• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගෙන් අමරවීරලාට කනේ පාරක් (රාජ්‍ය රහස්)

January 26, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝඨාගෙන් අමරවීරලාට කනේ පාරක් (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය මාස දෙක තුන තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කළ යුතු බව කියමින් කිසියම් දේශපාලන ගේමක් දියත් කරමින් තිබූ ආකාරය පසුගිය සති කිහිපය පුරාම අපි රාජ්‍ය රහස් තීරය ඔස්සේ පාඨකයන්ට ගෙන ඒමට කටයුතු කළෙමු. මෙහිදී හිටපු ජනාධිපතිවරයා තමන්ට අතිශය සමීප දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර වැන්නවුන් උපයෝගි කරගෙන මෙම දේශපාලන ගේම දියත් කරමින් සිටින ආකාරයත්, අපි එහිදී පෙන්වා දුන්නෙමු. අනියමින් මේ හරහා මෛත්‍රිපාලගේත්, දයාසිරිගේත්, අමරවීරගේත් සැලැසුම වී තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර කිසියම් ගැටුමක් නිර්මාණය කිරීමය. ඒ අනුව මෛත්‍රි හොර රහසේ සංවිධාන කළ සියලුම සාකච්ඡාවලදී පුටුව හෝ පොහොට්ටුව නොව කුමන හෝ ලකුණක් යටතේ පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවත්, එසේ පැමිණ රාජපක්ෂවරුන් දුර්වල වන තෙක් සිට යළි බලය අත්පත් කරගත යුතු බව සාකච්ඡා කර තිබූ බවත් අපි උදාහරණ සහිතව එහිදී පෙන්වා දුන්නෙමු.
මීට සති දෙකකට ඉහතදී දැන හෝ නොදැන අමරවීරගේ කටින් එළියට පැන්නේද මේ සැලැසුමේම එක් කොටසකි. එහිදී අමරවීර ප්‍රසිද්ධියේම කියා සිටියේ පොහොට්ටුවේම පිරිසක් ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින බවත්, ශ්‍රීලනිපය ජනාධිපතිවරයාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්ය. අමරවීරගේ මේ කතාව මීට සති දෙකකට ඉහතදී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී දැඩි විවේචනයට ලක්වූ අතර අගමැති මහින්ද පවා මේ සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කළ ආකාරය අප පමණක් මෙම තීරුවේ වාර්තා කිරීමට කටයුතු කළේය. එහිදී මහින්ද කියා සිටියේ අමරවීර මේ හදන්නේ රාජපක්ෂ පවුල අතර ගැටුමක් නිර්මාණය කිරීමට බවත්, තමන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත්ය. අප කළ එම අනාවරණයෙන් පසුව අමරවීරගේ කට වැසුණු ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
කෙසේ වෙතත් මෛත්‍රිපාලලා, දයාසිරිලා සහ අමරවීරලා දැන් රට වටේම කියමින් යන්නේ ගෝඨාභයට තුනෙන් දෙකක බලයක් අරන් දිය යුතු යැයි කියාය. ඊට හේතුව රන්ජන්ගේ හඬපටවල, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවල, පසුගිය කාලේ සිදුවුණා යැයි කියන මහා පරිමාණ ගනුදෙනු විමර්ශනවල අහුමුලු තමන්ගේ පිටට වැටෙනු ඇති බවට මෛත්‍රි තුළ හටගෙන ඇති බියය. දැනට මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන හරහා මෙහි බොහෝ චෝදනා මෛත්‍රිපාල දෙසට හැරෙනු ඇති බවට ඔහුගේ පාර්ශ්වය තුළ විශාල සැකයක් මතුව තිබීමද මේ සඳහා හේතුවී තිබේ. ඒ අනුව දැන් මෛත්‍රි කණ්ඩායම සැලැසුම් කර ඇත්තේ කෙසේ හෝ ගෝඨාගේ ඇඟේ එල්ලී මෙම තත්ත්වයෙන් ගැලවී යෑමටය. එහිදී ඉතා සූක්ෂමව ගෝඨා හා මහින්ද අතර ගැටුමක් නිර්මාණය කොට කෙසේ හෝ ගෝඨාගේ හිත දිනාගැනීමද මෛත්‍රි පාර්ශ්වයේ අරමුණක් වී තිබේ.
මෙහි තවත් එක් ජවනිකාවක් පසුගිය සතියේ තිරය පිටුපස රඟදැක්විණ. ඊට මූලිකත්වය ගත්තේ අමරවීරත්, ලසන්ත අලගියවන්නත්ය. ඒ අනුව ගෝඨාගෙන් වේලාවක් ඉල්ලාගෙන අමරවීරත්, ලසන්තත් පසුගිය සතියේ ගෝඨාභය හමුවී එක්තරා යෝජනාවක් සිදුකිරීමට කටයුතු කළේය. ඒ, දැන් ශ්‍රීලනිපයේ නායකත්වය ගෝඨාභයට භාරගන්නා ලෙසටය.
“දැන් ඔබතුමා ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක නායකයෙන් වෙන්න ඕනෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ දීර්ඝ ඉතිහාසයක් තියෙන පක්ෂයක්. අපි ලෑස්තියි මේ පක්ෂය ඔබතුමාට භාරදෙන්න. හිටපු ජනාධිපතිතුමත් ඒ සම්බන්ධයෙන් දැන් කැමැත්ත පළකරලයි තියෙන්නෙ. අපිට ඕනෙ ඔබතුමාව තවත් දේශපාලන වශයෙන් ශක්තිමත් කරන්න. ඔබතුමා මේ පක්ෂයේ නායකත්වය අරගෙන මහ ඡන්දෙට පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවන්න මූලිකත්වය ගන්න. අපි සූදානම් ඔබතුමාට ඒකට උදව් කරන්න…” යනුවෙන් අමරවීරත්, ලසන්තත් ගෝඨාට කියද්දී ගෝඨා කළේ කිසිදු පිළිතුරක් නොදී ඉතා සාවධානව මේ කතාව අසාගෙන සිටීමය. අවසානයේදී ගෝඨා දෙදෙනාටම කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් කල්පනා කොට පිළිතුරක් දෙන්නම් කියා පමණි.
කෙසේ වෙතත් අමරවීරත්, ලසන්තත් මෙවැනි යෝජනාවක් කෙළින්ම ගෝඨාට ඉදිරිපත් කළේ රටේ, ලෝකේ සිදුවන දේවල් පිළිබඳව කිසිදු දැනීමකින් තොරව විය යුතුය. ඊට හේතුව වන්නේ ගෝඨාභය ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පළමුවරට මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති හමුවේදී එක්තරා මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ගෝඨා දුන් පිළිතුර පිළිබඳව අමරවීරලා යන්තමින් හෝ අවධානය යොමුකොට තිබුණා නම් මෙවැනි යෝජනාවක් කිසිසේත්ම ඉදිරිපත් නොකරන නිසාය. එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ ගෝඨාභය විසින් ශ්‍රීලනිපයේ සභාපති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් මේ දිනවල යන කටකතාවල ඇත්තක් තිබේදැයි කියාය. එහිදී පැහැදිලිවම ගෝඨාභය කියා සිටියේ තමන්ට පක්ෂ දෙකක සාමාජිකත්වය ගත නොහැකි යැයි කියාය.
“මම කොහොමද පක්ෂ දෙකක සාමාජිකත්වය ගන්නේ. මම දැනටමත් පොහොට්ටුවේ සාමාජිකත්වය අරන් ඉවරයි. එහෙම නැතුව කොහොමද ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ” යන්න එහිදී ගෝඨාභය පැහැදිලිවම දුන් උත්තරය විය. එය අන් කිසිදු පුවත්පතක් වාර්තා නොකළත් ‘මව්රට’ පුවත්පත ගෝඨාගේ මෙම උත්තරය විශේෂයෙන් වාර්තා කාළේ එම උත්තරයේ ඇති වැදගත්කම පැහැදිලිවම දැන සිටි නිසාය.
කෙසේ වෙතත් අමරවීරටත්, ලසන්තටත් පැහැදිලි උත්තරයක් නොදුන්නද ගෝඨා මේ දෙදෙනා කළ යෝජනාව රහසක් හැටියට තියාගෙන සිටියේ නැත. ඒ අනුව පසුගිය සතියේදී තමන් මුණගැසුණු ඇමැතිවරුන් කණ්ඩායමකට ගෝඨා මෙම අමරවීරලාගේ යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එමෙන්ම අප සිතන්නේ අමරවීරලා මේ යෝජනාව කොට කාමරයෙන් ඉවතට යද්දීම ගෝඨා එම යෝජනාව පිළිබඳව මහින්දව දැනුවත් කරන්නට ඇතැයි කියාය. ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු නැතත් ඇමැතිවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් පසුව ඔවුන් ගෝඨාට කියා සිටියේ අමරවීරලාගේ යෝජනාව තඹයකට මායිම් නොකරන්න කියාය. ශ්‍රීලනිප සභාපති ධුරයට භාරදීමට අවශ්‍ය නම් ඔවුන් මුලින්ම කතාකළ යුතුව තිබුණේ මෛත්‍රිට සභාපති ධුරය භාරදුන් අගමැති මහින්ද සමඟ බව පෙන්වා දුන් ඇමැතිවරුන් මෛත්‍රිපාලලා මේ හදන්නේ ආණ්ඩුව ඇතුළේ නැති අර්බුදයක් ඇති කිරීමට බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව මෛත්‍රි ගැසූ දේශපාලන ගේම්වල අවසානය මේ වන විට උදාවී ඇති බවක් ආණ්ඩුව ඇතුළේ සිදුවන සිදුවීම්වලින් දැකගන්නට තිබේ. ඒ බව මෛත්‍රිටත් මේ වන විට වැටහී ගොස් ඇති බව අපගේ විශ්වාසයය. මේ බව වඩාත් තහවුරු වීමට නියමිතව ඇත්තේ මේ දිනවල ඇමෙරිකාවේ සිටින පොහොට්ටුවේ මහ මොළකරුවා වූ බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි විටදීය. මන්දයත් මේ වන විට ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් දහඅටදෙනාගෙන් අති බහුතරයක් බලාගෙන සිටින්නේ බැසිල් කටුනායකින් ගොඩබසින තෙක්ය. ඒ, බැසිල්ගේ පිටුපසින් පොහොට්ටු කාර්යාලයට ගොස් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගන්නටය. ඒ අනුව බැසිල් ලංකාවට පැමිණි වහාම මේ මන්ත්‍රිවරුන් දහඅටදෙනාගෙන් අති බහුතරයක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිතය. ඒ අනුව මෛත්‍රිට ඉතිරි වන්නේ ශ්‍රීලනිපයේ බෝඞ් එකත් තවත් මන්ත්‍රිවරුන් දෙතුන් දෙනෙක් පමණක්ය. මෛත්‍රි මේ දිනවල ගෝඨාට තුනෙන් දෙකක් දිය යුතු බව කියමින් මතුරන්නේ මේ තත්ත්වය හොඳහැටි වටහාගෙනය. පසුගිය සතියේ ශ්‍රීලනිපයට අලුත් සංවිධායකවරුන් විස්සක් මෛත්‍රි විසින් පත්කරනු ලැබුවේද මේ හේතුව නිසාය. එහිදී පැවැති අභ්‍යන්තර සාකච්ඡාවකදී තම ළඟම හිතවතුන් කිහිපදෙනකු හට මෛත්‍රි කියා ඇත්තේ කෙසේ හෝ පොහොට්ටුවෙන් නාම යෝජනා ලබා ගත යුතු බවත්, එය කර ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රීලනිපය වෙනම තරග කිරීමට කටයුතු කළ යුතු බවත්ය. එහිදී මෛත්‍රිගේ ගණන් බැලීම වී ඇත්තේ තනිව තරග කොට මන්ත්‍රිවරුන් හතර දෙනකුට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවත්, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි ධුර දෙක තුනක් ලබාගත හැකි බවත්ය. තමන්ටත්, දයාසිරිටත්, සාරතී දුෂ්මන්තටත්, තාරානාත් බස්නායකටත් තරග කොට ජයග්‍රහණය කළ හැකි බවද මෛත්‍රි එහිදී සිය හිතවතුන්ට දැනුම් දී තිබේ.
ඒ කොයිහැටි වෙතත් මෛත්‍රි සමඟ දේශපාලනය කිරීමේ විශාලතම පාඩුව මේ දිනවල විඳීමට සිදුව ඇත්තේ වෙන කාටවත් නොව මහින්ද අමරවීරටය. මෛත්‍රිගේ කොන්ත්‍රාත් කිරීමට ගොස් අමරවීරට සිදුව ඇත්තේ තමන් මෙතෙක් කල් තරග වැදුණු හම්බන්තොට දිස්ත්‍රික්කයද අහිමි කරගැනීමටය.
ඒ අනුව පසුගිය සතියේදී නිල නොවන ආකාරයට පොහොට්ටුව පාර්ශ්වයෙන් අමරවීරට ලැබුණු පණිවුඩයක් කියැවුණේ බොහෝදුරට ඉදිරියේදී බිහිකිරීමට නියමිත සන්ධානයේදී හම්බන්තොටින් අමරවීරට නාම යෝජනා නොලැබීමට ඉඩ ඇති බවත්, එම නිසා වෙනත් දිස්ත්‍රික්කයක් තෝරාගන්නා ලෙසටත්ය. ඒ හරහා අමරවීරට නොකියා කියා තිබුණේ මින් ඉදිරියට අමරවීරගේ හම්බන්තොට දේශපාලන ජීවිතය අවසන් යැයි කියාය.
කෙසේ වෙතත් මෙම අසුබ ඉඟිය ලැබීමත් සමඟ අමරවීර එය තමන්ට අවාසි සහගත ලෙස එළියට යෑම වැළැක්වීම සඳහා තමන්ට හිතවත් මාධ්‍ය හරහා පසුගිය සතියේ එක්තරා විශේෂ පුවතක් පළකර ගැනීමට කටයුතු කළේය. ඒ, හම්බන්තොටින් ඉවත්ව මාතරින් හෝ කොළඹින් තරග වදින ලෙසට අමරවීරට පාක්ෂිකයන්ගෙන් විශාල ඉල්ලීමක් ලැබී ඇතැයි කියමිනි. අමරවීර ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවද එම පුවතේ සඳහන්ව තිබිණ. ඒ අනුව පෙනෙන්නට ඇත්තේ රාජපක්ෂවරුන් අතර මොන මොන ප්‍රශ්න තියෙන බව එළියේ කියැවුණත් අවසානයේදී ප්‍රධාන අභියෝගයක් පැමිණි වහා රාජපක්ෂවරුන් ශක්තිමත්ව එකා මෙන් බැඳෙන බවය. අමරවීරට හම්බන්තොටින් එළියට විසිවීම සම්බන්ධයෙන්ද පෙනෙන්නට ඇත්තේ ඇතුළේ මොන ප්‍රශ්න තිබුණත් ප්‍රශ්නයක් පැමිණි විට රාජපක්ෂවරුන් අතර ඇති සමඟියය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

රාජ්‍ය ‌සේවයේ ‌හොරු අල්ලන්නම බැරිද? ජනපතිතුමනි ඔබේ අවධානය පිණිසයි

Next Post

රනිල් සජිත්ට ‌නොදෙයි: කබීර් පනී: ‘වියත් මග’ අවුලක (රාජ්‍ය රහස්)

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.