• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය බේරෙන්න ගහන WOLF WARRIOR

August 31, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
චීනය බේරෙන්න ගහන WOLF WARRIOR
Share on WhatsAppShare on Facebook

චීනයේ වුහාන් නගරයෙන් කොරෝනා නැතහොත් කොවිඞ් 19 වෛරසය ඇතිවී එරට රජයේ නොසැලකිල්ලෙන් සහ කුහකකමෙන් පැතිරී මුළු ලෝකයේ ජනගහනයේ ලක්‍ෂ සංඛ්‍යත ගණනාවක් මියෑදෙමින් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ආසාදිතයන් වී තවත් පැතිරෙමින් යයි.
මේ සියල්ලට වරදකරු චීනය බව ජාත්‍යන්තරය විසින් අතැඹුලක් සේ අවබෝධ කර ගනු ලැබූ බැවින් කොරා්නා විශ්ව වංසගත මාරයා “වුහාන් වෛරසය” නමින් හංවඩු ගසනු ලැබීම චීනයට ඌරු ජුවල් නැංවීමකි. ජාත්‍යන්තරයේ පවත්නා මේ හංවඩුව මකා ගැනීමේ මං සොයන එරට රජය ඒ සඳහා මෙහෙයුම් ගණනාවක් වෙනුවෙන් වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ. එම කාර්ය පැවරී ඇත්තේ විදේශවල ස්ථාපිත චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට හෙවත් තානාපතිවරුන්ටය. ව්‍යාපෘතිය වුල්ෆ් වෝරියර් wolf warrior ලෙසින් නම් කරනු ලැබ ඇත.
හංවඩු මැකිමේ එක් මෙහෙයුමක් චීන කීර්ති නාමය අත්තුක්කංසනයයි (උස්සා තැබීමයි). එම න්‍යායේම අනිත් කොටස අංශ ගණනාවකින් යුක්තය. ජාතීන් අතර අවලාද තැබීම, බොරු ප්‍රවෘත්ති පැතිරවීම, කුමන්ත්‍රණකාරී සිද්ධාන්ත සමාජ ගතකිරීම යන කරුණු ඉන් ප්‍රධාන වේ. මේ න්‍යාය පත්‍රය වැඩිලෙසින් අවධාරණය කෙරී ඇත්තේ ඉන්දු පැසිපික් කලාපබද චීනයේ අසල්වැසි රටවල් කෙරෙහිය. කාලයක් තිස්සේ මේ රටවලට චීනයෙන් ආර්ථික වශයෙන් කුමන්ත්‍රණකාරී සන්ධාන, විවිධ අන්දමේ යටිකූට්ටු උප්පරවැට්ටි, වෙළෙඳපොළ ආක්‍රමණ වැනි ප්‍රයෝගවලින් හිරිහැර ඇතිවී තිබිණි. වුහාන් වෛරසයේ යථාර්ථය වැටහීමේන් පසු මේ රටවල් දැන් සිය අවශ්‍යතා වෙනුවෙන් හඬ නඟන්නට පටන් ගෙන ඇත.
පසුගිය වසරේ ඕස්ටේ්‍රලියාවේ බලයට පත් අගමැති ස්කොට් මොරිසන්ගේ ආණ්ඩුව දකුණු පැසිපික් කලාපයේ කැන්බරාවල චීන බලපෑම වර්ධනය වන අන්දම දෙස බලා සිටියේය. ඕස්ටේ්‍රලියාව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ චීනය සමග ඉතා සමෘද්ධිමත් වෙළෙඳ සම්බන්ධතාවක් පවත්වාගෙන ආ බවද කල්පනා කෙළේය. ඒ නිසා ගොඩින්ම ජාම බේරා ගැනීම සඳහා ඕස්ටේ්‍රලියානු අගමැතිවරයා සිය රටේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු චීනයට පැවරුවේය.
මේ අතරතුරේ පසුගිය ජූලි පළමුවැනිදා (2020.08.01) සිට කැන්බරාව සිය සන්නද්ධ ශක්තිය වර්ධනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අසූ හතක් හෙවත් කෝටි දහඅට දහස් හත් සියයක් (1,87,00,00,00,000) වෙන් කෙළේය. එසේම ඕස්ටේ්‍රලියාවේ ආරක්‍ෂක බළකායන් ආපේක්‍ෂා කර ඇත්තේ දිග දුර විහිදුම් නෞකා නාශක ප්‍රති විරෝධී මිසයිල් පදධතියක් සහ හයිපර්සොනික් අවි සපයා ගැනීමටය. මේ කරුණු අනුව ඉඟි කෙරෙන්නේ ඉන්දු – පැසිපික් කලාපයේ ආරක්‍ෂාව දුර්වලවෙමින් පවත්නා බැවින් ඕස්ටේ්‍රලියාව තම ආරක්‍ෂක ක්‍රමවේද ගැන වෙනසකට අවතීර්ණය වී ඇති බවයි. ඉන් නොනවතින ඕස්ටේ්‍රලියාව තම හිතැතියන් සමග සන්ධාන ගතවීමටද සැලසුම් කර ඇත. ඕස්ටේ්‍රලියනු අගමැති මොරිසන් පසුගිය ජූලි නව වැනිදා (9) ජපන් අගමැති ෂින්සෝ අබේ සමග දෙරටෙහි හමුදාවන්හි යුද අභ්‍යාස සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් එකඟත්වයකටද පැමිණියේය. එපමණක් නොව දෙරට අගමැතිවරුන් දෙදෙනා චීනා කුප්පවන අන්දමේ හිනික්කුවක්ද කළහ.
චීනය සලකන්නේ තායිවානය තමන්ගේ ද්‍රෝහියකු පරිද්දෙනි. මේ දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමටද අර අඳියි. මේ කාර්යයේදී චීනය නිරීක්‍ෂණය කරන්නකු වශයෙන් තායිවානය පත්කිරීමට අගමැති මොරිසන් සහ අගමැති ෂින්ෂෝ අබේ එකඟත්වය පළකර ඇත්තාහ.
ජපන් ඕස්ටේ්‍රලියා සමුළුවට පසුව පසුගිය ජූලි හත් වැනිදා (7) පැවති ත්‍රිත්ව ආරක්‍ෂක අමාත්‍යවරුන්ගේ සම්මන්ත්‍රණයේදී ජපන් ආරක්‍ෂක ඇමති ටාරෝ එක්සත් ජනපද ආරක්‍ෂක ලේකම් ඕස්ටේ්‍රලියානු ආරක්‍ෂක ඇමති ලින්ඩා රෙනෝල්ඞ් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී ඔවුන් සාකච්ඡාවේ එක් ප්‍රස්තූතයක් ලෙෂ ගෙන ඇත්තේ වීනය මුහුදු තීරයේ ආරක්‍ෂක භටයන් ලෙස සන්නද්ධ කණ්ඩායම් යොදවා වෙනත් රටවල නාවුක යාත්‍රාවලට හිරිහැර ලෙස කටයුතු කරන බවය.
ගතවූ වර්ෂ ගණනාවක සිට චීනය මේ අන්දමේ සන්නද්ධ කණ්ඩායම් බල ගන්වා කලාපයේ වෙනත් රටවලට හිරිහැර කරන බවද සාකච්ඡාවට බඳුන් කෙරී ඇත. මේ වර්ෂයේ (2020) පෙබරවාරි මාසයේදී චීනය මේ උපක්‍රමය යොදවා ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ආර්ථික කලාපයට කඩා වැදී තිබේ.
කෙසේ වෙතත් වුහාන් වෛරසය චීනය අවට අසල්වැසි රටවල කතාබහට ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. පෙරදී බි්‍රතාන්‍ය පාලනයට යටත්ව පැවති හොංකොං පුරයේ ආරක්‍ෂක නීති පද්ධතිය චීනය විසින් හිතුවක්කාර අන්දමින් සකස් කරනු ලැබීම ගැන පසැස් හෙවත් පංච අක්‍ෂි වශයෙන් බැඳුණු රටවල් හොංකොං පුරය ස්වාධිනව පැවැතිය යුතු බවට බලපෑම් කරයි. පංච අක්‍ෂි (පසැස්) ලෙස සන්ධානගත වූ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව සහ කැනඩාව හොංකොවල ස්වාධිනත්වය නෙුවෙන් කටයුතු කිරීමට ඉදිරිපත්ව ඇත. ඒ අතරින් කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව හොංකොං සමග ඇති තම බැදීම් අලුත් කරන බව නිවේදනය කර ඇත. ඒ හාම එක්සත් රාජධාරිනිය හොංකොං වැසියන්ට තම රටෙහි පුරවැසි භාවය දෙන බව ප්‍රකාශ කර ඇත. පංච අක්‍ෂි සන්ධානයේ නවතම සමාජිකයා වන ස්විස්ටර්ලන්තයද හොංකොං වැසියන්ට විශාල අනුග්‍රහයක් දීමටද ඉදිරිපත් වී ඇත.
වුහාන් වෛරස් නමැති හංවඩුව වැදීමෙන් ප්‍රකෝපකාරී මානසික මට්ටමකට ඇද වැටුණු චීනයට එරෙහිව අත්වැල් බැඳ ගනු ලැබ ඇත්තේ චීනයේ අසල්වැසි රටවල් පමණක් නො වේ. යුරෝපීය රටවල්ද චිනයට එරෙහිව පෙළ ගැසෙමින් ඇත. යුරෝපීය රටවල් දහසය පාර්ලිමේන්තුද (16)යුරෝපා සංගමයද චීනයට එරෙහි අන්තර් පාර්ලිමේන්තු සන්ධානය නමින් සන්ධාන ගතව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් චීනය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කවර ආකාරයෙන්දැයි යන්න එම සන්ධානය සිය ගමන් මග පිළිබඳව විස්තර කර ඇත. හොංකොං වැසියන්ගේ නිදහස සීමා කෙරෙන ආරක්‍ෂක නීති පැනවීම සම්බන්ධයෙන් චීනය වරදකරු කෙරෙන ප්‍රකාශයක් නිකුත්කිරීම සම්බන්ධයෙන් රටවල් පෙළඹවීමේ ව්‍යාපාරයක්ද අන්තර් පාර්ලිමේන්තු සන්ධානයෙන් පසුගියදා දියත් කර ඇත.
මෙවන් ක්‍රියාමාර්ග නිසා චීනයේ තාක්‍ෂණික සමාගම්වලට නරක දසාවක් උදාවි තිබේ. චීනයේ නිෂ්පාදනය කෙරෙන ඇප් වර්ග පනහක් ආනයනය කිරීම තහනම් කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් එක්සත් ජනපදයද ඒ හා සමාන ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙළඹී තිබේ. මේ හැරෙන්නට ඇමරිකාව සහ වහා බි්‍රතාන්‍යයද චීන හුවාවේ නෙට්වර්ක්වලින් ඉවත්වීමට තීරණය කර ඇති අතර ප්‍රංශයද සිය ටෙලිකොම්වලින් හුවාවේවලින් මිදීමට යයි.
කොවිඞ් වසංගතය නිර්මාණය කළ වින්නැහියෙන් පීඩාවට පත් රටවල් ඊට වගකිව යුතු චීනයට එරෙහිව පෙළ ගැසෙද්දී ඊට වගේ වගක් නැති චීනය ඉන්දියාවේ. ලාඩක් දක්‍ෂිණ චීන මුහුද හොංකොං කෙරෙහි වෙනත් මාර්යක ගමන් කරයි.
ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පවසන්නේ චීනය ලෝකයේ භයානකම සන්නද්ධ ආරාවුල්කාරයා බවය. තමන් කරන වැරදි නිfදාස් කර නොගන්නේ නම් ජාත්‍යන්තරය සුනාමියක් සේ චීනයට එරෙහිව නැගී ඒම නොවැළැක්විය හැකි යැයිද කියති.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රහස් පොලිසිය ‘කස්ටම්’ එකට පනී: ලොක්කො 5ක් ගැන විමර්ශන අරඹයි

Next Post

අමෙරිකානු රජයෙන් ගෝඨාට ඇමතුමක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.