ නීතිමය තත්ත්වය මොකක්ද?
මේ විද්්‍යුත් මාධ්‍යයත් එක්ක ඇවිල්ලා තියෙන තත්ත්වය කිසියම් පාලනයකට ලක් කළ යුතුයි කියලයි මම හිතන්නේ. ඒක ඇත්ත වශයෙන්ම සිද්ධ විය යුතු දෙයක් නෙවෙයි. නමුත් සමාජ මාධ්‍ය පරිශීලකයින් එහෙම කළ යුතු තැනට පත් කර ගෙන තියෙනවා. ඒ පාලනය ඇති නොකළොත් දරුවෝ අවුරුදු දහ හතරෙන්, පහළොවෙන් අපරාධකාරයෝ හැටියට එළියට එන එක නවත්වගන්න බැරි වෙනවා.
ප්‍රධාන මාධ්‍යයක් යම් අපහාස කිරීමක් සිදු කළොත් ඒ වෙනුවෙන් නීතිය ඉදිරියට යන්න පුළුවන්. වන්දි ලබා ගන්න පුළුවන්. සමාජ මාධ්‍යයට එවැනි නීතියක් තිබෙනවද ලංකාවේ?
සමාජ මාධ්‍යයටත් ඒ නීතිය අදාළයි. නමුත් සමාජ මාධ්‍යයේ වෙනත් නම්වලින් මේ අපහාසයන් සිද්ධ කිරීම තමයි ප්‍රශ්නය. අන්තර්ජාල අපහාසය කියන එක මේ වෙද්දි මුළු ලෝකය පුරාම ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. සමාජ මාධ්‍ය හරහා සිදු වන අපරාධ සම්බන්ධයෙන් පනතක් ඇති කරන්න, නීතියක් ඇති කරන්න කාලය උදා වෙලා කියලයි මම හිතන්නේ. මේ සම්බන්ධයෙන් වර්තමානයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටලා තියෙන “සර්ට්” කියන රජයේ ආයතනයට හෝ පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්.

SendShareShare
Previous Post

‘රට හදන හැටි’: මේ සතියේ රවී කියයි

Next Post

නලින් කසිප්පු පෙරුවද? බන්දුල කට වරද්දගත්තද? චන්දිම සල්ලි අච්චු ගැහුවද? මව්රට ඇත්ත හොයාගනී

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.