• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රාජ්‍ය ‌සේවයේ ‌හොරු අල්ලන්නම බැරිද? ජනපතිතුමනි ඔබේ අවධානය පිණිසයි

January 26, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
රාජ්‍ය ‌සේවයේ ‌හොරු අල්ලන්නම බැරිද? ජනපතිතුමනි ඔබේ අවධානය පිණිසයි
Share on WhatsAppShare on Facebook

අපේ රටේ අහස උසට නැඟ ඇති දූෂණය වංචාව අවම කිරීමට හෝ නැත්තටම නැති කිරීමට හෝ දැනට ඇති නීති රීති ප්‍රමාණවත් නොවන බව බොහෝ විට අසන්නට ලැබෙන්නකි. එහෙත් සත්‍යය එය නොවේ. රාජ්‍ය අංශයේ දූෂණ වංචා නැත්තටම නැති කිරීමට ප්‍රමාණවත් තරම් නීතිරීති ප්‍රතිපාදන අපට ඕනෑ තරම් තිබේ. එහෙත් අපට නැත්තේ ඒ නීති රීති ක්‍රියාත්මක කිරීමේ බලයයි. නැතහොත් ඒවා ක්‍රියාත්මක කිරීමට මේ දක්වා බලයට පත් ආණ්ඩුවක් නිසි ක්‍රමවේදයක් සකස් නො කිරීමයි. සියල්ලන්ම මෙතෙක් කර ඇත්තේ උගුරට හොරා බේත් කෑමේ සිද්ධාන්තයේ පිහිටා කටයුතු කිරීමය. දූෂණය වංචාව නැතිකරන බව මන්ත්‍රයක් සේ ජප කරමින් බලයට එන්නන් කරන්නේ දූෂණය වංචාව නොසලකා හැරීම බව තට්ටු මාරු අතීත අත්දැකීම්වලින් පැහැදිලිය.
කවර රටක හෝ දූෂණය වංචාව නැති කර දැමීමට රටේ නීතිය අකුරටම ක්‍රියාත්මකවීමද, මහජනතාවගේ නීතිගරුක භාවයද නීතිය පිළිබඳව මහජනතාවගේ නිවැරැදි අවබෝධයද ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේමය. නීතිය ක්‍රියාත්මක කරවීම යනු අපරාධ නීතිය වැනි බරපතළ නීති පමණක් නොව මහා මාර්ගයේ ගමන් කරන විට දකුණු පැත්තෙන් ගමන් කළ යුතුය යන සම්මතයන් පවා නිසි අයුරින් ක්‍රියාත්මක කළ යුතු වන්නේය.
ඒ අනුව රටේ දූෂණය වංචාව අවම කිරීමට නීතිරීති පිළිපැදීමේ අවශ්‍යතාව ඉතා අවශ්‍යය. ඒ සඳහා මහජනතාවගේ හැදියාවද එකට ඒකාබද්ධ වී තිබිය යුත්තේමය. දූෂණ වංචා අවම කිරීමට නීතිමය කටයුතු පමණක් ප්‍රමාණවත් නොවන්නේ යැයි කියන්නේ එබැවිනි.
ජාත්‍යන්තරයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දූෂණ වංචා සහ මහජන දේපොළ අවභාවිතාව නාස්තිය ඉහළ අගයක් ගැනීමත් සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතිය (United Nation’s Convention against corruption) යනුවෙන් සම්මුතියක් සම්මත කර දෙදහස් හතරේ දෙසැම්බර් මස නව වැනි දින (2004.12.09) සිට ක්‍රියාත්මක කරනු ලැබිණි. ඒ සම්මුතියට එකඟ වී කටයුතු කිරීමට ශ්‍රී ලංකාවද අත්සන් කෙළේය. ඒ අනුව දූෂණ වංචා වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ ජාත්‍යන්තර රටවල් දැනුවත් කර උපදෙස්ද දෙනු ලැබිණි.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනය යටතේ ඒ කාර්ය භාර්ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත් කර ඇත. කාර්යභාරය පැවරුණේ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවටය. පසුගිය ආණ්ඩුව සමයේදී කාර්ය භාරය ඉටු කිරීම වෙනුවෙන් සැලසුමක් සකස් කෙරුණ ද ආණ්ඩුව ගෙදර යන තුරුම ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා සාර්ථක වැඩ පිළිවෙළක් සැකසුණු බවක් දක්නට ලැබුණේ නැත.
දූෂණ වංචා නැති කිරීමට එම කොමිෂන් සභාව තමන්ට හැකි ප්‍රමාණයකට රාජකාරි කළ බව සැබවි. එහෙත් අපේක්‍ෂිත අරමුණ ඉටු කර ගැනීමට සාර්ථක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවද කිව යුතුය. ඒ සඳහා පුළුල් වැඩ පිළිවෙළක් අවශ්‍ය බවද නොකියා බැරිය.
ජාත්‍යන්තර සංවිධාන සම්මුති පිහිටුවා උපදෙස් දුන්නත් නැතත් අපේ (ශ්‍රී ලංකාවේ) රාජ්‍ය අංශයේ දූෂණ වංචා වැළැක්වීමට ආයතනික වශයෙන් රාජ්‍ය නිලධාරීන්ට ආචාර ධර්ම පද්ධති අත් පොත් ගණනාවක් තිබේ. මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහය ඉන් ප්‍රධානය. “මුදල් රෙගුලාසි නීති රීති නොසලකා වැඩ කරනවාලා” යැයි බලයට පත් ආණ්ඩුවල ඇතැම් ලොක්කන් කී සැටි ගැන කොතෙකුත් අසන්නට ලැබිණි. එමගින් වංචාව දූෂණය පැටව් ගසනවා විනා මර්දනයක් සිදුවේ දැයි සිතිය යුතුය.
රාජ්‍ය නිලධාරියකු වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වසර තිහක පමණ අත්දැකීම් අතරත් නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේත් කළ රාජකාරිවලින් සහ විවිධ ආයතනවල රාජකාරි කිරීමෙන් ලද පරිචයත් අනුව කිව හැක්කේ මුදල් රෙගුලාසිවල දැක්වෙන විධි විධාන පරිදි රාජකාරි කළහොත් දූෂණ වංචා මුදල් නාස්ති සිදු විය නො හැකි බවය.
එහෙත් වර්තමානයේ වැඩියෙන් සිදු වන්නේ මුදල් රෙගුලාසි තමාගේ වාසියට අනුව අර්ථ ගන්වා රාජකාරි කිරීමය. අනෙක් අතට දාසය ලක්‍ෂයකට (16,00,000) ආසන්න රාජ්‍ය නිලධාරීන්ගෙන් විමසිය යුත්තේ ඇෆ්.ආර්.එක (F.R.Financial regulation) කියවා ඇත්දැයි යන්න නොව අඩුම තරමින් දැකලා හෝ තියෙනවාද? යන්නය.
මුදල් රෙගුලාසි එකසිය තිස් පහේ සිට එකසිය තිස් අට දක්වා (135-138) මූල්‍ය පාලනයේ වගකීම් සවිස්තරව දක්වා තිබේ. එපරිද්දෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයකු (ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා) දෙපාර්තමේන්තු ප්‍රධානියකු (ගණන්දීමේ නිලධාරියා) සිය වගකීම් සහ ඒවා ඉටුකළ යුතු අන්දම ඉටු කළ යුත්තේ කවර ආකාරයෙන් දැයි මුදල් රෙගුලාසිවල විස්තර කර තිබේ. (මේ නිදර්ශනයක් පමණි)
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විසි අට වැනි (28) වගන්තිය ප්‍රකාර (පොදු දේපොළ සුරක්‍ෂිත කිරීමේ වගන්තිය) මේ රටේ සෑම පුරවැසියකුටමත් දූෂණ වංචා අවම කිරීමේ අයිතියක් සමඟ යුතුකමක් ඇති බවට පැහැදිලිවම සඳහන් කර ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එකසිය හතළිස් අට (148) වැනි වගන්තිය යටතේ රටේ මුදල් පාලනය මහජනයා හෙවත් පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකය) සතුය. මහජනයා වෙනුවෙන් විධායකය (රාජ්‍ය නිලධාරීන්) වැය කරන සෑම සතයක් ගැනම සොයා බැලීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබේ. මුදල් වියදම් කිරීමේ කටයුතු විධායකය හෙවත් රාජ්‍ය නිලධාරීන්ට පවරා අත් සෝදා ගැනීමට පාර්ලිමේන්තුවට නොහැකිය.
විසර්ජන පනතින් (අයවැයෙන්) වෙන් කෙරුණු මහජන මුදල් තත් කාර්ය සඳහාම වියදම් දැරුවේ දැයි සොයා බැලීමේ කාර්ය භාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම (154 වගන්තිය) විගණකාධිපතිවරයාට පවරාදී තිබේ. රාජ්‍ය ආයතන දහසකට අධික ප්‍රමාණයක විගණන වාර්තා විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. වාර්ෂිකව විගණනය කිරීමට රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් විගණකාධිපතිවරයාට ඇතත් ඒ කාර්ය ඉටු කිරීම සඳහා සිටින නිලධාරීන් පිරිස කිසිසේත්ම ප්‍රමාණවත් නැත. ඒ අනුව බලන විට විගණකාධිපතිවරයාට සිය රාජකාරිය ඉටුකිරීමට අවශ්‍ය පහසුකම්ද නැත. ඔහු විසින් කරනු ලබන්නේ තෝරාගත් නියැදි විගණනයකි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන විගණන වාර්තා විමර්ශනය කිරීම සඳහා ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කෙරෙන අතර එමගින් මහජන නියෝජිතයන්ට ඉදිරිපත් කෙරෙන විගණන වාර්තා මහජන නියෝජිතයන් දෙසිය පනස් දෙනා ගෙන් කියවන්නේ කීයෙන් කී දෙනා දැයි යන්නද ප්‍රශ්නයකි.
විගණන වාර්තාවල ඇති කරුණු සලකා බලා පාර්ලිමේන්තුවෙන් (රාජ්‍ය ගිණුම් කාරක සභාවෙන්) කෙරෙන නිර්දේශ පිළිබඳව අතීතයේදී භාණ්ඩාගාර සටහන් රාජ්‍ය ආයතනවලට නිකුත් වුවත් දැන් එවැනි ක්‍රියාමාර්ගයක් නැති බැවින් විගණකාධිපතිවරයාගේ නිර්දේශ මත කෙරෙන පාර්ලිමේන්තු කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන්නේද යන්න ගැන සෙවීමේ ක්‍රමයක්ද නොවේ.
අර්ධ රාජ්‍ය ආයතන (සංස්ථා, මණ්ඩල සහ අධිකාරි) පිළිබඳව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විගණන වාර්තා සම්බන්ධයෙන් මහජන ව්‍යවසායක කොමිටියෙන් (කෝප්-පබ්ලික් එන්ටර්ප්‍රයිසස්) කෙරෙන නිර්දේශයන් පිළිබඳවද ඵලදායි ක්‍රියාමාර්ග ගැනෙන බවක්ද පෙනෙන්නට නැත. (මෑත යුගයේදී කෝප් කමිටුවට ඉදිරිපත් කෙරුණු විගණන වාර්තා සම්බන්ධයෙන් එම කමිටුවේ සභාපතිවරයා වූ හඳුන්නෙත්ති මහතා විසින් වංචා දූෂණ පිටු දැකීම සඳහා ඔහුගේ (සභාපතිවරයාගේ) බල පරාසය තුළ කටයුතු කරනු ලැබූ ආකාරය පිළිබඳව කෘතඥතාව පිරිනැමිය යුතුය)
ඇත්ත වශයෙන්ම ගිණුම් කාරක සභාවක් ස්ථාපනය කිරීමේ අරමුණ ඒ හැටියෙන්ම ඉටුවන්නේ නම් දූෂණ වංචා අවම කිරීම එතරම් දුෂ්කර නොවේ.
මහජන මුදල් අවභාවිත කරන මහජන සේවය නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමේ ආයතනයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නමින් ඇති බවද කිව යුතුය. ඒ ආයතනයෙන් දූෂිත නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමෙන්ද කිසියම් ප්‍රමාණයකට අක්‍රමිකතා අකටයුතුකම් පාලනයකට යටත් කළ හැකිවේ.
වර්තමානයේ ස්ථාපනය කර ඇති ජාතික ප්‍රසම්පාදන කමිටුවද දූෂණ වංචා මැඬපැවත්වීමේ යෝධ හස්තයකි. එම සියලුම භාණ්ඩ සේවා වැඩ උපදේශන සියල්ල වංචාවෙන් දූෂණයෙන් තොරව විනිවිද භාවයෙන් කළ හැකි අන්දම පිළිබඳව උපදෙස් දී ඇති උසස් උපදේශ සංග්‍රහයකි. දූෂණය වංචාව තුරන් කිරීමට එම උපදෙස්වලින් ලැබෙන්නේ මහත් පිටුබලයකි. ප්‍රසම්පාදන කාර්යයේ සෑම අංශයක්ම නියාමනය කර ආයතනික උපදේශයන්ට පරිබාහිරව කටයුතු කෙරී ඇත්නම් ඒ පිළිබඳව උචිත අංශවලට වාර්තා කිරීමේ බලයද එම කමිටුවට පැවරී ඇත. ඒ සියල්ල ප්‍රායෝගිකව කෙරෙන්නේ නම් පමණක් මහජන සෙත සැලසේ. (දූෂණය වංචාව තුරන් කිරීම සඳහා පළමු කොට මහජනතාව දැනුවත් විය යුතු බැවින් ජාතික ප්‍රසම්පාදන කමිටුවේ කාර්ය භාරය පිළිබඳව වෙනම ලිපියක් ලිවිය යුතුවේ)
මහජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය ලැබෙන තොරතුරු දැන ගැනීමේ නමින් පනතක් සම්මත කෙරී ඇති බව නම් සැබවින්ම සැබවි. එහෙත් එහි අන්තර්ගතය කුමක් දැයි යන්න ගැන නම් රටේ වැඩි දෙනකුට අවබෝධයක් ඇති බවක් නම් පෙනෙන්නට නැත. තමා සන්තකයේ ඇත්තේ මැණිකක් යැයි අවබෝධකර ගන්නා තුරු එය සන්තකයේ ඇත්තාට මැණිකෙන් කවර නම් පලයක්ද? පනත සම්මත කිරීමේ අරමුණු සාධනය කරගැනීම සඳහා මහජනයා දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ද දූෂණ වංචාව වැළැක්වීමට ඉතාම අවශ්‍ය වේ. වගකීමෙන් නිදහස් වීමට අපි මේ දේ කළා යැයි කීමෙන් පලක් නැත. එහි ප්‍රයෝජන අත් කරගත යුතුය.
ප්‍රාදේශීය සභා පනතේ fදාළොස්වැනි (12) වගන්තියද දූෂණ වංචා අක්‍රමිකතා මුලින් උපුටා දැමීම සඳහා මහෝපකාරී වන්නකි. එහෙත් ඒ පිළිබඳව මහජනයා තබා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට හෝ අවබෝධයක් ඇත්දැයි දන්නේ දෙවියන් පමණි. කිසියම් කාර්යයක්, ඉදිකිරීමක්, කර්මාන්තයක් ක්‍රියාත්මක කිරීමේදී මහජන නියෝජිතයන්ට (ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට) පමණක් නොව මහජනයාටද (ප්‍රදේශවාසීන්ට) අනුෂාංගික වීමේ අයිතිය හිමි කර දී තිබේ. කෙරෙන කර්මාන්තය උදෙසා ප්‍රදේශවාසීන් අතරින් බුද්ධිමතුන්ගෙන් සමන්විත උපදේශාත්මක සමාජ විගණන කමිටුවක් පිහිටුවා ගැනීම යෝග්‍ය බවට යෝජනා කෙරිණි. ඒ අපේක්‍ෂිත කර්මාන්තයේ ඇස්තමේන්තු විස්තර සියල්ල එම කමිටුවට දිය යුතුය. අනුමත ඇස්තමේන්තුවලට අනුව අපේක්‍ෂිත කාර්යභාරය ඉටු නොවන්නේ නම් ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කර තමන්ගේ (මහජනයාගේ) යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමේ බලය අර උපදේශන කමිටුවට තිබේ. එහෙත් වර්තමානයේ එවැන්නක් ක්‍රියාත්මක වේදැයි යන්න සිතීමට හෝ නො හැකිය. කාර්යභාරය දන්නෝ පළාතේ දේශපාලනඥයන්ගේ හෙන්චය්යලාත් කොන්ත්‍රාත් කරුවනුත් නිලධාරිනුත් පමණි.
එහෙත් ඔන්න ඔය කියන අන්දමේ ප්‍රජා උපදේශක කමිටුවලට සමාන අන්දමේ සමාජ විගණන කමිටු නමින් කමිටු පසුගිය සමයේ උතුරු ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබිණි. මන්ද ඒ පළාත් වාසීන්ට තම උදරයට වඩා සියලු දෙනාගේ යහපතම යහපතැයි යන චින්තනය ඔවුන්ගේ සිත් තුළ තිබෙන්නට ඇතැයි සිති හැකි බැවිනි.
ඇතැම් රාජ්‍ය ආයතනයන්හි මහජනයා දැනුවත් කිරීමඋදෙසා ක්‍රියාත්මක කෙරෙන බව පෙනෙන පුරවැසි ප්‍රඥප්තියද දූෂණ වංචා කිසියම් ප්‍රමාණයකට අවම කිරීමේ උපක්‍රමයකි. කාර්යාලයේ පාලන ව්‍යුහය සටහනක් පරිදි මහජනයාට පෙනෙන්නට සැලැස්වීමෙන් එම කාර්යාලයට කිසියම් කාර්යයක් කර ගැනීමට එන කෙනකුට තමා යා යුත්තේ කවර නිලධාරියා ළඟට කල් ඇතිවම නිශ්චය කරගත හැකිවේ. එසේ වූ විට තැරැව්කරුවන්ගේ ග්‍රහණයට කෙනකු අසුවන්නේ ද නැත. මේ ක්‍රමය බොහෝ විට ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දක්නට ලැබේ.
ප්‍රාදේශීය සභා පනතේ 172 වැනි වගන්තියද දූෂණය වංචාව නැති කිරීමට මහෝපකාරි වන්නකි. මහජන දේපොළකට හානිවන අන්දමේ තීන්දුවක් තීරණයක් සභාවේ කිසියම් නිලධාරියකු විසින් ගනු ලැබුවේ නම් ඒ හානිය පාඩුව ඒ නිලධාරියාගෙන් හෝ මහජන නියෝජිතයාගෙන් හෝ අය කර ගැනීමට සලසා ඇති නෛතික අධිකාරි බලය එම වගන්තියේ ඇත.
විගණකාධිපතිවරයා විගණනයේදී හැඳින්වෙන්නේ මහජන දේපොළවල ආරක්‍ෂක මුර දේවතාවා ලෙසිනි. විගණකාධිපතිවරයාට ඒ සඳහා අවශ්‍ය පහසුකම්දී ඔහුගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම් වංචාව මුදල් අවභාවිතය වැළැක්විය හැකි දිනය වැඩි ඈතක නොවේ.
පළාත් පාලන ආයතනය හෝ විශ්වවිද්‍යාලයක හෝ කිසියම් නිලධාරියකු කිසියම් අලාභයකට හානියකට වගකිව යුතු බව විගණනයේදී අනාවරණය වී නම් එම හානිය අලාභය එම නිලධාරියාගෙන් අය කර ගැනීමේ අධිභාර බලය විගණකාධිපතිවරයාට තිබේ.

ඇම්.ඩී.ඒ. හැරල්ඞ්
රාජ්‍ය මූල්‍ය සහ සංවර්ධන ගණකාධිකාරි ආයතනයේ වර්ථමාන සභාපති, හිටපු නියෝජ්‍ය විගණකාධිපති සහ ට්්‍රාන්පෙරන්සි ආයතනයේ හිටපු සභාපති.

සාකච්ජා කළේ චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ආණ්ඩු‌වේ මාස ‌දෙකේ ‌කෙරුවාව ගැන බිමල් ප්‍රශ්න කරයි: රමේෂ් උත්තර ‌දෙයි

Next Post

ගෝඨාගෙන් අමරවීරලාට කනේ පාරක් (රාජ්‍ය රහස්)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.