• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වලා සළු විමනක ආදරේ විඳින්න එන්න

September 30, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
වලා සළු විමනක ආදරේ විඳින්න එන්න
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල දැඩි ආන්දෝලනයකට තුඩු දීලා තියෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය පිළිබඳ සහ එහි ඇති වැදගත්කම ගැන තමයි අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ. වර්තමානයේදී දේශීය සහ විදේශීය සංචාරකයන් අතර හෝර්ටන් තැන්න නමින් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන මේ ජාතික වනෝද්‍යානය මහ එළිය සහ මහ එළිය තැන්න යන නමින් තමයි අතීතයේදී හඳුන්වලා තියෙන්නේ.
ඉතාම මනරම් ස්වභාව සෞන්දර්යයකින් යුතු හෝර්ටන් තැන්න තමයි ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඉහළින්ම පිහිටි එකම තැන්න. හෝර්ටන්තැන්න සානුව ලෙස ඒ තැනිතලාව හැඳින්වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ පිහිටි එකම ජාතික වනෝද්‍යානය ලෙසත් මේ හෝර්ටන් තැන්න සැලකෙනවා. ක්ෂණයකින් වෙනස් වන කාලගුණයකින් යුතු විවිධ පරිසර පද්ධතීන්ගෙන් ගහන හෝර්ටන්තැන්න අද වෙද්දී සංචාරක මර්මස්ථානයක්.
යටත් විජිත කාලයේදී මේ මහඑළිය යොදාගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම දඩයම් කෙළිය සඳහායි. දඩයම් කෙළිය සඳහා මධ්‍යම කඳුකරය තුළ ඉංග්‍රීසි ජාතිකයන් භාවිතා කළ ප්‍රධාන භූමිය වුණෙත් මේ මහඑළිය හෙවත් හෝර්ටන් තැන්නයි. 1920 වසරේදී කපිතාන් විලියම් ශිපර් සහ කර්නල් ඇල්බර්ට් වොට්සන් කියන ඉංග්‍රීසි ජාතිකයන් තමයි මේ මනරම් භූමිය හොයා ගෙන තියෙන්නේ. ඉන්පසු හෝර්ටන් ආණ්ඩුකාරවරයා මෙහි සංචාරය කිරීමෙන් පසුව තමයි මහඑළිය තැන්නට හෝර්ටන්තැන්න යන නම භාවිතා කිරීම ආරම්භ වී තියෙන්නේ. දඩයම් කෙළිය සඳහා භාවිතා කළ හෝර්ටන්තැන්න 1969 වසරේදී ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි විශාලම වළාකුළු වනාන්තරය වෙන්නෙත් මේ හෝර්ටන්තැන්නයි. ඒ වගේම හෝර්ටන්තැන්න සුවිශේෂී පාරිසරික කලාපයක් මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක්. හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය යනු ශ්‍රී ලංකාවේ හදවත ලෙස හැඳින්වුවත් එහි වරදක් නැහැ. සමස්ත ශ්‍රී ලංකාවේම ජල සම්පත ආරක්ෂා කරන මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජල මූලාශ්‍රය තමයි හෝර්ටන්තැන්න. එවැනි විශේෂ සංවේදී කලාපයක් පිළිබඳ කරුණු ගෙන එමින් ජනතාවගේ පාරිසරික සංවේදී බව වැඩි කරන එක තමයි අපේ කැලෑ කොලමේ ප්‍රධාන අරමුණ.
ලංකාවේ ප්‍රධාන ගංගා ලෙස සැලකෙන මහවැලි, කැලණි සහ වලවේ යන ගංගා තුනේම මුල් උල්පත් පිහිටලා තියෙන්නේ හෝර්ටන්තැන්නේ. ඒ හින්දා මේ ජාතික වනෝද්‍යානයේ පැවැත්ම හරහා මුළු රටටම එල්ල වන බලපෑම ඉතා විශාලයි. හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ ඉතා සුලබව ගෝනුන් දැක ගන්න පුළුවන්. ඒ වගේම හෝර්ටන්තැන්නේ ජීවත් වෙන ගෝනුන් ලංකාවේ අනෙක් ප්‍රදේශවල ජීවත්වන ගෝනුන්ට වඩා වෙනස්. උන් පෘෂ්ටිමත්. ශරීර අංග ඉතා හොඳින් වැඩිලා. ඒ වගේම ඉතාම කලාතුරකින් කොටියකු දැක ගැනීමේ අවස්ථාවත් හෝර්ටන්තැන්නට යන සංචාරකයකුට උදා වෙන්න පුළුවන්. හෝර්ටන්තැන්නේ ජීවත් වෙන කොටියනුත් ලංකාවේ අනෙක් ප්‍රදේශවල ජීවත් වෙන කොටියන්ට වඩා පෘෂ්ටිමත්. ඒ වගේම උන්ගේ ඉතා හොඳින් ලොම් වැඩිලා තියෙන බවත් දැක ගන්න පුළුවන්. ඊට අමතරව ඒක දේශීය පක්ෂීන් වන නිල් මැසි මාරා dull blue flycatcher, අරංගයා (ceylon whistling thrush) වගේම ඒක දේශික සත්වයකු වන මහ කළු වඳුරාත් (purple- faced leaf monkey) හෝර්ටන්තැන්නෙදි දැක ගන්න පුළුවන්.
හෝර්ටන්තැන්නේ ශාක ඝනත්වය හෙක්ටයාරයකට ශාක 2800ක් විදියට සැලකෙනවා. පරීක්ෂණ අනුව හෝර්ටන්තැන්නෙන් සොයා ගත් ශාක විශේෂ 101 අතරින් 49ක්ම ලංකාවට ආවේණික ශාක වීමත් විශේෂයි. ඒ අතරින් බොහොමයක් දැක ගත හැක්කේ හෝර්ටන්තැන්නේදී පමණක් වීමත් සුවිශේෂී කාරණයක් ලෙස සඳහන් කළ යුතුයි. වල් කදුරු, දඹ වැනි ශාක ඒ අතරින් විශේෂයි. පක්ෂි විශේෂ 98ක්, ක්ෂීරපායි විශේෂ 14ක්, උභයජීවීන් 16/20ක් අතර ප්‍රමාණයක් සහ සමනල විශේෂ 40ක් පමණ හෝර්ටන්තැන්නේ ජීවත් වන බව පරීක්ෂණ මඟින් සනාථ වෙලා තියෙනවා.
මුහුදු මට්ටමේ සිට මීටර් 1200ක්, 2300ක් (අඩි 3900/7500) අතර උසින් පිහිටි හෝර්ටන්තැන්න දැඩි ලෙස හුළං හමන ප්‍රදේශයක්. ඒ හින්දම එහි ශාක කුරු හැඩයකින් යුක්තයි. ශාකවල මුදුන පියස්සක් විදියට සැකසිලා තියෙන්නෙත් විශාල සුළංවල බලපෑම හින්දයි. හෝර්ටන්තැන්නේ සිදුකළ පුරාවිද්‍යා පරීක්ෂණ තුළින් යෝධ මීවන, මහරත්මල් වැනි ශාක වසර 20,000කට පෙර සිට එහි පැවතුණු බවට සාක්ෂි හමුවෙලා තියෙනවා. ඒ වගේම ක්‍රි. පූ. 8000ට පමණ පෙර කාලයේදී වගා කටයුතු සඳහා එම භූමිය භාවිතා කර ඇති බවත් පුරාවිද්‍යා පරීක්ෂණ මඟින් සොයා ගෙන තියෙනවා.
ඒ වගේම පෞද්ගලිකව මා දැක ඇති පාරිසරික අතින් අඩුම විනාශයක් අත් වූ ජාතික වනෝද්‍යානය ලෙස හෝර්ටන්තැන්න නම් කරන්න පුළුවන්. අදටත් ඒ තත්ත්වයෙන් හෝර්ටන්තැන්න පවත්වා ගැනීම සම්බන්ධයෙන් එහි පරිපාලනයට අපේ ස්තුතිය හිමිවිය යුතුමයි. හෝර්ටන්තැන්නට පත්වන හැම උද්‍යාන භාරකරුවෙක්ම නීතිය අකුරුටම ක්‍රියාත්මක කරනවා. ඒ හේතුවෙන් සංචාරකයන් විසින් බැහැර කරන ලද කොළ කැබැල්ලක්වත් හෝර්ටන්තැන්නේ දැක ගන්න නැහැ. ඒ වගේම ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය කිසිවක් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට රැගෙන යන්නටත් කාටවත් අවසරය හිමි වෙන්නේ නැහැ. ඔහියේ සහ පට්ටිපොළ සිට හෝර්ටන්තැන්නට පැමිණෙන මාර්ග දෙකෙන්ම සවස 2න් පසු කිසිම වාහනයක් ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන එකත් පරිපාලනය විසින් ගෙන ඇති ඉතාම යහපත් සෘජු තීරණයක්. ඒ වෙලාව තවත් අඩු වෙනවා නම් හොඳයි කියන එක තමයි අපේ අදහස.
අදටත් බොහෝ දෙනෙක් හෝරටන්තැන්නේ සංචාරය කරන්නේ විනෝද චාරිකාවක් විදියට විතරයි. බේකර්ස් ඇල්ල, ලෝකාන්තය සහ කිරිගල්පොත්ත කන්ද තමයි හෝර්ටන්තැන්නට යන සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම් ස්ථාන වෙන්නේ. වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ගෙන යන මහඑළිය බංගලාව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටලා තියෙනවා. විනෝද චාරිකාවකට එහා ගිහින් තමන්ගේ දැනුම සහ බුද්ධිය එක්ක සංචාරයක නිරත වෙනවානම් හුස්ම ගන්න බව ඇඟට දැනෙන්න සලස්වන අපූරු පාරිසරික පිහිටීමක් හෝර්ටන්තැන්නේ තියෙනවා. හෝර්ටන්තැන්න ගැන තවත් බොහෝ දේ ලබන සතියේ කැලෑ කොලම හරහාත් කතා කරන්න අපි බලාපොරොත්තුවෙනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

නුවර පොළොව යට ගඟක් EXCLUSIVE VIDEO

Next Post

පාතාලේ DON ‘රොහා’ අල්ලපු හැටි-මරපු හැටි EXCLUSIVE

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.