• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඉන්දියාවට ලෝකෙන්ම ප්‍රශංසා

February 4, 2021
in News, Politics
Reading Time: 2 mins read
A A
ඉන්දියාවට ලෝකෙන්ම ප්‍රශංසා
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා වෛරස එන්නත තම රටවාසීන් අතර එන්නත් කරනු හා දකුණු ආසියාතික රටවල් අතරේද ගතවූ දින කිහිපය තුළ ලක්‍ෂ, දසලක්‍ෂ ගණනින් එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ඉන්දියාව ඇගයීමකට පාත්‍රවී තිබේ.

මේ වන විට ‘කොවිඩ් -19’ වෛරසය දකුණු ආසියානු කලාපය ගිලගෙන ඉන් ඔබ්බටද අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ අසල්වාසී රටවලට එන්නත බෙදාදීමෙන් උපකාර කිරීමට පොරොන්දු වීම නිසා ඉන්දියාවට ප්‍රශංසාව එසේ හිමිවී ඇත.

එන්නත බෙදාහැරීමේ ව්‍යාපෘතියේ මාධ්‍ය ප්‍රකාශක ඒ. ශ්‍රී. වස්ථව පසුගිය සිකුරාදා කියා සිටියේ (22දා) ඉන්දීය ප්‍රජාව අතරේ එන්නත බෙදීම සඳහා අවශ්‍ය තොග නිෂ්පාදනය කෙරෙන අතරතුරේම හවුල්කාර රටවල් අතරේ ඉදිරි සතිවල සහ මාසවල එන්නත පියවරින් පියවර බෙදාහරින බවය.

එන්නත නිශ්පාදනයේ ගෝලීය කේන්ද්‍රස්ථානය වන තම රටෙන් (ඉන්දියාවෙන්) රටවල් ගණනාවක් එන්නත මේ වන විටත් ඉල්ලා ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එන්නත බෙදාහැරීමේ ජාත්‍යන්තර උපකාරක මෙහෙයුමඅනුව අසල්වාසී රටවලට ජනවාරි විසිවැනි දින (20දා) සිට එන්නත බෙදාහැරීම ආරම්භ කෙරෙන බව ඊට පෙර දින (19දා) නිවේදනය කිරීමත් සමඟම පළමු දිනයේම (20දා) එන්නත් මාත්‍රා ලක්‍ෂ එක හමාරක් (1,50,000) භූතානයටද, ලක්‍ෂයක් (1,00,000) මාලදිවයිනටද යැවූ බව බෙදාහැරීමේ ව්‍යාපෘතියේ නිලධාරියෙක් කීවේය. ඉන්පසු මාත්‍රා දසලක්‍ෂයක් (10,00,000) නේපාලයටද, මාත්‍රා විසි ලක්‍ෂයක් (20,00,000) බංගලාදේශයටද, යවන ලද බවය. එසේම මාත්‍රා පහළොස් ලක්‍ෂයක් (15,00,000) මියන්මාරයටද, ලක්‍ෂයක් (1,00,000) මොරිෂස්වලටද, පනස් දහසක් (50,000) සීෂෙල්ස්වලටද, යැවීමට සූදානම් කෙරෙමින් තුබූ බවයි.

එන්නත් මාත්‍රා තොග පරිත්‍යාග වශයෙන් සහ වාණිජ පදනම මත විදේශගත කෙරෙන බවද හෙතෙම පැවසුවේ ය.
ජාත්‍යන්තරය මුහුණපා ඇති දුෂ්කර අවස්ථාවේ ඉන්දියාව ක්‍රියාත්මක කරන මේ සද්කාර්යයට රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් ඉන්දියාවට ප්‍රශංසා කර ඇත.

මහා භාරතය පවා මුහුණ පා ඇති මේ තීරණාත්මක අවස්ථාවේ තම රටවාසීනටද සත්කාර කරන අන්දමින්ම නේපාල ජනතාව වෙනුවෙන්ද එන්නත් මාත්‍රා දස ලක්‍ෂයක් එවීම සම්බන්ධව නේපාල අගමැති කේ. පී. ඔලි ට්වීටර් පණිවිඩයක් මගින් භාරත අගමැති නරේන්ද්‍ර මෝඩිටත්, ආණ්ඩුවටත්, ඉන්දීය ප්‍රජාවටත් සිය කෘතඥතාව පිරිනමා ඇත.

බංගලාදේශය පාලනය කෙරෙන අවාමි ලීගයේ ෂෙයික් හසිනාද තම රටට මාත්‍රා විසි ලක්‍ෂයක් දීම ගැන ඉන්දියාවට ප්‍රශංසා කර තිබේ. ඉන්දියාව මීට පෙරදීද කෝවිඩ් වසංගතය වෙනුවෙන් රටවල් ගණනාවකට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්, රෙම්ඩෙසිවිර් ,පැරසිටමෝල්ද, රෝග නිර්ණ කට්ටල ද, මුහුණු ආවරණ සහ අත් වැසුම් ඇතුළු වෛද්‍ය උපකරණ තොග රටවල් ගණනාවකට පිරිනමා තිබේ. වෙනත් රටවල මෙන්ම ඉන්දියාවේද මේ අතරතුරේ සෞඛ්‍ය පහසුකම් සපයන්නන් වෙනුවෙන් කෝවිඩ් වෛරසය මැඬලීමට ඍජුව කටයුතු කරන්නන් සහ පහසුවෙන් ආසානය වීමට හැකි ප්‍රජාව වෙනුවෙන් ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් අරඹා තිබේ. මේ සත්කාරවලට අමතරව ඉන්දියාව අසල්වැසි රටවල් ගණනාවක සෞඛ්‍ය සේවකයන් විශාල සංඛ්‍යාවකට සායන පුහුණු වැඩසටහන්ද පවත්වා ඇත. මේ පුහුණු වැඩසටහන්, තාක්‍ෂණ සහ ආර්ථික සහයෝගිතා වැඩසටහන් යටතේ වසංගත තත්ත්ව පාලනය ඉලක්ක කර ක්‍රියාත්මක කර ඇත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ජපන් තානාපතිත් හදිසියේම දිනේෂ් හමුවෙන්න ගිහින්

Next Post

මාල හොරෙක්ට පොලිසිය වැල්ලම්පිටියේදී වෙඩි තියයි

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.