• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය නීතිය නවයි: 7500ක් හිරේ දමයි

July 26, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
චීනය නීතිය නවයි: 7500ක් හිරේ දමයි
Share on WhatsAppShare on Facebook

චීනය මානව හිමිකම් දකින්නේ ව්‍යාප්තික(පැතිරෙන) තර්ජනයක් ලෙසින් යැයි ද එමගින් චීනයේ බෙයිජිං සහ හොංකොං අතර පවත්නා සබඳතා විස්තර කෙරෙන මුලික නීති මාලාවට පහර වැදීම නොවැළැක්විය හැකි යැයි ද මානව හිමිකම් සංවිධානයක් වන හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානය කියයි. .මේ නිසා මාධ්‍ය නිදහස භාෂක(කථන-කතා කිරීමේ)නිදහස පෞද්ගලිකත්වය සහ සමානාත්මතාවය ආදී සාමාන්‍ය ජනතාව භුක්ති විඳින අයිතීන් දෙස චීන කෝ‍යුනිස්ට් ආණ්ඩුව බලන්නේ සැකෙන් බියෙන් යුතුවය.මේ භීතිය සහ සැකය මහජනතාවට කිසියම් අන්දමක බලපෑමක් ඇතිකරන්නට ද බැරි නැත.චීනය විසින් බලයෙන් යටත් කරගනු ලැබ ඇති ටිබැටයේ සින්ජිඈං,යූනන්සහ වෙනත් ප්‍රදේශවල බෙදුම්වාදී සංවිධානවලට විශාල බලයක් දෙමින් තම අවශ්‍යතා වක්‍ර මාර්ගයෙන් සපුරාගනී.
චීනය සියලු අංශ දුබලතත්වයකට පත්කර මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ආයතනවලට පවා තමන්ගේ (චීන)කටයුතුවලට බලපෑමක් කළ නො හැකි තත්වයට පත්විමට ක්‍රියා කරන බව හ්‍යුමන් රයිට්ස් වොච් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ කෙනෙත් රොත් කීය.

රටින් පැන ගිය අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා චීනය පසුගිය වසරේ ක්‍රියාත්මක කිරීමට ගිය නීතිය අපේක්‍ෂා කළ අන්දමින් ක්‍රියාත්මක කර ගැනීමට අපොහොසත්වීමෙන් පසුව දැන් තවත් ආරක්‍ෂක නීතියක් ක්‍රියාත්මකිරීමට අර අඳියි. මෙමගින් හොංකොංහි ජීවත්වන පිරිසට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි නොවෙතත් චීනයේ (බෙයිජිං) කෙරෙන කට යුතු ගැන කතා නොකර නිහඬව සිටීමට සිදුවේ.තම ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් වෙනුවෙන් තමන්ට මින්පසු කිසිම හඬක් නැගිය නො හැකි බවත් එය දෙදහස් හතළිස් හත(2047)දක්වා වසර පනහකට වලංගුවන පරිදි අත්සන් කළ සිනො-බි්‍රටිෂ් සිය ඒකාබද්ධ ප්‍රකාශයට පවා එරෙහි බවත් හොංකොං වැසියෝ කල්පනා කරති. එ පමණක් නොව තමන් සම්පූරණයෙන්ම චීනයේ අණසකට යටත් වන බව ද ඔවුහු කියති. මේ ප්‍රකාශය අත්සන් කළ එක් දහස් නමසිය අනූ හතේ (1997) දී චීන ජනාධිපතිව සිටි ජිඈං සේමින්පැ වසුවේ චීනය එක රටයි පාලන දෙකයි ලෙසිනි. එහෙත් චීනා ගේ මේ කතාව ලෝකයා තුට්ටුවකට මායිම් කළේ නැත. ජාත්‍යන්තරයේ ආකල්පය ඇත්ත වශයෙන්ම නිවැරදි විය. එම ප්‍රකාශය අත්සන් තබා හරියටම වසර හයකට(6) පසුව එනම් දෙදහස් තුනේ දී(2003) ප්‍රකාශයේ මූලික නීතියට පළමු මුෂ්ටි ප්‍රහාරය චීනය එල්ල කළේය.

කුඩා ව්‍යවස්ථාවක්බ ඳු මූලික නීතියේ විසි තුන් වැනි වගන්තියේ සඳහන් වන්නේ ප්‍රාන්තයට(හොංකොං)තමන්ට අභිමත පරිදි පාලන කටයුතු පවත්වා ගෙන යා හැකි බවය. එහෙත් චීනය මේ වගන්ති සියල්ල කඩ කර තමන්ට අභිමත අන්දමට නීති සැකසුවේය.චීන ජනාධිපති ජිඈංසේමින් ගේ “වන් කන්ට්‍රි ටූ සිස්ටම්” වළපල්ලට ගියේය. ජාත්‍යන්තර නීතිරීති ගිවිසුම් කඩා බිඳ දැමීම චීන අධිරාජ්‍යවාදී සැලැස්මේ කොටසකි. චිනෙන් ආරම්භ වූ කොවිඞ් 19-වෛරසය පිළිබඳ නිවැරදි තොරතුරු නිසි කලට වේලාවට ජාත්‍යන්තරයට ඉදිරිපත් නොකර වසංකළේ අන්න ඒ අන්දමේ ජාත්‍යන්තර නීති රීති උල්ලඝණය කිරීමක්වශයෙනි. චීන ණය උගුලද ලෝකයම තමන් නතු කර ගැනීමේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ කොටසකි. ජනාධිපති සි ජිංපිං හොංකොං ගිවිසුම උඩු යටිකුරු කරන විට ජාත්‍යන්තරයෙන් නැගුණු විවේචන ගැන ඔහු තුට්ටුවකට ගණන් ගත්තේ ද නැත.

ජර්මන් චාන්සලර් ඇන්ජලා මාර්කෙල් දෙදහස් දාසයේ (2016) දී චීන නිල සංචාරයේ දී චීන ප්‍රධානින් සමග හවුල්කාරත්වයේ මුලික ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරන විට වැඩියෙන් අදහස් දැක් වූ කරුණක් වූයේ නීතියේ පාලනයයි. නීතියේ පාලනයේ හරය යනු නීතියට ඇති බලය මිස බලයට යටත් නීතිය නොවේය. ආසියානු අධ්‍යයනයන් පිළිබඳ යුරෝපීය ආයතනයේ පර්යේෂක ටිම් රුහ්ලිග් පැවසුවේ චීනය නීතිමය කරුණු පරිවර්ථනය කිරීමේ දී තමන්ට අවශ්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට ක්‍රමික ආක්‍රමණිකශීලී බවක් ක්‍රියාත්මක කරන බවයි. එය තමන්ට උවමනා දෙයක් කර ගැනීමේ ආයුධයක් කර ගැනීමකි.

නීතියේ මූලික ගූණාත්මක භාවය සැලකිල්ලට නොගන්නා වු ද නීතිමය ස්වභාවය නොසලකන්නාවූද අරුම නීතිමය චාරිත්‍රයක් චීනයේ තිබේ. එහි පවත්නා වැනෙන සුලු ස්වභාවය නිසා ඕනෑම අන්දමකට අර්ථකතනය කළ හැකි යැයි ඩිම් රුහ්ලිග් විසින් ලියන ලද ‘හවු චයිනා ඇප්ප්‍රෝවස් ඉන්ටර්නෑෂනල් ලෝ’ යන කෘතියේ දක්වා තිබේ. සිනො බි්‍රටිෂ් ඒකාබද්ධ ප්‍රකාශනයේ බැඳීම් අනුව විසීමේ තවත් සහේතුක භීතිකාවක් ද තිබේ.ඒ එක් දහස් නමසිය අසූ නමයේ (1989)දී තිනාන්මෙන් චතුරස්‍රයේ පැවති සිසුන් ගේ විරෝධතා උද්ඝෝෂණය පිළිබඳ අවාසනාවේ සිහිවටනයයි. සිසුන්ගේ එම උද්ඝෝෂණය අසාර්ථක විය. සිසුනට නැවත කිසි දිනෙක හිස එසවිය නො හැකි අන්දමින් සියලුම සංවිධානාත්මක ව්‍යාපාර තහනම් කෙරිණි. අනෙක් අතට චිනයේ මධ්‍යම පංතියක් ද නැත. මධ්‍යම පංතියක් නැති නිසා විප්ලවකාරී පිබිදීමක් ද නැත. මධ්‍යම පංතිය යනු විප්ලවයේ මෙහෙයුම් බලවේගයයි. යම් හෙයකින් මධ්‍යම පාංතික මෙහෙයුම් බලවේගයක් තිබුණේ නම් එක් දහස් නමසිය අසූ නමයේ(1989) ශිෂ්‍ය පිබිදීමේ ප්‍රථිපල බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිණි.

චීනය (බෙයිජිං) මේ වන විට ඉදිරිය දකින්නේ ශුභවාදි අන්දමට නොවේ. තිනාන්මෙන් චතුරස්‍රයේ උද්ඝෝෂණයට සහභාගි වූවේ සිසුන් පමණි. එහෙත් මෙවර ඒ අන්දමේ විරෝධයක් ඇති වුවහොත් එය සිසුනට පමණක් සිමා නොවන බව බලධාරීහු ඉර හඳ මෙන් පැහැදිලිව දනිති. සෑම තරාතිරකම සෑම මට්ටමකම මහා ජන ගංගාවක් කඩා වැදී ලැව් ගින්නක් මෙන් පැතිර යන බව ඉවෙන් දැන ගෙන තිබේ.

ප්‍රජා නිදහස ඉල්ලා චීන බලධාරීන්ට එරෙහිව උද්ඝෝෂණය කළ හොංකොං වැසියන් හත් දහස් පන්සියයකට (7,500) වැඩි පිරිසක් පසු ගිය දා අත් අඩගුවට ගනු ලැබූහ. දිස්ත්‍රික් කවුන්සලර් චෙං ලයි කිං දැවැන්ත මාධ්‍ය ව්‍යපාරික ජිමී ලායි දේශපාලන ක්‍රියාකාරීන් වන යියුං සුම්, ලී චුක් යෑන් යන බලවන්තයෝද අත් අඩංගුවට පත් වූවන් අතර වෙති. මේ වන විට මානව හිමිකම් සවිධානවල දැවැන්තයන් අසූ හය දෙනකු (86) ගෙන් සමන්විත කණ්ඩායමක් ජාතික ආරක්‍ෂක නීතිය හොංකොංවලින් ඉවත් කර ගන්නා ලෙසට චීනයට බල කරති. මේ කණ්ඩායමට ඇමනෙස්ටි ඉන්රේනෑෂනල්, හ්‍යුමන් රයිට්ස් වොච් සහ ෆ්‍රීඩම් හවුස් යන සංවිධාන ද අයත්ය.

මෙම කණ්ඩායම එක හඬින් කියන්නේ එම නීතිය දහම් ගැටයක් (ලෝකයට සාධාරණ ලෙස පෙන්වා) ලෙසින් මහජනයාගේ ගෙල හිර කරන බවය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ලංකාවේ ජන්දයෙන් ‘ෆේස්බුක්’ සල්ලි ගහ හොල්ලයි

Next Post

යළි හම්බන්තොටට ආ සජිත්ව බලන්න පුදුම සෙනගක් එයි (PHOTOS & VIDEO)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.