• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අමෙරිකාව චීනයේ කනට ගහයි

February 17, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
අමෙරිකාව චීනයේ කනට ගහයි
Share on WhatsAppShare on Facebook

චීනයේ බටහිර සිංජි ප්‍රද්ශයේ කපු සහ තක්කාලි ආශ්‍රිත සියලුම නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කරනු ලැබ ඇතැයි එක්සත් ජනපදයේ රේගු සහ දේශ සීමා ආරක්‍ෂක අංශය නිවේදනය කර තිබේ.

මේ සියලුම නිෂ්පාදන සඳහා නීති විරෝධී සහ සදාචාරාත්මක නොවන අන්දමින් යුයිගර් මුස්ලිම් ශ්‍රමය යොදාගැනීමට එරෙහිව තහනම පැනවූ බව නිවේදනයේ දැක්වේ.

එම නියෝගය නොතකා ආනයනය කෙරෙන සියලුම භාණ්ඩ එක්සත් ජනපදයේ සියලුම වරායන්හිදී අත්අඩංගුවට ගැනෙන බව ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති භාණ්ඩ මුදාහැරීම් අත්හිටුවීමේ නියෝගයේ අවධාරණය කර ඇත.

ණය ගිවිසුම් කඩ කිරීම් නිසා බන්ධනාගාර ගතවූද, රැඳවුම් නියෝග යටගේ සිටින්නාවූද, තර්ජනයෙන් සහ බලහත්කාරයෙන් යොදවා ගෙන සිටින්නා වූද සියලුම යුයිගර් මුස්ලිම් ප්‍රජාවගේ ශ්‍රමය කම්කරු නීති කඩකරමින් මෙන්ම වේතන පවා නොදී මේ සියලු නිෂ්පාදන සඳහා යොදවා ගැනෙන බවට තොරතුරු ලැබීමෙන් පසුව මේ තීන්දුව ගෙන ඇතැයි කියයි.

රේගු සහ දේශ සීමා ආරක්‍ෂක අංශය පවසන අන්දමට යථෝක්ත භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන සියලුම ව්‍යාපාරික ආයතන කම්කරු නීති හයක් උල්ලංඝනය කරමින් ශ්‍රමය පැහැර ගන්නා බව පැවසේ.

“චීනයේ බටහිර සිංජිඈංජි ප්‍රදේශයෙන් එන තහනම් භාණ්ඩ මුදා නොහැර රඳවා ගන්නා ලෙස එක්සත් ජනපදයේ වරායවල්වල සිටින දහස් ගණනක් රේගු නියෝජිතවරුන්ට මේ නියෝගයෙන් උපදෙස් දුන්නා” යැයි එක්සත් ජනපදයේ රේගු සහ දේශ සීමා ආරක්‍ෂක අංශයේ කොමසාරිස් මාර්ක් මෝගන් පැවසුවේය.

සිංජිඈංජි පළාතේ කපුවලින් නිෂ්පාදනය කෙරෙන කෙඳි ඇඳුම් සහ රෙදිපිලි වගේම තක්තාලි ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන සෝස් සහ අච්චාරු වර්ග ආදියත් මේ තහනමට යටත් යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ දේශාරක්‍ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ මේ තහනම චීනය එක්තරා මානව ප්‍රජාවකට පීඩාකෙරෙන අන්දමට ක්‍රියාත්මක නින්දිත ප්‍රතිපත්තියට එරෙහිව ගෙන යන එකක් බවයි.

බටහිර සිංජිඈංජි ප්‍රදේශය චීනයේ සමස්ත කපු සහ තක්කාලි නිශ්පාදනයේ කේන්ද්‍රස්ථානයයි. එක්සත් ජනපදය පසුගිය වර්ෂයේ (2020) චීනයෙන් ආනයනය කළ කපු ආශ්‍රීත නිෂ්පාදනවල වටිනාකම ඩොලර් බිලියන නමයක් හෙවත් කෝටි නමසියයකි (9,00,00,00,000). තක්කාලි ආශ්‍රීත නිෂ්පාදනවල වටිනාකම ඩොලර් මිලියන දහයක් හෙවත් කෝටියකි (1,00,00,000).

එක්සත් ජනපදය චීනයට මේ අන්දමේ කණේ පාරක් දුන් පළමු අවස්ථාව මෙය නොවේ. කපු නිෂ්පාදන සම්බන්ධයෙන්ම පසුගිය fදැසැම්බරයේදීද මෙවැනිම එකක් දුන්නේය. පසුගිය වර්ෂයේ (2020) මේ අන්දමේ තහනම් නියෝග විස්සක් (20) පැනෙව්වේය. ඒ සියල්ලම නින්දිත අන්දමින් ශ්‍රමය සූරා කෑමට එරෙහිවය.

චීනයේ සුළුතර යුයිගර් මුස්ලිම් ප්‍රජාවද ඇතුළු සුළුතරයට එරෙහිව කෙරෙන දරුණු අකටයුතුකම් නවත්වන ලෙසට එක්සත් ජනපදයේ මානව හිමිකම් විශේෂඥයෝ පසුගිය සමයේ අවස්ථා ගණනාවක දීම චීන ජනාධිපති සි ජිංපින්ට :ඞස න්‍සබචසබට* කරුණු පහදා දුන්හ.

දස ලක්‍ෂයේ (10,00,000) සිට තිස් ලක්‍ෂය (30,00,000) දක්වා වූ යුයිගර් මුස්ලිම් ප්‍රජාවක්ද සහ කසකස් :ණ්‘්නයි* වරුන් සමග තවත් පිරිසක්ද රඳවා ගෙන ඇති බව පවසන එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියන්නේ මේ සුළුතරය යුද හිර කඳවුරක වෙසෙන බවකි.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයෙන් කෙරෙන හේතු දැක්වීම නම් ත්‍රස්තවාදය මෙන්ම අන්තවාදයද පිටු දැකිය යුතු බවයි. ඔවුන් කඳවුරු ගතකරනු ලැබ ඇත්තේ යළි දේශපාලන අධ්‍යාපනය දීමට බවයි. එමගින් යුයිගර් මුස්ලිම් ප්‍රජාවට රැකියා සොයා ගැනීමට පහසු වන බවයි.

චීනය නව වහල් මෙහෙය ක්‍රියාත්මක කර ඇතැයි මේ සම්බන්ධව අදහස් දක්වමින් එක්සත් ජනපදයේ රේගු සහ දේශ සීමා ආරක්‍ෂක අංශයේ කොමසාරිස් මාර්ක් මෝගන් පැවසුවේය.

පරිවර්තනය චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කොහෙවත් නැති මකරයේ සිරි

Next Post

ඇමැතිවරුන්ගේ කෑලි ගැලවෙයි: ජනපතිගෙන් තවත් ගැසට් එකක්

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.