• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

රනිල්ගෙන් ඇවිත් මහින්දගේ 18ට උස්සපු පබා සහ සජිත්ගෙන් ඇවිත් ගෝඨාභයගේ 20ට උස්සපු ඩයනා

November 2, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
රනිල්ගෙන් ඇවිත් මහින්දගේ 18ට උස්සපු පබා සහ සජිත්ගෙන් ඇවිත් ගෝඨාභයගේ 20ට උස්සපු ඩයනා
Share on WhatsAppShare on Facebook

බොහෝ වාද විවාද මැද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 156 දෙනකුගේ කැමැත්තෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය සමත් විය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම වූයේ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහායද එයට හිමි වීමය. එලෙස රජයට සහාය පළ කළ මන්ත්‍රීවරුන් අතරින් බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ චරිතය වූයේ ඩයනා ගමගේ මහත්මියය. සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එකම මන්ත්‍රීවරිය ගමගේ මහත්මිය වීම එම කතාබහට මූලික විය.
පසුගිය මහ මැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙන ලෙසිනි. එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ ආසන 145ක බලයක් ලබා දුන් අතර වෙනම තරග කළ සුළු ජාතික පක්ෂ කිහිපයේ එකතුව සමඟ ආසන 149ක බලයක් මහ මැතිවරණයෙන් පසු නව රජයට හිමි වී තිබිණි. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ 2/3ක බලය ලබා ගැනීමට නම් තවත් එක් මන්ත්‍රීවරයකුගේ සහාය රජයට අවශ්‍ය වී තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවට සහභාගි නොවීම මත රජයට පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ගණන 148 දක්වා අඩු වී තිබිණි.
කෙසේ නමුත් එම අඩුව පිරවීම රිෂාඞ් බදුර්දීන් මහතාගේ පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සමඟි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු රජයට සහාය පළ කිරීමට නියමිත බවට දේශපාලන විචාරකයන් මුල සිටම අනාවැකි පළ කර තිබිණි. නමුත් කිසිවකු නොසිතූ ආකාරයෙන් අවසන් මොහොතේ සභා ගර්භයට පැමිණි ගමගේ මහත්මිය 20 වැනි සංශෝධනයට පක්ෂව තම ඡන්දය භාවිතා කළේ සියලු දෙනා විමතියට පත් කරමිනි.
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ ඒ හරහා සිදුවන්නේ 19 සංශෝධනය අහෝසි වී නැවත වරක් 18 වැනි සංශෝධනය බලාත්මක වීම බවය. එක් එක් වගන්ති වෙන වෙනම ගෙන බැලුවද 18 වැනි සංශෝධනය සහ 20 වැනි සංශෝධනය අතර දක්නට ලැබෙන සමානතා බොහෝය. එමෙන්ම 18 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කළ ආකාරය සහ 20 වැනි සංශෝධනය සම්මත කළ ආකාරය අතර දක්නට ලැබෙන සමානතාද බොහෝය.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයකින් සම්මත වූයේ 2010 වසරේ සැප්තැම්බර් මස 08 වැනිදාය. ඒ වන විට රටේ පැවැති දේශපාලන වාතාවරණයද බොහෝ සෙයින් වර්තමාන දේශපාලන වටපිටාවට සමානය. 2010 වසර මුලදී පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටද ජනපති ධුරයට තේරී පත්ව සිටි අතර ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයෙන් මන්ත්‍රීධුර 144ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබිණි. එය මෙරටට සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසු පැවැති මැතිවරණයකදී එක් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ හිමි කර ගත් විශාලම මන්ත්‍රීධුර ගණනද විය. (පසුගිය මහ මැතිවරණයේදී එම වාර්තාව බිඳ වැටුණි)
සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 2/3ක බලය ලබා ගත නොහැකි බවට ඒ වන විට තිබූ විශ්වාසය බිඳ දමමින් ඒ ආසන්නයටම පැමිණීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි විය. 2020 මහ මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ ප්‍රමුඛ කාර්යභාරය බවට 20 වැනි සංශෝධනය පත් වූ ලෙසටම 2010 ජයග්‍රහණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ ප්‍රමුඛ කාර්යභාරය වූයේද 18 වැනි සංශෝධනයය. එම අවස්ථාවේදීද මෙවර මෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහාය රජයට අවශ්‍ය වූ අතර ඒ සඳහා සහාය දක්වනු ඇතැයි කල් තියා අනාවැකි පළ වූ නම් කිහිපයක්ද විය.
20 වැනි සංශෝධනයේදී සියලුදෙනා විමතියට පත් කරමින් අවසන් මොහොතේ විපක්ෂයේ සිට රජයට සහාය දැක්වීමට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉදිරිපත් වූ ආකාරයෙන් 2010 වසරේදී 18 වැනි සංශෝධනයට සහාය දැක්වීම සඳහා විපක්ෂයේ සිට එක්වූ එකම මන්ත්‍රීවරිය වූයේ එක්සත් ජාතික පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියය. වර්තමානයේ ඩයනා ගමගේ මහත්මිය කතාබහට ලක් වූ ආකාරයෙන්ම එදා උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සම්බන්ධයෙන්ද දැඩි කතාබහක් සමාජයේ ඇති විය.
එක හා සමාන ගති ලක්ෂණවලින් යුතු ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා සියලු දෙනා පුදුමයට පත් කරවමින් විපක්ෂයේ සිට රජයට සහාය දැක්වීම පමණක් නොව මේ දෙදෙනා තුළ දක්නට ඇති තවත් සමානතා බොහොමයක් ඇත. මේ මන්ත්‍රීවරියන් දෙදෙනාම විපක්ෂයේ සිට රජයට සහාය පළ කළේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී මාස කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙනි. එමෙන්ම මොවුන් දෙදෙනාම අධ්‍යාපනය ලබා ඇත්තේත්, දේශපාලනයට පිවිසීමට පෙර වැඩි කාලයක් ගත කර ඇත්තේත් විදේශ රටවල වීම තවත් සමානතාවයකි.
උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය උපන්දා සිට අධ්‍යාපනය අවසන් වන තෙක්ම කුවේට් රාජ්‍යයේ ජීවත් වී ඇති අතර ඩයනා ගමගේ මහත්මිය තම ළමා කාලය ගතකර ඇත්තේත්, අධ්‍යාපනය ලබා ඇත්තේත් එංගලන්තයේය. කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි ශ්‍රී ලංකාවේ ජනප්‍රියත්වයට පත් වන්නේ රංගන ශිල්පිනියක් ලෙසිනි. පබා ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වයට පත් වූ ඇය රංගනයෙන් දායක වී ඇති ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගණන අති විශාලය. ස්වර්ණමාලි මහත්මිය මෙන්ම ඩයනා ගමගේ මහත්මියද දක්ෂ රංගන ශිල්පිනියක් වීම මේ දෙදෙනා අතර ඇති තවත් විශේෂත්වයකි. හේමන්තයේ වසන්තයක්, පුෂ්පරාගය, තිළිණ පඬුරු, යර්ස් බොස්, වැහි කුරුල්ලෝ, වැනි ටෙලිනාට්‍ය කිහිපයක් සඳහාම ඇය රංගනයෙන් දායක වී ඇත.
දේශපාලනය ආගමනය සම්බන්ධයෙන්ද මේ දෙදෙනා අතර දක්නට ඇති සමානතාවයක් ඇත. ඒ මේ දෙදෙනාගේම දේශපාලන ආගමනය සිදුව ඇත්තේ තම ස්වාමි පුරුෂයන්ගේ මඟ පෙන්වීම යටතේ වීමය. රංගන ශිල්පිනියක් ලෙසින් ජනප්‍රියත්වයට පත්ව සිටි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පළමු වරට දේශපාලන වේදිකාවට පිවිසියේ 2010 ජනාධිපතිවරණයට තරග කළ සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කරමිනි. ඇයට ඒ සඳහා අවස්තාව උදා වූයේ ඇයගේ පළමු ස්වාමි පුරුෂයා වූ මහේෂ් චාමින්ද මහතාගේ දේශපාලන හිතවත්කම් මතය. එමෙන්ම ඩයනා ගමගේ මහත්මියද දේශපාලනය පිවිසෙන්නේ ඇයගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා මහතාගේ සහායෙනි.
2010 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මනාප ඡන්ද 81,350ක් ලබා ගනිමින් එජාප ලැයිස්තුවේ දෙවැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වීමට සමත් වූයේ එජාපයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා වූ කරූ ජයසූරිය මහතා පවා තෙවැනි තැනට ඇද දමමිනි. තම ස්වාමියාගේ සහාය මත දේශපාලනයට පිවිසි ඩයනා ගමගේ මහත්මිය පළමු වරට මැතිවරණයකට ඉදිරිපත්ව ඇත්තේ 2014 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා ඡන්දයේදීය. අනතුරුව 2015 මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ වව්නියාව දිස්ත්‍රික් නායිකාව ලෙසද ඇය කටයුතු කර ඇත. සේනක ද සිල්වා මහතා සහ ඩයනා ගමගේ මහත්මිය මෙරට දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් රඟ දක්වන්නේ තමන්ට අයත්ව තිබූ අපේ ජාතික පෙරමුණ පසුගිය මැතිවරණයට තරග වැදීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමත් සමඟිනි. ඩයනා ගමගේ මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට සමඟි ජන බලවේගය කටයුතු කළේ පක්ෂය ලබා දීමේදී වූ පොරොන්දුවක් මත යැයිද තොරතුරු වාර්තා වූ නමුත් සමඟි ජන බලවේගය පවසන්නේ තමන් ඇය පත් කළේ කාන්තාවන්ට ඉඩ ලබා දීම සඳහා බවය.
18 වැනි සංශෝධනයට සහාය ලබා දීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ අසුන්ගත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරියක ලෙසින්ද කටයුතු කළාය. ඉදිරියේදී තමන්ද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ අසුන් ගන්නා බව ඩයනා ගමගේ මහත්මියද මේ වන විට ප්‍රකාශ කර ඇත. එමෙන්ම රජය වගකීමක් ලබා දෙන්නේ නම් එම වගකීම බාර ගැනීමට තමන් සූදානම් බවද ඇය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය යටතේ 2010දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය 2015 මහ මැතිවරණයේදී පරාජයට පත් විය. ඇය එහිදී මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේය. ඉන්පසු ඇයගේ දේශපාලන දිවියද නිමාවට පත් විය.
විපක්ෂයේ සිට රජයට සහාය දුන් එකම මන්ත්‍රීවරිය ලෙස තම දේශපාලන අනාගතය තීරණය කිරීමේ අවස්ථාව දැන ඩයනා ගමගේ මන්ත්‍රීවරියට උදා වී ඇත. බොහෝ සමානකම් තිබුණද, දේශපාලනික වශයෙන් මේ දෙදෙනා අතර දක්නට ලැබෙන පැහැදිලි වෙනස්කමක්ද මෙහිදී සඳහන් කළ යුතුය. ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ඒ වන විට වයසින් ලාබාල කාන්තාවක් මෙන්ම දේශපාලනයට ආධුනික තැනැත්තියක්ද විය. නමුත් ඩයනා ගමගේ මහත්මියගේ තත්ත්වය ඊට ඉඳුරාම වෙන්සය. පාර්ලිමේන්තුවට මෙවර තේරී පත් වූයේ පළමු වරට වුවද, දේශපාලනික වශයෙන් ඇය සතු අත්දැකීම් ප්‍රමාණය අති විශාලය. වසර ගණනාවක් පුරා ඇය දේශපාලනය සමඟ උරෙනුර ගැටෙමින් කටයුතු කර ඇත. එබැවින් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අත් වූ දේශපාලන ඉරණම ඩයනා ගමගේ මහත්මියගේ දේශපාල අනාගතයට සමාන වේද නැද්ද යන්න ඇය එම අත්දැකීම් භාවිතා කරන ආකාරය අනුව තීරණය වනු ඇත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

පෝර්ට්සිටියේ ලොකුම ඉදිකිරීම චීනෙට

Next Post

ආර්ථිකයෙන් පී.බී. යට යයි: කබ්රාල් මතු වෙයි (රාජ්‍ය රහස්)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.