• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම පොතක-පත්තරයක-ලිපියක නොලියවුණු රටම නොදන්න MR’s WAR (EXCLUSIVE)

May 22, 2021
in Exclusive
Reading Time: 11 mins read
A A
කිසිම පොතක-පත්තරයක-ලිපියක නොලියවුණු රටම නොදන්න MR’s WAR (EXCLUSIVE)
Share on WhatsAppShare on Facebook

යුද ජයග්‍රහණයේ 12 වැනි වසර සැමරුවේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය. එදා යුද්ධය ජයග්‍රහණය කරද්දී රටේ ජනාධිපතිවරයා බවට පත්ව සිටියේ මහින්ද රාජපක්ෂ වත්මන් අගමැතිවරයාය. එදා ආරක්ෂක ලේකම්වරයාව සිටියේ වත්මන් ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාය. යුද ජයග්‍රහණය සඳහා විශාලම කැපවීම කළ යුද හමුදාවට අණ දුන් ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. එමෙන්ම ෆීල්ඩ් මාර්ෂල්වරයෙකි.

යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ වන විට අනන්තවත් ලිපි ලියැවී තිබේ. අනන්තවත් පොත් ලියැවී තිබේ. බොහෝ දෙනා සිතා සිටින්නේ යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් තිරය පිටුපස සිදුවූ සියලු සිදුවීම් මේ ලිපිවල, මේ පොත්වල ලියැවී ඇතැයි කියාය. නමුත් තවමත් කිසිවකුත් නොදත්, කිසිවකුත් නොඇසූ අනන්ත අප්‍රමාණ කතා ගොන්නක් මේ යුද ජයග්‍රහණයේ තිරය පිටුපස සැඟව තිබේ. ඒ කතා බොහොමයකට එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධය. තවමත් මහින්ද ඒ යුද රහස් ගැන ප්‍රසිද්ධියේ කතා කොට නැත. මහින්ද ගැන පොත් ලියූ පිරිස් හෝ හිතවතුන් මහින්දගේ ඒ යුද රහස් පිළිබඳ වචනයක්වත් ලියා නැත. ලියා ඇති එකම දේ වන්නේ මහින්ද ත්‍රස්තවාදයෙන් මේ රට මුදාගත් බව පමණකි. නමුත් මහින්ද යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා කළ කැපකිරීම්, මහින්දට ඒ සම්බන්ධයෙන් තිබූ දැක්ම යනාදිය තවමත් කිසිදු තැනක ලියවී නැත. මේ ලිපියේ අරමුණ වන්නේ කිසිදු තැනක නොලියවුණු යුද්ධය සම්බන්ධයෙන් වූ මහින්දගේ ඒ කැපකිරීම සහ දැක්ම යම් තරමකින් හෝ රටට අනාවරණ කිරීමය.

2005 ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම රට ඇතුළේ මතුවෙද්දී ශ්‍රීලනිපයට තිබුණු ප්‍රධානම ගැටලුව වූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේ කාටද යන්න කියාය. ඒ වන විට නම් කිහිපයක්ම පක්ෂය ඇතුළේ කියැවුණද, අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා මහින්ද එළිපිට සටනක් පක්ෂය ඇතුළේ දියත් කර තිබිණි. නමුත් එවක ජනාධිපතිනිය මෙන්ම ශ්‍රීලනිප නායිකාවද වූ චන්ද්‍රිකා සිටියේ කිසිසේත්ම මහින්දට අපේක්ෂකත්වය දීමට නොවේ. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද සිටියේ චන්ද්‍රිකා සමග එක්ව මහින්දට අපේක්ෂකත්වය නොදෙන තැනකය.

“මහින්දට කිසිම විෂන් එකක් නෑ. එයා නිකම්ම නිකම් වීදි සටන්කාරයෙක් විතරයි. ඒ ඇරෙන්න එයාට යුද්දෙ ගැනවත්, ආර්ථිකේ ගැනවත් ලොකු තේරුමක් නෑ. රටේ සාමය ඇතිකරන්න ඕනෙ කොහොමද කියලවත් එයාට අදහසක් නෑ…”

ඒ වෙද්දි මහින්ද ගැන ශ්‍රීලනිපය ඇතුළේ තිබූ විශ්ලේෂණය එය විය. ඒ නිසා ඔවුහු මහින්දට අපේක්ෂකත්වය නොදීමේ දැඩි තීන්දුවක සිටියහ.

ඒ වනවිට යූ.එන්.පී.ය සිටියේත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කොටය. යූ.එන්.පී. අපේක්ෂකයා වූ රනිල් ඒ වන විටත් එල්.ටී.ටී.ඊ.ය සමග සටන් විරාමවලට ගොස් සාම සාකච්ඡා පවත්වා තිබූ නිසා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳන බවට රටට ප්‍රතිඥාවක් දී තිබිණි. එම නිසා උතුරේ ඡන්දවලින් ජනාධිපතිවරණය ජයගත හැකි බවට විශාල විශ්වාසයක් යූ.එන්.පී.යේ තිබිණි. දැඩි සටනකින් පසු මහින්ද ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකත්වය ගන්නා විට සිටියේ රනිල්ට වඩා ගවු ගාණක් පසුපසිනි.
ඒ අනුව සුපුරුදු පරිදි මහින්ද තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සිය බාල සහෝදරයා වූ බැසිල්ට පැවරීමට පියවර ගත්තේය. බැසිල් දිගටම ඇමෙරිකාවේ ජීවත් වූ අතර, මහින්දගේ සෑම ඡන්දයකදීම ලංකාවට පැමිණ ඔහුව ජයග්‍රහණය කරවා නැවත ඇමෙරිකාවට යෑම බැසිල්ගේ සිරිත විය. ඒ අනුව 2005දී ද සුපුරුද පරිදි බැසිල් ඡන්ද සටන මෙහෙයවීමට ලංකාවට ආවේය. වෙන මැතිවරණ මෙන් නොව මෙය ජනාධිපතිවරණයක් වීම නිසාත්, රාජපක්ෂ පවුලට මෙම මැතිවරණය ඉතා තීරණාත්මක එකක් වීම නිසාත් මහින්ද කළේ ඒ වන විට ඇමෙරිකාවේ සිටි සිය අනෙක් සහෝදරයා වූ ගෝඨාභයටද ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දීමය. ඒ අනුව ජනාධිපතිවරණයට සහෝදරවරුන් සියල්ලම බැස සිටි ආකාරයක් දැකගත හැකි විය.

මෙහිදී මහින්ද ගෝඨාට භාරදුන්නේ කුරුණෑගලය. ඊට හේතු වූයේ හමුදාවට බැඳී සිටින සාමාජිකයන් විශාල පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පැමිණ සිටීමත්, රනිල්ට එම පිරිසට කතාකිරීමට තිබූ නොහැකියාවත්ය. ඒ අනුව ගෝඨාට භාරවූයේ කුරුණෑගල රණවිරු පවුල් ඉලක්ක කරගෙන කැම්පේන් එක සිදුකිරීමය. ඒ අනුව ගෝඨා කුරුණෑගලට ගොස් ජනාධිපතිවරණ සටන නිමවන තෙක්ම කුරුණෑගල ජනතාව සමග එකට කමින්, එකම ප්ලේන්ටිය බොමින් ගමක් ගමක් ගානේ ඡන්ද සටන මෙහෙයවීමට කටයුතු කළේය. මහින්දගේ මේ තේරීම දෙස අද බලද්දී විපක්ෂයෙන් පමණක් නොව පක්ෂය ඇතුළෙන්ම මහින්දට යුද්ධය පිළිබඳ හෝ සාමය පිළිබඳ දැක්මක් නොමැති බවට චෝදනා එල්ල කළද, එදා සිටම කිසියම් සැලැස්මක් මහින්දගේ ඔළුවේ වැඩකරමින් තිබූ බව පැහැදිලිය. එහි ප්‍රතිඵලය වූයේ ඡන්ද ප්‍රතිඵල එන විට පරදිනවා කී මහින්ද ජයග්‍රහණය කොට දිනනවා කී රනිල් පරාජයට පත්ව තිබීමයි. 1970 සිට 2005 දක්වාම මන්ත්‍රීවරයකු ලෙස ජයග්‍රහණය කළ මහින්ද 2005 ජයග්‍රහණය කළේ රටේ ජනාධිපතිවරයා ලෙසය.

ඒ අනුව ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් ටික දිනෙකට පසු ගෝඨා මහින්දට ඇමතුමක් දී තමන් යළි ඇමෙරිකාව බලා පිටත්ව යන බවත්, දැනටමත් ඒ සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කොට ඇති බවත් කියා සිටියේය. ගෝඨාගේ මේ කතාව මහින්දට රිස්සුවේ නැත. වහාම මහින්ද ගෝඨාට කියා සිටියේ ටිකට් පත අවලංගු කරන ලෙසටය.

“කොහෙ යන්නද? මම ඔයාට ලොකු වැඩ කොටසක් භාරදෙන්නයි ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද ඔයා තමයි මගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්…” යනුවෙන් මහින්ද කියද්දී ගෝඨා සිටියේ සිනාසෙමිනි. එය ප්‍රතික්ෂේප කළ ගෝඨා කීවේ එලෙස කිරීමට ගියහොත් ගැටලු ඇතිවනු ඇති බවත්, ආණ්ඩුව ඇතුළේ අය පවා ප්‍රශ්න කරනු ඇති බවත්ය.

“නෑ මම ඒ තීන්දුව අරන් ඉවරයි. ඔයා තමයි මේ රටේ ආරක්ෂක ලේකම්. වහාම ටිකට් කැන්සල් කරලා වැඩ භාරගන්න. මොකද ලොකු වැඩ ගොඩක් තියෙනවා අපිට ඉවර කරන්න…” යන්න එහිදී මහින්ද ගෝඨාට කී කතාවය. ඒ හරහාද කවුරුන් මොනවා කිවවත් යුද්ධය සම්බන්ධයෙන් මහින්දගේ ඔළුවේ මුල සිටම කිසියම් සැලැස්මක් වැඩකරමින් තිබූ බව පැහැදිලිය.

ඒ වන විට රනිල්ගේ සටන් විරාම ගිවිසුම නිසා කොටි හිටියේ හොඳටම ශක්තිමත් වීය. කොච්චර ශක්තිමත් වී සිටියාද කියනවා නම් උතුරේ හමුදාවන්ට පසුපස ප්‍රදේශය පෙන්වන තරමට කොටි ශක්තිමත්ව සිටියහ. ගෝඨා ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩ භාරගත්තේ එවන් අවදියකදීය. මහින්දගේ සැලැස්මට අනුව ගෝඨා හමුදාව ප්‍රතිසංවිධාන කිරීම ආරම්භ කළේය. කොටින්ට එරෙහිව යුද්ධයක් කරන්නේ නම් එහි ප්‍රධානම බර යුද හමුදාවට පැවරෙන බැවින් යකෙකුටවත් බය නැති හමුදාපතිවරයෙක් පත්කරගත යුතුව තිබිණි. ගෝඨාගේ ඔළුවේ වැඩ කළේ එවකට යාපනය භාරව සිටි මේජර් ජනරාල් සරත් ෆොන්සේකාය. ඒ පිළිබඳ ගෝඨා මහින්දව දැනුවත් කිරීමටද කටයුතු කළේය.

නමුත් මහින්ද ඒ වන විට සරත් ෆොන්සේකා පිළිබඳ එතරම් දැන සිටියේ නැත. මහින්දට පළමු වරට ෆොන්සේකා හමුවූයේ මහින්දගේ සමකාලීනයකු වූ ප්‍රදීප් හපන්ගමගේගේ අවමගුලේදීය. ආදි ආනන්දීයයකු වූ ප්‍රදීප් ආනන්දීයයන් වූ ගෝඨා සහ ෆොන්සේකා සමග සමීප සබඳතා පැවැතියකු විය. ඒ අනුව ප්‍රදීප්ගේ අවමගුලට ගෝඨා සහ ෆොන්සේකා සහභාගිව සිටියදී මහින්දද එම අවස්ථාවට පැමිණියේය. ගෝඨා, ෆොන්සේකාව මහින්දට හඳුන්වා දුන්නේ එම අවමගුල් උත්සවයේදීය. ඒ අනුව එහිදී කතාබස් කළ කරුණු අනුව ෆොන්සේකා ගැන මහින්දට පැහැදීමක් ඇති විය. දින කිහිපයකට පසු ෆොන්සේකා හමුදාපති කරන ලෙසට මහින්ද ගෝඨාට උපදෙස් දෙනු ලැබුවේ ඒ පැහැදීමට අනුව විය යුතුය.

හමුදාව යුද්ධයට හැඩගැස්වීමේ පළමු හැරවුම් ලක්ෂය එය විය.

මහින්දට පෙර කාලයේ හමුදාව යුද්ධ කරද්දී යුද්ධයේ දිශානතිය වෙනස් කිරීමට තීන්දු තීරණ ගනු ලැබුවේ එවකට බලයේ සිට ජනාධිපතිවරුන් හෝ අගමැතිවරුන්ය. ඒවාට උදාහරණ ඕනෑ තරම්ය. නමුත් මහින්ද එසේ කළේ නැත. මහින්ද නිවැරැදි පුද්ගලයන් ඒ ඒ තැන්වලට පත්කොට යුද්ධයට අවශ්‍ය සියලුම වගකීම් ගැනීමේ බලය ඔවුන්ට පැවරීමට කටයුතු කළේය. ඔවුන්ට ඒ තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දුන්නේය. ඒකට හොඳම උදාහරණය සටන් විරාම ගිවිසුම සහ සාම සාකච්ඡා මේසයෙන් ඉවත් වීමට මහින්ද කටයුතු කළ ආකාරයය. මොකද මහින්ද අන්තිම කාලයේදී සාම සාකච්ඡාවලට ගියේ එපා වාහෙට හොදි බෙදන්නා වාගේය. මහින්දට ඕනෙ වෙලා තිබුණේ කාලයක් තිස්සේ තමන්ගේ ඔළුවේ වැඩ කළ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සාම සාකච්ඡා මේසයෙන් පිටපැනීමටය. එවකදී විපක්ෂය මහින්දට දිගට හරහට බැණවැදුණත් අද ඒ ගැන කල්පනා කරද්දී මහින්ද මුල සිටම සිටියේ යුද්ධයෙන් මේ ප්‍රශ්නය නිමා කරගන්නා ස්ථාවරයේ බව පැහැදිලිය. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ.ය යුද්ධයෙන් අවසන් කළ හැකි බවට ෆොන්සේකා දැඩි ස්ථාවරයක සිටීමද මහින්දගේ මේ සිතුවිල්ලට උත්ප්‍රේරකයක් වූ බවට සැකයක් නැත.

මේ නිසාම මහින්ද යුද්ධය ආරම්භ කිරීමට ප්‍රථම ආරක්ෂක කවුන්සිලය ශක්තිමත් කිරීමට පියවර ගත්තේය. කොච්චර ශක්තිමත් කළාද කියනවා නම් ඇතැම් විට කැබිනට් මණ්ඩලයටත් එහා ගිහින් තීන්දු තීරණ ගන්නා තැනට ආරක්ෂක මණ්ඩලය සූක්ෂමව ඔසවා තැබීමට මහින්ද කටයුතු කළේය. ඒ හරහා යුද්ධයක් ආරම්භ කළහොත් එහි තීන්දු තීරණ ගැනීමෙ බලය ආරක්ෂක ලේකම් හරහා හමුදා ප්‍රධානීන්ට ගතහැකි තරමට ශක්තිය ලබාදුන්නේය. හිටපු ජනාධිපතිවරුන් හමුදාපතිවරුන්ට බලතල ලබාදීමට දැඩි බියක් දැක්වූවත්, මහින්ද කිසිදු බියකින් තොරව තීරණ ගැනීමේ අයිතිය ඔවුන්ට ලබාදුන්නේය. කැබිනට් මණ්ඩලය හා සමානවම සෑම සතියකම ආරක්ෂක මණ්ඩලය රැස්කරමින් යුද්ධයට අවශ්‍ය මානසිකත්වය ක්‍රමානුකූලව සකස් කිරීමට මහින්ද පියවර ගත්තේය. ඊට අවශ්‍ය සැලසුම් සාකච්ඡා කළේය. එහි ප්‍රතිඵලය වූයේ හමුදාවන් පැත්තෙන්ද යුද්ධයට අවශ්‍ය මානසිකත්වය සකස් කර ගැනීමය.

එල්.ටී.ටී.ඊ.ය නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව වසාදැමුවේ මේ ආකාරයට කිසිවකුටත් නොදැනෙන්න මහින්ද දකුණ යුද්ධයකට සූදානම් කරමින් සිටියදීය. එහිදී ෆොන්සේකා දැඩි මතයක සිටිමින් ආරක්ෂක මණ්ඩලයට දැනුම්දී සිටියේ ඊට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් දැක්විය යුතු බවත්, එල්.ටී.ටී.ඊ.යට ප්‍රහාර එල්ල කොට සොරොව්ව මුදාගැනීමට කටයුතු කළ යුතු බවත් කියමිනි. මෙය ඉතා මානුෂික ප්‍රශ්නයක් බැවින් එය සාධාරණීකරණය කළ හැකි බව ෆොන්සේකා ගෝඨාටත් පෙන්වා දුන්නේය. අද ඇතැමුන් මහින්ද මේ අවස්ථාවේ යුද්ධයට පස්ස ගැසූ බව කියා සිටියත් එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මහින්ද යුද්ධයකට යෑම සඳහා අවශ්‍ය පළමු නියෝගය හමුදාවට ලබාදීමට පියවර ගත්තේය.

එතැන් සිට මහින්ද දවසේ පැය විසි හතරම ගත කළේ යුද්ධයත් සමගය. අද යුද ජයග්‍රහණයෙන් අවුරුදු 12කට පසු ආපසු හැරී බලද්දී යුද ජයග්‍රහණයට දායක වුණු විවිධ චරිත පිළිබඳ කතා කළත්, මහින්ද යුද්ධය ජයග්‍රහණය කිරීමට දැක්වූ දායකත්වය කවුරුවත් කතා කොට නැත. නමුත් එදා එළාරව පරාජය කොට යුද්ධය ජයග්‍රහණය කළ බවට පොත්වල ලියැවී ඇත්තේ එවකට රටේ රජු වූ දුටුගැමුණුය. ඊට දසමහා යෝධයන් ඇතුළු පරිවාර සේනාව දායකත්වය දැක්වූවත් දුටුගැමුණුට ඉතිහාසය ලබාදී ඇත්තේ අද්විතීය ස්ථානයකි. නමුත් ප්‍රභාකරන්ව පරාජය කළ මහින්ද ගැන එසේ පොත්වල ලියැවී නොතිබීම එක් අතකට කනගාටුදායකය. මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා යුද ජයග්‍රහණයන්ට ෆොන්සේකා අණ දුන් බවට විවාදයක් නැත.

ඒ මිලිටරි ආයතන හා දේශපාලන ආයතන අතර සම්බන්ධීකරණය කළේ ගෝඨාය. යුද්ධය නවත්වන ලෙසට එල්ලවූ දැඩි ජාත්‍යන්තර බලපෑම හමුවේ ඊට අවනත නොවී යුද්ධය අවසන් වන තෙක්ම සිදුකිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදුන්නේ මහින්දය. ඊට හොඳම උදාහරණය නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම කොටින්ගෙන් නිදහස් කරගැනීමත් සමග එල්ල වූ දැඩි ජාත්‍යන්තර බලපෑම්ය.

මෙහිදී නැගෙනහිර මුදාගැනීමත් සමග එතැනින් යුද්ධය නවත්වන ලෙසට දැඩි ජාත්‍යන්තර බලපෑමක් එල්ල වුවද මහින්ද ඉතා සූක්ෂමව ඒ සියල්ල මඟහැර යෑමට සමත් විය.

මේ අතරවාරයේ නැගෙනහිර යුද පිටියේ සිදුවන ඇතැම් සිදුවීම් මහින්දට පවා වාර්තා නොවන තත්ත්වයක් මතුවිය. ඒ අනුව නැගෙනහිර යුද්ධය සිදුවෙද්දී යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් තමන්ටද වාර්තා නොවන බවක් මහින්දට වැටහිණි. ඒ අනුව මහින්ද කළේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වන කරුණුවලට අමතරව යුද බිමේ සිටින අණදෙන නිලධාරීන්ගෙන් ඒ පිළිබඳ වෙනමම අදහස් හුවමාරු කරගන්නා යාන්ත්‍රණයක් සකස් කරගැනීමය. ඒ හරහා යුදබිමේ මතුව ඇති ඇතැම් ප්‍රායෝගික ගැටලු නියමාකාරයෙන් දැනගැනීමට මහින්ද සමත් විය. මෙහිදී මහින්ද තොරතුරු ලබාගන්නා ආකාරය සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් හිත් අමනාපයෙන් සිටියද මහින්ද එම තොරතුරු ලබාගන්නා ආකාරය නැවැත්වූයේ නැත. ඊට හේතු වූයේ යුද බිමේ සිදුවන සියලු තොරතුරු ඒ ආකාරයෙන්ම දැනගැනීමට මහින්දට අවශ්‍යව තිබීම නිසාය.

යුද්ධයේ දැවැන්තම ජාත්‍යන්තර බලපෑම ආවේ හමුදාව ප්‍රභාකරන්ව කොටුකිරීම සඳහා මුලතිව්වලට ඇතුළුවීමත් සමගය. එහිදී සටන අතට ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයය. ඒ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වූ බැන්කි මූන් වහාම මහින්දට කතා කොට යාපනයේ තත්ත්වය දැකබලා ගැනීම සඳහා තමන්ගේ විශේෂ නියෝජිතයකු ලංකාවට එවන බව දැනුම්දී සිටියේය. එසේ ලංකාවට ආවේ එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම්වරයකු වූ විජේ නම්බියාර්ය. නම්බියාර් ලංකාවට ආවේත් නිකම්ම ආවාට ගියාට නොව, ප්‍රභාකරන් යාපනයෙන් එළියට ගන්නා සැලැස්මක්ද අතේ තියාගෙනය. ඒ අනුව නම්බියාර්ගේ සැලැසුම වූයේ කොළඹ සිට කිසිදු ආරක්ෂකයකු රහිතව හෙලිකොප්ටරයකින් මුලතිව්වලට ගොස් ප්‍රභාකරන් මුණගැසී, ඔහුව ආරක්ෂිතව ඒ වන විට ජාත්‍යන්තර මුහුදේ රඳවා තිබූ නෞකාවකට නග්ගවා ඉන් අනතුරුව නෝර්වේ රාජ්‍යයට භාරදීමටය. ප්‍රභාකරන් පමණක් නොව, ඔහුගේ පවුලේ ඥාතීන් සහ ඉහළ පෙළේ කොටි සාමාජිකයන් රැසක් මෙසේ මුලතිව්වලින් පිටමං කිරීම නම්බියාර්ගේ ගමනේ සැලැසුම විය. එසේ නම්බියාර් මුලතිව්වලට ගොඩබසින විට ඒත් සමග තමිල්නාඩුවේ වයිකෝගේ මෙහෙයුමකින් විශාල බෝට්ටු ප්‍රමාණයක් උතුරට කඩාවැදී නාවික හමුදාව සමග ගැටුමක් ඇතිකර ගැනීමද එහි තවත් සැලැසුමක් විය. නමුත් මේ සියලු තොරතුරු කල් තියාම මෙරට බුද්ධි අංශවලට ලැබී තිබිණි. ඒ අනුව බුද්ධි අංශ මහින්දට දැනුම්දී තිබුණේ නම්බියාර් මේ එන්නේ ප්‍රභාකරන්ව බේරාගැනීමේ සැලැසුමක් ක්‍රියාවට නැංවීමට යැයි කියාය.

ඒ අනුව මහින්ද පත්ව සිටියේ ඉතා අසීරු අවස්ථාවකටය. මන්ද යත් එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නියෝජිතයකු කොළඹට පැමිණ මුලතිව්වලට යෑමට අවස්ථාව ඉල්ලද්දී එය ප්‍රතික්ෂේප කිරීම ඉතා අසීරුය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග යුද ප්‍රකාශ කිරීමක් හා සමානය. අනෙක් අතට කොළඹට පැමිණ සිටි නම්බියාර්ට උතුරටට යෑමට අවස්ථාව ලබාදීමටත් නොහැකිය. එවිට නියත වශයෙන්ම ප්‍රභාකරන් ජීවිතය ගලවාගෙන වෙනත් රටකට පනිනු ඇත. වරින් වර විදෙස් රටවලින් ආ දුරකතන ඇමතුම්වලින්ද නම්බියාර්ගේ මුලතිව් ගමනට අවස්ථාව සලසන ලෙසට දැඩි බලපෑම්ද එල්ල වෙමින් පැවැතිණි. ඒ අනුව මහින්ද පත්ව සිටියේ “මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී” වැනි තත්ත්වයකටය.

මෙහිදී මහින්ද දැඩි තීන්දුවක් ගැනීමට පියවර ගත්තේය. ඒ, විජය නම්බියාර්ට මුලතිව් බලා යෑමට අවස්ථාව ලබා නොදෙන බව ප්‍රකාශ කරමින්ය. නම්බියාර් සිය රටට පැමිණ සිටියදී කිසියම් අනතුරකට මුහුණපෑවහොත් බරපතළ අර්බුදයක් මතුවන බව පෙන්වා දෙමින් ආරක්ෂක හේතු මත නම්බියාර්ට මුලතිව යෑමට ඉඩ දිය නොහැකි බව මහින්ද කියා සිටියේය. මහින්දගේ මේ තීන්දුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගල්ගැසී ගියේය. ඒ සමගම ප්‍රභාකරන් බේරාගන්නා සියලු සැලසුම් ව්‍යර්ථ කර දැමීමට මහින්ද සමත් විය. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය මහින්ද සමග වෛර බැඳගෙන සිටීමට මෙයද එක් හේතුවකි.
මේ ප්‍රශ්නය එතැනින් නතර වූයේ නැත. තමාට කළ මදිපුංචිකමට නම්බියාර් කළේ වහාම නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගොස් මෙම ප්‍රශ්නය ඉතා තීරණාත්මක තැනකට රැගෙන ඒමට කටයුතු කිරීමය. ඉන් අනතුරුව මතු වූයේ කිසිවකු නොසිතූ ඉතා බරපතළ තත්ත්වයකි. ඒ අනුව අප මේ කියන්නට යන්නේ මෙතෙක් කිසිදු මාධ්‍යයකින් වාර්තා නොවූ සිදුවීමකි. නම්බියාර්ගේ මෙම ගතුකීමට පසු මහින්දට කතා කළේ වෙන කවුරුවත් නොව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වූ බැන්කි මූන්ය. බැන්කි මූන් කතා කොට මහින්දට කීවේ තමන් විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණීමට තීන්දු කර ඇති බවත්, ඉන් අනතුරුව යාපනයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

බැන්කි මූන්ගේ මෙම දුරකතන ඇමතුමත් සමග තත්ත්වය බරපතළ වී ඇති බව මහින්දට වැටහිණි. මූන් මේ එන්නේ අන්තිම මොහොතේ යුද්ධය නවත්වා ප්‍රභාකරන්ව බේරාගැනීමට බවත් මහින්දට වැටහිණි. නමුත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා රටකට පැමිණෙන බව දැනුම්දීමෙන් පසු එය නැවැත්වීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාටවත් නොහැකි බව දැන සිටි මහින්ද වහාම කියා සිටියේ තම දිනපොත බලා ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරන්නම් යැයි කියාය. ඒ අනුව ඇමතුම විසන්ධි කළ මහින්ද දහ අතේ කල්පනා කළේ මේ උගුලෙන් ගැලවෙන්නේ කෙසේද කියාය. බැන්කි මූන් ලංකාවට පැමිණ උතුරට යෑමට අවස්ථාව ඉල්ලුවහොත් අනිවාර්යයෙන්ම අවස්ථාව ලබාදිය යුතුය. එය ලබා නොදුනහොත් සාමසාධක හමුදාවක් ලංකාවට එවා තත්ත්වය එක මොහොතකින් උඩු යටිකුරු කළ හැකි බව මහින්ද දැන සිටියේය.

ඒ අනුව වහාම මහින්ද කළේ සිය ලේකම්වරයා වූ ලලිත් වීරතුංග කැඳවීමය. එසේ ලලිත් කැඳවූ මහින්ද ඔහුට කියා සිටියේ තමාට ඉදිරි කාලයේදී විදෙස් රටවලට පැමිණෙන ලෙසට රාජ්‍ය නායකයන්ගෙන් ලැබී ඇති ආරාධනා මොනවාද යන්න පිළිබඳ සොයාබලන ලෙසටය. ඉන් අනතුරුව මහින්ද කළේ ගෝඨාවත්, ෆොන්සේකාවත් කැඳවීමය. එසේ කැඳවූ මහින්ද ඔවුන්ගෙන් විමසා සිටියේ යුද්ධය අවසන් කිරීම සඳහා කොපමණ කාලයක් ගතවනු ඇද්ද යන්න පිළිබඳවය. එහිදී ෆොන්සේකා නිශ්චිතව මැයි 17,18,19 යන දින තුනෙන් එකකදී යුද්ධය අවසන් කළ හැකි බව මහින්දට තහවුරු කොට කියා සිටියේය. ෆොන්සේකාගේ එම පිළිතුරත් සමග මහින්ද විමසා බැලුවේ තමන්ට ඒ දිනවල විදෙස්ගත වීම සඳහා රාජ්‍ය නායකයන්ගෙන් ආරාධනාවක් ලැබී ඇත්දැයි කියාය. ඒ වන විටත් ලලිත් විදෙස් රාජ්‍ය නායකයන්ගේ ආරාධනා පත් සියල්ල රැගෙනවිත් තිබූ අතර මැයි 17,18,19 යන දින කිහිපය ඇතුළත්ව සිය රටට පැමිණෙන ලෙස ජෝර්දාන් රාජ්‍ය නායකයාගෙන් ආරාධනාවක් ලැබී ඇති බව මහින්ද එහිදී දුටුවේය. ඒ අනුව වහාම මහින්ද ලලිත්ට කියා සිටියේ ජෝර්දාන සංචාරය ස්ථිර කරන ලෙසටය. තමන්ට වහාම ජෝර්දානය බලා යෑමට විශේෂ ගුවන් යානයක් සූදානම් කරන ලෙසද මහින්ද ලලිත්ට දැනුම්දී සිටියේය.

මේ තීන්දු සියල්ල ගැනීමත් සමග මහින්ද බලාපොරොත්තුවෙන් සිටි බැන්කි මූන්ගේ දුරකතන ඇමතුම යළිත් ලැබිණි. එහිදී මහින්ද බැන්කි මූන්ට කියා සිටියේ මෙම දින කිහිපයේ තමන් ලංකාවේ නොමැති බවත්, තමන් නොමැති අවස්ථාවක ලංකාවට නොපැමිණෙන ලෙසත්ය. එවිට බැන්කි මූන් මහින්දට යළිත් කීවේ එය ගැටලුවක් නොවන බවත්, තම සංචාරයේ සියලු කටයුතු අගමැතිවරයාට පවරා යන ලෙසටත්ය. නමුත් ඊට එකඟ නොවූ මහින්ද යළිත් මූන්ට කියා සිටියේ ලංකාවේ පවතින තත්ත්වය අතිශය තීරණාත්මක බැවින් ආරක්ෂාව සම්න්ධයෙන් කිසිදු වගකීමක් ගත නොහැකි බවත්, ආරක්ෂක අංශ පවා තමන්ට ඒ බව දැනුම්දුන් බවත්ය. ඒ හරහා කෙසේ හෝ බැන්කි මූන්ගේ ලංකා ගමන නවත්වා ගැනීමට මහින්දට හැකියාව ලැබිණි. මහින්ද සිය දේශපාලන ජීවිතයේ ගැනීමට සිදුවූ ඒ බරපතළම තීන්දුව නොගත්තා නම් අදටත් ප්‍රභාකරන් යහතින් ජීවතුන් අතරය. මෙම සිදුවීම අද වන තුරු මහින්ද කොතැනකවත් කියා නැත. මහින්ද ගැන, යුද්ධය ගැන ලිපි ලියූ මාධ්‍යවේදියෝවත්, මහින්ද ගැන පොත් ලියූ ලේඛකයෝවත් අද වනතුරු මේ සිදුවීම වාර්තා කොටවත් නැත. ඇතැම් විට මෙවැන්නක් සිදුවූවා කියා ඔවුන් දන්නවාද යැයි කියන්නවත් දන්නේ නැත.

මහින්ද ජෝර්දානය බලා පිටත්ව ගියේ මේ තීන්දුව ගැනීමෙන් පසුවය. එමෙන්ම යුද්ධයේ අවසන් වෙඩිල්ල පත්තු කරන විට මහින්ද සිටියේ ජෝර්දානයේය. යළිත් මහින්ද කටුනායකින් ලංකාවට ගොඩබැස මාතෘ භූමිය සිපගත් ඓතිහාසික ඡායාරූපය පළවූයේ මෙම සිදුවීමේ පසු සිදුවීමක් ලෙසටය.

කෙසේ වෙතත් මෙවැනි දැඩි සහ අවදානම් සහිත තීන්දු තීරණ ගනිමින් යුද්ධය නිමා කළ මහින්ද පිළිබඳ වසර 12කට පසු ආපසු හැරී බලද්දී බොහෝ දෙනකුට අද මහින්ද යනු වැඩි වටිනාකමක් ඇති අයකු ලෙස නොපෙනෙන ආකාරයක් දැකගන්නට තිබේ. කනගාටුවට කරුණ වන්නේ විපක්ෂයට පමණක් නොව ආණ්ඩුවටද එම රෝගය වැළඳී ඇති ආකාරය දෙස බලන විටය.

ලිපිය අවසන් කිරීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් මෑතකදී සිදුවූ සිදුවීමක්ද සඳහන් කළ යුතුව ඇත. මීට මාස කිහිපයකට ප්‍රථම වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා යුද්ධය පිළිබඳ ලියූ පොතක් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළිදැක්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ආරාධනා කොට තිබූ අතර, මහින්දටද ඊට සහභාගි වන ලෙස ආරාධනාවක් ලැබී තිබිණි. ඒ අනුව මහින්ද පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් ඉදිරි පෙළ ආසනයක අසුන් ගෙන සිටියද මඳ වේලාවක් ගතවන විට පෞද්ගලික හේතුවක් ඇති බව කියමින් එම ස්ථානයෙන් පිටව යෑමට මහින්ද කටයුතු කළේය. එසේ පිටවූ මහින්ද කෙළින්ම පැමිණියේ විජේරාම නිල නිවෙසටය. ඒ වන විටත් මහින්ද තමන්ව මුණගැසීම සඳහා එම නිල නිවෙසට පැමිණෙන ලෙසට අවුරුදු ගණනාවක් පැරැණි හිතවත්කමක් ඇති පුද්ගලයකුට ආරාධනාවක් කර තිබිණි. ඒ අනුව මහින්ද පැමිණෙන විට එම හිතවතාද නිවෙසට පැමිණ සිටි අතර පැය භාගයකට පමණ පෙර මහින්ද පැමිණෙනු දුටු එම හිතවතා ඒ පිළිබඳ මහින්දගෙන් විමසීමට කටයුතු කළේය. එවිට මහින්ද පිළිතුරු දුන්නේ මඳ උපහාසාත්මක සිනාවක් මුවට නඟාගෙනය.

“මාර වැඩක් තමයි වුණේ. හැමදේම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මම අද කමල්ගේ පොතක් එළිදක්වන උත්සවේකට ගිහිල්ලා බලන් හිටියා. මාර වැඩේ කියන්නේ යුද්ධෙ ගැන අරවා වුණා මේවා වුණා කියලා හැමෝම කතා වුණා. හැබැයි මං ගැන වචනයක්වත් කියැවුණේ නෑ. මම දන්න හොඳම කෙනෙකුත් එතැනදි කතා කළා. එයාගෙ කතාවෙදිත් යුද්ධෙ ගැන මුල ඉඳල අගටම කතා කළා. වැඩේ කියන්නේ ඒ කතාවෙදිත් මම ගැන වැඩිය කතා කළේ නෑ. ඕවා ඉතින් එහෙම තමයි නේද….” යනුවෙන් මහින්ද කියා සිටියේ තමන්ට සුපුරුදු සිනාවෙන් යුතුවමය.

යුද ජයග්‍රහණයට වසර 12ක් පිරීම නිමිත්තෙන් මහින්ද ගැන අපි මේ ලිපිය ලියුවේ සියල්ලන්ටම අමතක වෙමින් යන ඒ අතීතය යන්තමින් හෝ මතක් කර දෙන්නටය. අප ලියුවා මෙන්ම ඉදිරියේදීද යුද්ධය ගැන, මහින්ද ගැන තවත් ලිපි බොහෝ ලියැවෙනවා නිසැකය. අප හෙළිකළාක් මෙන්ම යුද්ධයේදී මහින්ද දැක්වූ දායකත්වය ගැන කවුරුත් නොදන්නා කතා, සිදුවීම් එම ලිපිවලින් හෙළිදරව් වනවා ඇත. එවිට මහින්ද යනු පුදුමාකාර මනුස්සයෙක් බව කාට කාටත් වැටහෙනු නොඅනුමානය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

SendShareShare
Previous Post

24 දා සුළි කුණාටුවක්! 25-26 තද වැසි!!

Next Post

පකිස්තානෙත් චීන උගුලේ වැටෙයි

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.