• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පකිස්තානෙත් චීන උගුලේ වැටෙයි

May 22, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
පකිස්තානෙත් චීන උගුලේ වැටෙයි
Share on WhatsAppShare on Facebook


චීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික විදුලි ව්‍යාපෘති චක්‍රීය ණය ක්‍රමය නිසා අතර මඟ කඩාවැටෙන ස්වභාවයක් ඇති වී තිබේ. දෙපාර්ශ්වය අතර විදුලි බලශක්ති රාමුව සම්බන්ධයෙන් එළඹි ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කෙරී ඇති හෙයින් මේ තත්ත්වය උද්ගතව තිබේ.

මේ නිසා මේ වන විට ගෙවිය යුතුව ඇති රුපියල් බිලියන එකසිය අසූඅටක් හෙවත් කෝටි දහඅට දහස් අටසියයක් ගෙවිය නොහැකිව ඇත. එසේ වුවද මෙතෙක් නොගෙවා ඇති ප්‍රතිශතය 18.4%කි. එය බලපැවැත්වීම ආරම්භ කෙරී ඇත්තේ චීනය ස්වාධීන විදුලිබල නිෂ්පාදන වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ මුල්‍ය ආකෘතියවන චීන පාකිස්ථාන ආර්ථික පටු මංතීරුව ආරම්භයත් සමගිනි.

“චීන ස්වාධීන විදුලිබල නිෂ්පාදන මිලට ගැනීම වෙනුවෙන් පාකිස්තානය මේ වන විට රුපියල් බිලියන අටසිය තිස්දෙකක් හෙවත් කෝටි අසූ තුන් දහස් දෙසීයයක් ගෙවා ඇතැයි” අගමැතිවරයාගේ විශේෂ සහකාර “ටාබිෂ් ගෝහාර්” එක්ස්ප්‍රස් ටි්‍රබියුන් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

“සෙන්ට්‍රල් පවර් පර්චේස් ඒජන්සි ගරන්ටීඩ්” ආයතනයෙන් ගෙවිය යුතුව ඇති රුපියල් කෝටි දහඅට දහස් අටසියයක ගනුදෙනුව සම්බන්ධයෙන් මේ දක්වාම දෙපාර්ශවයට පැහැදිලි තීරණයකට පැමිණිය නො හැකිව ඇති බව ද එ බැවින් කෝටි අසූ තුන් දහස් දෙසියය ගෙවා නැතැයිද අගමැතිවරයාගේ විශේෂ සහකාර “ටාබිෂ් ගෝහාර්” වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.
ප්‍රශ්ණකාරී ණය මුදල වු රුපියල් ටි්‍රලියනයකින් එනම් කෝටි 10,00,00,00,000ක් ගෙවිය යුතු හිඟ ප්‍රමාණය 18.4%ක් බවද, එය එතරම් දෙයක් නොවන බවද හෙතෙම සඳහන් කෙළේය.

මේ දක්වා ඇති සමස්ත චක්‍රීය ණය ප්‍රමාණය ටි්‍රලියන 2.6ක් හෙවත් රුපියල් කෝටි දෙදහස් හයසියය දක්වා ඉහළ අගයක් ගන්නා බවද “ටාබිෂ් ගෝහාර්”කීවේය.

22%කට සමාන අන්දමේ මාසික “චීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික චක්‍රීය අරමුදලක්” ස්ථාපනය කරන ලෙසද ඊට “මුදල් අමාත්‍යාංශයෙන් පහසුකම් සැපයිය යුතු” බවටද “චීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික බලශක්ති රාමුව යටතේ”එළැඹුණු ගිවිසුම යටතේ පාකිස්ථානයට නියම කරනු ලැබ තිබේ.

දෙපාර්ශ්වය ගිවිසුම්ගත මේ කොන්දේසියෙන් චීනය අපේක්‍ෂා කළ අරමුණ වූයේ බිදුලි බලය මිලදී ගනු ලබන්නාට යම් හෙයකින් ගෙවීම් කළ නොහැකි වූ විටෙක කිසිදු බාධාවකින් තොරව විදුලි ව්‍යාපෘතිවලින් සිය ගතමනාව අයකර ගැනීමය.
“චීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික විදුලිබල ව්‍යාපෘති ක්‍රියා රාමුව” 2014 නොවැම්බර් මාසයේදී දෙරට (පාකිස්ථානය සහ චීනය) විසින් අස්සන් කරන ලද්දකි.

“අපි ඒ කොන්දේසියට අනුව චක්‍රීය අරමුදල ආරම්භ කළේ නෑ” ටාබිෂ් ගෝහාර්” පැවැසුවේය.
2018දී රුපියල් කෝටි එක්දහස් එකසිය පනහක් වූ චක්‍රීය ණය ප්‍රමාණය මේ වන විට රුපියල් කෝටි දෙදහස් හයසියයක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජය මේ ණය ප්‍රමාණය ඉදිරි වර්ෂ දෙක තුළදී 2018 පැවති මට්ටමට ගෙන ඒමට තුන් ආකාරයක ක්‍රමවේදී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරයි. පළමු වැන්න කාර්යක්‍ෂමතා වර්ධනයට සාකච්ඡා කිරීමයි. දෙවැන්න කාලානුරූප සහනශීලී ගෙවීමේ ක්‍රමයයි. තුන්වැන්න ආනයන අපනයන බදු වැඩි කිරීමයි.

චීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික විදුලි වා්‍යාපෘතිය යටතේ “මෙගාවොට්” 300ක ධාරිතාව ඇති ගල්අඟුරු බලාගාරයක් “ග්වාදර්”ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබුණද, තවමත් එම ව්‍යාපෘතියේ වැඩ පටන්ගෙන හෝ නැත.
“චීනයේ අපනයන සහ ණය රක්‍ෂණ සංස්ථාවේ වරදක් නිසා ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ කාර්යය තවමත් ආරම්භ කිරීමට නොහැකි වූ බව”ටාබිෂ් ගෝහාර්” පැවැසුවේය.
“චීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික විදුලි වා්‍යාපෘතිය” යටතේ චීන සමාගම්වලට නිකුත් කෙරෙන ණය සඳහා අපනයන සහ ණය රක්‍ෂණ සංස්ථාව 7%ක් අය කරයි.

මුල්‍යමය කටයුතු මේ අන්දමින් සීමා කෙරෙනවා නම් ඒ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමෙන් වැඩක් නෑ” ටාබිෂ් ගෝහාර් කීය.
ඩොලර් මිලියන 300ක හෙවත් කෝටි තිහක ආයෝජන ව්‍යාපෘතියකට එරෙහිව ඉදිරි වර්ෂ 20ක කාලය තුළ පාකිස්තානයට ඩොලර් බිලියනයක් හෙවත් කෝටි සියයක් ගෙවීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

ආනයනික ගල් අඟුරු යොදාගැනෙන විදුලිබල ව්‍යාපෘති රජය තහනම් කරනු ලැබීමෙන් මේ තත්ත්වය උද්ගතවීම හේතුවයි.
ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ සමාගම් ජාලයෙන “ග්වාදාර්” ප්‍රදේශයට විදුලිබලය සපයන්නට රජයට හැකි බව විදුලිබල අංශ පවසනවා. ඒ අවශ්‍යතාවට මුල්‍ය ප්‍රතිපාදන සලසන්න රජයට හැකියාව තියෙනවා”

චාෂ්මා -5 ලෙසින් හඳුන්වන න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතියද තත්ත්වයෙන් පහළ මට්ටමක බවටයි රජය සලකන්නේ. මේ න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතිය අනුමත කළේ ඒ සඳහා වැයවන බරපැණින් කොටසක් ලෝක බැංකුවෙන් දෙන ප්‍රකාශය නිසයි. මේ වාගෙ න්‍යෂ්ටික ව්‍යාපෘති මින්පසු ආරම්භ කරන්නේ ආර්ථික වශයෙන් පැවැත්මක් ඇත්නම් පමණයි. ඊට හේතුව එවැනි කටයුතු වෙනුවෙන් “මුදල් අමාත්‍යාංශයෙන්” මුල්‍ය ප්‍රතිපාදන සැලසිය යුතු නිසා” ටාබිෂ් ගෝහාර් කීය.

රජය මේ වාගෙ කාර්යභාරවලට මීට පස්සේ අතගහන්නේ ඊට අදාළ ලිපි ලේඛන නිවැරැදිව ලැබුණොත් පමණයි. ව්‍යාපෘතිය අවසන් කිරීමේ නියමිත කාලවකවනුවක් ද තිබිය යුතුයි. ඒ සම්බන්ධව දෙරට අතර බහු පාර්ශ්වීය ඇරේන්ජ්මන්ට්ස්ද තිබිය යුතුයි.

ස්වාධීන විදුලිබල නිෂ්පාදනය සම්බන්ධව ගෙවිය යුතු බිලියන තුන්සියයක හෙවත් කෝටි තිස් දහසක ගෙවීම ගැන චීනය සමග සාකච්ඡාකර තවත් වසර 10-12ක කාලයකට දිගුවක් ලබාගැනීමට අපේක්‍ෂා කරනවා.
චීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික විදුලි ව්‍යාපෘති යටතේ විදුලි බලාගාර 12ක් චීනය විසින් පාකිස්තානයේ ඉදිකරනු ලැබ තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කිසිම පොතක-පත්තරයක-ලිපියක නොලියවුණු රටම නොදන්න MR’s WAR (EXCLUSIVE)

Next Post

රිෂාඩ් පෝට්සිටියට අත ඉස්සූ දෙන්නෙක් පන්නයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.