• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වගකීමක් නැති දොස්තරලා-නිලධාරීන්-පාලකයන් බිලිගත් මවක් ගැන ඇත්තම කතාවක්…

May 19, 2021
in News, Politics
Reading Time: 7 mins read
A A
වගකීමක් නැති දොස්තරලා-නිලධාරීන්-පාලකයන් බිලිගත් මවක් ගැන ඇත්තම කතාවක්…
Share on WhatsAppShare on Facebook

දවසින් දවස කොරෝනා අවදානම ඉහළ යනවා. කොරෝනා අපේ ආදරණීයයන්ගේ ජිවිත පහැරගන්නේ සුනාමියක් වගෙයි. මේක අද මගේ මිතුරියට වුණා වගේ හෙට දවසේ, ඔබේ පවුලට වෙන්න පුළුවන්. මේ සිද්ධිය සියලු බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු වෙනවා. මොකද ආපසු මේ වගේ සිදුවිමක් සිදු නොවන්නට සමහර පවුල්වල අම්මා, තාත්තා, නංගි, මල්ලි මේ කොරෝනා මාරයාට බිලිවෙලා. ජීවිත කොයි වෙලාවෙද පැහැරගන්නේ කියලා අපට කියන්න බැහැ.

අපි හැමෝගෙම ජීවිත අවිනිශ්චිතයි. ජීවිතේ හැටි මෙහෙමයි කියලා අපට බලන් ඉන්න බැහැ. අපි නොහිතන මොහොතක අපේ ආදරණීයයන්ගෙන් සමුගන්න වෙලා. වෛද්‍යවරයකුගේ අපේක්ෂාව වන්නේ වැටී වැතිරී සිටින රෝගියකු සිනාසී නැඟිසිටිනු දැකීම නොවේද? සමහර වෛද්‍යවරු මිහිපිට දෙවිවරු වගේ කටයුතු කරද්දී සෞඛ්‍ය සේවයේ ඇතැම් අය ආත්මාර්ථකාමීව කටයුතු කරන, වගකිම් පැහැරහරින අවස්ථාද තිබෙන බව මේ අරුණිගේ දුක්ඛිත කතාවෙන් අපට පැහැදිලි වෙනවා.

අරුණි කළුපහන නම් වූ ඇය මට මුණගැහෙන්නේ මීට අවුරුදු දහයකට පෙරයි. ඒ, ‘මව්බිම’ කර්තෘ මණ්ඩලයේ සේවය කරද්දී වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාව හදාරන කාලයේ සිටයි. ඇය පුවත්පත් කිහිපයකම මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කළා. ඇය, පුංචි දේටත් හිත රිදෙන අහිංසක මිතුරියක් බව ඇය ඇසුරු කිරිමෙන් මා දන්නවා. මට හිතාගන්න බැහැ ඇගේ ජීවිතයට මව අහිමිවීමෙන් සිදුවෙච්ච ශෝචනිය ඉරණම කෙසේ නම් විඳදරාගන්නවාද කියලා. මට ඇයව බලන්න රෝහලට යන්න අවශ්‍යතාව තිබුණත් කොරෝනා මාරයාට ඇති බිය නිසා එහෙම යන්න බැහැ කියලා මම දන්නවා. ඇය සේවය කරද්දී සමාජයෙ ගැටෙද්දී එදා මෙදාතුර ඇගේ ජිවිතයට විවිධ පුද්ගලයන් හමුවුණා. අරුණි නුඹ මනසින් වැටුණු අවස්ථා අනන්තයි. ඒ සියල්ල විඳදරාගන්නට දුකේදි වගේම සැපේදිත් අවුරුදු විසිහයක් ශක්තියක් වුණේ දස මසක් ලේ කිරිකර හැදුව ඒ අම්මායි. වේදනාවෙන් හැඬීමට වුණු තැන්වල වේදනාව දරාගෙන සිනාසීමට ඉගැන්නුවේ ඒ අම්මායි. හොඳ නරක කියා දී සමාජයට හොඳ දියණියක් දයාද කළේ ඒ අම්මායි. ඒ අම්මාව සුනාමියක් ඇවිත් අරන් ගියා වගේ මට නම් දැනෙන්නේ. මේ ලෝකේ මෙච්චර අකාරුණික ඇයි කියලා මට හිතුණා. දස මසක් කුස දැරූ, තමන්ගේ අම්මාගේ අවසාන මොහොතවත් තමන්ගේ ඇස් දෙකෙන් බලාගන්න ඇයට බැරි වුණා. අම්මාව අවසානයට දැක්කේ උණ උත්සන්න වෙලා ගෙදරින් රෝහලට ගෙනගිය අවස්ථාවෙදීයි. මගේ මිතුරිය ආපහු සනීප වෙලා ගෙදර එනකොට ඒ අසනීපෙන් රෝහලට ගෙනගිය අම්මා මුළු ජීවිතයටම දකින්න නොලැබෙනවා. මේකයි කොරෝනා වෛරසයේ තත්ත්වය. ජීවිතය කොච්චර දුකක්ද කියලා හිතෙන්නේ මේ වෙලාවටයි.

කොරෝනාවලට මේ ලෝකේ ජාති ආගම් කුල භේද කිසිවක් අදාළ නැහැ. කොරෝනා මාරයා ආදරණීයයන් ගිලගෙනහමාරයි. ඒ අම්මා අවසාන මොහොතෙත් හුස්ම හිර කරගෙන රැක්කේ ආරක්ෂා කළේ තම දියණියවයි. ඒ අම්මලාගේ ස්වභාවයයි.

අරුණි, ඇයට ජීවය දුන් අම්මා වෙනුවෙන් මැයි 07 වැනිදා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සංවේදී සටහනයි මේ.
“මේ අවුරුදු 26ට පුංචිවත් දුකක් නොදී හෙවනැල්ලක් වගේ මාව බලාගත්තේ, ඉල්ලපු හැම දේම මට දුන්නේ, හැම වෙලේම මගේ සතුට වෙනුවෙන් හැම දේම දරාගත්තේ, මේ විදියට පස්සෙන් ඇවිත් ඇවිත් මගේ ජීවිතේ ලස්සනට හැදුවේ මාව මේ විදියට තනියම දාලා යන්නද අම්මේ ?”

කෙසේ වෙතත් ඒ වන විට ඇය කොවිඩ් ආසාදිතව ඉරණවිල කොවිඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඇයගේ මවද කොවිඩ් ආසාදිතව වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

ඇගේ මව පිළිකා රෝගයෙන් පෙළුණු තැනැත්තියකි. කෙසේ වෙතත් අද අප මේ සටහන තමන මොහොතේ අරුණිගේ මව මෙලොවින් සමුගෙන ගිහිල්ලා ඉවරයි.

සියල්ලන්ගේ දැන ගැනීම පිණිස ලියා තබමි

පසුගිය අප්‍රියෙල් 28 වන දින රාත්‍රියේ පටන් මා තද උණ රෝගයෙන් සහ අත් කකුල්වල දැඩි වේදනාවකින් පෙළුණෙමි. තත්ත්වය කෙසේවේ දැයි නොදැන වුවත් එදිනම MOH කාර්යාලය සහ ඡ්‍යෂ මහතා දැනුවත් කළෙමි. එමෙන්ම PCR පරීක්ෂණයක් කරගැනීමට මා ඔවුන්ගෙන් විමසූ විට පරීක්ෂා කරන ලද වෛද්‍යවරයෙක්ගේ ලියුමක් අවශ්‍ය බව පැවැසීය.

එදිනම හවස් යාමයේ වෙන්නප්පුව ප්‍රදේශයේ මා නිරතුරුවම ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයා මුණගැසී ප්‍රතිකාර ගත් නමුත්, මට ඇත්තේ වෛරස් උණක් බව පවසමින් රජයේ රෝහලකින් ඡක්‍ඍ පරීක්ෂණයකට යොමු කිරීමට අවශ්‍ය ලිපියක් ලබාදිය නොහැකි බවත්, මා ඡක්‍ඍ පරීකක්ෂණයෙන් කොරෝනා අසාදිතයකු බව තහවුරු වුවහොත් වෛද්‍යවරයාටද නිරෝධානය වීමට සිදුවන බව කියමින් ඔහු PCR පරික්ෂණයක් අවශ්‍ය නොවන බවත් පුන පුනා මට පැවසීය. එමෙන්ම ඔහුගේ උපදේශය වූයේ දවසට සෑම කෑම වේලකට පසුවම රතු ළුෑණු සහ අමු මිරිස් ආහාරයට ගන්නා ලෙසය. ඒ වෛද්‍යවරයා ගැන මීට වඩා කිසිවක් දැනට නොකියමි.

මටත් වඩා අම්මා ගැන තිබුණු බය නිසාම මම මීගමුව නවලෝක රෝහලෙන් පෞද්ගලිකව PCR පරික්ෂණයක් මැයි මස 03 වැනිදා සිදුකර ගතිමි. ඒ වන විටත් වෛරස් උණක් යැයි සිතා වෛද්‍යවරයා ලබාදුන් බෙහෙත් ලබාගත්තද තද උණ තත්ත්වය එසේම පැවැතිණි.

ඒ වන විට කලක් තිස්සේ රෝගීව රෝහල්ගත කර සිටි අම්මා නැවතත් සිටියේ නිවසේය. අම්මා ගැන ඇති වූ බිය නිසාම ඇයව රෝහල් ගතකිරීමට කිහිප වරක් උත්සාහ කළද, කොතරම් අසනීපයෙන් සිටියත් අම්මා මා දමා යළි රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කළාය. තද උණෙන් පෙළෙමින් නිදාසිටි මා අවදිවෙද්දී වතාවක් දෙකක් මගේ නළලට අත තබමින් මා ගැන වද වෙමින් මා විමසමින් ඇය සිටියාය. ඒ ඇයත් මාත් සමීපව සිටි මොහොතය.

ඒ කාලයේම ඇයගේ රෝගී තත්ත්වය යළි උත්සන්න වන්නටත් හුස්ම ගැනීමට අපහසු වන්නටත් විය. තව දුරටත් බලාසිටිය නොහැකිම තැන මැයි පස්වැනිදා පාන්දර පවුලේ අය ඇයව රෝහල්ගත කළ අතර එහිදී ඇන්ටිජන් පරික්ෂණයෙන් අම්මාට කොවිඩ් ආසාදිත බව තහවුරු විය.

අනතුරු දහවල් වෙද්දී මාද කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වීමත් සමගින් යළි මා PHI සහ MOH කාර්යාල දැනුවත් කළෙමි. ඊට පසුවදා උදේ මා නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන බව ඔවුන් පැවැසීය.

ඊට පසුදා එනම් මැයි 06 වැනිදා වෙද්දී මා හුස්මගැනීමේ අපහසුතාවකින් පෙළුණු අතර, හවස් වෙද්දී තත්ත්වය අසීරු විය. ඒ වන විට සෙනග එකතු කරමින් සිටි PHI පැමිණ සිටියේ නැත.

හවස හතර පමණ වන විට ‘1990’ සුවසැරිය රථයක් පැමිණ මා කඩිනමින් රෝහල් ගත කළේය. රෝහලට ගෙනයන අතරතුරේද කිහිපවරක් හුස්ම ගැනීමට අසීරු වූ අතර, හැකි ඉක්මනින් අවශ්‍ය උපදෙස් දෙමින් මා රැගෙන ආ ඔවුන්ගේ ඒ සුවිශේෂ සේවාව අගය කළ යුතුමය.

කෙසේ හෝ මා දැන් ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර රෝහලේය. දුරකතනයට සිග්නල් නැති හෙයින් බොහොමයක් පණිවිඩ සහ ඇමතුම්වලට පිළිතුරු දීමට නොහැකි විය.

මා නිරතුරුව මිනිසුන් හෝ සමාජය හා ගැටුණු අයෙක් නොවෙමි. කාර්යාල ප්‍රවාහන සේවයක් මගින් උදේ හවා ගමන් කරන මා අනෙකුත් හැකි සෑම අවස්ථාවකම පෞද්ගලික කාරයන් ගමන් කළෙමි. නමුත් ගෙවුණු කාලය තුළ මා මුණගැසුණු, මා හා කතාබස් කළ සියලු දෙනාටම කරුණාකර කොයිකටත් ඔබේ තත්ත්වය පරික්ෂා කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඉතින්, ජිවිතය බොහෝ අපේක්ෂා නොකළ දේවල්වලින් පිරීගොසිනි. මේ කාලය තුළ මා බොහෝ මිනිසුන් ගැන හඳුනාගතිමි. ජිවිතයේ පළමු වරට තනිව රෝහලක වෙසෙමි. නමුත් කිසිම විටෙක මා සිතින් තනි නොකළ මගේ පවුල, නෑදෑයන්, ආදරණීය පවුලක් වෙමින් මා වෙනුවෙන් වෙහෙස වූ කාර්යාල සගයන්, මිතුරන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම මා සමගින් සිටි සියල්ලටම බොහොමත්ම ස්තුති කරමි. ඒ ආදරයට පෙරළා ආදරය කරමි, ඔබ මා වෙනුවෙන් අන්තිම මොහොත වනතුරු නොසෑහෙන්න වෙහෙස වූ අයුරු ස්තුතිපූර්වකව සිහිපත් කරමි.

හෙට දවස කුමක් වුවත් ඔබ සැමටම හදවතින්ම ආදරය කරන බව පමණක් පවසමි.

අරුණි කළුපහන

2021 මැයි 07

එදා ඒ වෛද්‍යවරයා නිසි වෛද්‍ය උපදෙස් තමන්ගේ වගකිම ඉෂ්ට කළා නම්, අඩුම තරමින් වෙනත් වෛද්‍යවරයකු වෙත යොමු කළා නම් අදටත් අරුණිගේ අම්මා ජීවතුන් අතර සිටිනවා.

මේ ලෝකේ සදාතනික දෙයක් නැහැ. ජිවිතය කියන්නේ සිහිනකි. ඒ යථාර්තයයි. මෙලොව ඇත්තේ යාම් ඊම් පමණය. ඒ සත්‍යයම පසක් කොට ඇය සමුගෙන ගියා. ඒ, අරුණිගේ සංසාරයට ජීවය දුන් ඇගේ අම්මායි. අම්මා කළ පෙර කර්මයක් නිසා මේ විදියට ඇයට සමුගෙන යන්න සිදුවන්නට ඇත. ඒ දුකෙන් අත්මිදී නිවන් මාර්ගයට යන්න හේතු වාසනා වේවා. අරුණිගේ මව වන මාරි ක්‍රිසෙන්තා අයිරාංගනි ප්‍රනාන්දු මහත්මියට ‘මව්රට’ කර්තෘ මණ්ඩලයේ ශෝකය ප්‍රකාශ කර සිටිනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පළමු වතාවට දිනක රෝගීන් 3000 පන්නයි

Next Post

හිස නැති තවත් මළසිරුරක් හමුවෙයි!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.