• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

දිලිත්ට එරෙහිව හරීන් ‘ඇන්ටිජන්’ යුද්ධය

November 17, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
දිලිත්ට එරෙහිව හරීන් ‘ඇන්ටිජන්’ යුද්ධය
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගත යුතු මූලික ක්‍රියා මාර්ගය ලෙස සෞඛ්‍ය බලධාරීන් සලකන්නේ ආසාදිතයන් හඳුනා ගැනීමය. අප මෙතෙක් කලක් අසා තිබුණේ ඒ සඳහා යොදා ගත හැකි එකම ක්‍රියාමාර්ගය පී. සී. ආර්. පරීක්ෂණය බවය. පී. සී. ආර්. පරීක්ෂණය යනු තරමක් සංකීර්ණ සහ වියදම් අධික ක්‍රියාවලියක් බවද කවුරුත් දන්නා කරුණකි. මේ හේතුවෙන් කොවිඞ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා විශාල වියදමක් දැරීමටද රජයට සිදු විය.
මේ අතර කොවිඞ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පී. සී. ආර්. පරීක්ෂණය වෙනුවට යොදා ගත හැකි තවත් පරීක්ෂණයක් සම්බන්ධ පුවතක් හේතුවෙන් පසුගිය සතියේ දේශපාලන පිටිය උණුසුම් විය. එහිදී කතාබහට ලක් වුණේ පී. සී. ආර්. පරීක්ෂණය සඳහා යොදා ගත හැකි ඇන්ටිජන් නැමැති පරීක්ෂාව සිදු කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධවය.
මේ පිළිබඳව පළමු අනාවරණය සිදු කළේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාය. ඒ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පැවැති වැඩසටහනකට එක් වෙමිනි. එහිදී අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා සඳහන් කළේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගයක් ලංකාවට ගෙන්වා ඇති බවය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානාවක් යොදා ගනිමින් එම පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වා ඇත්තේ රූපවාහිනී නාළිකා ප්‍රධානියෙකුට අයත් සමාගමකින් වන බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
එම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගය ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ප්‍රධාන වශයෙන් මැදිහත් වී තිබුණේ ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනයය. එබැවින් හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දීමට එහි සභාපති දිලිත් ජයවීර මහතා වහාම කටයුතු කළේය. ඒ මහතා එහිදී ඉල්ලා සිටියේ මෙවැනි මඩ ප්‍රහාර නවත්වන මෙන් විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවය.
හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශයත් සමඟ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව හෙවත් ප්‍රතිදේහජනක පරීක්ෂාව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය. පී. සී. ආර්. පරීක්ෂාව තරම්ම සාර්ථක නොවුණත්, එය ආර්ථික අතින් ලාබදායී බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස විය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරිත්‍යාග කළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඒ අතර ප්‍රකාශ කර සිටියේය. මේ සියලු කරුණු ඔස්සේ පී. සී. ආර්. වෙනුවට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත නව ක්‍රමවේදය රටේ ජනතාවට සැබවින්ම අවුල්සහගත විය.

හරීන් ගැහුවෙ මඩක්ද?

මේ සිද්ධියට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වූ හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සහ දිලිත් ජයවීර මහතාගෙන් මේ පිළිබඳව විමසීමට අප අදහස් කළේ එහි සත්‍ය තොරතුරු රටට හෙළි කළ යුතු වන නිසාය. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේය.
“මේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වන්න ටෙන්ඩර් එක දැම්මේ පසුගිය 28 වැනිදා. ඒ සඳහා ආයතන 30කට වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කරනවා. නමුත් එකම හිමිකරුවෙකුට අයත් ආයතන දෙකකට තමයි ඒ සඳහා ටෙන්ඩර් අනුමැතිය හිමි වෙන්නේ. George Stuerts සහ Dinasa (pvt) Ltd තමයි ඒ ආයතන දෙක. මේ ආයතන දෙක අයත් වෙන්නේ කාටද කියන එක ජනතාව දන්නවා. එම ආයතන දෙකම මේ ටෙන්ඩරය සඳහා එකම මිලක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ ආයතන දෙකට පසුගිය 28 සහ 29 වැනිදා තමයි මේ කට්ටල ගෙන එන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලබා දීල තියෙන්නේ. හැබැයි ඊට දවස් කිහිපයකට පස්සේ මේ පරීක්ෂණ කට්ටල තොගය ලංකාවට එනවා. ලක්ෂයක් ගේන්න කිව්වම මේ අය ලක්ෂ දෙකක් ගෙන්වනවා. මෙතැනදි රජයේ ටෙන්ඩර් පටිපාටය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ සියල්ලට පිටින් තමයි මේක සිද්ධ වෙන්නේ. මේ පරීක්ෂණ කට්ටල තොගය ලංකාවට ගේන්න ටෙන්ඩරය දාද්දිත් මේ සමාගම් ඒ සඳහා ඇණවුම් ඉදිරිපත් කරලා තිබුණු බවක් තමයි පේන්නේ තියෙන්නේ. මොකද Dinasa (pvt) Ltd ආයතනය ඇන්ටිජන් කට්ටල ගෙන්වූ SD Biosensor නැමැති කොරියානු සමාගමට ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දීලා තියෙන්නේ සැප්තැම්බර් 22 වැනිදා. George Stuerts සමාගම ඇන්ටිජන් කට්ටල ගෙන්වූ Abbott Diagnostics නැමැති කොරියානු සමාගමට ඔක්තෝබර් 02 වැනිදා තමයි එම අනුමැතිය ලැබිලා තියෙන්නේ. මේ ඔක්කොම බලද්දි තේරෙනවා මේ අය තමන්ගේ පුද්ගලික බලය භාවිතා කරලා මේ කට්ටල තොගය ලංකාවට ගෙන්වා ඇති බව.” එලෙස අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සම්බන්ධ හෙළිදරව්ව සිදු කළ අවස්ථාවේ තමන් කිසිදු පුද්ගලයකුගේ හෝ ආයතනයක නම් සඳහන් නොකළ බවය.
“අපි කාගෙවත් නම්වත් ආයතනවල නම්වත් කිව්වේ නැහැ. මම විතරක් නෙවෙයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහත්මයත් ඒ ගැන අදහස් පළ කළා. අපි නම් නොකිව්වට ඒ ආයතන ප්‍රධානීන්ම අපිට ගහන්න ගත්තා. මෙතැන බරපතළ වැරැද්දක් වෙලා තියෙනවා කියන එක ඒ අයගේ පුද්ගලික හැසිරීම්වලින් පැහැදිලිව පෙනුණා. අපිට දැනගන්න ලැබෙන විදියට මේ පරීක්ෂණ තොගයේ උපරිම මිලක්වත් සඳහන් කරලා නැහැ. ඒ අයට අධික ලාබ තියාගෙන විකුණන්න පුළුවන්. මේක ගෙනාවේ රජයට නෙවෙයි පුද්ගලික අංශයට කියලා ඒ අය කියනවනේ. එහෙනම් මේ පරීක්ෂණ කට්ටල නොමිලේ රජයට බාර දෙන්න. අන්න එතකොට ඒ අය නිවැරැදියි කියලා අපිට කියන්න පුළුවන්. කිසිම ව්‍යාපාරිකයෙකුට පහර ගහන්න අපිට ඕනෑ නැහැ. රටේ ව්‍යවසායකයෝ දියුණු වෙනවා නම් අපි ඒකට කැමැතියි. අපිට ඒ අය එක්ක කිසිම ඉරිසියාවක්වත් නැහැ. නමුත් තමන්ගේ දේශපාලන හිතවත්කම් භාවිතා කරලා නියමිත පටිපාටිවලට පිටින් ගිහින් ව්‍යාපාර කරනවා නම් ඒක වැරැදියි කියන එකයි අපි කියන්නේ.”
මේ අතර මෙම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තොගය ශ්‍රී ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා මෙය දිලිත් ජයවීර මහතා විසින්ම මවන ලද පුවතක් බවටද සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ වන්නට විය. හරීන් ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේය.
“ඒක එහෙමයි කියලා මම හිතන්නේ නැහැ. කාටවත් නොදැනෙන්න මේක කරන්න තමයි මේගොල්ලෝ හැදුවේ. හැබැයි කොහෙ හරි තැනක ඒ අයට වැරදුණා. අපි දේශපාලන වෛරක්කාරයා කියලා මතයක් හදලා ඒ වැරැද්ද වහගන්න තමයි දැන් ඒ අය හදන්නේ. ඇන්ටිජන් පරීක්ෂණ තොගය ලංකාවට ගෙනාවට පස්සේ ඒ සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ස්තුති කරලා ෆේස්බුක් සටහනක් දාලා තිබුණා. ඊට පස්සේ තමයි අපිත් ඒ ගැන හොයන්න ගත්තේ. හොරෙන් කරන්න හදපු වැඩක් මොකක් හරි වැරැද්දක් හින්දා හෙළිදරව් වුණු එක තමයි වෙලා තියෙන්නේ.” ඒ හරීන් ප්‍රනාන්දු මහතාගේ අදහස්ය.

දිලිත් දැම්මේ ඩීල් එකක්ද?

අනතුරුව අප මේ පිළිබඳව අදහස් විමසුවේ දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර මහතාගෙනි. ඒ මහතා සඳහන් කර සිටියේ තමන්ට චෝදනා කරන පිරිස් සිදුවූයේ කුමක්දැයි යන්න පටලවා ගෙන ඇති බවය.
“සරලයිනේ. මේක මේ රජයේ ටෙන්ඩර් එකකට ගෙනාව පරීක්ෂණ කට්ටල තොගයක් නෙවෙයි. මේ අය පටලවා ගෙන ඉන්නේ. ලංකාවට පුද්ගලිකව සෞඛ්‍ය උපකරණ ආනයනය කරන්න ඕනෑම ආයතනයකට අයිතිය තියෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය තමයි ඒ සඳහා අවශ්‍ය වන්නේ. එම අධිකාරියේ නිසි අවසරය ඇතිව තමයි අපි අදාළ පරීක්ෂණ කට්ටල තොගය ලංකාවට ගෙන්වලා තියෙන්නේ. මේකට රජයේ සම්බන්ධයක් නැහැ. රජයේ ටෙන්ඩර් පටිපාටිය ඒකට අදාළ වෙන්නේ නැහැ. මේ පරීක්ෂණ කට්ටල විතරක් නෙවෙයි තවත් සෞඛ්‍ය උපකරණ රාශියක් අපි ලංකාවට ගෙන්වනවා. කවුරුත් ඒවා ගැන ප්‍රශ්න කරන්නේ නැහැනේ. මේක රජයට සම්බන්ධ දෙයක් කියලා පටලවලා මඩ ගහන එක තමයි මේ කරන්නේ.” එලෙස අදහස් දැක්වූ ජයවීර මහතා මෙම පරීක්ෂණ කට්ටල තොගය සඳහා උපරිම පාලන මිලක් නොමැති යැයි නැඟෙන චෝදනාවට පිළිතුරු දුන්නේ මෙසේය.
“ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම වැරැදියි. ඒ සඳහා උපරිම මිලක් නියම කරලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සඳහා අවසර දීල තියෙන්නෙත් ඒ උපරිම මිලට යටත්වයි. ඒ හින්දා ඒ චෝදනාවට කිසිම පදනමක් නැහැ.”
අනතුරුව අප ඒ මහතාගෙන් විමසා සිටියේ සැබෑ තත්ත්වය එසේ නම් මේ ආකාරයෙන් චෝදනා එල්ල වන්නේ මන්දැයි යනුවෙනි. එම පැනයට ජයවීර මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
“ඔය චෝදනා කරන පිරිස කාණ්ඩ හතරකට අයත් වෙනවා කියලයි මට හිතෙන්නේ. දේශපාලන අරමුණු වෙනුවෙන් රජයට මඩ ගහන්න මොකක් හරි හම්බ වෙනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවනේ. පොඩි තොරතුරක් ලැබුණු ගමන් හරියට හොයන්නේ බලන්නේ නැතිව ඒ අය කෑ ගහන්න ගන්නවා. දැන් මේ සිද්ධියත් යොදා ගෙන රජයට සහ අපිට මඩ ගහන ඒ වගේ පළමු කාණ්ඩයට අයත් පිරිසක් ඉන්නවා.
දැන් මේ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන ඒම මඟින් පී. සී. ආර්. පරීක්ෂාව හරහා අධික ලාභ උපයන ආයතන සහ සමාගම්වලට පැහැදිලි බලපෑමක් එල්ල වෙනවා. ඒ හින්දා ඒ අයත් මෙවැනි ප්‍රචාරවලට උඩ ගෙඩි දෙනවා වෙන්න පුළුවන්. මං හිතන්නේ ඒ තමයි මේකට සම්බන්ධ දෙවැනි කාණ්ඩය.
තව කාණ්ඩයක් ඉන්නවා. ඒ අය දිලිත් ජයවීර වගේ නම්වලට ඉරිසියයි. දිලිත්ලා දියුණු වේවි කියලා ඒ අය බයයි. ඒ හින්දා ඒ අයත් මේ වගේ දේවල් අල්ලගෙන මඩ ගහනවා. ඒ තුන්වැනි කාණ්ඩය. ඒ වගේම කොහොමවත් කිසිම දෙයක් කර ගන්න බැරිව කාට හරි මොකකට හරි මඩ ගගහා ඉන්න පිරිසක් ඉන්නවා. වෙන කරන්න දෙයකුත් නැති කමට ඒ අය මේ වගේ දෙයක් අල්ලගෙන මඩ ගහනවා. ඔය කාණ්ඩ හතරම මේ වගේ මඩ ප්‍රචාරවලට සම්බන්ධයි කියලයි මම හිතන්නේ.”
අවසන් වශයෙන් අප ජයවීර මහතාගෙන් විමසා සිටියේ හරීන් ප්‍රනාන්දු මහතාගෙන් විමසූ පැනයමයි. එනම් මේ මඩ ප්‍රහාර දියත් වන්නේ දිලිත් ජයවීර මහතාගේ අනුදැනුම මත ව්‍යාපාරික ලාභ ලබා ගැනීමේ අරමුණෙන්ද යන්නය. එයට ජයවීර මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
“එහෙම කතාවක් නම් මාත් දැක්කා. ඒත් මේවට එහෙම ප්‍රචාරයක් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ පරීක්ෂණ කට්ටලවලට තියෙන ඉල්ලුමට සැපයුම ලබා දෙන්නවත් අපට බැහැ. ඒ හින්දා ඒකත් පිළිගන්න පුළුවන් චෝදනාවක් නෙවෙයි.” ඒ දිලිත් ජයවීර මහතාගේ අදහස්ය.
දැන් රට පවතින්නේ කොවිඞ් 19 වෛරසයේ බරපතළ බව ඉතාම තදින් දැනෙනා අවධියකය. එබැවින් ආසාදිතයන් හඳුනාගෙන වහාම ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදීම සිදු කළ යුතුය. රැපිඞ් ඇන්ටිජන් වැනි පරීක්ෂණ කට්ටල කොයි ආකාරයකින් හෝ හැකි ඉක්මනින් ලංකාවට ගෙන ආ යුතු වන්නේ ඒ නිසාය. නමුත් එය සිදු විය යුත්තේද නියමිත නීති රීතිවලට යටත්වය. ජනතාව බලා සිටින්නේ කොයි ආකාරයකින් හෝ හැකි ඉක්මනින් බලධාරීන් මේ කුරිරු වසංගතයෙන් තමන්ව මුදවා ගන්නා තුරුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ලන්ඩන් පටවන්න නැවක් නැතිව කුණු කටුනායක හිරවෙයි

Next Post

රෝයල් පාක් මිනීමරුවට සමාව දෙන්න මෛත්‍රී කෝටි 5ක්-රතන හිමි කෝටි 3ක් ගත්තද?

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.