• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය සමග ගනුදෙනු = මරුවා සමග වාසේ

June 14, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
චීනය සමග ගනුදෙනු = මරුවා සමග වාසේ

BEIJING, CHINA - DECEMBER 23: China's President Xi Jinping talks to Japan's Prime Minister Shinzo Abe, (not pictured) during a meeting at the Great Hall of the People on December 23, 2019 in Beijing, China. (Photo by Noel Celis - Pool/ Getty Images)

Share on WhatsAppShare on Facebook

මිනිසුන් ලක්‍ෂ ගණනාවක් බිලි ගෙන තවමත් පැතිරෙන මාරාන්තික වසංගතය හැඳින්විය යුත්තේ කොරෝනා වෛරසය ලෙසින් නොව චීන වෛරසය ලෙසින් යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවඥාවෙන් කියයි. එසේ කිවයුත්තේ වෛරසය චීනයෙන් බෝ වී පැතිරෙන්නට පටන් ගත් නිසා යැයිද ට්‍රම්ප් කියයි.

ජගත් සමාජයට විශාල හානි පැමිණවූ විනාශකාරී වෛරස් රෝග ගණනාවක්ම බිහි කළ බවට චීනය ඉතිහාස ගත වන බව බොහෝ දෙනකුගේ මතයයි. යුරෝපීය ජනගහනයෙන් සියයට පනහටත් (50%), හැටටත් (60%) අතර සංඛ්‍යාවක් වර්ෂ එක් දහස් තුන් සිය හතළිස් හතේ (1347) සිට එක දහස් තුන්සිය පනහ (1350) දක්වා තුන් අවුරුදු කාලය තුළ පරලොව යැවු කළු මරණය නමැති චීන වෛරසය ගැන යුරෝපීයයෝ තවමත් කතා කරති.
සෑම දස වසරකට වරක්ම යළි යළි බෝවී පැතිරුණු කළු මරණය නැවතුණේ දහනම (19) වැනි සියවසේදී බැක්ටීරීයා නාශකයක් සොයා ගැනීමෙන් පසුවය.
චීනයේ ජියැන්සි සහ සෙජියෑං යන ප්‍රදේශවල ඇති වූ සාගතයකින් අනතුරුව එක් දහස් තුන්සිය තිහේ (1330) දී බෝවුණු වසංගතයක් පසුව බෙයිජිං,හුබෙයි, හුනාන් ග්වැග්fදාං ග්වැංසි, හෙනන් සහ සුයියුවාන් යන පළාත් දක්වාම පැතිර ගියේය. ඒ අවදිය චීනය සේද මාවත ඔස්සේ යුරෝපය සමග වෙළෙඳ ගනුදෙනු කළ යුගයයි. ඒ නිසා වෙළෙඳාම සමග චීනයේ වසංගතයද යුරෝපයට ගියේය.
වර්තමානයේ ෆෙඩෝසියාව නමින් හැඳින්වෙන ක්‍රිමියන් අර්ධද්විපයේ වරායට ජානි බෙග් නමැති රජතුමා කළු මරණය නමැති වසංගතය ආසාදිත වී මිය ගිය සොල්දාදුවන්ගේ මළ සිරුරු දමා වසංගතය නාවුකයන් මගින් ඉතාලියටද පතුරුවා හැරියේය. අනතුරුව වසංගතය යුරෝපය දක්වාම පැතිර ගියේය.
වසංගතයේ දෙවැනි පියවර එක් දහස් අට සිය පනස් පහේ (1855) දී චීනයේ යූනාන් පළාතෙන් ඇරඹී නැව් මාර්ග ඔස්සේ හොංකොං, ඉන්දියාව සහ එක්සත් ජනපදයටද පැතිරිණි. වසංගතයෙන් චීනයේ විසිලක්‍ෂයක්ද (20,00,000) ඉන්දියාවේ කෝටියක්ද (1,00,00,000) යන පරිදි මිනිස්සු එක් කෝටි විසිලක්‍ෂයක් (1,20,00,000) ඊට බිලි වූහ. චීනයේ ගුයිහූ පළාතෙන් එක් දහස් නමසිය පනස් හතේ (1957) ජනවාරි මාසයේ බෝවූ ආසියානු උණ වසංගතය ඇමෙරිකාව සහ ලෝකයේ රටවල් ගණනාවක පැතිරී විසි ලක්‍ෂයකට (20,00,000) වැඩි පිරිසක් මියගියෝය.
හොංකොංවලින් එක් දහස් නමසිය හැට අටේ (1968) දී වෛරසයක් බෝවී හොංකොං උණ, ලෙසින් ව්‍යාප්ත වූ මාරාන්තික වසංගතය මාස කීපයකින් ලෝකය පුරා පැතිරී ලක්‍ෂ දහයක් (10,00,000) පමණ දෙනා මිය ගියහ. ඉන් අඩක්ම (50,00,000) හොංකොං වැසියෝය.
චීනෙන් දෙදහස් නමයේ (2009) ලෝකය පුරා පැතිර ගිය ඌරු උණෙන්, හය කෝටි දසලක්‍ෂක් (6,10,00,000) දෙනා ආසාදිතයෝ වූහ. ඉන් හයලක්‍ෂයක් (6,00,000) මිය ගියහ.
චීනයේ ග්වැග්fදාං පළාතෙන් දෙදහස් තුනේදී (2003) පැතුරුණු සාස් වෛරසයෙන් ලක්‍ෂ ගණනාවක් මිය ගියහ. දැන් චීනයේ වුහාන් නගරයෙන් මතු වූ කොවිඞ්-19 ගණන් පදං නැතුව ලෝකය පුරා මානව ප්‍රජාව බිලි ගනිමින් තව තවත් පැතිරෙයි. කොරෝනා වසංගතය මිනිස් බිලිවලින් නොසෑහී ලෝකයේ සමස්ත ආර්ථිකයද ගිලගනිමින් සිටියි. සමස්ත ලෝක ප්‍රජාවම දිවා රෑ නොබලා කොරා්නා මාරයා සමග සටනේය.
“සෑම වෛරසයක්ම, රෝගයක්ම, වසංගතයක්ම චීනෙන්ම බෝවෙන්නේ ඇයි? ඉන්දියාව වැනි රටවල එසේ නැත්තේ ඇයිද?” යන්න සමස්ත ලෝක ප්‍රජාවගේම, බුද්ධිමතුන්ගේද ප්‍රශ්නය වී තිබේ. දැන් විදා්‍යාඥයෝ මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්නාහ. එහෙත් අවාසනාව නම් මේ පිරිස් තවමත් අඳුරේ අතපත ගානවා මිස ඊට හේතු කාරක වන ප්‍රශ්නයේ ආරම්භය, මුල සොයා පරීක්‍ෂණ නොපැවැත්වීමයි. එහෙත් මේ වනවිට පැහැදිලිවම ප්‍රත්‍යක්‍ෂ වී ඇති කරුණ නම් වසංගතවලට මූලික හේතුව සත්ව මාංශවලට චීන්නුන්ගේ තියෙන පෙරේතකමය. වවුලන්, සර්පයන්, කබල්ලෑවන් වැනි සතුන්ගේ මාංශ භක්‍ෂණයට ඇති කෑදරකමය. වන සත්ව මාංශ වෙනත් මාංශ වර්ග සමග එකට විකිණීම නිසා සාස් සහ කොවිඞ්-19 වසංගත පැතිර තිබේ. මාංශ වෙළෙඳාම උදෙසා වනසත්ව ගොවිපොළවල් දිළිඳු ගැමි ජනතාවගේ ආර්ථිකව වර්ධනය කිරීම උදෙසා එක් දහස් නමසිය හත්තෑ ගණන්වලදී (1970) සියාවෝ පිං විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයකි. මේ වන විට මාංශ සඳහා වනසතුන් ඇතිකිරීමේ කර්මාන්තය හිණිපෙත්තටම නැග චීන දෛනික පැවැත්මේ කොටසක් බවට පත්ව තිබේ. එච්.අයි.වී. ඒඞ්ස් ඉබෝලා කුරුලු උණ ඌරු උණ වැනි අතිශය භයානක වසංගත වනසත්ව මාංශ භක්‍ෂණයෙන් හට ගන්නා බව පහැදිලි වී ඇත.
වර්තමානයේ දී චීනය වාණිජ රටක් වශයෙන් ඉස්මතු වී ලෝකය පුරා භාණ්ඩ අලෙවි කිරීමෙන් චීනයේ බෝවෙන දේශීය වසංගත රෝග ලෝකය පුරාම පැතිරයන්නට පටන් ගෙන තිබේ. ඒ සඳහා හොඳම සහ ආසන්නතම සාධකය ලක්‍ෂ සංඛ්‍යාත ජනීජනයා ඝාතනය කෙරෙමින් ආර්ථිකය බිංදුවටම හින්දමින් ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඞ්-19 වසංගතයයි.
කොරෝනා වැනි තවත් වෛරසයක් චීනෙන් ප්‍රසූත කෙරෙන්නට ඇඹරෙන දඟලන බවට සමාජ මාධ්‍ය මගින් මේ වන විට අසන්නට ලැබෙමින් තිබේ.
සමස්ත ලෝකවාසී ජනතාව සිහිබුද්ධියෙන් කල්පනා කළ යුතු කාලය එළඹ තිබේ. සමස්ත ලෝක ප්‍රජාවම පෙළ ගැසිය යුතු අවස්ථාව උදාවී තිබේ. චීනය සමස්ත ලෝකවාසීන්ම අවදානම් තත්ත්වයට පත්කරද්දී, මරණයෙ fදාරටුවට තල්ලු කරද්දී තවත් මුනිවත රකිමින් බකන් නිලාගෙන බඩ උලාගෙන සිටිය යුත්තේ දැයි අපි අපෙන්ම අසා ගත යුත්තෙමු.
ඉතිහාසය අපට ඔළුවට ටොකු ඇන ඇන පැහැදිලිවම උගන්වා ඇත්තේ චීනය සමග ගනුදෙනු සහ සම්බන්ධතා යනු මානව සංහතියේ ගෙල මිරිකා දැමීමේ පාඩම බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.
ලෝකවාසීනි, චීනය සමග තවත් ගනුදෙනු කළ යුත්තේ දැයි යන්න ගැන අප දෙවරක් කල්පනා කළ යුතුව තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජපානය ආණ්ඩුවෙන් ප්‍රශ්න 2ක් අහයි: කේබල් ව්‍යාපෘතිය නවත්වයි

Next Post

චන්ද්‍රිකාට 75යි: මෙන්න අලුත්ම වැඩේ

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.