ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස පැවැති ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා උස් හඩින් යුතුව අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය මෙහිදී විමලවීර දිසානායක මහතාගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව දැනගනන්ට ඇත.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් දිසානායක මහතා විවේචනාත්මකව අදහස් දක්වද්දී නාමල් රාජපක්ෂ මහතා එය සාවධානව අසා සිටි බවක්ද දැනගන්නට ඇත.
විමලවීර මහතාට අමතරව තවත් මැතිඇමැතිවරුන් කිහිප දෙනෙක්ම පොහොර තහනම් කිරීමේ තීන්දුව විවේචනය කරමින් අදහස් දක්වා ඇති බවක්ද දැනගන්නට තිබේ.










