• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනය ඉතාලියයි, ඉරානයයි හූරගෙනම කයි

April 25, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
චීනය ඉතාලියයි, ඉරානයයි හූරගෙනම කයි
Share on WhatsAppShare on Facebook

කොරෝනා නොහොත් ‘කොවිඞ් – 19’ ගෝලීය වසංගතය හේතුවෙන් අතිශය දරුණු තත්ත්වයකට පත්වී තිබෙන ප්‍රධානතම රටවල් දෙකක් වන ඉතාලිය සහ ඉරානය මේ වන විට මුහුණදී ඇති තවත් අර්බුදයක් හේතුවෙන් ‘කබලෙන් ළිපට වැටීමක්’ සිදුවී තිබෙයි. එනම් මෙම රටවල් දෙකම 2019 වසරේදී චීනය සමග ක්‍රියාත්මක කරන ලද ‘වන් බෙල්ට්, වන් රෝඞ්’ හෙවත් ‘එක් තීරයක්, එක මාවතක්’ නැමති සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ගිවිසුම් අස්සන් කරන ලද දේශයන් දෙකක් වෙයි. ඒ අනුව පසුගිය කාලයේ ඉතාලිය සහ ඉරානය තුළ සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් චීනය විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. දැන් සිදුවී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු මෙම රටවල් දෙකට කොරෝනා ව්‍යසනය මධ්‍යයේම අදාළ සංවර්ධන කටයුතු සඳහා චීනයට, මහා ධන සම්භාරයක් ගෙවන්නට සිදුවීමය.
2019 වසරේදී චීනය සමඟ අස්සන් කළ ගිවිසුම් යටතේ මේ වන විට ඉතාලිය සහ ඉරානය තුළ චීනයේ පූර්ණ මැදිහත්වීමෙන් සුවිශාල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කෙරෙයි. මෙම ව්‍යාපෘතිවල චීන ජාතික සේවකයන් දහස් ගානක් සේවය කරනු ලබන අතර, එම රටවල් මෙම ව්‍යාපෘති මගින් තමන්ගේ රටවල ආර්ථිකය විශාල වශයෙන් චීනය වෙත විවෘත කරනු ලැබුවේය. කොරෝනා වසංගතය සේයාවක්වත් නොදුටු එම රටවල් දැන් වැටී ඇත්තේ මහා අගාධයකටය. එනම් මෙම සුවිශාල චීන ව්‍යාපෘති සඳහා පොරොන්දු වූ පරිදි චීනයට මහා ධන සම්භාරයක් ගෙවන්නට ඉතාලියට සහ ඉරානයට සිදුවී තිබීමය.
චීනයෙන් අතිශය දුර ප්‍රමාණයකින් ඉතාලිය සහ ඉරානය පිහිටා තිබුණත්, අද කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය වූ චීනයද අභිභවා යමින් එම රටවල් මෙම වසංගතයෙන් දරුණු ලෙස පීඩා විඳිමින් සිටිති. 2019 වසරේ ආරම්භ කරන ලද මෙම සුවිශාල චීන ව්‍යාපෘති යටතේ යටකී රටවල් දෙක තුළ යටිතල පහසුකම්වල සිට ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර දක්වා සුවිශාල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙයි. ලෝකයේ තවත් රටවල් කිහිපයක්ම සමඟද මෙම ‘එක තීරයක්, එක මාවතක්’ සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පින්ගේ පූර්ණ සංකල්පයක් සහ මෙහෙයවීමක් යටතේය. ‘වන් බෙල්ට්, වන් රෝඞ්’ ව්‍යාපෘතිය යටතේ ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය තුළ තිබෙන රටවල් 78ක් එකම මාවතක් සේ සලකමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබෙයි. මෙහිදී බොහෝ ව්‍යාපෘතිවලට චීනයේ මැදිහත්වීම ලැබෙයි.

ඉතාලිය ගිවිසුමට ඇතුළත් වෙමින්

‘ශතවර්ෂයේ මහා ව්‍යාපෘතිය’ ලෙසින් මෙම ව්‍යාපෘතිය අර්ථකථනය කර ඇත. 2013 වසරේදී ආරම්භ කරන ලද ‘සේද මාවත’ සංකල්පය යටතේ මෙම දැවැන්ත වැඩපිළිවෙළ දියත් කරනු ලැබුවේය. මාර්ග ප්‍රවාහන, දුම්රිය සේවා, වරාය කටයුතු, විදුලිබල, තෙල්, ගෑස් සහ තවත් විවිධ වැඩපිළිවෙළ රැසක් මෙම OBOR ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරෙයි. ඉතාලිය සහ ඉරාකයද මෙම ව්‍යාපෘතියට අයත් ප්‍රධානම දේශයන් දෙකක් වන අතර, එම රටවල් තුළ කොරෝනා වසංගතය ඇරැඹෙන විටදී ඉහත චීන ව්‍යාපෘතිවල කටයුතු එම රටවල් තුළද ආරම්භ කර තිබුණේය. කෙසේ හෝ පසුගිය වසරේදී ජී-7 සංවිධානයේ රටක් වශයෙන් ඉතාලිය විසින් චීනය සමඟ යටකී OBOR ගිවිසුම අස්සන් කරන විටදී එසේ සිදුනොකරන ලෙසට යුරෝපීය සංගමය සහ ඇමෙරිකාව විසින් දැඩි ලෙස අවවාද කර ඇත.

ඉරානය ගිවිසුමට ඇතුළත් වෙමින්…

තත්ත්වය එසේ තිබියදී ඉතාලිය එම රටවල්වල උපදෙස් නොතකා තම තනි තීරණයට චීනය සමඟ ගිවිසුම අස්සන් කරනු ලැබුවේය. තමන්ට අනතුරු හැඟවූ රටවලට ඉතාලිය කියා සිටියේ ග්‍රීසිය, පෘතුගාලය සහ මෝල්ටාව වැනි යුරෝපීය රටවල්ද දැනටමත් චීනය සමඟ අදාළ ගිවිසුම අස්සන් කර ඇති බැවින්, මෙම තත්ත්වය ප්‍රශ්නයක් නොවන බැව්ය. කෙසේ හෝ ඉතාලිය අද කොරෝනා වසංගතයෙන් පීඩා විඳින යුරෝපයේ ප්‍රධානතම රට වශයෙන් සැලකෙයි. මැදපෙරදිග රටවල් අතරින් කොරෝනා වසංගතයෙන් දැඩි ලෙසම පීඩා විඳින්නේ ඉරානයය. මේ වන විට ඉරානයේ කොරෝනා රෝගීන් 1,60,000ක් සිටින අතර,මරණ 27,000ක් වාර්තා වී ඇත. ඉරාකයේ කොරෝනා රෝගීන් 90,000ක් සිටින අතර, මරණ 6000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත. මේ අනුව බලන කල එම රටවල පාලකයන් 2019 වසරේදී බුද්ධිමත්ව තීරණ ගත්තේ නම් ඔවුන් චීනයේ උගුලේ පැටලෙනු නොමැති බැව් ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවක් පෙන්වා දෙයි.
මෙහිදී දැන් අපූරු සිදුවීමක් ලෙස වාර්තා වන්නේ ඉතාලියේ පළමු කොරෝනා වෛයිරස් රෝගියා සොයාගෙන ඇත්තේ චීනය විසින් මෙහෙයවනු ලබන විශාල ඉදිකිරීම් ව්‍යාපෘතියක් පිහිටා ඇති ලොම්බර්ඞ් ප්‍රදේශයෙනි. මෙම ප්‍රදේශයේ චීන ජාතික සේවකයන් දහස් ගණනින් සේවය කරනු ලබන අතර වසංගතය පැතිර තිබෙන්නේ ඔවුන්ගෙනි. නිරන්තරයෙන්ම චීන ජාතික සේවකයන්ගේ ආගමනය සිදුවන මෙම ලොම්බර්ඞ් ප්‍රදේශය තුළ රටවැසියන් දහස් ගණනින් මියගියේය. දැනටත් මෙම ප්‍රදේශයෙන් වසංගතයෙහි අඩුවක් දක්නට නැත. ඉරානයේද මෙවැනි තත්ත්වයක් තිබූ බවට දැන් කරුණු හෙළිවී ඇත. එනම් එරට විශාල චීන වැඩබිම් කිහිපයක් ඇති ක්වම් නමැති නගරයෙන් පළමු කොරෝනා රෝගියා සොයාගෙන ඇත. මෙම නගරයේ ඇති චීන වැඩබිම්වලද චීන සේවකයෝ දහස් ගණනින් සේවය කරති.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොළඹ රොටිකඩේ වත්තට කොරෝනා ගෙනාවේ කව්ද? (CID SPECIAL)

Next Post

සීමා රැසක් මැද මැයි 4 සිට රටම ඇරේ: සම්පූර්ණ නිවේදනය මෙන්න

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.