• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

නිල්ල පිරුණු ඔසු උයන (කැලෑ කොලම)

February 24, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
නිල්ල පිරුණු ඔසු උයන (කැලෑ කොලම)
Share on WhatsAppShare on Facebook

ගල්ඔය ජාතික වනෝද්‍යානයටම මායිම් වෙලා තියෙන නිල්ගල කැලේ එහෙම නැත්නම් නිල්ගල රක්ෂිතය ගැන තමයි අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ. මෙය හෙක්ටයාර 26000කින් යුතු රක්ෂිත වනාන්තරයක්.

සේනානායක සමුද්‍රයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන ගල්ඔය ගලා යන්නේ මේ නිල්ගල රක්ෂිතය මැදින්. අතීතයේ නිල්කන්ද ලෙසින් හැඳින්වූ මෙය පසුව නිල්ගල බවට පත් වූ බව තමයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ. පහතරට වියළි මිශ්‍ර සදාහරිත ශීත වනාන්තරයක් ලෙස නිල්ගල හඳුන්වන්න පුළුවන්. නිරිත දිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය ලබන නිල්ගල වනාන්තරය මැදින් ගල්ඔයට අමතරව පෙත්මැඩිල්ල ඔයත් ගලා බසිනවා.

කොළඹ සිට ගමන් කරන කෙනකුට බිබිල, ඉඟිනියාගල මාර්ගය ඔස්සේ නිල්ගලට ළඟා වෙන්න පුළුවන්. වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන කඳවුරු භූමි හතරක් සහ එක් බංගලාවක් නිල්ගලට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් පවත්වා ගෙන යනවා. සීනුක්ගල, මහදොරොව්ව, පරෙවියන් ආර සහ අප පසුගිය සතියේදී කතා කළ මකරය එම කඳවුරු භූමි ලෙස හඳුන්වන්න පුළුවන්.

නිල්ගල රක්ෂිතයට පැමිණෙන සංචාරකයන්ට මාර්ග තුනක් හරහා සංචාරය කිරීමේ අවස්ථාව තියෙනවා. නමුත් මෙහි සංචාරය කළ හැක්කේ 4 අයැැක වාහනයක පමණක් බවත් මතක් කළ යුතුයි. නිල්ගල මකරය මාර්ගය, පොතු ලියද්ද, මුල්ලේගම, තුම්බේරුණු හරහා කැබෙල්ලබොක්ක මාර්ගය සහ මහ වෙල හරහා දිඹුල් දෙන කොටබෝව මාර්ගය එම මාර්ග ලෙස හඳුන්වන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින විශාලම ඖෂධ වනාන්තරය ලෙස නිල්ගල හඳුවන්න හැකියාව තියෙනවා. අරළු, බුළු, නෙල්ලි වැනි ඖෂධ වර්ග වැඩිම ප්‍රමාණයක් එකට දැක ගත හැකි එකම වනාන්තරය වන්නේ නිල්ගල පමණයි. ඊට අමතරව කුඹුක්, කෝන්, කරුවල වැනි වියළි කලාපීය ශාක රාශියක් මෙහිදී දැක ගන්න පුළුවන්. ඒ වගේම කුඩුම්බේරිය, කුකුන මාන, ඉලුක් මාන සහ පංගිරි මාන වැනි තෘණ විශේෂත් මෙහිදී බහුලව දැක ගත හැකියි.

කුරුලු පාරාදීසයක් ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති නිල්ගල මෙරටට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ රැසක් ජීවත් වෙනවා. තිත් උස් වටුවා, වන පඳුරු වටුවා, පෙරදිග රන් පිළිහුඩුවා, වයිර ගුරු කොහා, මහ කවුඩා, හබන් කුකුළා වත රතු මල් කොහා වැනි දුර්ලභ පක්ෂි විශේෂ මෙන්ම ශ්‍රී ලංකාවේදී ඉතාම කලාතුරකින් දැක ගත හැකි රන් පා බට ගොයාත් නිල්ගල සැරිසරනවා. ඊට අමතරව අලි ඇතුන් ඇතුළු තවත් බොහෝ සත්ව විශේෂ රාශියක් නිල්ගල තම නිජභූමිය කර ගෙන තියෙනවා. විශේෂයෙන්ම සවස් කාලයට සේනානායක සමුද්‍රයට යන අලි රංචු ගමන් කරන්නේ නිල්ගල මැදින්.
නිල්ගල පිහිටා ඇති යහන් හෙළ කන්ද මෙන්ම ඒ ආසන්නයේ පිහිටා ඇති ධානිගල, යකුන් හෙළ, කහට අතු හෙළ සහ මාකද කන්ද එහි ස්වභාව සෞන්ධර්යය වැඩි කරවන විශේෂ ස්ථාන ලෙස හඳුන්වන්න පුළුවන්. ස්වභාවික සම්පත්වලට අමතරව පුරාවිද්‍යාත්මක අතිනුත් නිල්ගලට හිමිවන වටිනාකම ඉතා ඉහළයි.

නිල්ගල වනාන්තරය තුළින් හමු වී ඇති එක් ස්ථානයක් ගල් ඇතිරූ කරත්ත පාරක් ලෙස සැලකෙනවා. ඒ සම්බන්ධයෙන් ඇති ජනප්‍රවාද කිහිපයක්ම සොයා ගන්න පුළුවන්. ඉන් එක් කතාවක කියවෙන්නේ එය දුටුගැමුණු රජු යුද්ධය සඳහා සේනාව ගෙනි යද්දී සෑදුව කරත්ත පාරක් බවයි. එමෙන්ම එය බුද්ධදාස රජු භාවිතා කළ කරත්ත පාරක් බවට තවත් ජනප්‍රවාදයක් තියෙනවා. කොහොම වුණත් එය දුටුගැමුණු රජුගේ කාලයට සම්බන්ධ එකක් කියන එක තමයි බොහෝ දෙනාගේ පිළිගැනීම.

ඊට අමතරව නිල්ගල සිට මකරය දක්වා දිවෙන මාර්ගයට නුදුරින් පිහිටා ඇති මුක්කරු සොහොන නම් ස්ථානය ඉතාම සුවිශේෂී පුරාවිද්‍යා පරිශ්‍රයක්. ඒ අවට විසිරී ඇති ගල් කණු 25ක් පමණ අදටත් දැක ගන්න පුළුවන්. ඒ වගේම කහටඅත්තලෙන නැමැති පුරාතන ලෙන් විහාරයත් මෙහි පිහිටා ඇති තවත් පුරාවිද්‍යා පරිශ්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කෙසේ නමුත් මේ වන තෙක්ම නිල්ගල රක්ෂිතය තුළ නිසි පුරාවිද්‍යා පරීක්ෂණයන් සිදු කර නැහැ. එලෙස නිසි පරීක්ෂණයක් සිදු කරන්නේ නම් තවත් සැඟවුණු තොරතුරු රාශියක් සොයා ගත හැකි බව නම් විශ්වාසයි.

නිල්ගල රක්ෂිතයේ එක් කොටසක් වනජීවී දෙපාර්තමේන්තුවට අයත් වීමත්, තවත් කොටසක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වීමත් හේතුවෙන් පරිපාලනමය වශයෙන් යම් යම් බාධා ඇති වෙලා තියෙනවා.
කොහොම වුණත් නිල්ගල කියන්නේ ස්වභාව සෞන්දර්යය විඳින්න කැමැති ඕනෑම කෙනකු වසඟයට පත් කරවන ස්ථානයක්. විශේෂයෙන්ම මකරය ආසන්න ප්‍රදේශයේදී දැනෙන සුන්දරත්වය, නිහැඬියාව වෙන කිසිම තැනකදි විඳින්න බැරි දෙයක්. බාහිර ලෝකය සමඟ සබඳතා මොහොතකට නතර කරලා ජීවිතේ සුන්දරත්වය උපරිමයෙන් විඳින්න නිල්ගල කියාපු තැනක්.

ඒ අතරේ මේකත් මතක් කළ යුතුයි. නිල්ගල ගම්මානය තවමත් වාණිජකරණයට ලක් නොවුණු ප්‍රදේශයක්. ඒ හින්දා වර්තමානයේ මීමුරේට අත් වෙලා තියෙන ඉරණම නිල්ගලට උරුම කර නොදීම එහි සංචාරය කරන සියලු දෙනාගේම වගකීමක්. ඒක අමතක කරන්න එපා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

වාර්තාවෙන් රනිල්-රුවන් බේරුණේ කොහොමද? විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න කරන්න සූදානමින්

Next Post

පාස්කු ප්‍රහාරයේ අපරාධ චෝදනා මැද මෛත්‍රී ශ්‍රීලනිපය හදිසියේ කැඳවයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.