අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකථනයෙන් සාකච්ජාවක නිරත වී ඇත.
එස්පර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම් දී තිබේ.
COVID-19 වසංගතය සාර්ථකව හසුරුවා ගැනීම සහ මෑතකදී පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳව එහිදී අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාට සුබ පතුම් එක් කොට ඇත.
සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ හවුල් කැපවීම පිළිබඳව නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවද අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීකරණය, මිලිටරි වෘත්තීයකරණය, ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියා කිරීම සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කොට තිබේ.