පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කළ දැනුම් දීමට අනුව ඒ මහතා අද (31) ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.
මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ද අද පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියේය.
කෙසේවෙතත් පසුගිය අගෝස්තු 26 වන දින පැය 9ක කාලයක් පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ, පැජට් පාරේ පිහිටි නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.