• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

සේදුපතිට කැරකුණ මුරලි දුස්රාව

October 27, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
සේදුපතිට කැරකුණ මුරලි දුස්රාව
Share on WhatsAppShare on Facebook

‘මම ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකයෙක්. මම කිසි දිනෙක ශ්‍රී ලාංකික දමිළ ජනයාට එරෙහි වෙලා නැහැ. එරෙහි වෙන්නේත් නැහැ. එහෙත් දැන් මට එරෙහිව ඉන්දියාවේ යම් පාර්ශ්ව ඉතා බැරෑරුම් දෝෂාරෝපණයක් ගෙන යනවා. මම දමිළ ජනයාට එරෙහි වූ කෙනෙක් කියලා. වත්මන් ශ්‍රී ලංකා රජයට සහාය දක්වනවා කියලයි මට මේ චෝදනාව ගෙන එන්නේ. එසේම ශ්‍රී ලංකාවේ දමිළ ජනතා සංහාරයක් සඳහා මම සහයෝගය දුන් කෙනෙක් කියලත් ඉතාමත් බැරෑරුම් චෝදනාවක් කරනවා. 2019 වසරේදී මම ප්‍රකාශයක් සිදුකළා ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය නිම කළ 2009 වසරේ තමයි මගේ ජීවිතයේ හොඳම වසර කියලා. එම කතාව ඉතාමත්ම වැරැදි විදියට අර්ථ දක්වමින් ඉන්දියානු පාර්ශ්ව මට චෝදනා කරනවා. ඊළාම් දෙමළ ජනතා සංහාරය සැමැරීම සඳහායි එවැනි ප්‍රකාශයක් සිදුකළේ කියලා. වසර 30ක් පුරා යුද්ධයෙන් බැට කාපු ජනතාවට යුද්ධය නිමා වීම සතුටක් නෙවෙයිද?’

මෙම ආන්දෝලනාත්මක කතාව කුමක්ද? එය කියන්නේ කවුද? මෙයට දින කිහිපයකට ඉහතදී ශෝකය මුසු මෙම කතාන්දරය ඇසුණේ ශ්‍රී ලංකාවෙන් සහ යාබද ඉන්දියාවෙන්. මේ කතාව ඉතාම හැඟීම්බරව කියන්නේ මුළු මහත් ලොවක්ම හඳුනන සුවිශේෂී මිනිසෙක්. ඔහු නම් කවුරුත් හඳුනන ‘මුරලි’ නොහොත් මුත්තයියා මුරලිදරන්ය. ක්‍රිකට් ලොව දිග්විජය කළ ඔහු මුළු මහත් ලොවටම සිටින අතිශය වටිනා සම්පතක්. ඒ කීර්තිය ගලාගෙන යන්නේ ශ්‍රී ලංකාව මතින් වන අතර, එය ලොවටද විවෘත වන අද්විතීය මහා වෘතාන්තයකි. එවන් මිනිසකු වූ මුරලි ඉහත කතාව කියන්නේ කුමන හේතුවක් උදෙසාද?
‘800’ යන ඉලක්කම තමයි ඒ විශේෂිත කතාන්දරය. මෙය සිංහල බසින් ‘අටසියය’ හෝ ඉංග්‍රීසි බසින් ‘EIGHT HUNDRED’ ලෙසින් අර්ථ දැක්විය හැකිය. එහෙත් මෙය පොදුවේ ව්‍යවහාර වන්නේ ‘800’ ලෙසින් පමණි. ‘800’ යනු ඉන්දියාවේ නිෂ්පාදිත දමිළ වෘත්තාන්ත චිත්‍රපටයක් වෙයි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරුව වන ‘මුරලි’ නොහොත් මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ආශ්‍රිත කරගනිමිනි. මෙම දමිළ සිනමා නිර්මාණයේ කටයුතු පසුගිය 2019 වසරේදී ආරම්භ කෙරුණු අතර, මෙම 2020 වසර මුල් කාලයේදී එහි නිෂ්පාදන කටයුතු අවසන් කෙරිණි. දැන් මෙම චිත්‍රපටය ඉන්දියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවලදී (ශ්‍රී ලංකාව ඇතුළු) ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සැරැසෙයි. මෙම සිනමා නිර්මාණයේ මුරලිදරන්ගේ චරිතය රඟපාන්නේ ප්‍රකට ඉන්දියානු නළුවකු වන විජේ සේතුපතිය. එසේම ප්‍රකට දමිළ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන එම්. එස්. ශ්‍රීපති විසින් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර ඇත.
දැන් මෙම ‘800’ චිත්‍රපටය මෙතරම් ආන්දෝලනයක් ඇතිකර ඇත්තේ ඇයි? සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන් යනු ශ්‍රී ලංකා රජයට බොහෝ හිතවත්කම් දක්වන, එසේම දමිළ ජනතාවට එතරම් භක්තියක් නැති පුද්ගලයකු යැයි හැඟෙන මතයක් ඉන්දියාවේ යම් ඊළාම් හිතවාදී පිරිස් විසින් ගෙනයනු ලබයි. ඒ හෙයින් මුරලිදරන්ගේ ජීවිත කතාව අන්තර්ගත මෙම ‘800’ චිත්‍රපටය ප්‍රදර්ශනය සහ නැරැඹීමද වහා වර්ජනය කළ යුතු යැයි මෙම අන්තවාදී පාර්ශ්ව මේ වන විට දැඩි උද්ඝෝෂණයක නිරතව සිටියි. මෙම තත්ත්වය ඉතා ප්‍රබලව උද්ගතව ඇත්තේ දකුණු ඉන්දියාව තුළ වීම විශේෂත්වයකි. මේ තත්ත්වය ගැන තවදුරටත් මුරලිදරන් තම අදහස් කියා සිටියි. මෙය සැබෑ ලෙසම දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පරිවර්තනය වී ඇත.
‘මගේ ජීවිතයේ මම ඕනෑ තරම් මතභේදයන්ට මුහුණ දුන් කෙනෙක්. එය මට සත්‍ය ලෙසම අලුත් දෙයක් නෙවෙයි. මගේ ජීවිත කතාව ගැන චිත්‍රපටයක් නිර්මාණය කරනවා කියලා ඒ ගැන මගේ අවසරය ගන්න චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම මා හමුවෙන්නට ආවා. ඒත් මම මුලින්ම මේ ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. කෙසේ වුණත් පසුව මම තීරණය කළා ඒ සඳහා කැමැත්ත ලබා දීමට. මේ චිත්‍රපටය නිෂ්පාදනය වුණේ එහෙමයි. මේ කතාව නිර්මාණය තුළින් යම් මෙහෙවරක් ඉටුවේවි යැයි මට සිතුණා. මගේ ජීවිතය තුළ මගේ මවුපියන් සිදුකළ කැප කිරීම, මගේ ගුරුවරුන්ගේ සහ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ දායකත්වය සහ මගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ බොහෝ පිරිසකගේ හිතෛෂීභාවය සහ දායකත්වය ගැනත් මම කල්පනා කළා. මෙවැනි සිනමා නිර්මාණයක් තුළින් මේ සියලුම පාර්ශ්වවලට යම් මෙහෙවරක් සිදුවේ යැයි මම විශ්වාස කළා.’
‘මගේ මවුපියන් කඳුකරයේ තේ වත්තක් තුළදී ඉතාමත් නිහතමානීව, සාධාරණ ජීවිතයක් ගතකළ අයයි. වසර 30ක ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී බොහෝ පීඩාවට පත්වූ ප්‍රදේශයක් තමයි මේ කඳුකර ප්‍රදේශය සහ එහි වෙසෙන ජනතාව. මේ දමිළ ජනතාව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අපි එදා ජීවිත පවත්වාගෙන ගියේ ඒ ආකාරයටයි. අද ඉන්දියාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම ‘800’ චිත්‍රපටය හෙළිකර සිටින්නේ මගේ මේ කතාවයි. මම නොයෙකුත් බාධක, කම්කටොලු රාශියක් මැඩපවත්වා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මගේ ජීවිතය ජයගත්තේ කෙසේ දැයි මේ චිත්‍රපටයෙන් කියැවෙනවා. මෙම චිත්‍රපටය කිසිම දේශපාලන තේමාවක් ඇති එකක් නෙවෙයි. අද සමහරු එයට දේශපාලනික වර්ණයක් දීලා. මම දමිළ ජනයාට විරුද්ධ මිනිසෙකු යැයි සමහර පාර්ශ්ව කියනවා. ඒ අය සම්පූර්ණයෙන්ම මාව වැරැදි විදියට තේරුම් අරගෙන තියෙනවා. මෙය ඉතාම අසාධාරණයක්. ඒ වගේම සිදුනොවිය යුත්තක්. ශ්‍රී ලාංකික දමිළ මිනිසකු වශයෙන් ඉපදීම වරදක්ද? යම් හෙයකින් මම ඉන්දියාවේ ඉපදුණා නම් මම එවිට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වෙනවා නේද? මා ගැන නිෂ්පාදනය වුණු මේ චිත්‍රපටයට නිකරුණේ දේශපාලන වර්ණයක් දෙන්න එපා.’
මෙලෙස ඉන්දියාවෙන් මහා ඝෝෂාවක් නැඟෙන මුරලිගේ ජීවිත කතාව ඇතුළත් මෙම ‘800’ සිනමා නිර්මාණය යනු සැබෑ ලෙසම කුමක්ද? මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සියල්ල නිමවී දැන් ප්‍රදර්ශනයට ලකලැහැස්ති කර ඇත. මෙකල ඉන්දියාව යනු කොරෝනා මාරයා තම හපන්කම් උපරිම ආකාරයෙන් පෙන්වන ප්‍රධානතම තෝතැන්නයි. මේ වන විට ඉන්දියාවේ මිනිසුන් එක් ලක්‍ෂ විසිදහසක් මේ මාරයා විසින් වළපල්ලට ඇදගෙන ගියේය. එවන් වටාපිටාවක් යටතේ පසුගිය මාස 08ක පමණ කාලයක් ඉන්දියාවේ සියලු සිනමාශාලා වසා දැමුණු අතර, සිනමා කර්මාන්තයේ කටයුතුද බොහෝ ඇනහිටියේය. එහෙත් පසුගියදා ඉන්දියානු රජය නිවේදනය කළේ සිනමාශාලා මෙම ඔක්තෝබර් 15දා සිට ජනතාවට විවෘත කරන බවයි. ඒ අනුව සිනමාශාලා විෂබීජහරණය කර චිත්‍රපට ප්‍රදර්ශනයන් ආරම්භ කළේය.
‘800’ චිත්‍රපටය මෙතෙක් ප්‍රදර්ශනය නොවුණත්, එහි ප්‍රචාරණය පසුගිය සතියේ ආරම්භ විය. ඒ අනුව එම සිනමා නිර්මාණයට අදාළ ප්‍රචාරක පටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළ අතර, එය අන්තර්ජාලයටද මුදාහැරියේය. එමෙන්ම අදාළ පෝස්ටර්ද ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි. මෙම කටයුතු සිදුකෙරී දින 02ක් පමණ ගතවූයේය. ‘800’ට එරෙහිව ගිනි ජාලාව ඇරැඹියේ එතැන සිටය. ඉන්දියාවේ සාමාන්‍ය පොදු ජනතාව අතරේ මෙම චිත්‍රපටයට එරෙහි කිසිදු විරෝධයක් නොවූ අතර, එම ජනතාව අතරෙහි විරෝධයක් නිර්මාණය කරන්නට යම් පාර්ශ්ව කිහිපයක් කටයුතු කළේය. මෙම පාර්ශ්ව එළිපෙහෙළියට ආවේ ඉන්දියාවේ තමිල්නාඩුවෙන් වන අතර, එම පිරිස සම්පූර්ණයෙන්ම දමිළ ඊළාම් හිතවාදී දේශපාලකයන් විය. තමිල්නාඩුවේ ඉතා ප්‍රබල සහ ප්‍රධානතම දේශපාලන පක්‍ෂයක් වන, ‘මරුමලාර්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්’ පක්‍ෂයේ නායකයා වන ප්‍රබල ඊළාම්වාදියකු වන, වයිකෝ විසින් මෙම විරුද්ධතා ව්‍යාපාරය ආරම්භ කරන ලදී. කෙටියෙන් ‘වයිකෝ’ ලෙසින් හඳුන්වන මොහුගේ සම්පූර්ණ නාමය වයියාපුරි ගෝපාලස්වාමි වෙයි. මොහු දැනට ඉන්දියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු වන අතර, ඔහු කොටි නායක ප්‍රභාකරන්ගේ ප්‍රබල හිතවතකුද වූවේය. මොහු පසුගිය කාලයක් පුරාම ශ්‍රී ලංකා රජයන්ටද විවිධ ආකාරයේ විරෝධතා සහ තර්ජනයන් ඉදිරිපත් කළ පුද්ගලයෙකි.
මෙහිදී වයිකෝ විසින් ඉතා තදබල ප්‍රකාශයක් සිදුකර ඇත. මුත්තයියා මුරලිදරන් යනු දමිළ ජනතාවගේ ද්‍රෝහියකු බැව් ලෝකය වටාම සිටින දමිළ ජනතාව අවබෝධ කරගෙන ඇති බවත්, ඔහු කාලයක් පුරාම මහින්ද රාජපක්‍ෂ රජයට සහාය දැක්වූ පුද්ගලයකු බවත් වයිකෝ ප්‍රකාශ කර ඇත. ඒ හෙයින් ඔහු සම්බන්ධ කිසිදු කාර්යයකට සහාය නොදක්වන ලෙසට තමන් දමිළ ජනතාවට අවධාරණය කරන බැව් පවසා ඇත. මෙම ඊළාම්වාදියාගේ ‘ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂය’ට සාමාජිකයන් මිලියන ගණනාවක් ඉන්දියාවේ සිටින අතර, ඒ හෙයින් දැනට මෙම උද්ඝෝෂණය ඉතා උද්වේගකර තත්ත්වයකට පත්ව ඇත. එය දිනෙන් දින උත්සන්නද වෙයි.

තමිල්නාඩුවේ සිටින තවත් උග්‍ර ඊළාම්වාදී දේශපාලන නායකයකු වන සෙන්තාමිසාන් සීමන් ද තම විරෝධය ඉතා දැඩි ලෙස දක්වා ඇත. කෙටියෙන් ‘සීමන්’ ලෙසින් හඳුන්වන මොහු නාම් තමිලාර් කච්චි පක්‍ෂයේ නායකයා වන අතර, කොටි නායක ප්‍රභාකරන්ගේ සමීප හිතවතෙකි. පසුගිය කාලය පුරාම ඔහුද ශ්‍රී ලංකාවට එරෙහිව ඊළාම් ප්‍රචාරණය සිදුකළේය. ඔහු විසින් මුරලිදරන්ගේ චරිතය රඟන ප්‍රකට සිනමා නළු විජේ සේතුපතිට තර්ජනය කර ඇත්තේ, වහාම ඉදිරි චිත්‍රපට කටයුතුවලින් ඉවත්වන ලෙසටය. මේ අතර තමිල්නාඩුවේ තවත් ප්‍රකට දේශපාලන නායකයකු වන එස්. රාමදෝස් ප්‍රකාශ කර ඇත්තේ ද්‍රෝහී ඉතිහාසයකට කිසිදු සහායක් දැක්විය නොයුතු බැව්ය. රාමදෝස් යනු පට්ටලී මක්කල් කාතී පක්‍ෂයේ නායකයාය. මේ ආකාරයට විවිධ ප්‍රධාන දේශපාලනික පාර්ශ්ව උද්ඝෝෂණය කරමින් කියා සිටින්නේ ‘800’ චිත්‍රපටය ප්‍රදර්ශනය වර්ජනය කළයුතු බවත්, ජනතාව මෙම චිත්‍රපටය නැරැඹීම නොකළ යුතු බවත්ය.
මෙම ආන්දෝලනාත්මක සිදුවීම් මත මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර, එහි මුල් කොටස ඉහත ලියා තැබුවෙමි. එහිදී ඔහු තවදුරටත් මෙසේ අවධාරණය කර සිටියි.
මම හැමවිටම සිංහල ජාතිය, දමිළ ජාතිය කියලා භේදයක් තියාගෙන කටයුතු කළේ නැහැ. එසේම ඊළාම් දෙමළ, කඳුකර දෙමළ කියලා වෙනසක් කළේත් නැහැ. මම 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ තානාපතිවරයකු ලෙසින් සිටියදී කොටි සංවිධානයේ පාලනය යටතේ තිබුණු උතුරේ ප්‍රදේශවල පාසල් දරුවන් සඳහා විශේෂ සහන වැඩපිළිවෙළක්ද ආරම්භ කළා. ඊළාම් දමිළ ජනතාව ඒ ගැන හොඳින් දන්නවා. මම ඊළාම් දමිළ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුබසාධනය සඳහා වැඩපිළිවෙළවල් කිහිපයක්ම සිදුකළ කෙනෙක්. මම එදා ඒ කරපු දේ ලෝකයට ශබ්දනඟා කියා කියා කළේ නැහැ. දමිළ ජනතාව හැමවිටම තමන්ගේ ස්වයං ගරුත්වයක් තබා ගැනීමට උත්සාහ කළ අයයි.’
මේ ආකාරයට ‘මුරලි’ බොහෝ සංවේදීව මෙම අදහස් ප්‍රකාශ කර ඇති නමුත්, මේ වන විටත් ඔහුට එරෙහි වන පාර්ශ්ව විසින් කිසිවක් ඒ ගැන ප්‍රකාශ නොකර, තම උද්ඝෝෂණයන් දිගින් දිගටම ගෙනයමින් සිටිති.
මේ අතර මුරලිදරන්ගේ චරිතය ‘800’ චිත්‍රපටය තුළින් රඟදක්වන ප්‍රකට දමිළ සිනමා රංගන ශිල්පී විජේ සේතුපති වෙතද මෙම පාර්ශ්ව තම විරෝධය ප්‍රකාශ කර ඇත. දමිළ ජාතියට ද්‍රෝහි වූ පුද්ගලයකුගේ චරිතය රඟ දැක්වූයේ යැයි සේතුපතිට දෝෂාරෝපණය කරන අතර, මින් ඉදිරියට චිත්‍රපටයේ කටයුතු සඳහා සහභාගි නොවන්නැයි තර්ජනය කර ඇත. දමිළ සිනමාවේ අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනකුද සේතුපතිට ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියට චිත්‍රපටයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තකට සහභාගි නොවන ලෙසය. මෙම පාර්ශ්ව කෙසේ උද්ඝෝෂණය කළද විජේ සේතුපති ප්‍රකාශ කර ඇත්තේ, මුත්තයියා මුරලිදරන් වැනි ලෝකප්‍රකට වාර්තාගත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ චරිතය තමන්ට රඟදැක්වීමට ලැබීම මහත් ගෞරවයක් සහ ආඩම්බරයක් බැව්ය. පසුගිය වසරේදී මෙම චිත්‍රපටය රූගත කිරීම් සිදුකිරීමට ප්‍රථම මුරලි පන්දු යවන ආකාරය ගැන සේතුපතිට පුහුණු කිරීම්ද සිදුකරනු ලැබුවේය. දැනට ආරංචි වන ලෙස සේතුපති විසින් මුරලිගේ චරිතය අතිශය තාත්විකව රඟ දක්වා ඇත.
මෙම ආන්දෝලනාත්මක ‘800’ චිත්‍රපටයට එලෙස නම් තබා ඇත්තේ මුරලිදරන් විසින් ටෙස්ට් කඩුලු 800ක් ලබාගෙන ලෝක වාර්තාවක් තබා තිබීම සනිටුහන් කිරීම උදෙසාය. ඔහු එයට අමතරවද තවත් ක්‍රිකට් ලෝක වාර්තා 7ක් පමණ තබා ඇත. සැබෑ ලෙසම මුත්තයියා මුරලිදරන් යනු ක්‍රිකට් ලෝකයේ මහා පුරාවෘත්තයක් වෙයි. ඔහුගේ කතාන්දර දවසකින්, දෙකකින් කිව හැකි ඒවා නොවේ. ‘මුරලි’ මේ වන විට 48 වැනි වියෙහි පසුවන අතර, ඔහු 2005 වසරේදී විවාහ වුණේ දකුණු ඉන්දියානු තරුණියක වූ මදිමලර් රාමමුර්ති සමඟය. ඇය ඉතාමත්ම සුරූපී තරුණියක් වූ අතර, ඇගේ මවුපියන් ඉන්දියාවේ වෛiවරුන් දෙදෙනෙකි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි සමයේදී සිටම මුරලිදරන් එම දේශපාලනික පාර්ශ්වය සඳහා සහාය දැක්වූයේය. එසේම ඔහු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙතද සුහදත්වය පළකරන කෙනෙකි. මේ හෙයින් ඉන්දියාවේ අන්තවාදී ඊළාම් පාර්ශ්වවලට මුරලිදරන් යනු ‘වහකදුරු’ හා සමානය. මෙම අරගලය ඇතිවී තිබෙන්නේද ඒ හෙයිනි.
මෙම අර්බුදය මැද දැන් ඉදිරියට සිදුවන්නට යන්නේ කුමක්ද? දැන් ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය නම් මෙම ‘800’ චිත්‍රපටය පෙන්වීම එහි නිෂ්පාදකයන් විසින් කල්දමා ඇත. ඒ අතරම එහි නිෂ්පාදකයන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත්තේ, මෙම සිනමා නිර්මාණය කිසිදු ආකාරයක දේශපාලනික වටාපිටාවක් ඇති එකක් නොවන බවත්ය. එසේම මෙම නිර්මාණය ක්‍රීඩා ලෝකය තේමා කරගත් සත්‍ය වෘත්තාන්තයක් පමණක් බවත් එම නිෂ්පාදකයන් අවධාරණය කර ඇත. කෙසේ හෝ මේ වන විට මෙම ‘800’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ එම්. එස්. ශ්‍රීපති විසින් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
මුරලිදරන්ගේ චරිතය රඟපාන ඉතා ප්‍රකට නළු විජේ සේතුපති මේ වන විට 42 වැනි වියෙහි පසුවෙයි. ඔහු ප්‍රධාන ‘ෆිල්ම්ෆෙයාර්’ සම්මාන දෙකක් සහ තවත් විවිධ සම්මාන කිහිපයක්ම හිමිකරගෙන ඇති දක්‍ෂ රංගන ශිල්පියෙකි. ඔහුට පසු කාලයකදී තමිල්නාඩු රාජ්‍ය චිත්‍රපට සම්මානයද හිමිවිය. තත්ත්වය කෙසේ වෙතත් ඉන්දියාව යනු දැඩි අන්තවාදීන්ගේ සහ අමනෝඥ මිනිසුන්ගේ මහා තෝතැන්නකි. ඒ හෙයින් ඉදිරියේදී ‘800’ට යන කලදසාව කුමක්දැයි දැනට සිතිය නොහැකිය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

චීනෙට හෙනහුරා ලබයි

Next Post

ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට එකේ ඉඳන් ගෙනා සංශෝධන 20 මෙන්න

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

Load More
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී පාසල්...

Read more
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.