• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

තීරණාත්මක යාපනේට අපි ගියා: ‌මෙන්න ජන්‌දෙ වැටෙන හැටි: යාපනේ මිනිස්සු හිතන හැටි

October 21, 2019
in News, Politics
Reading Time: 5 mins read
A A
තීරණාත්මක යාපනේට අපි ගියා: ‌මෙන්න ජන්‌දෙ වැටෙන හැටි: යාපනේ මිනිස්සු හිතන හැටි
Share on WhatsAppShare on Facebook

තල් රුප්පාවලට ඉහළින් පායපු පෝය හඳ හෙවනේ අපි යාපනේ ආවා. මඟ දිගේ ඇඳුණු හඳ හෙවනැලිවල එක එක තාලෙ රූප තිබුණා. අපි එනකොට ගමේ පන්සලේ බෝකොළ අස්සෙ හැංගිලා හිටපු හඳම මුරුකණ්ඩි කෝවිලේ නුග ගහ උඩට ඇවිල්ලා. ඒ පාටින්ම. ඒ තරමින්ම. හැබැයි හඳ ඉන්නෙ පරිස්සමට පන්සලේ බෝ මළුවයි කෝවිලේ වැලි මළුව දෙකම හඳ එළියෙන් තෙමෙනවා. ඒත් යාපනේ මිනිස්සුන්ට වැඩියෙන්ම පුරුදු අන්ධකාරෙ. ඒ මිනිසුන්ගෙ ජීවිතවලට අඳුරෙ තියෙන්නෙ දීලා දේශපාලකයො උන්ගෙ පහන් පත්තු කරගත්තා. හැබැයිඒ දීපවාලි වෙනුවෙන් නෙමෙයි. උන් පහන් පත්තු කළේ උං වෙනුවෙන්. හැබයි උන් ඒවගෙන් අපේ ජීවිතවලට ගිනි තිබ්බා. ඒ ගින්න ජාති ආගම් කුළ මල භේද නැතිව ඇවිළුණා. අවුරුදු තිස්තුනක් තිස්සෙ ඇවිළුණා. ඒ ගින්න නිවන්න ගියපු අය හුඟ දෙනක් ඒ ගින්නටම පිච්චුණා. ඒ කාලෙත් ඔය හඳ පෝය අරන් ගමේ පන්සලට ආවා. යුද්දෙන් පිච්චුණ යාපනේ අහසෙ ඒ හඳම තිබුණය කියන එක අපට මතක් වුණේ නෑ. ඒක මතක් නොවෙන්න සිංහල දේශපාලකයො සහ දෙමළ දේශපාලකයො දෙගොල්ලොම එකතු වෙලා වැඩ කළා.
අන්තිමට යුද්ධෙ ඉවර වුණා. සිංහල දෙමළ අපි ඔක්කොම පැරදුණා. දේශපාලනයෙන් හම්බකරගෙන කන අය යුද්ධෙන් දිනුවා. අදත් ඒ අය යුද්දෙ මතක් කර කර මිනිසුන්ට රිදවනවා. මිනිසුන්ට රිදෙන්නෙ නෑ වගේ පෙනුනම ආයෙ යුද්ධයක් එනවා වගේ පේන්න මොනවම හරි කරනවා. යුද්ධෙ අස්සෙ ගැස්සිලා ඇහැරුණු පොඩි එකෙක් කොච්චර ලොකු වුණත් තාම යුද්ධෙට බය විත්තිය උන් දන්නවා. මිනිස්සු මරණ බයට ගහන කතිරෙන් හම්බකරගෙන කන්න බැරි විදියෙ විනයක් මේ රටේ දේශපාලකයන්ට නෑ. ඒ නිසා අපි අදත් හෙටත් හැමදාමත් ඡන්දයක් එනකොට කලබල වෙනවා,
“ඊළඟට මොකක් වෙයිද?”
කියලා. මේ උත්සාහයත් ඒ වෙනුවෙන්. අපි ආවා යාපන අර්ධද්වීපයට.
“ජනාධිපතිවරණයෙදී මොනවද වෙන්නෙ…?” කියලා හොයන්න.

මුලින්ම අපි නැවතුණේ නොදන්න මුණගැහීමක් ළඟ. ඒ කවුද කියන එක අපි අඳුනගත්තෙ පස්සෙ. හැබැයි ඔහු අපිට අපූරු කතා කීපයක්ම කිව්වා.
“මේ පාර ඡන්දෙත් මෙහෙ නං වාසි සජිත්ට. හැබැයි ඒ මිනිස්සු සජිත්ට කැමති නිසා නෙවෙයි. මිනිස්සු ගෝඨට අකැමැති නිසා…” ඔහු කියනවා.
ඉතින් අපි ඔහුගෙන් ඇහුවා ඇයි මිනිස්සු ගෝඨට අකැමැති කියලා.
“උතුරෙ මිනිස්සු මහින්ද රාජපක්ෂට කැමතියි. ඒ එයා යුද්ධෙ ඉවර කරපු නිසා. හැබැයි මිනිස්සු ගෝඨාභය රාජපක්ෂට කැමති නෑ.
ඔහු ඒ කතාව කියනකොට පාන්දර තුනයි. ඔහු උන්නෙ ත්‍රිකුණාමලයේ මොකක්ද වැඩකට ගිහිල්ලා ආපහු යන ගමන්. ඔහුත් මුරුකණ්ඩිවල නතර වෙලා තිබුණා. අපිත් නතර වුණා.
“ගෝඨාභය රාජපක්ෂ මොකක්ද අර දෙන්නෙක්ව මරපු එකක නඩුවකට යාපනේ එන්න බෑ කියනවා එයාට ආරක්ෂාව නෑ කියලා. එයාලම කියනවා අපි යුද්ධය ඉවර කළා කියලා. එතකොට කෝකද බොරුව? යුද්ධය ඉවර කළා කියන එක බොරුද? ආරක්ෂාව නෑ කියන එක බොරුද? එතකොට එයා ජනාධිපති වුණොත් මෙහෙ එන එකක් නෑනෙ. එයාට මෙහෙ රැස්වීමකට එන්නත් බෑනෙ. එහෙමනම් එයා කොහොමද රටේ ජනාධිපති වෙන්නෙ? මෙහෙ මිනිස්සු කොහොමද අපේ ගමට එන්න ආරක්ෂාව නෑ කියන කෙනෙක්ව ජනාධිපති කරගන්නෙ?”
ඔහු අහනවා. අපි උත්තර නැතුව බලාගෙන ඉන්නවා. අපි හතර දෙනෙක් මුරුකණ්ඩි කෝවිලට දකුණු පැත්තෙ තියෙන පාට පාට තේ කඬේක පිළිකන්න පැත්තෙ ලී බංකුවල වාඩි වෙලා ඉන්නවා. උළුඳු වඬේ එක්ක ඉඟුරු ප්ලේන්ටි අපිට හම්බවෙනවා. සිංහල දෙමළ දුම් වළලු එකිනෙක මුහු වෙනවා. කවුදෝ ගහන කෝව්ලේ සීනු හඬින් පාන්දර නිහැඬියාව හැඩිවෙනවා.
“ප්‍රේමදාස මහත්තයා කොටින්ට ආයුධ එව්වා කියලත් මෙහෙ මිනිස්සු කතා වෙනවා…”
කොළඹ ඉඳලා යාපනේ යන වැල්ලවත්තෙ ඉන්ටසිටියක් මුරුකණ්ඩියට පඬුරු දාන්න නවත්තන සද්දෙ ඇහුණා. බස් එක බ්‍රේක් ගැහුවෙ බරාස් ගාලා. ඊළඟට ආවෙ කතරගම යාපනේ රතු පාට සී.ටී.බී. එක. මේ මිනිස්සු යාපනේ ඉඳලා රටේ වෙන වෙන පැතිවලට පිටත් වුණු අය. එයාලා සමහර තැනක ජීවත් වෙන්නෙ සිංහල ගමක. ඒ අය කාටද ඡන්දෙ දෙන්නෙ?

“ඔය කවුරු කොහේ ගියත් අන්තිමට එන්නෙ මෙහෙට. අන්තිමට ඡන්දෙ දෙන්නෙ මෙහෙ කෙනෙක් කියන විදියට…”
ඒක හරි දෙයක්වත්, හොඳ දෙයක්වත් නෙවෙයි. රටක නායකයා පත්කරන්න තමන්ට හම්බවෙන නිදහස් මනාපය ඇයි මේ කාගෙවත් උවමනාවකට පාවිච්චි කරන්නෙ?
ඒ ප්‍රශ්නය ඔබට වගේම අපටත් තියෙනවා. ඒත් ඒක තමයි මේ මිනිසුන්ගෙ විදිය. මුරුකණ්ඩි කතාබහේදි, ඉඟුරු ප්ලේන්ටියෙ අන්තිම හරියෙදි මේ ගැනත් කියවුණා.
“මේ පාර ඩග්ලස්ලටත් ලේසි වෙන්නෙ නෑ. ඩග්ලස් ඩෙල්ෆ් ඡන්දෙ දම්ම ගන්න මිනිස්සු බය කරලා. එල්.ටී.ටී.ඊ. වගේම තමයි ඊ.පී.ඩී.පී. එකත්. අර කලින් අකුරු හතරට වගේම මේ අකුරු හතරටත් මිනිස්සු බයයි එක වගේ. හැමදාම කළේ මිනිස්සු බය කරලා ඡන්දෙ ගන්න එක. මේ වතාවෙ ගෝඨාභයට ඡන්දෙ දෙන්න කිව්වම මිනිස්සු අහයිද කියන්න බෑ…” ඔහු කිව්වා.
“හැබැයි අනුර කුමාරට ඡන්දෙ ටිකක් හම්බවෙයි…”
කියලත් කිව්වම අපි ඇහුවා ශිවාජිලිංගම් ගැන.
“එයා දෙසීයක් තුන්සීයක් ගනී. නැතුව කවුරුවත් එයාට දෙන්නෙ නෑ…”
ඔහු ඒකට උත්තර දුන්නෙ එහෙම.
“මෙහෙ මිනිස්සු කවුරුවත් ෆුල් ටයිම් දේශපාලනය කරන්නෙ නෑ. විග්නේෂ්වරන් පවා එහෙමයි. එයා ජීවිතේ අන්තිම කාලෙ දේශපාලනයට ආවෙ. මිනිස්සුත් එහෙමයි. කවුරුවත් දේශපාලනේ කියලා එකක් කරන්නෙ නෑ. එහෙ වගේ මෙහෙ අය ඕකට උනන්දු නෑ. ඔය කවුරුවත් ගැන හොයන්නෙත් නෑ. දැන් ඔය ටිකක් ෆෙස්බුක් අනං මනං නිසා දන්නවා. නැත්නම් දන්නෙම නෑ. මෙහෙ කෙනෙක් කිව්වම “අපිට අර දේ හම්බවෙනවා, ඒ නිසා මෙයාට දෙන්න’ කියලා දෙනවා.

හැබැයි ඡන්දෙ දාට, ඡන්දෙ දාලා ගෙදර ඇවිල්ලා වැඩක් කරගන්නවා. එච්චරයි…”
අපි කතාවට කොමාවක් දාලා ප්ලේන්ටිය ඉවර කළා. මුරුකණ්ඩිවලට පඬුරු දාලා යාපනේට පිටත් වුණා. නාග විහාරෙ ළඟට යනකොට වලාකුළු අස්සෙන් අලුත් ඉරක් පායමින් තිබුණා. අලිමංකඩට ඉහළින් රංචු ගැහුණු සුදුපාට වලකුළු රත්තරන් පාටින් පාට වැටෙනකොට අපි හිටියෙ යාපනේ. හැබැයි ඉරට කලින් යාපනේ මිනිස්සු ඇහැරුණා.
අපි කෙළින්ම ගියෙ යාපනේ හොල්ලගෙන ඉන්න සිංහල මනුස්සයෙක් හොයාගෙන. හැබැයි අපි ඒ කවුද කින්ද මන්ද කියන එක එළි නොකරන්නෙ හේතුවක් ඇතිව. මොකද මේ මුළු යාපන අර්ධද්වීපයටම එහෙම ඉන්නෙ කීප දෙනයි.
“අයියව, අක්කව, නංගිව, මල්ලිව, දරුවව, කසාද බැඳපු මනුස්සයව කඳවුරකට භාරදීලා අස්සනක් ගහලා ගෙදර එනවා. පස්සෙ ගිහිල්ලා ඇහුවම ඒ මනුස්සය නෑ. අදටත් නෑ. එතකොට මිනිස්සු මොනවද කරන්නෙ…?”
කතාවෙ එක තැනකදී කියවුණේ එහෙම. ඒ කතාව අදාළ කාටද කියන එක ගැන තීන්දු ගන්න එක භාර ඔබට. ඒක ඇත්තද නැද්ද කියන එක ගැන අපට තර්ක කරන්න උවමනාවක් නෑ. මොකද ඒ ගැන කතා කරන සිය ගණනක් වේදිකා ලංකාවෙ වගේම මුළු ලෝකෙම තියෙනවා.
“මෙහෙ මැතිවරණ උණුසුමක් නෑ. මෙහෙ ඉන්න දිසාපතිද, දොස්තරද, ඉන්ජිනේරුවද හැමෝම බලන්න පාන්දර හතර වෙනකොට නැගිටලා ගොවිතැන් කරනවා. උදේ වැඩට යන්නෙ කෙහෙල්කැන කපලා විකුණලා. වම්බටු ටික කඩලා. වැඩට යන්න කලින් දවසෙ වියදමට ඕන රුපියල් පන්සීය හොයලා ඉවරයි.
මේ මිනිහා ඡන්දෙ දවසෙ කියලා වැඩ නවත්තලා හවසට අඩියක් ගහලා, පහුවදාත් නිවාඩු දාලා ජොලි කරන්නෙ නෑ. ඡන්දෙ කවුරු දින්නත් අපි පරාදයි කියලා එයාලා දන්නවා. ඒ නිසා කවුරු පැරදුනත් එයාලා දිනුම්.
හැබැයි දකුණෙ අයියලා එහෙම නෑනෙ. අපේ මාත්තයා කිය කියා පස්සෙන් යනවා. දිනුවම පැත්තකට එන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙ අවුරුදු හතරහමාරක් බණිනවා. අන්තිම මාස හයේ දැකලා ‘කොහොමද’ කියලා ඇහුවම, මෙන්න පෝස්ටර් අරන් ලයිට් කණුවලට බඩගානවා ‘අපේ’ කියලා….”
ඒ කතාව ඇත්තද බොරුද කියන්න අපි දන්නවා. ඒ නිසා තර්ක කරන්න උවමනා නම් ඒක කරගන්න. හැබැයි මේ වගේ අය ඉන්නවද ඇහුවොත් අවංකවම නම් හුඟාක් හන්දිවල ඉන්න එවුන් අත උස්සාවි. හැබැයි යාපනේ එහෙම නෑ.
“මෙහෙ ඉන්න තරුණ ළමයි ටී.එන්.ඒ. කියන දේ අහන තත්ත්වයක නෙවෙයි හිටියෙ. ඒත් මේ වතාවෙ එහෙමයි කියලා ප්‍රතිඵලය වෙනස් වෙන එකක් නෑ. හැබැයි බොහොම ඉක්මනට ඒක වෙයි. මේ වතාවෙ නෙවෙයි…”
අපි එතැනින් හැරුණා. හැරිලා ආවෙ යාපනේ මාර්කට්ටුවට. කවියන්ගෙ රූපවලින් වටවුණු යාපනේ මාර්කට් එක මරු තැනක්.
මාර්කට් එකේ කඩවල් අතරින් අපි ඇහුවා කාටද මනාප කියලා. උත්තර කීපයක්ම හම්බවුණා. එක එක තාලෙට.
“සජිත්ට මිනිස්සු ඡන්දෙ දෙයි. මෙයාලා හිතන්නෙ එයා පොඩි මිනිස්සුන්ට වැඩ කරනවා කියලා. හුඟාක් අය එහෙම කියනවා අනිත් අය නරකයි කියලා කියන්නෙ නෑ. ගෝඨාභය මහත්තයා දෙමළ මිනිස්සුන්ට කැමති නෑලුනෙ…”
මේ තමයි අවසන් කතාව. කිව්ව කෙනාගෙ නම ගම ඕන නෑ. ඕනෙම උනොත් කියන්නම්.
“හැබැයි මෙහෙ කලබලයක් නම් නෑ. ඡන්දෙ දවසට අපි රෑ හත අට වෙනකල් කඩවල් ඇරලා තියනවා සාමාන්‍ය විදියට. මිනිස්සු පොඞ්ඩක්වත් ඒ ගැන උනන්දු වෙන්නෙ නෑ. කවුද ජනාධිපති කියන එක අපි දැනගන්නෙත් පහුවෙනිදට. ඒකත් කවුරුවත් හොයන්න යන්නෙ නෑ…” ඒ අය කියනවා.
වැල්වටිතුරේට ගිහිල්ලා බැලුවත් එම්.කේ. ශිවාජිලිංගම්ට බලයක් නෑ. එකම එක පෝස්ටරයක් නෑ. පක්ෂ කාර්යාල කියලා දැක්කෙ පොහොට්ටුවෙන් හදපු වව්නියාවෙ කාර්යාලය විතරයි.
“ශිවාජිලිංගම් පාරෙ තොටේ ඇවිදින්නෙත් තනියම. සමහර වෙලාවට පයින්. ඒ යනකොට එක බල්ලෙක් එයාගෙ එක්ක යනවා. තව එකෙක් ගෙදර ඉන්නවා. එයාට ඡන්ද නම් හම්බෙන්නෙ නෑ හැබැයි…” මේ අය කියනවා.
මුලතිව් පැත්තට යනකොට පරිසරයේ හුරු පුරුදු හැඩය වෙනස් වෙනවා. විශ්වමඩුවලින් එපිටට අපිත් එක්ක යන්නෙ මුලතිව් කැලේ. තේක්ක කැලෙන් පැන්න ගමන් නන්දිකඩාල්. එහෙත් මෙහෙ වගේම තමයි. හැබැයි එකක්,
“ටී.එන්.ඒ. එක තාම මොනවත් කිව්වෙ නෑ නෙ…” කියලා මේ මිනිස්සු තාම කියනවා. ඒ නිසා මේ ඡන්දයේදිත් තවම මනාපෙට ටී.එන්.ඒ. බලපානවා. කයිට්ස්වලට, කරේනගර්වලට ඩෙල්ෆ්වලට ඩග්ලස් දේවානන්ද බලපානවා.
“අම්මලා දෙන්නෙක් මැරුණනෙ අතුරුදන් වෙච්ච අය හොයල දෙන්න කියාලා කියන්න ගිය තැන. ඉතින් ඒවා අමතක නෑ මිනිස්සුන්ට…”
මේ කතාව තමයි තීන්දුව වෙනස් වේ නම් ඒකට බලපාන්නෙ. හැබැයි එකක්,
“මේකෙන් අපි දිනන්නෙ නෑ…”
කියන එක මේ මිනිස්සුන්ට ඔක්කෝටම වඩා විශ්වාසයි.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ඇල්පිටිය දිනවපු ගීතා අද කියන දුක හිතෙන කතාව

Next Post

මෙදා ජන්දෙට සත්තු 10 ‌දෙනෙක් එනවා

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.