• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවර පොළොව යට ගඟක් EXCLUSIVE VIDEO

September 30, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
නුවර පොළොව යට ගඟක් EXCLUSIVE VIDEO
Share on WhatsAppShare on Facebook

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් නිවාසයක් ඒ අසල තිබුණු තවත් කුඩා ප්‍රමාණයේ හෝටලයක් මතට කඩා වැටීමෙන් සිදු වූ ඛේදවාචකයේ කම්පනය තවමත් අපේ හදවත්වලින් ඈත් වෙලා නැහැ. ඒ අනතුරින් මිය ගිය මව, පියා සහ කුඩා බිලිඳාගේ අවසන් කටයුතු පසුගිය 23 වැනිදා සිදු කෙරුණා.
මේ වගේ අනතුරක් වෙන්න හේතුව මොකක්ද කියන එක තමයි පසුගිය දින කිහිපය පුරාම හැම දෙනාගේම අවධානය යොමු වෙලා තිබුණු ප්‍රධාන කාරණය වුණේ. ඒ ගැන විවිධ මතිමතාන්තර මේ වෙද්දී අහන්න ලැබෙනවා. මේ ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකට ඉදි වෙලා නැහැ කියන එක තමයි ඒ අතරේ තියෙන ප්‍රධාන චෝදනාව. ඒ ගැන පාර්ශ්ව කිහිපයක්ම මේ වෙද්දී පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියෙන් ඉදි කරලා නැත්නම් එහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පොලිසිය ප්‍රකාශ කරලා තියෙනවා.
මේ අතරේ මේ ගොඩනැඟිල්ල ඉදිකෙරුව භූමිය අස්ථාවර එකක් බවට මේ ගැන පරීක්ෂණ පවත්වපු භූ විද්‍යාඥයන් පිරිසක් පසුගියදා ප්‍රකාශ කළා. ඒ වගේම එම ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ නිම්නයක් ආරම්භ වන ප්‍රදේශයේ කියලත් ඒ අය වැඩිදුරටත් කියලා තිබුණා. නිම්නයක් කිව්ව ගමන් ඕනෑ කෙනකුට මතක් වෙන්නේ දිය පහරක්. මොකද නිම්න දිගේ තමයි ගංඟා, ඇළ දොළ ඇතුළු සෑම දිය පහරක්ම ගලා ගෙන යන්නේ. ඒ හින්දා මේ භූමියේ අතීතයේදී දිය පහරක් ගලා ගෙන ගිය ප්‍රදේශයක්ද කියලත් බොහෝ දෙනකු තුළ කුතුහලයක් ඇති වෙන්න ගත්තා.
ඇත්තටම මහනුවර කියන්නේ දිය පහරක් උඩ පිහිටි නගරයක්ද? ඒ ගැන මීට මාස කිහිපයකට කලින් සිදු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ගැන අවධානය යොමු කරන්නයි මේ හදන්නේ. සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්න මහතා තමයි ඒ හෙළිදරව්ව සිදු කරලා තිබුණේ. ඒ අපේ මව්රට පුවත්පතේ ජීවන පහන් තිළිණ සමඟ පැවැති යූ ටියුබ් සංවාදයකදී. මීට මාස කිහිපයකට කලින් ජීවන, මහනුවර පිළිබඳ නොදන්නා තොරතුරු රාශියක් ඇතුළත් වීඩියෝ කිහිපයක්ම යූටියුබ් වෙත එකතු කළා. ඒ භමඅ්ර් යූටියුබ් නාළිකාව හරහා. ඒ අතරින් එක් වීඩියෝවක තමයි මේ සාකච්ඡාව අඩංගු වෙන්නේ.
මේ වෙද්දී හැම දෙනා තුළම කුතුහලයක් ඇති වෙලා තියෙන මහනුවර භූමිය ගැන තමයි එහිදී කතා කෙරෙන්නේ. මහනුවර ඉදි වෙලා තියෙන්නේ සුවිසල් ජලාශයක් මත කියන කාරණය එහිදී මහාචාර්ය සාලිය ගුණරත්න මහතා පැහැදිලිව ඉස්මතු කරනවා. හැබැයි එතුමා මේ හෙළිදරව්ව සිදු කරන්නේ ජනප්‍රවාදගත මූලාශ්‍ර සහ ඒ ඇසුරෙන් සොයා ගත් කරුණු කාරණා ඇසුරින්.
“මම මේ කතා කරන්නේ අපි දන්න ඉතිහාසයට එහා නුවර ගැන. ඒ කාලේ නුවර කියන්නේ එක්තරා ආකාරයක වගුරු බිමක් වෙන්න පුළුවන්. ඒත් මේක සුවිසල් විදියේ සංවිධිත ජලාශයක් වෙන්න බැහැ. ඒ කියන්නේ බැමිවලින් සුරක්ෂිත, සොරොව්, රළ පනාව ආදිය සහිත ජලාශයක් වෙන්න බැහැ. මේක තැන් තැන්වලින් දිය පහර ගලා ගිය සමහර තැන්වල ගැඹුරු ජලය එක් රැස් වුණු ජලාශයක්.” මහාචාර්යතුමා ඒ ගැන අදහස් දක්වන්නේ එහෙමයි.
ඒ සම්බන්ධ මූලාශ්‍ර ගැනත් එතුමා එහිදී අදහස් දක්වනවා. “මේ ගැන නොයෙක් මූලාශ්‍ර ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා. එකක් තමයි නාවුල්ලේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ මධ්‍යම ලංකා පුරාවෘත්තය. මහනුවර අද තියෙන මධ්‍යම වෙළෙඳපොළ, ගුඞ්ෂෙඞ් බස් නැවතුම්පොළ සහ එහා පැත්තේ බහිරව කන්ද පාමුල තියෙන පුල්ලෙයාර් කෝවිල කියන ස්ථාන තුන කේන්ද්‍ර කර ගනිමින් ඉස්සර වැවක් තිබුණා කියලා මේ කෘතියේ සඳහන් වෙනවා. බහිරව කන්ද පාමුල තියෙන පුල්ලෙයාර් කෝවිල එතැන පිහිටුවූ ආකාරය ගැනත් ජනප්‍රවාද කිහිපයක් තියෙනවා. ඒ සියල්ල හරහාත් එහි වැවක් තිබූ බවට වූ කාරණය ඔප්පු වෙනවා.” ඒ සාලිය ගුණරත්න මහතාගේ අදහස්.
සාලිය ගුණරත්න මහතා සහ ජීවන අතර මේ සංවාදය පවත්වද්දී සහ එම සාකච්ඡාව අන්තර්ජාලයට මුදා හරිද්දී, නුවරින් මේ වගේ විනාශයක් අහන්න ලැබේවි කියලා කවුරුවත් හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. ඒත් අනෙක් හැමදේමට වඩා තමන් බලවත් බව සොබාදම මේ වෙද්දී නැවත වතාවක් ඔප්පු කරලා.
සාලිය ගුණරත්න මහාචාර්යතුමා සමඟ පැවැති සාකච්ඡාවේදී තවත් විශේෂ කරුණු රාශියක්ම අනාවරණය වෙනවා. ඒ අතරින් එක් අත්දැකීමක් එතුමා ලබලා තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ අවසන් වසරේ ශිෂ්‍යයකු විදියට ඉන්න කාලෙදි. ඒ මහතාගේ මතකය අනුව ඒ මීට වසර 25කට විතර කලින්. නුවර ඉපදී හැදී වැඩුණු එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන සමයේදී තමයි වර්තමානයේදී බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ කැන්ඩි සිටි සෙන්ටර් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ වෙලා තියෙන්නේ. ඒ ඉදිකිරීම් කරන කාලයේදී ඉදිකිරීම් සඳහා පොළොව විදපු හැම තැනකම ජලය පිරිලා තිබුණු බව තමයි ගුණරත්න මහතා කියන්නේ. වර්ෂාව නොමැති කාලයේදී පවා ඒ ජලය නොසිඳෙන ආකාරය තමන් නිරීක්ෂණය කළ බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.
ඒ වගේම වර්තමානයේ වාහන සේල්වලින් පිරී ගිය මහයියාව ප්‍රදේශය සහ මහනුවර රෝහල පිටුපස දෙයියන්ගේ වෙල නමින් හැඳින්වූ ප්‍රදේශය අතීතයේදී සරුසාර කෙත්වතු යායක් බවත් ඒ මහතා සඳහන් කරනවා. ඒත් අද වෙද්දී ඒ ප්‍රදේශයේ වෙල්යායක් තිබූ බවට සලකුණක්වත් නැහැ.
ඒ වගේම තවත් විශේෂ කාරණයක් මේ සාකච්ඡාවේදී ගුණරත්න මහාචාර්යතුමා විසින් හෙළි කරනවා. ඒ තමයි වර්තමානයේදීත් නුවර කඳු මුදුනක සිට මහනුවර වැවට ගලා ගෙන එන සිහිල් පැන් කඳුරේ ඉතිහාසය සම්බන්ධ කාරණාව. අද වෙද්දී ඒ සිහිල් පැන් කඳුර මහනුවර කිරි මුහුදෙන් ඉවර වුණත් අතීතයේදී මේ කඳුර දලඳා මාලිගාව ඉදිරියෙන් ගොස් වර්තමාන ත්‍රිත්ව විද්‍යාල අසලින් ගලා ගිය බවත් මහාචාර්ය සාලිය ගුණරත්න මහතා ප්‍රකාශ කරනවා. ඒ වගේම එවැනි විශාල කඳුරක් පෝෂණය කරන්න නුවර අවට සෑම තැනකින්ම විවිධ ප්‍රමාණයේ කඳුරු ගලාගෙන එන්නට ඇති බවත් එහිදී මහාචාර්යවරයා පවසනවා.
සාලිය ගුණරත්න මහාචාර්යතුමා ජනප්‍රවාදගත මූලාශ්‍ර ඇසුරින් ප්‍රකාශ කළ කාරණය අද වෙද්දී භූ විද්‍යාත්මක පරීක්ෂණ හරහා ඔප්පු වෙලා තියෙනවා. ඒත් ඒ ආපසු හැරවිය නොහැකි මහා ඛේදවාචකයක් සිද්ධ වුණාට පස්සේ. ඒ හින්දා ජනප්‍රවාදගත මූලාශ්‍ර ඇසුරින් හෙළිවන මේ කරුණ කාරණා තවදුරටත් නොසලකා හරින්න කිසිවකුට හැකියාවක් නැහැ. ඉදිරියේදී මේ වගේ ඛේදවාචකයන් වළක්වා ගන්න නම් වහාම මහනුවර සෑම ඉදිකිරීමක් සම්බන්ධව සොයා බැලිය යුතුයි කියලයි අපි කියන්නේ. මොකද සොබාදහම එක්ක කරන ගනුදෙනුව වැරදුනොත් ලැබෙන දඬුවම සුලුපටු නැහැ කියන එක අවස්ථා කිහිපයකදීම අපි අත්දැකලා තියෙනවා.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මාධ්‍ය ගැන චෝදනා රැසක්: ගෝඨා දැඩි තීන්දුවක් ගනී

Next Post

වලා සළු විමනක ආදරේ විඳින්න එන්න

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.