• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජන්ද කාලෙ හැමදාම කියවපු සාධාරණ සමාජෙට ‌මොකද වුණේ?

January 12, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
ජන්ද කාලෙ හැමදාම කියවපු සාධාරණ සමාජෙට ‌මොකද වුණේ?
Share on WhatsAppShare on Facebook

පසුගිය යහපාලන ආණ්ඩුව පත් කිරීමේදී වැඩි කාර්යභාරයක් ඉටු කළ සිවිල් සංවිධාන අතර ප්‍රධාන තැනක් ගත්තේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයය. ඊට පෙර පැවැති ආණ්ඩුවේ වැරැදි ක්‍රියාවන් දැඩි සේ විවේචනය කළ එහි නියෝජනයන් එම සමයේ මාධ්‍ය ඉදිරියේ නිරන්තරයෙන් දක්නට ලැබුණු චරිත විය. යහපාලන ආණ්ඩුව පත් කිරීමෙන් පසුවද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අඛණ්ඩවම ඉදිරියට ගෙන යන්නට විය. තමන් පත් කළ ආණ්ඩුව බලාපොරොත්තු වූ කටයුතු ඉටු නොවුණු බවද එහි නියෝජිතයෝ කිහිප අවස්ථාවක ප්‍රකාශ කළහ. ඒ හේතුවෙන් යහපාලන ආණ්ඩුව පරාජයට පත් වනතුරුම සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයන් නිරන්තරයෙන් මාධ්‍ය ඉදිරියේ දක්නට හැකි විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව පත් වූ නව ආණ්ඩුවට දැන් මාස කිහිපයක් කල් ගත වී ඇත. නමුත් පසුගිය වසර කිහිපය පුරා නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණු සිවිල් සංවිධාන නියෝජිතයන් සියල්ලන්ගේම පැහැදිලි නිහඬතාවක් දක්නට ඇත. රටේ ජනතාවටද ඒ වෙනස පැහැදිලිව පෙනෙන තත්ත්වයක් උදා වී ඇත. රට තුළ සිවිල් සංවිධාන නිහඬ වීමට නම් ආණ්ඩුවේ විවේචනය කිරීමට කිසිවක් ඔවුනට නොමැති විය යුතුය. නැතිනම් ඒ සඳහා බලපාන වෙනත් හේතුවක් තිබිය යුතුය. එවැනි හේතුවක් ඇතිනම් එය සොයා ගත යුතුය. එබැවින් ඒ ගැන දැන ගැනීම සඳහා අප පළමුව ඇමතුවේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතාටය.
“ඔව් අපි නිහඬ වෙලා ඉන්නේ.” අප ඇසූ පැනයට මහාචාර්යවරයාගේ සෘජු පිළිතුර එයාකාර විය. “ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒවා දැන් කතා කරලා වැඩකුත් නැහැ. කතාකරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. අපි පත්කරපු ආණ්ඩුවෙන් අපිට ඕන දේ කර ගන්න බැරි වුණානේ. අලුත් ආණ්ඩුවක් පත් වුණා. මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු.” විජේසූරිය මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ එලෙසිනි. කෙසේ නමුත් රට තුළ සක්‍රීය විපක්ෂයක් නොමැති බවට ජනතාවගෙන් චෝදනා එල්ල වෙමින් ඇත. එවැනි පසුබිමක සිවිල් සංවිධානද මේ ආකාරයෙන් නිහඬවීම උචිත වන්නේදැයි අප විජේසූරිය මහතාගේ විමසූ අතර, “මොකද වෙන්නේ කියලා බලමු.” ඒ මහතාගේ පිළිතුර එසේ විය.
ඉන් අනතුරුව අප මේ පිළිබඳ අදහස් විමසුවේ ජනාධිපතිවරණය පෙර රට තුළ දැඩි ආන්දෝලනාත්මක චරිතයක් වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතාටය. “ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ දිහා අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම රටේ දිනාගත්ත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි ප්‍රතිපත්තිමය වශයෙන් පෙනී සිටිනවා. තාම අලුත් ආණ්ඩුව පත් වෙලා මාස කිහිපයයි. වාර අවසාන කරපු පාර්ලිමේන්තුව පටන් අරන් තාම දින කිහිපයයි. ඒ හින්දා අපි ආණ්ඩුවට කරගෙන යන්න දීල බලන් ඉන්නවා.” එම පැනයට තේනුවර මහතා පිළිතුරු දුන්නේ එලෙසය. කෙසේ නමුත් විපක්ෂය සක්‍රීයව තම කාර්යභාරය ඉටු නොකරන බවද පිළිගත් තේනුවර මහතා එසේ වුවද, රජයේ සෑම වැඩකටම විරුද්ධ වීම විපක්ෂයේ කාර්යභාරය නොවිය යුතු බවද අවධාරණය කර සිටියේය. “කලින් විපක්ෂය ආණ්ඩුවට වැඩක් කරන්න දුන්නේ නැහැනේ. ඒත් දැන් රටේ විපක්ෂයක් තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. බඩු මිල ඉහළ ගිහින් තියෙනවා. රට ඇතුළේ ප්‍රශ්න තියෙනවා. ඒ හින්ද ඉදිරි මැතිවරණයේදී අපිට වගකීමක් තියෙනවා කියලා අපි තේරුම් අරගෙන ඉන්නේ. ඒ වෙනුවෙන් අපි දැන් ඉඳන්ම සංවිධානය වෙමින් ඉන්නවා. ඉදිරි මැතිවරණයේදී කිසිම පක්ෂයකට 2/3ක බලයක් ලබා නොදිය යුතුයි කියන දැඩි මතය අපි දරනවා. ඒ හින්දා ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරනවා.” එලෙස අදහස් දැක්වූ තේනුවර මහතා රට තුළ පැන නැඟී ඇති අලුත් දේශපාලන ප්‍රවණතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය. “අපිට පුද්ගලයෝ වැඩක් නැහැ. අපි වැඩ කරන්නේ ප්‍රතිපත්ති වෙනුවෙන්. ඒ හින්දා 19 වැනි සංශෝධනය ඉවත් කරන එකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එහි තියෙන ඇතැම් දේවල් සංශෝධනය කළාට කමක් නැහැ. ඒත් 19 වැනි සංශෝධනය හරහා රට දිනා ගත්ත දේවල් ආපහු හරවන්න දෙන්න බැහැ. ඒ වගේම මැතිවරණ දිස්ත්‍රික්කයකින් කිසියම් පක්ෂයක් දිනා ගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය 12.5% දක්වා ඉහළ ගේන්න ඇවිත් තියෙන යෝජනාවටත් අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ගෝඨාභය ජනාධිපතිතුමා නෙවෙයි. අපි සහාය දුන්න සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා මේ දේවල් කරන්න හැදුවත් ඒකට අපි විරුද්ධ වෙනවා. ඒ හින්ද විධායකය අවසන් කිරීමේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අපි දිගටම කැප වෙනවා.” ඒ චන්ද්‍රගුප්ත තේනුවර මහතාගේ අදහස්ය.
ඉන් අනතුරුව අප අදහස් විමසුවේ පූජ්‍ය දඹර අමිල හිමියන්ගෙනි. පසුගිය කාලය පුරා නිරන්තරයෙන් රට තුළ කතාබහට ලක් වූ උන්වහන්සේද ප්‍රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රචලිතය. අපේ පැනයට උන්වහන්සේ පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
“මිනිස්සු ආණ්ඩුවක් වෙනස් කළා. ඉතින් අලුත් ආණ්ඩුවට යම්කිසි කාලයක් දෙන්න ඕනේ. එකපාරටම ඒකට විරුද්ධ වෙලා කලබල කරන්න බැහැනේ. දේශපාලන පක්ෂයකට එහෙම කරන්න පුළුවන්. ඒත් සිවිල් සංවිධාන නියෝජිතයන් විදියට අපිට එහෙම කරන්න බැහැ. ඒ හින්දා මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ දිහා අපි හොඳට බලාගෙන ඉන්නවා. ආණ්ඩුවට තමන්ගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න සාධාරණ කාලයක් දෙන්න ඕනේ. හැබැයි රට වෙනුවෙන් ඉදිරියට එන්න ඕනේ කියලා දැනුණු පළමුවැනි අවස්ථාවේම අපි ඒ සඳහා පියවර ගන්නවා.” වර්තමාන විපක්ෂය තම කාර්යභාරය ඉටු කරන්නේද යන පැනය අප උන්වහන්සේගෙන්ද විමසූ අතර ඒ සඳහා ලැබුණු පිළිතුරු මෙලෙසය.
“එක්සත් ජාතික පක්ෂය මුලින් ගේ ඇතුළේ ප්‍රශ්න විසඳගෙන ඉන්න ඕනේ. ඒවට අපිට මැදිහත් වෙන්න බැහැ. මේ විදියට ප්‍රශ්න තියාගෙන ඡන්දයකට ගියත් මිනිස්සු ඒ වගේ පක්ෂයකට ඡන්දය දෙන්න කැමැතිත් නැහැ. ඒ හින්දා වගකිව යුතු විපක්ෂයක් විදියට කටයුතු කරන්න නම් මුලින් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන ඉන්න එක හොඳයි.” සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු ලෙස රට තුළ ඇතිවී තිබෙන නව දේශපාලනික සංවාද සම්බන්ධයෙන්ද අප දඹර අමිල හිමියන්ගෙන් අදහස් විමසුවෙමු. “19 වැනි සංශෝධනය හරි 13 වැනි සංශෝධනය හරි අහෝසි කරන්න කවුරු හරි කතා කරනවා නම් අපි ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒක වළක්වන්න පුළුවන් හැම දේම කරන්න අපි සූදානම්. ඒ වගේම එම්. සී. සී. ගිවිසුම අස්සන් කරන එකටත් අපි මුළුමනින්ම විරුද්ධයි. ඊට අමතරව අලුතෙන් ඇවිත් තියෙන දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කිරීමේ යෝජනාවත් රටට ඉතාම අහිතකර එකක් විදියටයි අපි දකින්නේ. ඒ ප්‍රතිශතය 5% දක්වා අඩු කිරීම ආවට ගියාට කරපු දෙයක් නෙවෙයි. රට තුළ ඇතිවූ තරුණ නැඟිටීම් සහ සුළු ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ අරමුණෙන් තමයි ඒ වෙනස්කම් සිද්ධ කළේ. ඒක රටට ඉතාම හොඳ දෙයක්. නමුත් මේ වෙනස්කම සිදු කළොත් ඒක බොහොම භයානක දෙයක් වෙනවා. සමහර විට රට නැවත සිවිල් යුද්ධයක් දක්වා තල්ලු කරන්නත් ඒක බලපාන්න පුළුවන්.” උන්වහන්සේ පිළිතුරු දුන්නේ එසේය.
සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් තුළ දක්නට ලැබෙන අසාමාන්‍ය නිහඬතාව පිළිබඳ අදහස් දැන ගැනීම සඳහා තවත් ප්‍රමුඛ පෙළේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන අනිද්දා පුවත්පතේ කර්තෘ කේ. ඩබ්. ජනරංජන මහතා ඇමතීමට උත්සාහ කළ නමුත් ඒ මහතා දැඩි කාර්යබහුල වූ බැවින් ඒ අවස්ථාව අහිමි වූ අතර තවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන ගාමිණී වියන්ගොඩ මහතා මේ දිනවල ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවද දැනගත හැකි විය. නව ආණ්ඩුව විවේචනය කිරීමට හෝ ප්‍රශංසා කිරීමට තවමත් කාලය එළැඹ නැති බව අපගේද අදහසය. නමුත් සිවිල් සංවිධාන මේ ආකාරයෙන් නිහඬ වීම නම් ප්‍රජාතන්ත්‍රවාදයට කිසි ලෙසකින්වත් සුදුසු නොවන බවද පැවසිය යුතුමය.

චන්දන ‌පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ගුටි ‌කෙළි-කුණුහරුප මැද ගිනි ගත් එජාප රැස්වීම (රාජ්‍ය රහස්)

Next Post

තත්ත්වය බරපතළයි: ආර්ථිකේ ‌ගොඩදානවා නම් ‌ගෝඨා කියවිය යුතුම ලිපියක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.