• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

තත්ත්වය බරපතළයි: ආර්ථිකේ ‌ගොඩදානවා නම් ‌ගෝඨා කියවිය යුතුම ලිපියක්

January 12, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
තත්ත්වය බරපතළයි: ආර්ථිකේ ‌ගොඩදානවා නම් ‌ගෝඨා කියවිය යුතුම ලිපියක්
Share on WhatsAppShare on Facebook

“සමාජයේ බොහෝදෙනකු ‘ගෝඨා’ යැයි ආදරයෙන් කතා කරන වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අද මුහුණදී සිටින්නට වී තිබෙන්නේ මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ තිබුණු දුර්වලම ආර්ථික රටාවටයි. ඔහු මෙරට ආර්ථිකය නඟාසිටුවීමට කෙතරම් උත්සාහ දරන්නට ගත්තත්, ඔහුට මෙම අභියෝගය ජය ගැනීම සිතන තම් ලෙහෙසි එකක් නොවේ. ඔහුගේ එම අභියෝගය බියට පත්කරවන රෞද්‍රකම් රැසක් දැනටත් පෙනෙන්නට ඇත. අපට දැනට මෙලෙස උරුමවී ඇති ආර්ථිකය පසුගිය රජය වෙත ලැබුණේද, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයාගේ එයටත් පෙර තිබූ රජයෙන්මය. එනම් පසුගිය රජයට එය උරුම වූයේ වසර 05කට පෙරදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ රජයෙන්ය. එකල කඩාවැටී තිබුණු රටේ ආර්ථිකය 2013 වසර වන විටදී නරක තත්ත්වයෙන් අතිශය දරුණු තත්ත්වයටම පත්විය. 2013 වසරේ සිට මේතාක් දක්වා ගතවන්නේද එම දුක්ඛිත, දරුණු කඩාවැටුණු ආර්ථිකයයි.”
මොකක්ද මේ කියන බැරෑරුම් කතාව? කවුද මෙහෙම කියන්නේ? වත්මන් නව ජනාධිපතිවරයා සහ රජය බලයට පත්ව මාස 02කට ආසන්න කාලයක් ගතවී ඇතත්, අපේ රටේ ආර්ථිකය ගැන මේ ආකාරයේ හරවත් වගතුගක් අසන්නට ලැබුණේ නැත. අප රටේ සිටින එක්තරා විද්වතෙක් මෙම කතාන්දරය කියා සිටියි. ඔහු ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාය. දක්ෂ පළපුරුදු ආර්ථික සහ මූල්‍ය විශේෂඥයකු වූ විජේවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකි. ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ආචාර්යවරයකුද වන ඔහු වත්මන් සමාජයට ඉතාමත් වැදගත් වන මෙම අදහස් පෙළ පවසා තිබුණේ ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවියක් වන ‘ද කලම්බු ටෙලිග්‍රාෆ්’ මාධ්‍ය සේවයටය. ඔහු බොහෝ සවිස්තරාත්මකව මෙම විෂය විශ්ලේෂණය කර ඇති අතර එය මෙසේ තවදුරටත් අවධාරණය කර සිටියි.
“2013 වසරේ සිට එසේ අතිශය දරුණුම ලෙස කඩාවැටුණු ආර්ථිකය නිසි මඟට හරවන වගකීමක් පසුගිය රජයට තිබුණා. එහෙත් එය එසේ සිදුවුණේ නැහැ. යම් ව්‍යවස්ථාපිත කටයුතුවලදී පමණක් එම රජය සාර්ථකත්වයක් දැක්වුවත් ආර්ථිකය නඟාසිටුවීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණු කාර්යභාරය ඉටුවුණේ නැහැ. මෙවැනි වටාපිටාවකදී අද අපේ රටේ ආර්ථිකය ගැන අසන්නට වී ඇත්තේ යහපත් කතාන්දර නොවෙයි. මෙම කනගාටුදායක කතාන්දර යහපත්, ප්‍රියජනක එමෙන්ම බලාපොරොත්තු සහිත කතාන්දර බවට පත්කිරීමේ ඉක්මන් අභියෝගය ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතය. මෙම කනගාටුදායක කතා මොනවාද?”

ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

“මෙයට සති 03කට පෙරදී ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව යම් නිල දත්ත වගයක් ප්‍රකාශයට පත්කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ගණනය කිරීම නිල වශයෙන් සිදුකරනු ලබන්නේ මෙම දෙපාර්තමේන්තුව විසිනුයි. මෙම දත්තවලට අනුව 2019 වසරේ තෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වේගය 2.7%ක් වෙනවා. එය ඊට පෙර කාර්තුවේ වේගය වන 1.6%ට වඩා ටිකක් වැඩියි. එහෙත් ඊට පෙර 2018 වසරේ තෙවැනි කාර්තුවේ ආර්ථික වේගය 3.5%ක් වෙනවා. එසේම 2019 වසරේ ප්‍රථම කාර්තු තුනම ගත්කල නියම දළ ආර්ථික වර්ධන වේගය බොහෝ මලානික ප්‍රතිශතයක් වන 2.7%ක ප්‍රතිශතය තමයි පෙන්නුම් කර ඇත්තේ. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරි වසර 03ක කාලයක් තුළදී ආර්ථක වර්ධන වේගය, ගෝඨාභය පවසන ආකාරයට පවත්වාගත හැකිද? අවශ්‍ය නිසි පියවර නොගතහොත් ඉදිරි වසරවලදීත් ආර්ථික වේගය පවතිනු ඇත්තේ උපරිම 3% – 3.5%ක ප්‍රමාණයකින් පමණි. එහෙත් ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කටයුතු කළහොත් එම වේගය ප්‍රායෝගිකවම දෙගුණයකට එනම් 6.5%ක ප්‍රමාණයකට වර්ධනය කරගත හැකියි.”
“තත්ත්වය එසේ වුවද එය ආර්ථික සැලැසුම්කරුවකු මුහුණපාන යෝධ අභියෝගයක් සහ ප්‍රයත්නයක් වෙයි. මෙහිදී ආර්ථික වේගය සඳහා සහයෝගය දෙනු ලබන අනෙක් නියමුවන්ද දුර්වල වූ විට තත්ත්වය තවත් බැරෑරුම් වෙයි. එනම් 2019 වසරේ මුල් මාස 10 තුළදී අපනයන කටයුතු සත්‍ය ලෙසම ඇනහිටින තත්ත්වයක් උද්ගතවී තිබුණු අතර,එම අපනයන වර්ධන වේගය පෙන්නුම් කළේ 0.8%ක ඉතාමත් පහළ අගයකි. එය අතිශයින්ම දුර්වල තත්ත්වයකි. එසේම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයද ඉතාමත් අවම තත්ත්වයක පවතින අතර, පාස්කු ප්‍රහාරයෙන් පසුව එය මෙතෙක් සැලකිය යුතු ප්‍රවර්ධනයකට පත්වී නොමැත. 2019 වසරේ මුල් මාස 10 තුළදී සංචාරක කර්මාන්තයේ ආදායම 21%ක ප්‍රමාණයකින් පහත බැස ඇත. මේ අතර කෘෂිකර්මාන්තය මෙන්ම අනෙකුත් කර්මාන්ත ප්‍රගතියද අතිශයින්ම පහත් ප්‍රගතියක් පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයක් යටතේ ඉහත ක්ෂේත්‍රයන්ගේ වර්ධන වේගයක් ඇතිකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිසි බහුවිධි සැලැසුමක් ඇතිකරගෙන ක්‍රියාත්මක කළ යුතුය. එසේම ගෝඨාභයගේ රජයේ පාලනයටත් තදින් බලපා ඇති බාධකයක් වන්නේ ණය ප්‍රශ්නයයි. ගෙවීමට ඇති ණය මුදල් කන්දරාව අති ඉමහත්ය.”
“ඉංග්‍රීසි ජාතීන්ගෙන් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණුදා පටන් මෙම දිවයින ණය පාපකර්මයට බිලිවී ඇත. රට තුළ නිසි මුදල් සංචිතයක් එකල සිටම නොතිබුණේය. ඒ හේතුව නිසා විදෙස් රටවලින් ණය මුදල් ලබා ගැනීම දැනට වසර 70ක සිටම සිදුවන්නකි. එය කලින් කලට වැඩිවී දැන් ඉතාමත් දරුණු උත්සන්න තත්ත්වයකට පත්ව තිබෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව මෙම භයානක ණය ප්‍රශ්නය ගැන වාර්තා කලින් කලට එළිදක්වයි. ඒ අනුව ඉදිරි මාස 12ක (වසරක) කාලයක් සඳහා ගෙවිය යුතු විදේශ ණය මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 06ක් වෙයි. මෙම මුදලට ප්‍රධාන ණය මුදලත්, එහි පොලියත් අයත් වෙයි. ඩොලර් බිලියන 06ක මෙම සුවිශාල ණය මුදල මාස 12ක කාලයක් තුළදී ගෙවීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. කෙසේ හෝ මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්තරන් සංචිතයේ ඩොලර් බිලියන 6.5ක රත්තරන් තැන්පත්ව ඇතත් එම මුදල් භාවිත කරමින් ණය ගෙවන්නට සිදුවුවහොත් ඉතාමත් දරුණු ලෙස විදේශ විනිමය සංචිතයන් අර්බුදයකට ලක්වුණු ඇතිය. එසේම මෙම ණය මුදල් ඩොලර්වලින් ගෙවන්නේද, එසේත් නැතිනම් එම මුදල රුපියල්වලින් ගෙවන්නේද යන්නද පැනයක් වනු ඇත. එහෙත් මේ වන විට සත්‍ය ලෙසම ගෝඨාභයට මෙම මුදල් ගෙවීමට ඩොලර් හෝ රුපියල් හෝ නොමැත. ඉතින් ඔහු සිදුකරන්නේ කුමක්ද?
මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේ ගෝඨාභයට වුවද සිදුකරන්නට විකල්පයක් නැත. ඔහුටද වන්නේ තම රටේ භාණ්ඩාගාරය පුරවා ගැනීම සඳහා විදේශ රටවලින් ණය ලබාගැනීම පමණකි. ණය වගකීම්වලින් මිදීම සඳහා ඔහුට එම ණය මුදල් නැවත චක්‍රයක් සේ භාවිත කළ යුතුය. මෙම ක්‍රමෝපාය හඳුන්වන්නේ ‘ණය චක්‍රීයකරණය’ ලෙසිනි. මෙම විකල්පය පසුගිය සෑම රජයක් විසින්ම සිදුකරන ලද ක්‍රියාවලියකි. එහෙත් මෙය රටට තාවකාලික විසඳුමක් පමණි. මෙයින් රටටද කිසිදු සෙතක් සිදු නොවන අතර, පැනයට විසඳුමක්ද නොවනු ඇත. එහෙත් ගෝඨාභයට වන්නේද එයට අනුගත වීම පමණක්ය.
රටේ ආර්ථිකය නඟාසිටුවීමේ කර්තව්‍යයට අමතරව දැන් ගෝඨාභයට සිදුව ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී අවශ්‍ය බහුතරය සාදා ගැනීමය. එම ඉලක්කය කරා යෑමට ඔහු දැන් කටයුතු කළ යුතුය. ඉදිරි මාස 04ක කාලයේදී ඔහුට එම අභියෝගයට මුහුණදීමට සිදුවනු ඇත. රජය පවත්වා ගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය අත්‍යවශ්‍යය. පසුගිය නිමාවට පත්වුණු ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය ලබාදුන් ආකාරයටම මහ මැතිවරණයේදීත් ක්‍රියාත්මක වුවහොත් වත්මන් රජයට පාර්ලිමේන්තු බහුතරය රැක ගැනීමට හැකිවනු ඇත. මෙය සත්‍ය වශයෙන්ම සාමාන්‍ය බහුතරයක් නොව තුනෙන් දෙකක බහුතරයකි. ඒ හෙයින් මෙය ප්‍රබල අභියෝගයක්ද වනු ඇත.
සුවිශාල මුදල් හිඟයකින් මහා භාණ්ඩාගාරය කොර ගසමින් සිටින අවස්ථාවකදී ගෝඨාභය මිල අධික බදු කප්පාදුවක් ජනතාව වෙනුවෙන් සිදුකළේය. එසේම සමෘද්ධි දරුවන් වෙනුවෙන් රැකියා 1,00,000 (ලක්ෂයක්) ප්‍රදානය කරන බැව් පැවැසේ. ඒ අතර විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම ඉහළ දැමීම සඳහා අලුතින් විශ්වවිද්‍යාල විදුහල් 300ක් ආරම්භ කරන බවද ගෝඨාභය ප්‍රකාශ කර සිටියේය. මෙය සත්‍ය ලෙසම ඉතාමත් භාරදූර කාර්යයක් වන අතර, එමෙන්ම ඒ සඳහා රජයට මූල්‍ය ප්‍රතිපාදනද නැත. තිබෙන මුදලක් වියදම් කරනු ලබන්නේ නම් එය ඉතාමත්ම විචක්ෂණශීලීව සිදුකළ යුතුය.
වර්තමාන ආර්ථික ව්‍යාධිය තුළදී කිසිදු ජනප්‍රියතාවයක් නැති ආර්ථික ප්‍රසම්පාදන සිදුකිරීම කල්දැමිය යුතුය. දැනට එලෙස පටන්ගෙන ඇති ආර්ථික යුද්ධය පාර්ලිමේන්තු මහ මැතිවරණය නිමවන තෙක් තාවකාලිකව පසෙකින් තැබිය යුතුය. නැතිනම් රටේ ආර්ථික තත්ත්වය තවත් මාරක අතට පත්වනු ඇතිය. තේරුමක් නොමැති කටයුතුවලට කාලය ගත කිරීමට ශ්‍රී ලංකාවට වේලාවක් නැත. ඒ හෙයින් ආර්ථිකය නඟාසිටුවීමට නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එය බුද්ධි මට්ටමකින් සිදුකළ යුතුය.
අතීතයේදී මෙන් නොව දැන් ආර්ථික සමෘද්ධිමත්භාවය සඳහා ඇත්තේ සීමිත බලාපොරොත්තුය. පෙරදී ලෙස දැන් කෘෂිකර්මාන්තයෙන්, තේ, රබර්, පොල්වලින් එම සෞභාග්‍යය ළඟාකරගත නොහැක. මෙම ක්ෂේත්‍රයන් රැසම දැනට තිබෙන තාක්ෂණික පහසුකම් යටතේ උපරිම ලෙස සංතෘප්තභාවයකට පැමිණ ඇත. එහෙත් මෙම සීමාවෙන් ඔබ්බට ගිය ප්‍රවර්ධනයක් සඳහා දැන් අවශ්‍යව ඇත්තේ උසස් තාක්ෂණයයි. එහෙත් මේ වන විට එවැනි තාක්ෂණයක් ලබාදීමට ඇති පහසුකම් හෝ මාර්ග ඉතාමත් අවම වෙයි. එසේම ඒ සඳහා ඇවැසි වන ධන සම්පත්ද අවමය. ඒ හෙයින් ලෝකයේ අනෙකුත් රටවල මේ වන විට භාවිත වන තාක්ෂණ ක්‍රමවේදය අප රටටද අත්‍යවශ්‍ය වනු ඇතිය. මෙයට හොඳම නිදර්ශනයක් ලෙස ආසියාවේ ප්‍රබලතම දියුණු වන රටවල් හතරක් නම් කළ හැකිය. එනම් සිංගප්පූරුව, තායිවානය, දකුණු කොරියාව සහ හොන්ග්කොන්ග් එම රටවල් වෙයි. මෙම රටවල් පසුගිය කාලය පුරාම ඍජු විදේශ ආයෝජන සඳහා මුල්තැන දී කටයුතු කළ අතර, ඒ මඟින් උසස් තාක්ෂණයද තම රටවල් තුළට ගෙන ආවේය. එම රටවල පරිපාලනය තම විශ්වවිද්‍යාලවලට බලකර සිටියේ ලොව අනෙකුත් විශ්වවිද්‍යාල සමඟ එකට එක්ව තාක්ෂණය ව්‍යාප්ත කරගන්නා ලෙසටය.
මෙම මහා ආර්ථික පරිවර්තනයට හොඳම නිදසුනක් වන තවත් රටක් වන්නේ වියට්නාමය. මෙයට වසර 30කට පමණ පෙර ලෝක වෙළෙඳ සිතියමේ වියට්නාමයට කිසිදු ස්ථානයක් නොවීය. එක අල්ප මාත්‍රයක වෙළෙඳ ආර්ථිකයක් එම රටට නොවීය. එහෙත් වියට්නාමය පසු කාලයේදී ලෝකයේ සුවිශාල කර්මාන්ත යෝධයන් සමඟ තම රට තුළ කර්මාන්ත සහ ව්‍යාපාර ආරම්භ කළේය. ලොව ප්‍රකට, ධනවත් වෙළෙඳ ව්‍යාපාර වන නයික්, සැම්සුන්ග්, අයි.බී.එම්., ඉන්ටෙල්, ෆුජීත්සු සහ එච්.පී. වැනි සමාගම්වල කර්මාන්ත ශාලා වියට්නාමය තුළ පිහිටෙව්වේය. ඒවා කෙටි කාලයක් තුළ සද්දන්ත ව්‍යාපාර බවට පත්ව වියට්නාමයේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ආවේය. ලෝක බැංකුවේ දත්තවලට අනුව 2017 වසරේදී වියට්නාමයේ අධි තාක්ෂණික නිපැයුම්වල අපනයනය 41% දක්වා වන ඉතා ඉහළ අගයක් ගත්තේය. මෙම වසරේද ශ්‍රී ලංකාව ගෙන සංසන්දනය කළ හොත් මෙරට එම අගය වන්නේ 1%ක ඉතාමත් අල්ප ප්‍රමාණයක් පමණි. රටක ආර්ථිකය ප්‍රවර්ධනයේදී මේ ආකාරයේ තාක්ෂණය බද්ධකර ගැනීමක් අත්‍යවශ්‍යය. දකුණු කොරියාවත්, සිංගප්පූරුවත් මෙම ක්‍රියාවලිය සාර්ථකව සිදුකරන ලද රටවල් දෙකක් වෙයි. එම රටවල් ශ්‍රී ලංකාවට ආදර්ශයකි.
දකුණු කොරියාවේ මහ බලවතා වූ හිටපු ජනාධිපති පාර්ක් චූන්හි තමාගේ තනතුරෙහි 1963 සිට 1977 දක්වා රැඳී සිටි අතර, ඔහු එම කාලය තුළදී දකුණු කොරියාව තුළ මහා ආර්ථික ප්‍රගතියක් ඇති කළේය. ඔහු තම රටේ කර්මාන්ත නඟාසිටුවීම සඳහා විශේෂිත වූ තාක්ෂණික ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මේ අනුව දකුණු කොරියාව උසස් තාක්ෂණය හරහා දියුණු වූ රටක් බවට පත්වූ අතර, 2018 වසරේදී එරට උසස් තාක්ෂණික නිෂ්පාදන අපනයනය 36%ක ප්‍රමාණයකට පත්වී තිබිණි. සිංගප්පූරුවේද මෙවැනිම ප්‍රගතියක් ඇතිවී තිබිණි. එනම් සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ තමන්ගේ රට වෙනුවෙන් මහත් විශාල මෙහෙවරක් ඉටුකළ නායකයෙකි. ඔහු සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලවලට බලකර සිටියේ ඇමෙරිකාවේ ප්‍රකට විශ්වවිද්‍යාල සමඟ එකට එක්ව තම රටට එම තාක්ෂණය අනුගත කර ගන්නා ලෙසය. මේ අනුව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය මහත් මෙහෙවරක් ඉටුකළ අතර, එම විශ්වවිද්‍යාලය ලොව හොඳම විශ්වවිද්‍යාල අතරින් 22 වැනි තැනට පත්විය. ලෝකයේ රටවල් අතරින් සිංගප්පූරුව කෙටි කලකින් ඉතාමත් ඉහළ ආර්ථික ප්‍රගතියක් ලබාගත් රටක් විය.
මෙම රටවල් අතරින් ඉතාමත් ආශ්චර්යමත් ලෙසින් දියුණුවට පත්වූ දේශය වන්නේද සිංගප්පූරුවය. ලෝක බැංකුවේ දත්තවලට අනුව මේ වන විට එම රටේ අධි තාක්ෂණික අපනයනය 52%ක ප්‍රතිශතයක් දක්වා අතිශයින් ඉහළ ගොස් ඇත. මේ වන විට සිංගප්පූරුවත්, දකුණු කොරියාවත් සිටින්නේ සිවුවැනි කාර්මික විප්ලවයේය. මෙම දශකය හඳුන්වාදී ඇත්තේ ලෝක ආර්ථික සංසදය මඟිනි. ලෝකයේ රටවල සිදුවන නව තාක්ෂණික කාර්මික විප්ලවය එයින් ගෙනහැරපායි. එසේ නම් ශ්‍රී ලංකාව සිටින්නේ කුමන අදියරක විප්ලවයකද? එනම් එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව තවද සිටින්නේ දෙවැනි කාර්මික විප්ලවයේය. ගෝඨාභයගේ ඉදිරි ආර්ථික යුද්ධයට බලපාන්නේ මෙම හේතු සාධකය. එනම් ඔහුට තම ඉලක්ක ජය ගැනීමට නම් තව දීර්ඝ මඟක් යා යුතුය. තුන්වැනි කාර්මික විප්ලවය මඟහරිමින්, හතර වැනි කාර්මික විප්ලවයට පිවිසීමට ගෝඨාභයට හැකිවේද? එහෙත් එය සිතන තරම් ලෙහෙසි කාර්යයක් නොවේ. මේ නිසා ගෝඨාභයට තිබෙන අභියෝගයන් බොහෝය. අප කෙසේ හෝ තෙවැනි කාර්මික විප්ලවයට හෝ පැමිණිය යුතුය. ගෝඨාභය අනෙක් යුද්ධයන්ගේ අවසානයක් කරා පැමිණියා සේ මෙම ආර්ථික යුද්ධයේද අවසානය කරා පැමිණිය යුතුය.

පරිවර්තනය ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

ජන්ද කාලෙ හැමදාම කියවපු සාධාරණ සමාජෙට ‌මොකද වුණේ?

Next Post

සතුන් බිලියන 5ක් බිලිඅරන් ‌ලෝකෙම හිත් අවුලපු ඔස්ට්‍රේලියාවේ ලැව් ගින්න

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.