කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ඩෝසර් කර කඩා බිඳ දැමූ දෙවන බුවනෙකබා රජුගේ රාජසභා මණ්ඩපය බව කියන ගොඩනැගිල්ල යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලක්ෂ 90ක පමණ මුදලක් වියදම් වනු ඇති බවට බුද්ධශාසන හා සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තුගත කොට ඇති බව දැනගන්නට ඇත.
බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රකාශ කළේ අනුනායක හිමිවරුන්, සංස්කෘතික හා පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවලදී මෙම භූමිය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කළ බවයි.
වයඹ පළාත් සභාව, කුරුණගල මහ නගර සභාව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ රජය සමඟ එක්ව අරමුදල් රැස් කිරීමට නියමිත බවද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටියේය.










