අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේදී රේගුවේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීන් අයථා ලෙස මුදල් උපයාගෙන ඇතැයි කියන රේගුවේ ඉහළ පෙළේ නිලධාරීන් පස්දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව පැවසේ
මෙම නිලධාරීන් පස්දෙනා සම්බන්ධ සියලු ලිපිගොනු මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලබා දී ඇති බවද දැනගන්නට ඇත.