• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොහෙවත් නැති මකරයේ සිරි

February 17, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
කොහෙවත් නැති මකරයේ සිරි
Share on WhatsAppShare on Facebook

ඌව සහ නැඟෙනහිර පළාත් දෙකට මායිම්ව පිහිටි ලංකාවේ තවත් සුවිශේෂී වනාන්තර පද්ධතියක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ ගල්ඔය ජාතික වනෝද්‍යානය. 1950 වසරේදී මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සංකල්පයක් අනුව තමයි මෙය පළමුව යෝජනා වෙලා තියෙන්නේ. ඉන්පසු 1954 වසරේ පෙබරවාරි 12 වැනිදා ගල්ඔය ජාතික වනෝද්‍යානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ විශාලතම ජලාශය විදියට සැලකෙන සේනානායක සමුද්‍රය සහ ඉඟිනියාගල ජලාශය අතර කඳු පන්ති කිහිපයකින් වටවී පිහිටා තිබෙන ඉතාම මනරම් භූමි ප්‍රදේශයක් ලෙස ගල්ඔය ජාතික වනෝද්‍යානය බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙලා තියෙනවා.

ආරම්භයේදී Galoya Development Board මඟින් පාලනය වූ මේ ප්‍රදේශය 1965 වසරේදී තමයි වනජීවී දෙපාර්තමේන්තුව යටතට පත් වෙලා තියෙන්නේ. ඨ්කදහ් ෘැඩැකදචපැබඑ ඉද්රා මඟින් පාලනය වූ සමයේදී සේනානායක සමුද්‍රය මෙන්ම ඉඟිනියාගල, නිල්ගල සහ බදුවෙලත් එකට යා වී තිබුණු බවත් සඳහන්. අද බුද්ධංගල ලෙස හඳුන්වන්නේ අතීත බදුවෙල ප්‍රදේශයයි. 1974 දී පමණ තමයි ඒ වෙනස සිදුවෙලා තියෙන්නේ.

කොළඹ සිට කිලෝමීටර් 314ක පමණ දුරකින් පිහිටි මේ ජාතික වනෝද්‍යානයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 25960ක්. සෑම කාලයකදීම විශාල අලි රංචු දැකිය හැකි වනෝද්‍යානයක් ලෙස තමයි ගල්ඔය ප්‍රචලිත වෙන්නේ. සාමාන්‍යයෙන් ජලාශයක් මැදදී අලි ඇතුන් දැක ගැනීම ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. නමුත් ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් දූපත්වල නිරන්තරයෙන් විශාල අලි රංචු දැක ගන්න පුළුවන්. ඒ සෑම අලි රංචුවක්ම අලි 200ක්, 250කින් යුක්තයි.

අලි පමණක් නෙවෙයි කොටි, ගෝන්නු, මුවන්, වලසුන්, කුළු මීමුන් මෙන්ම විශාල ප්‍රමාණයේ කිඹුලන්ද ගල්ඔයදී දැක ගන්න පුළුවන්. නමුත් ගල්ඔයදී කොටියෙකු දැක ගැනීම නම් ඉතාම අසීරු දෙයක් බවත් කිව යුතුයි. ක්ෂීර්පායී විශේෂ 32ක් මේ වනෝද්‍යානයෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වාර්තා වී ඇති කුරුලු විශේෂ ගණන 150කට අධිකයි. වත රතු මල් කොහා, බෝල වටුවා, කුස ඇලි මුහුදු උකුස්සා, අළු හිස් මුහුදු උකුස්සා, අළු කොකා වැනි දුර්ලභ පක්ෂි විශේෂ එහිදී දැක ගන්න පුළුවන්. ඊට අමතරව දුර්ලභ උරග විශේෂ වගේම ශ්‍රී ලංකාවට ආවේණික සමනල් විශේෂ කිහිපයකුත් මෙහිදී සොයා ගෙන තියෙනවා. ගල්ඔයට අයත් නිල්ගල කුරුල්ලන්ගේ පාරාදීසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජනන සමයේදී සහ පැටවුන්ගේ කුඩා අවධිය සඳහා බොහෝ කුරුලු විශේෂ නිල්ගල තෝරා ගෙන තියෙනවා.

බොහෝ වටිනා දුර්ලභ බෙහෙත් පැළෑටි සම්බන්ධයෙන්ද ගල්ඔය ජාතික වනෝද්‍යානය දැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. ගල්ඔයට අයත් නිල්ගල ප්‍රදේශය තමයි ඒ සඳහා වඩාත් ප්‍රචලිත. ඒ වගේම කොළඹ බිබිල හරහා අම්පාර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය අයිනේ පිහිටි නාමල්ඔය ජලාශයත් අයත් වෙන්නේ මේ ජාතික වනෝද්‍යානයටමයි. විශේෂයෙන්ම සැන්දෑ යාමයට නාමල් ඔයේ මැවෙන සුන්දරත්වය ප්‍රධාන මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනකුට නොමිලයේම අත විඳින්න පුළුවන්.

ගල්ඔය ජාතික වනෝද්‍යානය පුරා විශාල වශයෙන් පැතිරුණු තැනිතලා බිම් දකින්න පුළුවන්. එම බිම් සියල්ලම වැසී පවතින්නේ ඉලුක් සහ මානා පඳුරුවලින්. ප්‍රධාන වශයෙන් නිරිත දිග වර්ශාවෙන් වැසි ලැබෙන මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1700ක් පමණ වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 30 සිට මීටර් 900දක්වා උස් වූ ප්‍රදේශ මෙහි පිහිටා තියෙනවා. ඒ අතරින් උස්ම තැන ධානිගල මුදුන බවටයි සැලකෙන්නේ.

ධානිගලට අමතරව නිල්ගල සහ උල්පතගල කඳු පංතිත් මේ වනෝද්‍යානය තුළ පිහිටා තියෙනවා. ඒ අතරින් ධානිගල සහ නිල්ගල ආදි වාසීන්ගේ නිජ භූමියක් ලෙසත් ප්‍රකටයි. ඒ වගේම ධානිගල ප්‍රදේශයේ ගල් ගුහාවකින් බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙනක් සොයා ගෙන තිබීම මත එය ඓතිහාසික වශයෙනුත් වැදගත් ස්ථානයක් බව සනාථ වෙලා තියෙනවා.
ජෛව විවිධත්වයට සහ ස්වභාව සෞන්ධර්යයට අමතරව ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වටිනාකම වැඩි කරනා සුවිශේෂී ස්ථානය ලෙස මකරය හඳුන්වන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ බෑවුම්වලින් ආරම්භ වී ගලා එන ගල්ඔයේ ජල කඳ සේනානායක සමුද්‍රයට එකතු වීමට පෙර එක් තැනකදී සම්පූර්ණයෙන් අතුරුදන් වෙනවා. අන්න ඒ ස්ථානය තමයි මකරය ලෙස හැඳින්වෙන්නේ.

ඒ ආකාරයෙන් ගල්කුළු සහ මහ පොළොව යටින් සැඟවී ගමන් කරන ගංගාව මීටර් 200ක්, 300ක් පමණ දුරින් තමයි නැවත එළියට එන්නේ. මෙම ස්ථානයේ ඇති අද්භූත බව නිසාම ඈත අතීතයේ පටන්ම එය මකරය ලෙස හඳුන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින එවැනි එකම ස්ථානයත් එය වීම මත ගල්ඔයට පැමිණෙන බොහෝ දෙනා අනිවාර්යයෙන්ම නරඹන තැනක් බවට මකරය පත් වෙලා තියෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුවේ දැඩි අධීක්ෂණයට ලක් වෙලා තිබුණත් ගල්ඔයට එල්ල වෙලා තියෙන තර්ජන සුළුපටු නැහැ. ඒ අතරින් විශාලම තර්ජනය එල්ල වෙලා තියෙන්නෙ දඩයක්කරුවන්ගෙන්. දඩයක්කරුවෙකුගේ වෙඩි පහරක් හේතුවෙන් තම රාජකාරිය ඉටු කිරීමට ගිය වනජීවී නිලධාරියෙකුට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වූ අවස්ථාවකුත් පසුගිය කාලයේදී ගල්ඔයෙන් වාර්තා වුණා.

ඊට අමතරව අනවසර මැණික් ජාවාරමත් ගල්ඔයට එල්ල වී ඇති තවත් තර්ජනයක්. ඒ වගේම ඉලුක් සහ මානා කපා ගැනීම සඳහා ඇතුළුවන අවට ගම්වාසීන්ගෙනුත් මෙහි ශාක සහ සත්ව ප්‍රජාවට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. මේ සියල්ලට මුහුණ දෙමින් ගල්ඔය ජාතික වනෝද්‍යානය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම සඳහා නිලධාරීන් ගන්නා වෙහෙස අපමණයි. යම් දිනෙක ගල්ඔය සංචාරයක යෙදෙනේනේ නම් ඒ සඳහා සහාය ලබා දීම ඔබේ යුතුකමක් වන බවත් සිහියේ තබා ගත යුතුයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

දුටුගැමුණු රජුට සිටි අභිතිස්සා දියණිය ගැන මහාවංශය හැංගුවේ ඇයි?

Next Post

අමෙරිකාව චීනයේ කනට ගහයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.