• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සංගා-මහේල ක්‍රිකට් ගහද්දී හිටපු ක්‍රිකට් ලොක්කො ගහපු ගැහිලි ICCය සාක්ෂිත් එක්කම එළියට දමයි

July 27, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
සංගා-මහේල ක්‍රිකට් ගහද්දී හිටපු ක්‍රිකට් ලොක්කො ගහපු ගැහිලි ICCය සාක්ෂිත් එක්කම එළියට දමයි
Share on WhatsAppShare on Facebook

“ඔක්කොම කුණු බේරුවල බොක්කට” යැයි අපූරු ජන කියමනක් අප සමාජයෙහි ඇත. ඒ කියන්නේ හතරදිග්භාගයකින්ම එන කුණු ගොඩවල් බේරුවල බොක්කටම ගොඩගැසෙන කතාවකි. මෙම කතාව ඇසෙන මානයේදීම අපට තවත් අපූරු වදනක්ද නිර්මාණය කළ හැකිය. එය නම් ‘ඔක්කොම කුණු ක්‍රිකට්වලට’ යැයි කියමනය. අපේ රටේ නොයෙකුත් ක්‍රීඩාවන් වර්ග රැසක් තිබුණත් හැමදාම කුණු ගොඩවල් ගැන ඇසෙන්නට වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණි. එය අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවේ නොතිබුණද එහෙත් පසුගිය දශක කිහිපයක සිට මේ ජරාජීර්ණ කුණුගොඩවල් ක්‍රිකට් ක්‍රීඩාවට රැගෙන ආවේ අපේ රටේ සමහර දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් විසිනි. ඔවුන් මේ විශ්වනීය ක්‍රීඩාව සමහර අවස්ථාවලදී ‘අසූචි වළවල්’ බවට පත් කළේය. එහෙත් එම අසූචි වළෙහිම බැසගත් මේ දේශපාලකයන් සහ ව්‍යාපාරිකයෝ එම වළවල්වලින්ම ඩොලර්, පවුම් ලක්ෂ ගණනින්ද උපයා ගත්හ. ලෝකයේ රටවල්වලින් රටවල් 105ක් මේ වන විට ක්‍රිකට ක්‍රීඩාවෙහි නිරතව සිටින අතර, ඔවුහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේද සාමාජිකයන් වෙති. එහෙත් මෙම ලැයිස්තුවෙන් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමිව ඇත්තේ රටවල් 12කට පමණි. එනම් ජාත්‍යන්තර පූර්ණ ක්‍රිකට් ක්‍රමවේදය (International Full Cricket Criteria) අනුගමනය කරන්නේ මෙම රටවල් 12 වන අතර, ශ්‍රී ලංකාවද එයට අයත්ය. මේ අනුව කලින් කලට මෙම රටවල්වලින් විවිධ හොඳ, නරක කතාන්දර අපට අසන්නට ලැබෙයි. මේ කතාන්දරවලට ශ්‍රී ලංකාවද අංක එකේ රටකි. එනම් පසුගියදා කොරෝනා ගිනි ජාලාවෙන් රට ගිනි ගනිද්දීද, ක්‍රිකට් ගිනි ජාලාවක වගතුග රට වසා ගත්තේය. එය නම් අප කවුරුත් හොඳින් හඳුනන 2011 ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලිය කේන්ද්‍ර කරගත් දෝෂාරෝපණයයි. එනම් ක්‍රිකට් ක්‍රීඩා තරග මුදලට පාවා දුන්නේ යැයි පැවසෙන චෝදනාවය. මෙම චෝදනාව ගෙන එන ලද්දේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. කෙසේ හෝ මෙම තදබල පැමිණිල්ල මත අවසානයේදී ඉතා ඉහළ මට්ටමේ රහස් පොලිස් පරීක්ෂණ පවා සිදුවූ අතර, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාරට පැය 09කට අධික කාලයක් රහස් පොලිසියට කටඋත්තර පවා ලබාදීමට සිදුවිය. අවසානයේදී මේ චෝදනාවන් සියල්ල පුස්සක් බවට පත්විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ චෝදනා සියල්ලම බැහැර කරමින් නිල නිවේදනයක්ද නිකුත් කළේය.
අවසානයේදී එකල ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම පුහු චෝදනාවලින් නිදහස් විය. හිටපු ක්‍රීඩා ඇමැති විසින් තමන් ගැසූ පාරාවළල්ල තමන්ටම නැවැත කැරකී ආවේය. මෙම තොරතුරු තවත් දිගින් දිගට අනවශ්‍යය. එම කතාන්දරය අද රටේ ජනතාව හොඳින් දනිති.
හොඳ හොඳ නාටක තිබෙන්නේ එළිවෙන ජාමෙටය. එනම් දහඅට සන්නියේ ‘අයිලේ පදින්නේ’ මේ වෙලාවටය. එළිවෙන ජාමෙට පදින ‘අයිලයෙන්’ නිකම් හෝ බිම ඇදගෙන වැටුණහොත් වෙන්නේ කොන්ද කඩාගන්නටය. මේ ආකාරයට අපේ ක්‍රිකට් ලෝකයේත් අයිලෙ පදින්නට ගොස් ඇදගෙන වැටුණු නැට්ටුවෝද සිටිති. ‘අළුයට ගිනි’ මෙන් එළියට එන මේ කතාවද එවන් එකකි.

පසුගිය වසරේ (2019) ඔක්තෝබර් 03 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය වෙත එක්තරා සුවිශේෂී ලිපියක් එවූයේය. මෙය එම කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් (Alex Marshall – General Manager, ICC Anti Corruption Unit) විසින් එවන ලද්දකි. මෙම ලිපියේ මාතෘකාව නොහොත් විෂය වූයේ ‘ග්ලින් පැල්මර් මහතා’ නොහොත් mr. Glyn Palmer යන්නය. එයින් අර්ථවත් වන්නේ ග්ලින් පැල්මර් නමැති පුද්ගලයකු ගැන කතාවෙනු ලබන විෂයක් එහි අන්තර්ග වීමය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය එකල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම විස්තර සපයා තිබිණි. ශ්‍රී ලංකා ක්‍රිකට් උදෙසා එකල අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන යම් පරීක්ෂණයකට අදාළව මෙම විස්තර ඉල්ලා තිබිණි. එම සජීවී විමර්ශනයේ ප්‍රධානතම සහ අත්‍යවශ්‍යම සාක්ෂිකරුවකු වන්නේ ඉහත සඳහන් කළ ග්ලින් පැල්මර්ය. මොහු එංගලන්තයේ පුරවැසියකු වන අතර, වෘත්තියෙන් සූදු ක්‍රීඩාව ආශ්‍රිත ව්‍යාපාරයේ අතිශය ප්‍රවීණයෙකි. ඔහු වසර ගණනාවක සිට එංගලන්තයේ සූදු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකුද විය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන කරුණුවලට අනුව ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’වලට අදාළව සිදුවී ඇති දූෂණ, වංචා ගැන බොහෝ වැදගත් තොරතුරු දන්නේ මෙම ග්ලින් පැල්මර් නමැත්තාය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කවුන්සිලය තවත් වදනකින් හඳුන්වන්නේ ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ ලෙසිනි. මෙම කතාන්දරය සිදුවන කාලයේදී මෙම ආයතනයේ හිටපු පරිපාලන නිලධාරියා හා ග්ලින් පැල්මර් අතර විශේෂ හිතවත්කමක් ඇතිවී තිබේ. එනම් මෙම හිටපු ප්‍රධානියා හා පැල්මර් අතර මිත්‍රත්වය දශක කිහිපයක් පුරාම දිවයන එකක් බවට පත්ව තිබිණි. එනම් පසුගිය කාලයේ සිට මෑත සමයක් තෙක්ම මේ හිටපු පරිපාලන ලොක්කාගේ බොහෝ වෘත්තීමය සහ පෞද්ගලික කටයුතු රාශියකටද ග්ලින් පැල්මර් සම්බන්ධ වී ඇත. මෙහිදී මොවුන් දෙදෙනාගේම විශේෂත්වය වන්නේ ඔවුන් ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ක්‍රීඩාවේ ව්‍යාපාර කටයුතුවලද නිරතව සිටීමයි. ග්ලින් පැල්මර් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු මෙන්ම විශේෂඥයකුද හෙයින් ඔහු තම සේවය ශ්‍රී ලංකාවේ හිටපු පරිපාලන ලොක්කාටද ලබාදී ඇති බව කියැවේ.
‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ තුළ ඇතිවී තිබෙන අක්‍රමිකතා ගැන මුලින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන අංශය විසින් ග්ලින් පැල්මර්ගෙන් විමසා සිටියද ඔහු එම තොරතුරු හෙළි කිරීමෙන් වැළකී සිටියේය. එහෙත් පසුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් දන්නා කරුණු කවුන්සිලය වෙත ප්‍රකාශ කරන බැව්ය. මෙහිදී මුලින්ම ග්ලින් පැල්මර් ප්‍රකාශ කර ඇත්තේ තමන් වසර ගණනාවක්ම උපදේශකවරයකු ලෙස යට කී හිටපු පරිපාලන ප්‍රධානියාට සේවය ලබාදුන් බැව්ය. ඔහුගේ ඔට්ටු සහ සූදු ඇල්ලීමේ ව්‍යාපාරය සඳහා තමන් විශාල මෙහෙවරක් ඉටුකළ අතර, එම ව්‍යාපාරය මුලින් ආරම්භ කිරීමටද තමන්ගේ සේවය ලබාදුන් බැව් ඔහු ප්‍රකාශ කර ඇත. මේ ආකාරයට ග්ලින් පැල්මර් වසර ගණනාවක් තම සේවය මේ හිටපු ප්‍රධානියාට ලබාදී ඇති අතර, ඉන් පසුව එම කටයුතුවලින් ඔහු ඉවත්වී ඇත. මෙම කටයුතු සිදුකිරීම වෙනුවෙන් මෙම හිටපු ප්‍රධානියා විසින් ග්ලින් පැල්මර් වෙත මාසිකව බි්‍රතාන්‍ය පවුම් 1000ක (රුපියල් 2,30,000ක් පමණ) මුදලක් මාසිකව ලබාදී ඇත.
‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ ගැන එල්ලවන දූෂණ වංචා ගැන විමර්ශනය කිරීම සඳහා 2019 ජූලි 08 වැනිදා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විමර්ශකයන් ග්ලින් පැල්මර්ගේ එංගලන්තයේ නිවසේදී හමුවී ඇත. මෙහිදී පැල්මර් විසින් ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’වලට අදාළව බොහෝ වැදගත් ලිපි ලේඛන රැසක් ඉදිරිපත් කර ඇති අතර, එම ලේඛනවල මුල් පිටපත් තමන් භාරයේම තබාගෙන ඇත. එහෙත් ඒවා ඡායාරූපගත කර ගැනීමට කවුන්සිලයට ඉඩ ලබාදී ඇත. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පිටු 12කින් සමන්විත වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මේ මඟින් දූෂණ, වංචා සහ මූල්‍ය අක්‍රමිකතාද ඉදිරිපත් කර ඇත.
ග්ලින් පැල්මර් ප්‍රකාශ කර ඇත්තේ මේ හිටපු ප්‍රධානියා වයස අවුරුදු 21දී සිටම තමන් හොඳින් හඳුනන බවත් තමන්ද වසරකට දෙතුන් වතාවක්ම ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ ව්‍යාපාරවලට උදව් කරන බවත්ය. මෙසේ සමීපව කටයුතු කරන අතරවාරයේ ඔහු විසින් ග්ලින් පැල්මර්ට අයත් විවිධ බැංකු ගිණුම් සහ සමාගම් හරහා විවිධ මුදල් ගනුදෙනු සිදු කිරීම ආරම්භ කළ බැව්ද පැල්මර් ප්‍රකාශ කර ඇත. මෙම අසාමාන්‍ය මුදල් ගනුදෙනු එක්තරා ආකාරයකින් අල්ලස් ලබාදීමේ වැනි ක්‍රියාවලියක් යැයි ග්ලින් පැල්මර් විසින් විමර්ශකයන්ට අවධාරණය කර ඇත. මෙහිදී තමන් සතු බැංකු ගිණුම් තුනක් සමඟ එවැනි ගනුදෙනු කිරීම් සිදුකර ඇත. එම ගිණුම් මෙසේය.

– GP Personal account with Midland Bank account No – 71220470
– GP HSBC business account No – 01826867
– Euro Com Link, UK Registered Company


ඉහත එම විස්තර ඉදිරිපත් කර ඇත්තේ පැල්මර් විසින්මය. මෙහිදී ඉතාමත් සුවිශේෂී කරුණක් ඔහු හෙළිකර ඇත. එනම් 1997 වසරේදී ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ සඳහා වන රූපවාහිනී ප්‍රචාරක අයිතිවාසිකම් විකුණා ඇත්තේ මාර්ක් මැස්කෙරෙනාස් Mark Mascarenas මොහු දැන් මියගොස් ඇත) සහ ඔහුගේ රූපවාහිනී සමාගම වන ලොව ප්‍රකට ‘වර්ල්ඞ්ටෙල්’ (WorldTel) ආයතනය වෙතය. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්හි අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් වර්ල්ඞ් ටෙල් ආයතනය විසින් මෙම හිටපු ප්‍රධානියා වෙත ඩොලර් 1,00,000 (ලක්ෂයක) අල්ලසක් ලබාදී ඇතැයි ග්ලින් පැල්මර් ප්‍රකාශ කර ඇත. එම මුදලින් මුලින් ඩොලර් 50,000ක මුදලක් ලබාදී ඇති අතර, එම මුදල තමන්ගේ මිඞ්ලන්ඞ් බැංකු ගිණුම හරහා ලැබුණු බැව් ඔහු සඳහන් කර ඇත. ඉන් පසු තවත් තෙවතාවක්ම ඩොලර් 35,750ක මුදලක් තමන්ගේ එම බැංකු ගිණුමටම ලැබුණු බවත් පැල්මර් විසින් ප්‍රකාශ කර ඇති අතර, එම ගනුදෙනුවලට අදාළ රිසිට්පත් සියල්ලම විමර්ශකයන්ට ඉදිරිපත් කර ඇත.
මේ ආකාරයට ලැබුණු මුදල් තමන් විසින් මෙම හිටපු ප්‍රධානියාගේ අවශ්‍යතා සඳහා යොමුකළ බැව් ග්ලින් පැල්මර් ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහු පවසා ඇත්තේ මෙම මුදල් එම ප්‍රධානියාගේ පුද්ගලික සුඛ විහරණය සඳහා භාවිතා නොකළ බවත්, එම මුදල් තම ව්‍යාපාරයේ කටයුතු සඳහා යොදවාගත් බැව්ය. එම මුදල් භාවිත කරමින් එංගලන්තයේ සිට විකාශය වන සජීවී රේස් තරග සේවයක් ස්ථාපිත කරගත් බැව්ද ඔහු ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරිපත් කරන ලද මෙම පිටු 12ක වාර්තාවෙන් අවසාන ලෙස කියා සිටියේ මෙම තදබල අපරාධ චෝදනා ගැන ක්‍රීඩා අමාත්‍යාංශය විසින් යම් පියවරක් ගතයුතු බැව්ය. එසේම මෙම සිදුවීම් යම් නීතිමය අධිකාරියක් වෙතටද ඉදිරිපත් කළ යුතු යැයි අවධාරණය කෙරිණි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

නවීන්ගේ නායක කතාවට අකිල-දයා-පාලිත-සාගල-වජිර කන පැලෙන්නම දුන් උත්තර මෙන්න

Next Post

ඩෝසර් කළ දෙවන බුවනෙකබා රජුගේ රාජ සභාව යළි හදන්න ලක්ෂ 90ක්!

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.