• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අමෙරිකාව යුද්දෙන් දිනනවා-ට්‍රම්ප් ‌ලෙඩවෙනවා-කිම් ‌ජොන් පන්නනවා-ආසියාවට මහා සුනාමියක් එනවා කියන පාකර්ගේ 2020 විස්මිත අනාවැකි

January 12, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
අමෙරිකාව යුද්දෙන් දිනනවා-ට්‍රම්ප් ‌ලෙඩවෙනවා-කිම් ‌ජොන් පන්නනවා-ආසියාවට මහා සුනාමියක් එනවා කියන පාකර්ගේ 2020 විස්මිත අනාවැකි
Share on WhatsAppShare on Facebook

මේ වන විට ජීවත්ව සිටින ලෝකයේ හොඳම අනාවැකිකරුවා ලෙස සලකන්නේ බ්‍රිතාන්‍යයේ ක්‍රෙග් හැමිල්ටන් පාකර් බව කියැවෙයි. දශක කිහිපයක සිටම ඔහු විසින් පළ කළ අනාවැකි සැබෑ වූ අතර, පසුගිය වසරේදීත් ඔහු විසින් පළ කළ ප්‍රධාන අනාවැකි 6ම සැබෑ වී තිබිණි. එම අනාවැකි වුණේ හොංකොංහි මහජන විරෝධයක් හටගැනීම, ඕස්ටේ්‍රලියාවේ දැවැන්ත ළැව්ගින්න, ඇමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වීම, බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරියට ධුරය අහිමි වීම හා බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වීමද ඇතුළත්ය.
2020 වසර ඉලක්ක කරගෙනද ක්‍රෙග් හැමිල්ටන් පාකර් පසුගිය දෙසැම්බර් 27 වැනිදා සුවිශේෂී අනාවැකි කිහිපයක් පළකිරීමට පියවර ගත්තේය. එම අනාවැකි දෙස බලන විට ඔහුගේ පළමු අනාවැකියම මේ වන විට අඩකින් පමණ සම්පූර්ණ වී ඇති බවක් දැකගත හැකිය.
එහිදී ඔහුගේ පළමු අනාවැකිය වූයේ ඉරානය මුල්කර ගනිමින් මැදපෙරදිග කලාපය තුළ යුද්ධයක් හටගන්නා බවකි. ඊට ඇමෙරිකාව, සෞදි අරාබිය, ඊශ්‍රායලය, ඉරාකය, යේමනයද, මැදිහත් වන අතර 2021 දක්වාම එම යුද ගැටුම් පවතින බව හැමිල්ටන් පාකර් දෙසැම්බර් 27 වැනි දින අවධාරණය කර සිටියේය. එය යම් මට්ටමකට සැබෑ කරමින් ඇමෙරිකාව ඉරාන හමුදා ප්‍රධානියකු ඝාතනය කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය යළිත් යුද්ධයකට අත වනමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. එම සිදුවීම පිළිබඳ තවත් පැහැදිලි කරන අනාවැකිකරු පවසන්නේ මෙම ගැටුම්කාරී තත්ත්වය තුළ ඇමෙරිකාවට අයත් ගුවන් යානා ප්‍රවාහන දැවැන්ත නෞකාවක් මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් මුහුදුබත් වන බවයි. එයින් වර්ධනය වන මැදපෙරදිග ගැටුමට සෞදි අරාබිය ඍජුවම මැදිහත් වන බවද පාකර් පවසා තිබේ. එසේම මෙම යුද්ධයෙන් ඉරානය අන්ත පරාජයකට පත්වන බවද පාකර් වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම ගැටුමට මැදිහත් වීමට රුසියාව උත්සාහ කළද ඇමෙරිකාව හා රුසියානු ජනාධිපතිවරුන් එය සාකච්ඡාමය එකඟතාවකින් අවසන් කරගන්නා බවද මෙම අනාවැකි තුළ සඳහන්ය.

මොහුගේ තවත් අනාවැකියක් වන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන්ට එරෙහිව දෝෂාභියෝගයෙන් ජය ගන්නා බවයි. එපමණක්ද නොව 2020 ජනාධිපතිවරණයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් ජයගන්නා බව හැමිල්ටන් පාකර් පවසයි. ඔහු සමඟ ඇමෙරිකානු ජනාධිපතිවරණයට එළිසබෙත් වොරන් තරග කරන බවද පාකර් පවසා තිබේ. කෙසේ වෙතත් එම ජයග්‍රහණයෙන් පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා බරපතළ මට්ටමේ රෝගී තත්ත්වයකට ගොදුරු වන බවද හෙතෙම පෙන්වා දී තිබේ.
මෙම අනාවැකිකරුගේ 2020 තවත් අනාවැකියක් වන්නේ දකුණු ආසියාව, ඉන්දියාව සහ ජපානය ආශ්‍රිතව බරපතළ මට්ටමේ භූ කම්පන සහ බිහිසුණු ස්වාභාවික ආපදා හටගන්නා බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේ ජපානයේ පැවැත්වීමට නියමිතව ඇති ඔලිම්පික් තරගාවලියටද බාධා එල්ල වන බව පාකර් පවසා තිබේ. එහිදී ජපානය මුල්කර ගනිමින් හටගන්නා ව්‍යසනකාරී තත්ත්ව අති බිහිසුණු එකක් වනු ඇති බවද පාකර් ප්‍රකාශ කර ඇත.
මේ අතර 2020 වර්ෂය මිනිස් වර්ගයාට අංශ කිහිපයකින් යහපත් වසරක් වනු ඇති බවටද පාකර් සඳහන් කර ඇත. මේ වසර තුළ ලෝකය පුරා නව වනාන්තර රැසක්ම නිර්මාණය කරනු ඇති අතර, ලෝක නායකයන් ඊට මුල්වන බවද හැමිල්ටන් පාකර් ප්‍රකාශ කර තිබේ. එම පරිසර හිතකාමී මෙහෙයුමට සමස්ත ලෝකවාසීන්ද සම්බන්ධ වනු ඇති බවද සඳහන්ය. ඇමර්සන් වනාන්තරයේ විනාශයට මුල්වී සිටින බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සනාරෝ මෙම වසරේ බලයෙන් පහකරනු ඇති බවද අනාවැකිකරු සඳහන් කරයි.
මීට අමතරව උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන් අන්ද මෙම වසරේ බලයෙන් පහකරනු ඇති බව කියැවෙයි. එරට ජනතාව ක්‍රියාත්මක කරන බරපතළ කැරැල්ලක් හේතුවෙන් කිම් ජෝන් අන් චීනයට පලා යනු ඇති බවද ඔහු සඳහන් කරයි.
2020 වසරේදී යුරෝපය සහ ඕස්ටේ්‍රලියාව බරපතළ මට්ටමේ ආර්ථික අර්බුදයකට ගොදුරු වන බවද ඔහුගේ අනාවැකි තුළ සඳහන්ය. 2021 වසර දක්වාම එම ආර්ථික අර්බුදය බලපැවැත්වෙනු ඇති බවද සඳහන්ය. ඊට සමගාමීව ලෝකයේ ඉන්ධන මිල මෙතෙක් වාර්තා වූ ඉහළම මිල වාර්තා කරනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
මෙම වසරේදී ලෝකය පුරා ස්වාභාවික විපත් වර්ධනය වීම සහ වායු දූෂණ තත්ත්වයන් වර්ධනය වීමද සිදුවන බවට හෙතෙම අනාවැකි පළකර තිබේ.
හොඳම අනාවැකිකරු ලෙස සැලකෙන ක්‍රෙග් හැමිල්ටන් පාකර් මහතා සිය අනාවැකි පළකරන්නේ ඉන්දීය නාඩි ජ්‍යොතිෂ ක්‍රමවේදය හරහාය. වසර දසදහසකට වඩා පැරැණි එම ක්‍රමවේදය ටිබෙට් දේශයේදී අධ්‍යයනය කළ බව පාකර් සඳහන් කොට ඇත. දශක කිහිපයක් පුරාම ලෝකය පිළිබඳ අනාවැකි පළ කළ පාකර්ගේ මෙම නවතම අනාවැකි පිළිබඳ ජාත්‍යන්තරයම අවධානය යොමු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර ඇත්තේ.

SendShareShare
Previous Post

සතුන් බිලියන 5ක් බිලිඅරන් ‌ලෝකෙම හිත් අවුලපු ඔස්ට්‍රේලියාවේ ලැව් ගින්න

Next Post

කදු මුදුනකින් හදිසියේම මතුවුණු ‌කොණ්ඩදෙණියේ හිමියන්ගේ රහසිගත ‌ගෝලයා ‘චුට්ටේ’

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.