• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනෙට හෙනහුරා ලබයි

October 27, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
චීනෙට හෙනහුරා ලබයි

Xi Jinping, China's president, inspects a guard of honour outside the presidential palace in Athens, Greece, on Monday, Nov. 11, 2019. Chinese President Xi Jinping is on an official visit to Greece for follow-up meetings with Greek officials, after Premier Kyriakos Mitsotakis visited China last week. Photographer: Yorgos Karahalis/Bloomberg

Share on WhatsAppShare on Facebook

‘ඇමරිකාවේ වොෂින්ටන්හි ආර්.ඩබ්ලිව්.ආර්. උපදේශන කණ්ඩායම ව්‍යාපාරික කටයුතු සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳව උද්ගතව පවත්තා තත්ත්ව අරමුණු කර ගනිමින් ජාත්‍යන්තරය පුරා චීනය වපුරා ඇති මාර්ග ව්‍යාපෘති සම්බන්ධව ඉතා සියුම්ව පරීක්‍ෂා කර තිබේ. චීනය දෙදහස් දහ තුනේ සිට (2013) ගිනිකොන දිග ආසියාවේ ඩොලර් බිලියන දෙසීයක් (200) වටිනා ව්‍යාපෘති එමගින් ආරම්භ කර ඇතත් මේ වන විට ඇතැම් රටවල උද්ගතව ඇති විවිධ ගැටලු හේතු කොට ගෙන ව්‍යාපෘති අඩාල වී ඇතැයි එමගින් අනාවරණය වී ඇත. ව්‍යාපෘති සඳහා චීන බැංකුවලින් ලබාගත් ණය පහසුකම් වෙනුවෙන් කාලයක් තිස්සේ අය කෙරෙන මරාගෙන කෑමේ පොලී අනුපාත උපක්‍රම නිසාද මෙසේ වී තිබේ. අනෙක් අතට ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන ඉසව්වල (ප්‍රදේශ) ගොවීන් ඉදිකිරීමට එරෙහිව අඛණ්ඩව ගෙනයන විරෝධතා මෙන්ම සිදුවිය හැකි පරිසර හානි නිසාද දූෂණ නිසාද ව්‍යාපෘති අතර මග අතහැර දමන්නට සිදුවී තිබේ.
මහතීර් මොහමඞ්ගෙන් පසුව දෙදහස් දහ අටේ දී (2018) මලයාසියාවේ අගමැති වූ නජීබ් රසාක් විසින් චීන ව්‍යාපෘති ගණනවක් සම්බන්ධයෙන් සෝදිසි පරීක්‍ෂණයක් අරඹනු ලැබිණි. එමගින් අනාවරණය වූයේ මහා පරිමාණයෙන් වැඩි වැය බරක් පටවා ඇති බවකි. ඇමරිකානු ඩොලර් බිලියන පහක් (5,00,00,00,000) චීනයේ කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමටසහ තවත් සමාගම් දෙකකට වැඩිපුර ගෙවිය යුතුව ඇති බවකි. මේ සිද්ධියෙන් වැඬේ ගැස්සීමෙන් කීර්තියට සිදුවෙන බව තේරුම්ගත් චීනය මූලික පිරිවැයෙන් තුනෙන් එකක් අඩු කිරීමට එකඟ වූවේය. ඉන් අනතුරුව ඩොලර් බිලියන තුනකට (3,00,00,00,000) ඇස්තමේන්තු කර තිබූ ව්‍යාපෘති තුනක් (3) මලයාසියානු බලධාරීන් විසින් අවලංගු කරනු ලැබිණි.
ඉන්දුනීසියාව තම රටේ අගනුවර වූ ජාකර්තා සිට බැන්ඩුං දක්වා කිලෝ මීටර් එකසිය හතළිස් පහක් (145) දිගු අධිවේගී දුම්ිරිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දෙදහස් පහළොවේදී (23015) චීනය සමග එකඟ වී තිබිණි. එය දෙදහස් දහ නමයේ (2019) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට පෙරාතුව නිම කිරීමටද එරට ජනාධිපති ජෝකෝ විඩෝඩු අපේක්‍ෂා කර තිබිණි. එහෙත් දුම්රිය මාර්ගයට නතුවන සිය ගොවි භුමි පැවරීමට එරෙහිව ගොවියන් විරෝධතා දක්වන හෙයින් ඩොලර් බිලියන පහයි දශම පහකට (5,50,00,00,000) ගිවිස ගත් වා්‍යාපෘතිය මේ වන විට ඩොලර් බිලියන හයයි දශමයක් (6,10,00,00,000) දක්වා ඉහළ නගිද්දී කොවිඞ් වසංගතය ආවේය. මේ නිසා ව්‍යාපෘතිය නිම කිරීමේ කාල පරාසය දෙදහස් විසි දෙක (2022) දක්වා ඇදී තිබේ.
ඉන්දුනීසියාවට අයත් සුලාවාසි දිවයිනේදී දේශීය (ඉන්දුනීසියානු) සේවකයන් සහ චීන සේවකයන් අතර ඇතිවන ගැටුම් පිළිබඳව දර්ශන ඇතුළත් වීඩියෝ පට ගණනාවක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත වන්නට විය. දේශීය මුස්ලිම් සේවකයන් චෝදනා කළේ තමන්ට චීනුන් ආගමික වතාවත් පවත්වන්නට ඉඩ නොදෙන බවටය. එම ප්‍රදේශයේම විරෝධතා පවත්වන්නේ චීන්නුන් තම රටේ පතල් කනිමින් දේශීය සම්පත් සූරා කන බවටය.
පිලිපීන ජනාධිපති ඩ්‍යුටර්ටේ දෙදහස් දහසයේ දී (2016) සිය ජනාධිපතිවරණය නිමවීමත් සමගම චීනයට ගොස් සම්බන්ධතා අලුත් කර ගත්තේය. එම ජනාධිපතිවරණයට පෙර බලයේ සිටි ජනාධිපති බෙනිංනෝ ඇක්විනෝ විසින් දක්‍ෂිණ චීන සාගරය සම්බන්ධයෙන් චීනයට එරෙහිව ජාත්‍යන්තර සමථ අධිකරණයේ පවරන ලද නඩුවෙන් ඉන්දුනීසියාවට පක්‍ෂව තීන්දුව ලැබී තිබිණි. එහෙත් ඇක්විනෝගෙන් පසුව බලයට පත් ඩ්‍යුටර්ටේ චීනයට ගොස් ඩොලර් බිලියන විසි හතරක් (24,00,00,00,000) ඇස්තමේන්තු ගත දුම්රිය මාර්ග, ජලවිදුලි සහ වරාය වැනි යටිතල පහසුකම් සැපයෙන ව්‍යාපෘති ගණනාවක් චීනයට පවරා තිබේ. එහෙත් චීන සමාගම් දෙකක් මේ වනතුරුත් (2016 සිට) ඉදිකර ඇත්තේ පාලම් දෙකක් පමණි. කොන්ත්‍රාත්වලට ගිවිසුම් ගත ඇතැම් සමාගම් අතුරුදන් වී ඇත.
අතීත අප්‍රසන්න අත්දැකීම් අනුව රෑ වැටුණු වළේ දවල් නොවැටීමේ පාඩමට අනුව වියට්නාමය තම අසල්වැලි චීනය සමග පරෙස්සමෙන් කටයුතු කරයි. වියට්නාමය දෙදහස් එකොළහේ දී (2011) ඩොලර් මිලියන පන්සිය පනස් දෙකකට (55,20,00,000) ගුවන් දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ගිවිසුමකට එලැඹිණි. ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු ඇල්මැරුණු ස්වභාවයෙන් චීනය විසින් ක්‍රියාත්මක කරනු ලැබීම නිසා දෙදහස් දාහත (2017) වන විට එහි පිරිවැය ඩොලර් මිලියන අටසිය අනූවක් (89,00,00,000) වූවත් මේ වනතුරුත් කටයුතු නිම කෙරී නැත. කාම්බෝජය සිය රටේ වේල්ලක් බැඳීම සඳහා දෙදහස් දාහතරේ දී (2014) චීනයට පැවරූ ව්‍යාපෘතිය තවමත් නිම කර ගත නොහැකිව සිටියි.
මොනවා වුවත් කෝවිඞ් වසංගතය නිසා චීන ආර්ථිකය බිඳ වැටෙමින් තියෙන අතරතුරේ ඇමරිකාව සමගද දිනෙන් දින වර්ධනය වෙන නොහොඳ නෝක්කාඩුවත් ඇති කර ගෙන ඇත. එසේම දක්‍ෂිණ චීන සාගර අර්බුදය, ඉන්දියානු දේශ සීමාව ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධව යුරෝපා සංගමය, ඉන්දියාව ඕස්ටේ්‍රලියාව ආදී රටවල් සමගද එතරම් ඇයි හොඳක් නැත. මේ තත්ත්වය යටතේ චීන බලවතා වන ජින් පින් තම රටෙන් සිදුවී ඇති බව කියන අක්‍රමිකතා ඇත්නම් සොයා බලා දුප්පත් රටවලට සහන සලසන බව පසුගිය වර්ෂයේ දී (2019)ප්‍රකාශ කරන්නට තරම් සත්ව කරුණාවක් පහළවීම ගැන ඇතැම් නායකයෝ මේ මේ එන්නේ මොන උප්පරවැට්ටියකටදැයි වික්‍ෂිප්තව සිටිති.

පරිවර්තනය මාර පුත්‍ර

SendShareShare
Previous Post

මැරෙන්න කලින් මධූෂ් හෙළිකරපු රහස් EXCLUSIVE (CID SPECIAL)

Next Post

සේදුපතිට කැරකුණ මුරලි දුස්රාව

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.