හම්බන්තොට දිස්ත්‍රික් ජනහමු මාලාව අරඹමින් තිස්සමහාරාමයට පැමිණි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක බලා ගැනීමට ඊයේ (25) දිනයේදී පාක්ෂිකයන් විශාල පිරිසක් එක්රැස්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
මේ හේතුවෙන් සිය වාහනයෙන් බිමට බැස රැස්වීම් වේදිකාවට පැමිණීමට බොහෝ වේලාවක් ගත කිරීමට ප්‍රේමදාස මහතාට සිදු විය.
එහිදී රැස්වීම ආරම්භ කරමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන්ගේ වීරවිල නිවෙස තවමත් ඇති බවත්, තමන් මැරෙන තුරු එහි ජීවත් වන බවත්ය.
වෙනසට පෙළ ගැසුණු 69 ලක්ෂයක ජනතාවම අද ආණ්ඩුව විසින් රැවටීමකට ලක් කළ බව එහිදී සජිත් ප්‍රේමදාස මහතා කීය.
තමන් කොළඹ දිස්ත්‍රික්කයට ගියත් කිසිදිනෙක හම්බන්තොට ජනතාව අමතක නොකරන බවද ප්‍රේමදාස මහතා එහිදී කීය.













