• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොටි ගැන කෙටියෙන් (කැලෑ කොලම)

August 31, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
කොටි ගැන කෙටියෙන් (කැලෑ කොලම)
Share on WhatsAppShare on Facebook

පසුගිය දින කිහිපයේදී බොහෝ දෙනක් කොටි ගැන කතා කෙරුව හින්දා මේ සතියේ කැලෑ කොලමෙන් අපිත් කොටි ගැන කතා කරන්න හිතුවා. කොටි පරපුරේ උප විශේෂයක් වන ලංකාවේ කොටියා panthera pardus kotiya යන විද්‍යාත්මක නමින් තමයි හඳුන්වන්නේ. බළල් කුලකයට අයත් ලංකාවේ සිටින විශාලතම විලෝපිකයා වෙන කොටියා ඒක දේශික (endamic) සත්වයෙක්.
ලංකාවේ ජීවත් වන කොටි විශේෂය IUCN රතු දත්ත පොතට ඇතුළත් සත්ව විශේෂයක් ලෙසත් සැලකෙනවා. ඒ හින්දා මතු පරපුර වෙනුවෙන් මේ දුර්ලභ වස්තුව රැක ගන්න ශ්‍රී ලංකාවේ සමස්ත රටවාසීන්ට සහ විශේෂයෙන් වන සතුන්ට ආදරය කරන හැමදෙනා සතුවම විශාල වගකීමක් තියෙනවා.
තවමත් අපේ වනාන්තර තුළ ජීවත් වන කොටි සම්බන්ධයෙන් හරියටම සංගණනයක් කරලා නැහැ. එක එක අය එක එක විදියට ලංකාවේ වනාන්තරවල ජීවත් වෙන කොටි ගැන විස්තර කිව්වත් නියමාකාර සංගණනයක් තවමත් සිද්ධ වෙලා නැහැ. නමුත් දැනට නිශ්චිතව අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව වියළි කලාපීය වනාන්තර, තෙත් කලාපීය සමහරක් වනාන්තර සහ මධ්‍යම කඳුකරයේ වැවිලි ප්‍රදේශ ආශ්‍රිතව මේ කොටියන් ජීවත් වෙන බව කියන්න පුළුවන්. මධ්‍යම කඳුකරයේ හෝර්ටන් තැන්නේ කොටියන් ජීවත් වෙනවා. මධ්‍යම කඳුකරයේ කඳු පංති සහ වනාන්තර එකිනෙකට යා වෙලයි තියෙන්නේ. ඒ වගේම දැරණියගල සහ හැටන් ආශ්‍රිත තේ වතු ආසන්නයෙනුත් කොටි පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. හන්තාන කඳු බෑවුමේ ඉඳන් පටන් ගත්තම නාවලපිටිය, හැටන්, දික්ඔය දක්වා වනාන්තර සහ වගා බිම් එකට යා වෙලයි පවතින්නේ. මේ කලාපයෙනුත් අවස්ථා කිහිපයකදීම කොටි පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව වව්නියාවෙන් උතුරු ප්‍රදේශයේ පිහිටි වනාන්තර තුළත් කොටියන් ජීවත් වෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අතරින් එක් කොටියෙකු කිලිනොච්චියේදී අවාසනාවන්ත විදියට මනුෂ්‍යයන් අතින් ඝාතනය වුණා. තවමත් උතුරු පළාතේ වනාන්තර සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් සිදු වෙලා නැහැ.
කොටි ගැන කතා කිරීමේදී උන්ටම ආවේණික විශේෂතා කිහිපයක් ගැනත් කතා කළ යුතුයි. බොහෝ දුරට තමන්ටම වෙන් කර ගත් ප්‍රදේශයක තමයි මේ කොටි ජීවත් වෙන්නේ. ඒ හින්දා කොටි, කොටි අතරත් මේ ප්‍රදේශ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවුණු ආකාරය නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ වගේම මේ සතුන්ට අභිජනනය සඳහා විශේෂ කාල සීමාවක් නොමැති වීමත් විශේෂත්වයක්. ඒ හේතුව නිසා කොටියෙකුට සුදුසු සහකාරියක් හමු වුණොත් වසරේ ඕනෑම කාලයක සංවාසයේ යෙදී පැටවුන් බෝ කිරීමට හැකියාව තියෙනවා. කොටි ධේනුවක් වරකට පැටවුන් දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයක් බිහි කරනවා. එතැන් සිට වසර දෙකක් දක්වා කාලයක් එම පැටවුන් මව සමඟ කාලය ගත කරනවා. ඉන් පසු මව සහ පැටවුන් තනිව ජීවත් වීම අරඹනවා.
ලංකාවේ බළල් කුලකයේ විශාලතම විලෝපිකයා තමයි කොටියා. රාත්‍රී කාලයට තමයි කොටි වැඩිපුරම දඩයමට කැමැති. ඒ කියන්නේ උන් දිවා කාලයේදී දඩයම් නොකරනවා කියන එක නෙවෙයි. උදෑසන සහ දවල් කාලයේදීත් උන් දඩයම් කරනවා. සාමාන්‍යයෙන් මුවෝ, වල් ඌරෝ, කුඩා හරකුන් වැනි සතුන් තමයි කොටින්ගේ දඩයම් බවට පත් වෙන්නේ. එලෙස දඩයම් කර ගත් සතුන් ගහක් මුදුනක් වැනි තැනකට රැගෙන ගිහින් තනිව නිදහසේ අනුභව කරන්න තමයි උන් වඩාත් කැමැති.
කොටියකු දැක බලා ගැනීම සඳහා සුදුසුම ස්ථානය යාල ජාතික වනෝද්‍යානය කියලයි වර්තමානයේදී සංචාරකයන් බොහෝ දෙනකුගේ අදහස වෙලා තියෙන්නේ. යාලට වැඩිය විල්පත්තුවේ කොටි ඝනත්වය වැඩි වුණත්, භූමිය අතින් යාල විශාලත්වය අඩු වීම හින්දා කොටියකු දැක ගැනීමේ හැකියාව බොහෝ විට සංචාරකයන්ට උදා වෙනවා. ඊට අමතරව කුමන ජාතික වනෝද්‍යානයේදීත් විශාල ප්‍රමාණයේ කොටියන් දැක ගන්න පුළුවන්.
මේ වෙද්දී යාල ජාතික වනෝද්‍යානයේ පිවිසුම අසල කොටින් සම්බන්ධ විශේෂ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා තියෙනවා. කොටි ගැන දැන ගන්න අවශ්‍ය කෙනකුට සුදුසුම ස්ථානය තමයි ඒ. යාල කලාප අංක එකේ සැරිසරන කොටින් පිළිබඳ සියලුම තොරතුරු එහිදී දැන ගන්න පුළුවන්.
අපි කතා කෙරුව කොටින්ට අමතරව බළල් පවුලට අයත් හඳුන් දිවියා, කොල දිවියා වගේ සත්තුත් ලංකාවේ වනාන්තර ආශ්‍රිතව දැක ගන්න පුළුවන්. හැබැයි මේ දුර්ලභ සත්ව කොට්ඨාසය ගැන මෑත කාලයේදී අපිට අහන්න ලැබුණු තොරතුරු නම් ඉතාම කනගාටුදායකයි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිම කොටි ප්‍රමාණයක් මියගිය වසර තමයි 2020. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අතිශය දුර්ලභ කළු කොටියකු ඇතුළු තවත් කොටි කිහිප දෙනකුම මේ වසරේදි අපිට අහිමි වුණා.
පසුගිය කාලේ වාර්තා වුණු කොටි මරණ සියල්ලම පාහේ සිදු වෙලා තිබුණේ මදුවලට අසු වීම හින්දා. මේ මදු වෙනත් සතුන් දඩයම් කිරීම සඳහා අටවපු ඒවා බව කියවුණත්, එලෙස මියගිය ඇතැම් කොටින්ගේ දත් සහ නිය අතුරුදන් වීම වැනි විශේෂ කාරණාත් ඒ අතරේ දැන ගන්න ලැබුණා. වර්තමානයේදීත් ඇතැම් මිථ්‍යා දෘෂ්ටිකයන් මෙන්ම විලාසිතාවක් ලෙසටත් කොටි දත් පලඳිනවා. ඒ හින්දා මේ සතුන් ඒ වෙනුවෙන් මරා දැමුවාද යන්නත් සොයා බැලිය යුතුයි.
කොහොම වුණත් වාසස්ථාන අහිමි වීම, තේ වතු ආශ්‍රිත වගා බිම් වැඩි වීම හේතුවෙන් කැලෑ එළි පෙහෙළි වීම සහ කලින් සඳහන් කළ පරිදි දත් සහ නිය ලබා ගැනීමේ අදහසින් මරා දැමීම වැනි මිනිස් ක්‍රියාකාරකම් මේ කොටි පරපුර අනාගතය වෙනුවෙන් රැක ගැනීමට විශාල බාධාවක් වෙලා තියෙන බවත් සඳහන් කළ යුතුයි. අනාගත පරපුරට ඡායාරූපයකින් පමණක් නොව හැබැහින්ම මෙම දුර්ලභ සත්ව විශේෂය දැක බලා ගැනීම සඳහා ඉතිරි කර ගැනීමට නම් ඉක්මන් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත් සඳහන් කළ යුතුමයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ආණ්ඩුව 19 අහෝසි කරන්න යද්දී 19 හදපු ජයම්පති ස්විස්ටර්ලන්තයේ සිට කතාකරයි EXCLUSIVE

Next Post

මෛත්‍රීපාල ගෙදරට ගෙන්න ගනිද්දී රනිල් කොමිසමට යයි

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.