• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනා පාකිස්තානය ‌ගිලගනී

May 4, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
කොරෝනා පාකිස්තානය ‌ගිලගනී
Share on WhatsAppShare on Facebook

පාකිස්තානයේ කෝවිඩ් වෛරස ආසාදිත සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යන හෙයින් සෞඛ්‍ය පහසුකම් සැපයීමේ කටයුතුද මොහොතින් මොහොත බිඳ වැටෙමින් තිබේ.

කෝවිඩ් වෛරසය ආසාදනය වීමේ වේගය පසුගිය සෙනසුරාදා වන විට සියයට නමයක් (%9) වූ බවද එදින වාර්තාගත දෛනික ආසාදිත සංඛ්‍යාව හාරසිය හැට තුනක් (463) බවද ගතවූ සති තුන හතරක (3-4) කාලය තුළ තත්ත්වය එන්න එන්නම දරුණු වූ බවද ඉස්ලාමාබාද් නගරයේ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරි සයීම් සියා කියයි.

මේ වර්ධන වේගය තදින්ම බලපා ඇත්තේ රෝහල්ගත කෙරෙන ආසාදිතයන් වෙනුවෙන් ඇඳන් සැපයීමේදීය. එරට අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ සියලු රෝහල්හිම ඇති ඇඳන් සංඛ්‍යාව අටසිය තිස් හයකි (836). මේවන විට ඉන් ඇඳන් පන්සිය විසි පහකම (525) කෝවිඩ් ආසාදිතයන්ය. කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ඇත්තේ එකසිය දහනමයකි (119). ඉන් හැට නමයක්ම (69) මේ භාවිතයට යොදවා තිබේ. වෛදා්‍යවරුනට ඇති උභතෝකෝටික ප්‍රශ්නය සීමිත සම්පත් ප්‍රමාණය අසීමිත ආසාදිතයන් වෙනුවෙන් කැප කරන්නේ කෙසේද යන්නය.

ව්‍යාප්ති රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සහ සෙසු රෝහල්වල ඇති ඇඳන් එකසිය පහෙන් (105) අනූවක (90) කෝවිඩ් නොවන රෝගීන්ය.

පාකිස්ථානු වෛදා්‍ය විදා්‍යා ආයතනයේ ඇඳන් එකසිය අසූ තුනෙන් (183) එකසිය හතළිස් නමයකම (149) රෝගීන්ය (ආසාදිතයන්). එම ආයතනයේ ඇති කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර විස්සෙන් (20 )fදාළහක්ම (12) භාවිතයට යොදවා තිබේ.
පොලික්ලිනික් රෝහලේදී ඉදිරි දිනවල කිරීමට නියමිතව තිබූ සියලු සැත්කම් අවලංගු කර ඇත. එම රෝහලේ සියලුම කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආසාදිතයන් වෙනුවෙන් යොදවා ඇත. ඇතැම් රෝහලක ආසාදිතයන් වෙනුවෙන් කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර කොහෙත්ම නැති බවද පැවසේ.

Geo ප්‍රවෘත්ති සේවය පවසන අන්දමට ආසාදිතයන්ට තබා ආසාදිතයන් වෙනුවෙන් සියලු “බර කරට ගෙන පෙරමුණේම කටයුතු කරන” සෞඛ්‍ය සේවකකාරකාදීන්ටද ලැබෙන කිසිදු ආරක්‍ෂාවක් නැත.

“පොලික්ලිනික්” රෝහලේ එවන් සේවකයන් සම්බන්ධයෙන් පවත්වන ලද “පී.සී.ආර්.” පරීක්‍ෂණයෙන් අනාවරණය වූයේ හතළිස් හය (46) දෙනකු ආසාදිතයන් බවය. ඒ අතරින් දෙදෙනකු (2) වෛදා්‍යවරුන්ය. දාහත් දෙනකු (17) හෙදියන්ය. විසි හත් දෙනකු (27) සෙසු කාර්ය මාණ්ඩලිකයන්ය.

පාකිස්ථානයේ ජාතික අණ දෙන සහ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන අන්දමට කෝවිඩ් වසංගතයට ශීඝ්‍ර ලෙස වින්ඳිතයන් වන්නේ වයස අවුරුදු එකේ සිට (01) දහය (10) දක්වා වයසේ කුඩා දරුවන්ය.

පසුගිය සතියේ එකම දිනයක දරුවන් දෙදෙනෙක් මියගියහ.

අප්‍රේල් මාසයේදී වෛරසය ආසාදිත වූ දරුවන් සංඛ්‍යාව සත් (7) දෙනකි.

කෝවිඩ් වෛරසය පාකිස්ථානයේ ආරම්භ වූ පසුගිය වසරේ (2020) පෙබරවාරි මාසයේ සිට පසුගිය සෙනසුරාදා දක්වා කාලය තුළ එකම දිනෙක සිදු වූ බවට වාර්තාගත මරණ සංඛ්‍යාව එකසිය පනස් හතකි (157).

එරට සමස්ත මරණ සංඛ්‍යාව පසුගිය සති අන්තය වන විට දාසය දහස් හත් සියයකි (16,700).

අලුතින්ම වාර්තාගත ආසාදිතයින් ගණන සංඛ්‍යාව පන් දහස් නමසිය අටකි (5,908).

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

වැක්සින් කමිටුවේ සභාපති හදිසියේම පාර්ලිමේන්තුවට එයි

Next Post

හෙදහෙදියන් 38,000 මදි: දෙගුණයක් කරන්න ආණ්ඩුවට යෝජනාවක්

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.Sri Lanka Latest News ඒ අනුව,  මහ බැංකුව විසින් අද (09)...

Read more
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.