• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

තරහ මරහ අමතක වන සිංහල අවුරුදේදේ… බාප්පෙක් දුවෙක් මරලලු පුදුමයි ගම්මැද්දේ…

April 13, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
තරහ මරහ අමතක වන සිංහල අවුරුදේදේ… බාප්පෙක් දුවෙක් මරලලු පුදුමයි ගම්මැද්දේ…
Share on WhatsAppShare on Facebook

පසුගිය අප්‍රියෙල් 3 වෙනිදා ඉතා සාහසික ලෙස තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ තරුණියක් පිළිබදව දඹුල්ල ගලේවෙලින් අපට අසන්නට ලැබුණා. ඒ දහනව හැවිරිදි ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි රශ්මිකා දිල්මිණි තිලකරන්න නැමැති අවිවාහක තරුණියයි.

මේ පිළිබදව අප මව්රට පුවත්පත ගලේවෙල පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සිරිවර්ධන
මහතාගෙන් විමසිමක් කළා.

ඝාතනයට ලක්වු තරුණිය පට්ටිවෙල ප්‍රදේශයේ පොත් සාප්පුවක් පවත්වාගෙන ගිය බවත්, ඇය සේවය කරන අතරතුරදි මෙම ඝාතනයට මුහුණදී බවත්, එම ඝාතනයට හේතු වුයේ රශ්මිකාගේ ඥාතියෙකුගේ දියණියක් තම නිවසේ තනියට නැවැත්විමෙන් උද්ගත වු ප්‍රශ්නයක් මත බවත් පොලිස් පරික්ෂණ මගින් අනාවරණය වුණා.

රශ්මිකාගේ ඝාතනය සිදුකළ පුද්ගලයා ඥාතිකමින් බාප්පාය. ඔහුගේ වයස අවුරුදු 42ක් වෙයි. ඔහු රැකියාවක් වශයෙන් කළේ කුලී වැඩයි. මේ පුද්ගලයාට සිටින්නේද දියණියක්. ඇයට වයස අවුරුදු 17ක්. මේ පුද්ගලයාගේ බිමත්කම නිසාම බිරිදද ඔහුව අතහැර ගොස් වෙනත් විවාහයක් කරගෙන තියෙනවා. මේ ඝාතනය සිදුකළ පුද්ගලයාගේ දැරියද කුඩා කාලයේ සිට හැදි වැඩෙන්නේ පරිවාස නිවාසයකයි. මේ පුද්ගලයා තම දියණියව අවුරුදු නිවාඩු කාලයේ පරිවාසයෙන් මුදාගෙන තම ඥාති රශ්මිකාගේ ගෙදර නවත්වයි. ඒ ඔහුගේ ගෙදර ගැහැනු කවුරුවත් නොමැති නිසාවෙනි. රශ්මිකා යනු එකකුසේ නොඉපදුනත් ඇගේ අක්කායි. තම දියණිය රශ්මිකාගේ ගෙදර නවතා සිටි කාලයේ අවුරුදු 34ක පුද්ගලයෙකුට යෝජනා කර ඇති බව මේ පුද්ගලයාට ආරංචි වෙලා තියෙනවා.

මේ ආරංචිය කන වැකුණු සැණින් තම දියණිය සොයා තුන් හතර වතාවක් මේ ඥාති පුද්ගලයා රශ්මිකාගේ නිවසට පැමිණියත්, ඇය “මං දන්නේ නැහැයි” කියා තියෙනවා. මොකද ඒ වන විටත් ඇය අවුරුදු 34ක පුද්ගලයා සමග හොර රහසේම පළාගොස් සිට ඇති නිසා. නමුත් මේ පියා ඒ බව දැන ඉඳලත් නැහැ. මෙයින් උරණ වු මේ පුද්ගලයා පසුගිය අප්‍රියෙල් 3වෙනිදා සවස් යාමයේදි, පට්ටිවෙල රශ්මිකා පවත්වාගෙන යන පොත් සාප්පුවට ගොඩවැදුනේ දෙකෙන් එකක් විසඳගන්නටයි. ඔහු ඒ පැමිණියේ බිමතින් උල් ආයුධයක්ද රැගෙනයි. “කියපන් මගේ දුව ඉන්න තැන නැත්නම් තෝව මම ඉවරයක් කරනවායැයි” මාරාවේශව සිටි පියා කියා සිටියේ එවැන්නක්. ඒ අවස්ථාවේ පොත් සාප්පුවේ සිටියේ රශ්මිකා පමණක් බව පරික්ෂණවලින් හෙළිවුණා. ඇයට කරකියා ගන්නට දෙයක් නැති වෙන්නට ඇති. සිහිනෙකින්වත් ඇය නොසිතන්නට ඇති මේ ජිවිතයේ ගෙවන අවසාන තත්පර කිහිපය කියා. කවදාවත් තම ලේවලින් දුවන බාප්පා කෙනෙකු මෙවන් ඛේදනීය ඝාතනයක් සිදුකරන්නේ කොහොමද? මේ පුද්ගලයා අතේ තිබුණු ආයුධයෙන් ඇගේ ශරිරයේ තැන් කිහිපයකට ඇන තුවාල කර තිබු බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වුණා. ඇයව ගලේවෙල රෝහලට ඇතුළත් කළද අසාධ්‍ය තත්වය හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහලට මාරු කර යවා තිබුණා නමුත් ඇය එම රෝහලේදී ජීවිතයෙන් සමුගත්තා.

මේ ඝාතනය සිදුකළ හතළිස් දෙහැවිරිදි පුද්ගලයාට වතාවක් දෙවතාවක් සිතන්නට තිබුණා ඔහුටත් සිටින්නේ මේ වගේම ගැහැණු දරුවෙක් කියලා. ඇයි මේ වගේ පිපීගෙන එන ජිවිතයකින් පළිගත්තේ? ඇය ජීවිත කාලයෙන් ජීවත් වුයේ හරි අඩක් විතරයි. තව බොහෝ දුර යන්නට තිබුණා. ඒත් දැන් ඇගේ ජීවිතයේ සියල්ල සිදුවි වි අවසන්ය. රශ්මිකාට ජීවිතයේ බොහෝ ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙන්නට ඇති. විවාහ වෙන්න, දරුවන් හදන්න, සතුටෙන් ජිවත් වෙන්න. ඒ සියල්ල එක ක්ෂණයකින් අළු දූවිලි බවට පත්වී හමාරයි. මේ රශ්මිකාගේ බාප්පා වැඩිහිටියෙක් වශයෙන් ඔහුගේ ජීවිතය දරුවන්ට ආදර්ශමත්ව ගතකළා නම් මෙවැනි අපරාධයක් අපිට කවදාවත් අසන්නට ලැබෙන්නේද නැහැ. මේ සියලු සිදුවිම්වලට හේතුව දෙමව්පියන් වගකිමෙන් ක්‍රියා නොකිරීම නොවේද?

ඇත්තෙන්ම මේ වගේ දරුණු මිනීමරුවන්ට රටේ නව නිති සැකසිය යුතුයි. කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කළ පළමු මරණය මෙය නොවේ. මේ මරණයත් දවසෙන් දෙකෙන් අමතක වන මරණයක් පමණක් වනවා නොඅනුමානයි. අවසානයේ දුක, ඇගේ අඩුව දැන්නෙන්නේ තම පවුලේ සමාජිකයින්ට පමණයි.

කිසියම් සිදුවිමක් වුණාම ඒකට ප්‍රතික්‍රියා දක්වා කලබල වෙන්න හොඳ නැහැ. අපි කිසි කෙනෙක් සර්ව සම්පුර්ණ මිනිස්සු නෙවෙයි. අපිට මිනිස්සුන්ගේ හොද නරක දෙකම භාරගන්න වෙනවා ජීවිත් වෙනකොට, නමුත් අපිට තිරණය කරන්න බැහැ කවුද හරි කවුද වැරදි කියලා හෙට දිනයේදි නීතිය සහ කාලය විසින් ඒක විසඳයි. අපි ජීවත් වෙන්නේ ඉතාම කෙටි කාලයක්. ඒ කාලයේ ජීවිත සිදුවිම් සමබරව දරාගන්න පුරුදු වෙන්න ඕනේ. මේ බාප්පාටද දහස් වතාවක් ආයුධයක් අතට ගන්නකොට සිතන්නට තිබුණා මේ තම සහෝදරයාගේ ලේවලින් හැදුණු දරුවෙක් නේද කියලා.

මෙවැනි ඝාතනය කිරිම් නිසා වරදකරුවන්ට දඬුවම් පමණුවනවා. චෝදනා කරනවා. නමුත් දැන් සියල්ල සිදුවී හමාරයි. මිනිස්සු තිරිසන් සතුන් වගේ හැසිරෙන්න හොඳ නැහැ. ප්‍රශ්නයක් ආවාම ඉවසන්න පුරුදු විය යුතුයි. නැවත මෙවැනි දෙයක් සිදුනොවන්නට අපි ජීවිතය ගැන, මිනිස්සු ගැන, හැඟීම් දැනිම් ගැන, වගකීමෙන් යුතුව තින්දු තීරණ ගන්න ඕනේ. මේක හොඳම පාඩමක් සමාජයට, රටට අවසානයේ ඇයට යළි උපදින මතු භවයකදී මෙවැනි අකල් මරණයකට මුහුණ දෙන්න නොලැබේවායි ප්‍රාර්ථනය කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මටයි බිරිඳටයි දරුවන්ටයි අදටත් අමෙරිකාව තහනම්! පළමුවරට හමුදාපති ෂවේන්ද්‍ර මව්රට එක්ක ජිනීවා ගැන කතාකරයි EXCLUSIVE

Next Post

අපි ඉන්නේ කලකිරිලා: මෙතනට ආවේ ජනතා කැමැත්තෙන්: චන්දිම ආණ්ඩුවට මතක් කරපු දේ (VIDEO)

MORE NEWS

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.