• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ආදාහනයද-භූමිදානයද: ජනපති ‌ගෝඨාට UN එකෙන් එවපු ලියුම: කවුරුවත් දාපු නැති නිසා අපි පළ කළා

April 20, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
ආදාහනයද-භූමිදානයද: ජනපති ‌ගෝඨාට UN එකෙන් එවපු ලියුම: කවුරුවත් දාපු නැති නිසා අපි පළ කළා
Share on WhatsAppShare on Facebook

ලෝකවාසී විවිධ ලබ්ධිකයන් ජාතීන් ගෝත්‍රිකයන් අතර ඔවුනටම ආවේණික චාරිත්‍රවාරිත්‍ර සිරිත් විරිත් ආචාර විචාර ධර්ම තිබේ.
මරණින් මතු සුගතිගාමී විමුක්තියක් අධ්‍යාත්මික සහනශීලීභාවයක් අපේක්‍ෂා කරන සියල්ලෝම තම තමන්ගේ පාරම්පරික හෝ අත්දැකීම් අනුව හෝ චිරාත් කාලයක් තිස්සේ සිය මුතුන් මිත්තන්ගෙන් අඛණ්ඩව අචින්නව දායාද වශයෙන් ලද ඒ ඇදහිලි පිදවිලි තමතමන් ඥාති මිත්‍රාදීන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් අකුරටම ඉෂ්ට සිද්ධ කරත්.
බෞද්ධයන්ගේ මළ සිරුරු භූමදානයටත් ආදාහනයටත් යන දෙආකාරයටම යොදාගනිමින් අවසන් කටයුතු පවත්වත්.
ක්‍රිස්තු සහ ඉස්ලාමීය ලබ්ධිකයන්ගේ අවසන් කටයුතු නිමාවන්නේ භූමදානයෙනි.
තිබ්බතයේ (ටිබෙට්) තපස්වරුන්ගේ මළ සිරුරු ගිජුලිහිණියන්ට ගොදුරු කරනු ලැබේ.
මියගිය අයකුගේ අවසන් කටයුතු සිය ආගමේ ඉගැන්වෙන අන්දමටම නොවලහා අකුරටම පිළිපදින ආගමික දැඩි මතධාරීන් පිරිසක්වන ඉස්ලාම් භක්තිකයෝ සියලු මළ සිරුරු භූමදානයම කරති.
කොවිඞ්-19 (කොරෝනා) වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්‍ෂයට පත් ඉස්ලාම් බැතිමතෙකුගේ මළ සිරුර පසුගිය මාර්තු තිස් එක් (31) වැනිදා මීගමුවේදී මහජන ආරක්‍ෂාව වෙනුවෙන් ආදාාහනය කිරීමේ සිද්ධිය ප්‍රචණ්ඩ සුළි සුළඟක් පරිද්දෙන් හමා ගියේය. ඉස්ලාම් භක්තිකයන් අතර මතුවූ උද්වේගකර තත්ත්වයට පිළියම් සෙවීමට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් සමග සාකච්ඡාවක්ද පැවැත්වූවේය.
එපමණක් නො ව සිද්ධිය එක්සත් ජාතීන්ගේ සංවිධානයටද ගියේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගම හෝ ඇදහීමේ සියලුම දෙනාගේ ශාරීරික මානසික සුළු ජාතිකයන්ගේ ගැටලු ((MINORITY ISSUES PROTECTION AND PROMOTION OF HUMAN RIGHTS) මූලික ස්වාධීනත්ව (FUNDAMENTAL FREEDOMS) යන කවුන්සිලවල විශේෂ නියෝජිතයන් (SPECIAL RAPPORTEUR) පස්දෙනකු විසින් පවතවන ලද පරීක්‍ෂණයකින් අනාවරණය වූ කරුණු සහ නිර්දේශ ඇතුළත් දීර්ඝ වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පසුගියදා යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ කිසිදු ජන මාධ්‍යයකින් අනාවරණය නොවුණු එම ලිපිය “මව්රට” පාඨක බවතුන්ගේ දැනුවත්වීම සඳහා මෙසේ ඉදිරි පත්කරමු.


ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමනි,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිදහසේ ආගමික හෝ ඇදහීමේ කවුන්සලයේ විශේෂ නියෝජිතයන් වශයෙන් ගෞරවයෙන් ඔබ අමතන්නෙමු.

කොවිඞ් 19 වෛරසයෙන් ජීවිතක්‍ෂයට පත් වූවකුගේ මළ සිරුරු පිළිබඳව අවසන් කටයුතු කිරීම (DISPOSAL) සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය ( AUTOPSY) පැවැත්වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ ආණ්ඩුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත්කර ඇති මාර්ගෝපදේශ ඇතුළත් චක්‍ර ලේඛය කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවනු කැමැත්තෙමු.
කොවිඞ් -19 වෛරසයෙන් මිය ගිය බවට සහතික කළ අයකුගේ (කාණ්ඩ 1) සහ එම වෛරසයෙන් මියගිය බවට සැක සහිත (කාණ්ඩ I සහ II) අයකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂයක් පවත්වන අන්දම ගැනත් මළ සිරුර පිළිබඳව අවසන් කටයුතු (DISPOSAL) කළයුතු අන්දම ගැනත් එම චක්‍ර ලේඛයේ පරිච්ඡේදයක් (CHAPTER) තිබිණි.
කොවිඞ්-19 වෛරසයෙන් මියගිය බවට තහවුරු කළ හෝ එම වෛරසයෙන් මියගිය බවට සැකකරන අයකුගේ මළ සිරුරක් සම්බන්ධව අවසන් කටයුතු (DISPOSAL) පැය විසිහතරක් (24) ඇතුළත (කැමති පරිදි පැය fදාළහක් 12- තුළ) කළයුතු බවට උපදෙස් මේ වසරේ (2020)මාර්තු විසිහත් (27) වැනි දින නිකුත් කර තිබූ චක්‍රල්ඛයේ තුන් වැනි වගන්තියේ සඳහන් විණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්තු විසි හත් (27) වැනිදා නිකුත් කළ එම චක්‍ර ලේඛයේ සිවුවැනි (4) වගන්තිය එම අමාත්‍යාංශය විසින්ම මාර්තු තිස්එක් (31) වැනිදා සංශෝධනයකර තිබිණි. කොවිඞ් 19 වෛරසයෙන් මියගිය බවට තහවුරු කළ හෝ එම වෛරසයෙන් මියගිය බවට සැක කරන අයකුගේ මළ සිරුරක් සම්බන්ධ අවසන් කටයුතු (DISPOSAL) පැය විසි හතරක් (24) ඇතුළත (කැමති පරිදි පැය fදාළහක් 12 තුළ) කළයුතු බවට තිබූ වගන්තියේ දැක්වුණු කාලසීමාව එසේම තිබුණද ඊට පහත සඳහන් කරුණුද ඇතුළත් කෙරී තිබිණි.
කිසිදු වාතාවරණයක් යටතේ වුවද මළ සිරුර කිසිසේත් නැහැවිය (සෝදා පවිත්‍ර කිරීම-WASH) යුතු නොවේ.
මළ සිරුර මුද්‍රා තැබූ මල්ලක බහා මුද්‍රා තැබූ පෙට්ටියක තැන්පත් කළ යුතුය.
විශේෂිත ආදාහනයකි. (EXCLUSIVE CREMATION)
අවසන් ගෞරවය පිරිනැමෙන මළ සිරුරු පොලීසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින් අධීක්‍ෂණය (MONITOR) කළ යුතුය.
චක්‍ර ලේඛයේ සිවුවැනි (4) වගන්තියට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධන එකතු කරනු ලැබුවේ මාර්තු තිස්එක් (31) වැනිදා මුස්ලිම් ප්‍රජාවට අයත් අයකුගේ මළ සිරුරක් පවුලේ සාමාජිකයන්ගේ විමසීමකින් තොරව සහ ඔවුනගේ විරෝධතාව මැද්දේ මීගමුවේදී ආදාහනය කිරීමේ සිද්ධියෙන් පසුව බව අපේ අවබෝධයයි.
කොවිඞ් -19 වසංගතය බෝවීම පැතිරීම වැළැක්වීම සහ පාලනය උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ වශයෙන් පෙන්වාදී ඇති කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයේ සිවුවැනි වගන්තිය එසේ සංශෝධනය කරන්නට ඇති බැව් විශ්වාස කරන්නෙමු. එසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍ර ලේඛය සැකසීමේදී විවිධ ජන කණ්ඩායම් සහ ඔවුන්ගේ ආගමික මෙන්ම සංස්කෘතික ධර්මතා පිළිබඳව එතරම් සැලකිල්ලක් හෝ සංව්දීතාවක් දැක්වූ බවක් නොපෙනේ.
කොවිඞ්-19 නමැති ලෝක ව්‍යාප්ත වසංගතය උග්‍ර අන්දමේ මහජන සෞඛ්‍ය අභියෝග ගණනාවක් ඉස්මතු කර ඇති බව අපි අඳුනාගෙන ඇත්තෙමු. මේ මාරයා මර්දනය කිරීම උදෙසා විවිධ කරුණු රාශියක් සැලකිල්ලට ගතයුතු බවද කිවයුතු වේ. එතකුදු වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය සිය චක්‍ර ලේඛයේ සිවුවැනි වගන්තිය සංශෝධනය කිරීමේදී අදාළ ප්‍රජාවගෙන් කිසිදු විමසීමක් කළ බවක් ද පෙනෙන්නට නැත. එවන් සංශෝධනයක් කරන කල්හි නීතිමය පදනමක් මත අවශ්‍යතාව මත සහ සමානාත්මතාව මත පිහිටා කිසිවකුට වෙනස්කමක් නොවන අන්දමින් අමාත්‍යාංශය එම සංශෝධනය කළ යුතු බව අපි අවධාරණය කරන්නෙමු.
ඇත්ත වශයෙන්ම සංස්කෘතික හෝ ආගමික හෝ සංවේදීතාවන් ඈඳුණු විටෙක අදාළ පාර්ශ්වකරුවන් සමග සුහදශීලී සංවාදයකින් පසුව තීන්දු තීරණ ගැනීම යුක්ති යුක්තය. එම සාකච්ඡාමය අවස්ථාවට සිවිල් සමාජ ක්‍රියාකාරීන් විවිධ සුළුතර හෝ ආගමික (ලබ්ධික) හෝ ප්‍රජා කණ්ඩායම් සහභාගි කරවා ගැනීම අත්‍යන්තයෙන්ම වටී. එසේ වීනම් සියලුම ප්‍රජා ස්ථරයන් අතරේ විශ්වසනීයත්වය වර්ධනය වී ඇතිවිය හැකි නොසන්සුන්තාව අවම වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ගත යුතු පහත සඳහන් කරුණු ඉදිරි පත්කරනු කැමැත්තෙමු.

  1. මළ සිරුරුවලට අවසන් බුහුමන් දැක්විය යුතු අයුරු- කොවිඞ් – 19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය අයගේ මළ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශකවල සඳහන් අන්දමට සිරුරු භූමදානය හෝ ආදාහනය හෝ කළ හැකිය. අවසාන කටයුතු කිරීමට මෘත ශරීරාගාර පහසුකම් නැත්තේනම් හෝ ආසාදිතයා මියගියේ නිවෙසේ දීනම් හෝ පවුලේ හෝ පාරම්පරික චාරිත්‍රානුකූලව හෝ අවසන් කටයුතු නියමිත පුද්ගලයන්ගේ අධීක්‍ෂණය යටතේ ඉටුකළ හැකිය. කොවිඞ්-19 වෛරසය ආසාදනය වූවකුගේ අවසන් කටයුතු කඩිනමින් අපරීක්‍ෂාකාරීව (HASTY DISPOSAL) කිරීමෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශයේ විශේෂයෙන් සඳහක් කර ඇත.
  2. මළ සිරුර සැකසීම – මළ සිරුරක් කවර වාතාවරණයක් යටතේ හෝ නැහැවිය (සෝදා පවිත්‍ර කිරීම) යුතු නොවන බවත් මුද්‍රා තැබූ මල්ලක හා මුද්‍රා තැබූ පෙට්ටියක තැන්පත් කළ යුතු බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛයේ උපදෙස්දී තිබේ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය එවන් වාරණයක් පනවා නැත. පවුලේ සාමාජිකයකුට හෝ ආගමික නායකයකුට (පූජකවරයකු) හෝ මළ සිරුර නැහැවිය (සෝදා පවිත්‍ර කිරීම) හැකිය. එසේ කිරීමේදී මළ සිරුරට ඇඳුම් ඇන්දවිය හැකිය. කොණ්ඩය (කෙස්) සකස් කළ හැකිය. රැවුළ සහ නියපොතු කැපිය හැකිය. පාරම්පරික සිරිතකට හෝ ආගමික වතාවත්වලට හෝ අනුව එම කාර්යභාරය ඉටු කරන්නා අවශ්‍ය ආරක්‍ෂාව ගැන වගබලා ගත යුතුය.
  3. මළ සිරුර දැක බලා ගැනීම – පවුලේ සාමාජිකයනට මළ සිරුර දැක බලා ගැනීමට අවශ්‍ය නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව ඊට අවසර තිබේ. සපයාගත් ආරක්‍ෂාව යටතේ මළ සිරුර එසේ දැකබලා ගතහැකි වුවද මළ සිරුර වැළඳ ගැනීම සිපාචාර දැක්වීමට හෝ ස්පර්ශ කිරීමට හෝ අවසර නැත. අවසාන කටයුත්ත ඉටුකිරීමට මළ සිරුර සූදානම් කළ පසුව පවුලේ සාමාජිකත්වයට මෙන්ම සෙසු යහළු මිත්‍රාදීන්ටද චාරිත්‍රානුකූලව මළ සිරුර දැකබලා ගැනීමට අවසර ඇත.
  4. චාරිත්‍ර සහ ආගමික වතාවත්-මියගිය තැනැත්තාගේ ගෞරවය වෙනුවෙන් ඔවුන්ගේ චාරිත්‍ර සහ ආගමික වතාවත් පවත්වා බුහුමන් දැක්වීමට පවුලේ ඥාතීන්ට අවසරය ඇත. එහෙත් සිය ආරක්‍ෂාව තහවුරු කර ගත යුතුය. රටේ (ශ්‍රීලංකාවේ) පවත්නා සංස්කෘතික සහ ආගමික සංවේදීතාවන්ට හෝ පාරම්පාරික චාරිත්‍රවලට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍ර ලේඛය අවධානය යොමු කළ යුතු යැයි අපි නිර්දේශ කරන්නෙමු.
    ජාත්‍යන්තර ප්‍රඥප්තියේ දහඅට (18) වැනි වගන්තියේ සෑමකෙනකුගේම සිවිල් සහ දේශපාලන නිදහස සුරැකිය යුතු බව සඳහන්ය. එසේම ආගම හෝ සිය ඇදහීමේ (ලබ්ධිය) නිදහස පෞද්ගලිකව හෝ ප්‍රජාව සමග සාමූහිකව හෝ ඇදහීමට ඇති අයිතිය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාන්‍ය ප්‍රකාශයේ (GENERAL COMMENT) විසි දෙවැනි (22) ඡේදයේ පෙන්නාදී තිබේ. ආගමික සහ ඇදහීමේ නිදහස සහ ඒවා ප්‍රායෝගිකව කිරීමේ හිමිකම යන්නට විශාල ප්‍රදේශයක් ආවරණය කෙරෙන අයුරින් අර්ථ දැක්වේ. ඊට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම මෙන්ම උත්සව කට යුතුද අයත්වන බවට අර්ථ ගැන්වේ.
    සිවිල් සහ දේශපාලන අයිතීන් සුරැකීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ දහඅට තුන්වැනි (18) 3 වගන්තියේ පැහැදිලිව පෙන්වාදී ඇති අන්දමට මහජන ආරක්‍ෂාව, සාමය, සෞඛ්‍ය සාධක, සදාචාරාත්මක, මූලික අයිතිවාසිකම් සහ සෙසු පාර්ශ්වයන්ගේ නිදහස යථෝක්ත කරුණු වෙනුවෙන් සීමා කිරීමට හැකි බව සැබැවි. එහෙත් ඒ නීත්‍යානුකූලව බැඳුණු රාජකාරිමය යුතුකමක් වශයෙන් සැලකිල්ලට ගැනීමෙන් විනා තවත් ප්‍රජා කණ්ඩායමක් කොන් කිරීමට (DISCRIMINATE) හේතුවන අන්දමට නොවේ.
    එවන් වාතාවරණයකදී වුවද සුළු ජාතික ආගමික හෝ භාෂාත්මක සුළුතරයක අයිතීන් ප්‍රතික්‍ෂේප (NOT DENY) කළ නො හැකි බව සිවිල් සහ දේශ පාලන අයිතීන් සුරැකීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ විසිහත් (27) වැනි වගන්තියේ පෙන්වාදී ඇති අතර එවන් ජන කොට්ඨාසයකට අයත් පිරිස් සෙසු සාමාජිකත්වය සමග සහ සම්බන්ධවී සිය සංස්කෘතික අගයන් ආගමික හෝ භාෂාමය විභූතීන් අනුසාංගනීය කළ හැකිද වේ. සුළුතරයකට අයත් පුද්ගලයන්ට සංස්කෘතික, ආගමික, සමාජීය සහ ආර්ථිකමය අවස්ථාවකට සහභාගි විය හැකි බැව් ප්‍රඥප්තියේ දෙක දෙක (2.2) වගන්තියේ පෙන්නාදී ඇත.
    සුළුතරයකට අයත් පුද්ගලයන්ට සංස්කෘතික, ආගමික, සමාජීය සහ ආර්ථිකමය අයිතීන් කිසිදු කොන්කිරීමකින් තොරව භුක්ති විඳීමේ අයිතිය සාක්ෂාත් කරදීමේ වගකීම පාලනාධිකාරිය (ආණ්ඩු හෝ රජය) සතු බවද ඒ බව නීතිය ඉදිරියේද සමානාත්ම බවද වගන්ති හතර එකේ (4.1) සඳහන්ය.
    කොවිඞ් – 19 වෛරසයෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍ර ලේඛය එම කරුණ සම්බන්ධයෙන්ම (කොවිඞ්-19 වෛරසයෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයන්ගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන්) ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ සැලකිල්ලට ගෙන අමාත්‍යාංශ චක්‍රලේඛයේ වගන්ති යළිදු සංශෝධනය කරන ලෙසට ජනාධිපතිතුමා වශයෙන් ඔබතුමා අමාත්‍යාංශයට උපදෙස් දෙතැයි අපි අවසාන වශයෙන් ඔබ තුමාගෙන් උදක්ම අපේක්‍ෂා කරමු.
    කොවිඞ් වසංගතය මුලින් උපුටා දැමීම සඳහා මුහුණ දෙන අභියෝග හමුවේදී ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ජන ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධව ඔවුන් අතර ඇතිවිය හැකි ආතතිය වළක්වා ගැනීමද ඉතා වැදගත්වේ. තම තමන්ගේ සමීපතමයන්ගේ අවමඟුල්වලදී නිසි ගරුබුහුමන් මළ තැනැත්තාට නොලැබේය යන බියක්ද පවුල්වල සාමාජිකයන් තුළ පැතිර තිබේ. ඒ සියල්ල සැලකිල්ලට ගෙන සුළු ජාතික, ආගමික මෙන්ම සෞඛ්‍ය විශේෂඥයන් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සමගද සාකච්ඡා කර සෞඛ්‍ය අමාත්‍යාංශ චක්‍රලේඛයේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීම යහපති.
    මේ අභියෝගාත්මක මොහොතේදීත් ආගම ඇදහීමේ නිදහස සුළු ජන කොට්ඨාසවල අයිතීන් සුරක්‍ෂා කරන ලෙසද ඔබතුමා කෙරෙහි ඉමහත් ගෞරවයෙන් යුතුව යළි යළිදු ඉල්ලා සිටිමු.
    වෛරසයෙන් ආසාදිත හෝ ජීවිතක්‍ෂයට පත් වූවන්ගේ ජාතිය ජන්මය ආගම ගැන නොතකා පෞද්ගලිකත්වය සහ අනන්‍යතාව සුරක්‍ෂිත කළ යුත්තේ කිසියම් කණ්ඩායමකට හෝ වෙනත් ඒ හා සමාන කරුණකට ඈඳුණු අයකු ලෙස සමාජය විසින් තනනු ලැබ අපකීර්තියට පත්වන අන්දමේ නරක නාමයක් පට බැඳීමට ඉඩකඩ ඇති හෙයිනි.
    විශේෂ සුළුතරයකට හෝ ආගමික ප්‍රජාවකට හෝ කොවිඞ් 19 වෛරසය ආරෝපිතව ආක්‍රෝශ පරිභව මුඛයෙන් අපහාස කර ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී, ප්‍රචණ්ඩකාරී ප්‍රකෝපකාරී අදහස් ව්‍යාප්ත කරන්නේ නම් තරාතිරම නොබලා දඬුවම් පැනවිය (CONDEMN) යුත්තේය.
    කොවිඞ් – 19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මියගිය ආසාදිතයන්ගේ අවසන් කටයුතු කිරීම් සම්බන්ධයෙන් විස්තර සොයා බැලීම උදෙසා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය විසින් අප වෙත පවරන ලද බලය අනුව පහත සඳහන් කරුණු පිළිබඳව ඔබගේ නිරීක්‍ෂණයන් කෘතඥතා පූර්වකව දැනගැනීමට කැමැත්තෙමු.
    (1) ඉහත දැක්වෙන චෝදනා සහ ඒවාට ඈඳුණු කරුණු සම්බන්ධයෙන් අතිරේක තොරතුරු හෝ ගුණ fදාස් හෝ ඇත් නම් ඒවාද සපයන්නේ නම් මැනවි.
    (2) මියගිය ආසාදියකුගේ අවසන් කටයුතු කිරීමේ (DISPOSAL) පිළිවෙතට සීමා පනවා මළ සිරුර ආදාහනය කිරීම උදෙසා ගනු ලැබූ තීරණය සම්න්ධයෙන් හේතු විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ නම් කෘතඥ වෙමු. මළ සිරුර භූමදානය නොකොට (වාරණය කර) ආදාහනය කිරීම සඳහා අදාළ සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් සිවිල් සමාජ සහ ප්‍රජා සාමාජිකයන් සමග සාකච්ඡා කර උපදෙස් ලබා ගත්තේද යන්න දන්වන්නේ නම් අගේකොට සලකමු.
    (3) කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ අවසන් ගෞරව දැක්වීමේ කට යුතු කරනු ලබන පුද්ගලයන් ඒ සඳහා පුහුණු කරනු ලැබුවේද? එසේ අවසන් කටයුතු කිරීමට භාජනය කෙරෙන තැනැත්තාගේ මළ සිරුර මුද්‍රා තැබීමට පෙරාතුව එම මළ සිරුර හිමි සමීපතම ඥාතීන්ට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසිය යුතු බවට ඒ පුද්ගලයන් (අවමඟුල් කටයුතු කරන්නන්) දැනුවත් කර තිබුණේද? එසේම එම සමීපතමයන්ට සිය ඥාතියාගේ හෝ සමීපතමයාගේ මළ සිරුර අවසන් කටයුතු කිරීමට පෙර දැකබලා ගැනීමට හැකිවන අන්දමින් කල්වේලා ඇතිව දැනුම් දුන්නේද?
    (4) කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ හෝ පුද්ගලයන්ගේ හෝ මළ සිරුර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව ආදාහනය කිරීමෙන් රටේ සුළු ජාතිකයන්ට සහ ආගමික සුළුතරයට (RELIGIOUS MINORITIES) වෙනස්කමක් නොකෙරෙන (NOTDISCRIMINATE) බවට සහ ඔවුන්ගේ ආගම් සහ ඇදහීමේ ස්වාධීන අයිතිවාසිකම් මළ සිරුරු ආදාහනය කිරීමේ චාරිත්‍රවලින් අගෞරවයකට පාත්‍ර නොවන බව තහවුරු කිරීමට ගැනෙන ප්‍රමාණාත්මක අගයන් කවරේ දැයි දක්වන්න.
    (5) ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයන්ට මෙන්ම වෙනත් සුළු ජාතිකයන්ට සහ ආගමික වශයෙන් සුළුතර කාණ්ඩයට එල්ලවිය හැකි අපහාසාත්මක කතා HATE SPEECH සම්බන්ධයෙන් ගැනෙන පියවරවල් ගැන තොරතුරු කරුණා කර සපයන්න. ජනාධිපතිතුමනි අපේ ඉල්ලීම් පිළිබඳව සුරක්‍ෂිතතාව සහතික කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කරමු.

අහමඞ් සහීඞ්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ආගමික සහ ඇදහීම් පිළිබඳ නිදහස් අයිතීන් අයිතීන් සුරැකීමේ කොමිසමේ විශේෂ නියෝජිත.

සකස් කළේ චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අද උදේ ‌රෝගීන් 24යි: පහුගිය පැය 24ට 40යි: ඔක්ක‌ොම 295යි

Next Post

මහමැතිවරණය ‌කොරියාවේ වගේ ලංකාවෙත් තියන්න බැරිද?

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.